IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පසුගිය දෙසැම්බර් 22 වෙනි දින පුවත්පත්වල වාර්තා වූයේය.

එසේ වුවද එම චක්‍රලේඛය පිළිබඳව ජාතික ජනබලවේග රජයේ සමහර අංශවලින් විරෝධතා එල්ල වන ආකාරය මාධ්‍ය මගින් දැක ගැනීමට හැකිවිය. නව රජයේ නියෝජ්‍ය කම්කරු අමාත්‍ය සහ ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සංගම් නායකයකු වන මහින්ද ජයසිංහ මහතා චක්‍රලේඛය නිකුත් වූ වහාම එයට විරෝධය පළ කරමින් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එම චක්‍රලේඛය අනවශ්‍ය දෙයක් බව ඔහුගේ අදහස විය.

ඉන් දින හතකට පසු පුවත්පත් වාර්තා කර තිබුණේ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය එම චක්‍රලේඛය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර ඇති බවයි. ඉහත කී චක්‍රලේඛය මගින් තහනම් කරන ලද්දේ රජයේ පාසල් ගුරුවරුන් විසින් තමන් උගන්වන පන්තිවල සිසුන්ට මුදල් අයකර අමතර ඉගැන්වීම් කිරීමය. ගුරුවරුන් තමන් උගන්වන සිසුන්ටම මුදල් අයකර පන්ති පැවැත්වීම යනු මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පදනම සහ සංකල්පය සම්පූර්ණයෙන් ම බිඳ දැමීමකි. ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිටම මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඒ වෙනුවෙන් ඕනෑම පියවරයක් ගැනීමට සූදානම්ව සිටින බව ප්‍රකාශ කළ පක්ෂයකි. ඒ වෙනුවෙන් ඔවුහු රට පුරා බොහෝ අරගල දියත් කළෝය. එම පක්ෂයේ සාමාජිකයෝ සැළකිය යුතු පිරිසක් එවැනි අරගලවලදී දිවි පිදූහ.

එසේ තිබියදී  රජයේ ගුරුවරුන් පාසල් අධ්‍යාපනය තමන් උගන්වන සිසුන්ටම අලෙවි කිරීම නැවැත්වීමට ගත් තීරණයක් වෙනස් කිරීමට කටයුතු කළේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට ද නැත්නම් එය විනාශ කිරීමට ද යන ප්‍රශ්නය පැන නගී. බස්නාහිර පළාත් සභාව විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රට තුළ ඒ වනවිටත් වෙනත් පළාත් සභා ක්‍රියාත්මක කර ඇති නීතියකට අනුගතවීමක් ලෙස පමණි. මේ වනවිට දකුණ, මධ්‍යම, වයඹ සහ සබරගමුව යන පළාත් සභා එම පළාත් සභා යටතේ පාලනය වන රජයේ පාසල්වල ගුරුවරුන් තම සිසුන්ට මුදල් අයකර බාහිර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර ඇති අතර ඒවා දැනටමත් ක්‍රියාත්මක වේ. එසේ තිබියදී බස්නාහිර පළාත් සභාව නිකුත් කළ එම චක්‍රලේඛය අවලංගු කිරීමෙන් රට තුළ ඒ සම්බන්ධව නීති දෙකක් ක්‍රියාත්මක වීම තහවුරු කිරීමට රජය කටයුතු කර ඇති බව පෙනේ.

ඉහත කී පළාත්වල රජයේ ගුරුවරුන්ට එක නීතියක් ද, බස්නාහිර පළාත් සභාව ඇතුළු ඉතිරි පළාත්වල තවත් නීතියක් ද ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩ සලසා දී තිබේ. කෙසේ වුවද බස්නාහිර පළාතේ එම චක්‍රලේඛය අවලංගු කිරීමෙන් මතුවන කරුණු පිළිබඳව ජාතික ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ගැඹුරින් සිතා බැලු‍වේ නම් පාසල් අධ්‍යාපනය අලෙවි කිරීමට ඉඩ ලබාදෙන එවැනි තීරණයකට පෙළඹෙනු ඇතැයි කිසිසේතම සිතිය නොහැක. මේ පිළිබඳව ඉතා හොඳ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත්තේ රටේ නිදහස් අධ්‍යාපනය සහ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල ගුරු නායකයකු වන ජෝශප් ස්ටාර්ලින් මහතා ය. රටේ ගුරු අරගල මෙහෙයවා අධ්‍යාපනයට බාධා කිරීම පිළිබඳව ජෝශප් ස්ටාර්ලින් මහතාට එරෙහිව මවුපියන්ගෙන් විවිධාකාරයේ විරෝධතා එල්ල වී තිබුණි. එසේ වුවද අනෙකුත් පළාත් සභා මීට පෙර ඉහත කී තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී ඔහු විසින් දක්වන ලද අදහස් මෙම තත්වයේ ඇති භයානකකම පෙන්වා දෙනු ලබයි.

මීට පෙර මධ්‍යම පළාත් සභාව එවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ලංකා ගුරු සංගමය 2023 ජුලි මස 16 වෙනි දින මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ රජයේ අධ්‍යාපන අංශයේ පවත්නා දැඩි තරගකාරීත්වය ඉවත්කර ගැනීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි බවයි. එම අවස්ථාවේ දී ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කර තිබුණේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීම මගින් එවැනි ප්‍රශ්න ඇතිවීම වළක්වා ගත හැකි බවයි. කෙසේ වුවද ඔහු  ප්‍රකාශ කර තිබුණේ මධ්‍යම පළාත් සභාවේ එම තීරණයට තමන් එකඟ වන බවයි. ගුරුවරුන් තම රාජකාරිය මැනවින් ඉටු කරන්නේ නම් ඔවුන් විසින් උගන්වනු ලබන තමන්ගේ ම පන්තිවල සිසුන්ට පන්ති පැවැත්වීමේ අවශ්‍යතාවක් පැන නොනැගෙන බවද ඔහු කියයි.

බස්නාහිර පළාත් සිද්ධිය අවස්ථාවේ දී ජෝශප් ස්ටාර්ලින් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙවැනි චක්‍රලේඛ නිකුත් කිරීමට හේතුවී ඇත්තේ ගුරුවරුන් තමන්ගේ සිසුන්ට තමන්ගේ පෞද්ගලික පන්තිවලට සහභාගි වන ලෙස බල කරන බවත් එසේ නොවන විට සිසුන්ගේ කටයුතවලදී විවිධ මැදිහත්වීම් කරන බවත් ඒ පිළිබඳව මවුපියන්ගෙන් පැමිණිලි ලැබීම ඉහළ ගොස් ඇති බවත් නිසා බවය. ඒ හේතුවෙන් මුලින්ම දකුණු පළාත එවැනි චක්‍රලේඛයක් නිකුත් කළ බවත් අනෙකුත් පළාත් සභාද චක්‍රලේඛ නිකුත් කර ඇති බවත් ඔවුන් සඳහන් කර තිබුණි. අධ්‍යාපනය විකුණන ගුරුවරුන් වෙනුවෙන් ජෝශප් ස්ටාර්ලින් මහතා පෙනී නොසිටි අතර එසේ චක්‍රලේඛ නිකුත් කිරීමට හේතුවී ඇති අධ්‍යාපන ගැටලුවලට පිළියම් යෙදිය යුතු බව ප්‍රකාශ කරන නමුත් පාසල් ගුරුවරුන් තම සිසුන්ට අධ්‍යාපනය විකිණීම කිසිසේත්ම අනුමත කළේ නැත. ඒ නිසා ලංකා ගුරු සංගමය එම චක්‍රලේඛය පිළිගනී. ජනතා විමුක්ති පෙරමුණ අධ්‍යාපන ක්‍රමයේ සංශෝධන හඳුන්වා දීමෙන් පසුව ටියුෂන් ක්‍රමයට ඉඩක් නැතිවන බව ප්‍රකාශ කරයි. එසේ වුවද දැන් පාසල් ගුරුවරු තම සිසුන්ට අධ්‍යාපනය විකිණීම නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කෙලෙසා දැමීමක් බව නොපිළිගනිති. එම සංශෝධනය එනතුරු අධ්‍යාපනය විකිණීම කළාට කමක් නැත.

පළාත් සභා විසින් මෙම චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පැහැදිලි වන්නේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවීම විනාශයට යෑම පිළිබඳව එක් පැතිකඩක් පමණක් බවය. කෙසේ වුවද යථාර්ථය වන්නේ අද සැබැවින්ම ශ්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ද යන්න පවා පැවසිය නොහැකි බවය. මුල් ළමාවිය සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙරපාසල් සිට අ.පො.ස. (උ/පෙළ) දක්වාත්, විශ්වවිද්‍යාල බාහිර උපාධි සඳහාත්, දැන් දැන් සමහර විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර උපාධි සඳහාත්, උපකාරක පන්ති පැවැත්වෙන ලෝකයක් බිහිවී ඇත.

එය නිදහස් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම කෙලෙසා දැමීමකි. රටේ අනාගත පරම්පරාව අධ්‍යාපන තරගකාරීත්වය තුළ අබ්බගාතයක් බවට පත් කරන ක්‍රියාදාමයකි. පාසල් දරුවන්ගේ මවුපියන්ගේ පවුල්වලට ආර්ථික ව්‍යවසනයක් ගෙන දෙන ක්‍රියාදාමයකි. මවුපියන් ද පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සිරකර දමන ව්‍යවසනයකි. මුළු රටේම අනාගතය මහා ව්‍යවසනයකට යොමු කෙරෙන උපකාරක පන්ති ක්‍රමයක් රට තුළ ගොඩනැගී ඇත. ඒ අතරම උපකාරක පන්ති ගුරුවරු රටේ සෑම දේශපාලන පක්ෂයකට බලපෑම් කරන කණ්ඩායමක් බවටද පත්ව සිටිති. මැතිවරණ අවස්ථාවලදී මොවුන් සෑම පක්ෂයකටම සහායදීමට ඉදිරිපත් වන අතර මැතිවරණයෙන් පසු ජයග්‍රහණය කරන පක්ෂය බලයට පත් කිරීමේ වගකීම ඉටු කළේ තමන් බව ප්‍රකාශ කරමින් උපකාරක පන්ති ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා සටන් වදිති.

විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වන නමුදු, සිසුන් විභාගවලට සුදානම් වීම සඳහා උපකාරක පන්ති අත්‍යවශ්‍ය අංගයක් බවට දැන් පත්කර ඇත. යටත් විජිත යුගයේදී ආරම්භ වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය දැන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. සිසුන් ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පමණක් නොව පළමු ශ්‍රේණියේ සිට අනෙකුත් ශ්‍රේණි සඳහා ද උපකාරක පන්තිවලට යෑම අනිවාර්ය කටයුත්තක් වී තිබේ. මධ්‍යම පාන්තික සහ ඊට පහළ ආදායම් ලබන පවුල්වල ආදායමින් විශාල කොටසක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත. මීට පෙර රටේ උපකාරක පන්ති පිළිබඳව මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අතිබහුතරයක් උපකාරක පන්තිවලට සහභාගි වන බවයි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය කෝවිඩ් යුගයේදී කරන ලද පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ පාසල් ළමයින් සිටින පවුල්වල උපකාරක පන්ති සඳහා මාසික වියදම රුපියල් 20,000ක් පමණ වන බවය.

අද තත්වය ඊට වඩා වෙනස්ය. මවුපියන් විසින් දරුවෝ විශාල උපකාරක පන්තිවලට ද යවනු ලබති. ඒ අතරම කණ්ඩායම් පන්ති හෝ නිවසට ගෙන්වාගෙන කරනු ලබන පෞද්ගලික පන්තිවලට හෝ ඔන්ලයින් පන්තිවලට ද සහභාගි කරවති. මේ සඳහා අතිවිශාල වියදමක් දැරීමට එම පවුල්වලට සිදුව තිබේ. එවැනි තත්වයක් තුළ නිදහස් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් ද උපකාරක පන්ති පවත්වන විට රටෙහි  නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ යැයි කිසිසේත්ම පිළිගැනීමට නොහැකි වේ.

රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන්ම කැපවූ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් යුතු ජාතික ජනබලවේගයට දැන් රටේ පාලන බලය හිමිව තිබේ. උපකාරක පන්ති ගුරුවරුන්ද, පාසල් ගුරුවරුන්ද මෙම රජය බලයට ගෙන ඒමේදී විශාල කාර්ය භාරයක් ඉටුකළ බව නොරහසකි. එහෙත් එය තවදුරටත් නිදහස් අධ්‍යාපන ක්‍රමය විනාශ කිරීම සඳහා හේතුවක් නොවිය යුතුය. සියවසකට අධික කාලයක් රට තුළ ක්‍රියාත්මක වූ පාසල් අධ්‍යාපන ක්‍රමය රටේ බාල පරපුරට අධ්‍යාපනය සහ ශික්ෂණය ලබාදෙන එකම ආයතන පද්ධතිය බවට තහවුරු කිරීමෙන් පමණක් නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගත හැකිය. උපකාරක පන්ති නැවැත්වීමත්, රජයේ පාසල් ගුරුවරුන් මුදලට පන්ති පැවැත්වීම වැළැක්වීමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තීරණාත්මක පියවරක් වන නමුදු ඒ සඳහා බොහෝ කලක් බලා සිටීමට සිදුවන්නේ නම් අධ්‍යාපන ක්‍රමය නිදහස් කර ගැනීමට සහ නිදහස් අධ්‍යාපනය තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ 
හිටපු ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (4)

අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?

saman Wednesday, 15 January 2025 02:41 PM

අද විද්‍යා විෂයයන් එකකට පමණක් ටිව්ෂන් ගාස්තුව මසකට 5000/-ක් පමණ වෙනවා. මෙය දෙමව්පියන්ට මහා බරක්. මෙවර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයයන්ගේ ප්‍රශ්න රටාව වෙනස් වීම නිසා, අද බොහෝ දරුවන් '25 විභාගය සඳහා රිවිෂන් පන්ති යාමට පටන් ගෙන ඇත. ප්‍රශ්න පත්‍ර හදන ආචාර්යවරුන්ට මේ පිළිබඳව එතරම් වගක් නැහැ. අද සමහර ටිව්ෂන් පන්තිවල පාසල්වලට වඩා ළමයින් ඉන්නවා. ටිව්ෂන් යනු මේ රටට විනයක්. මේ වසංගතය රටින් අතුගා දැමිය යුතුයි...

:       0       30

සීයා Thursday, 16 January 2025 08:33 AM

පූර්නකාලීන ආණ්ඩුවේ රස්සා කොරන කාටවත්ම ඊට සමාන්තරව එම රැකියාවම පෞද්ගලික අංශයේ ද කිරීමට අවසර නොදිය යුතුය. මේ දෙක එකිනෙකින් වෙන් කර පවත්වාගෙන යා යුතුය.

:       1       8

vernon Wednesday, 22 January 2025 01:11 PM

මෙහෙමයි මහත්තයෝ. ළමයි දුවන්න ඕනෑ රේස් එකක් තියෙනවා. ඕනෑ නම් පුහුණු නොවී දුවන්න පුළුවන්. එහෙම දුවපු අයත් හිටියා. ඕනෑ නම් කොස්, දෙල්, අල, බතල කාලා දුවන්නත් පුළුවන්. එහෙම දුවපු අයත් හිටියා. හැබැයි කවුරු හරි කාලෙක ඉඳන් පුහුණු වෙලා විශේෂ උපදෙස් අරගෙන පුහුණු කරුවෝ ගෙනැල්ලා තරගෙට සූදානම් වෙලා දුවනවා. මේක දකින අනික් අයත් ඒකම කරනවා. වෙනදා පළවෙනියා වෙන්න ප්‍රමාණවත් කාලයට දැන් දිව්වොත් තරගෙන් අන්තිම වටේට එන්න බෑ. ඒක තමයි, තරගයක් කියන්නේ. ඉතින් දැන් කෑ ගහනවා ආ.. පුහුණුකරුවන්ගේ ගාස්තු වැඩියි, පුහුණුව දුෂ්කරයි කියලා. ඒකත් මේ වගේ තමයි. ටියුෂන් ගිහිල්ලා හදන්නේ තරගෙන් ඉස්සරහට එන්න. හැබැයි ලංකාවේ ටෙක් වල කෝස්වලට ළමයි නෑ. කැම්පස් වල ළමයි පිරිලා.

:       1       1

NimalThursday, 23 January 2025 05:27 PM

vernon, අමාරුවෙන් පවුල් නඩත්තු කරන දෙමව්පියන්ට බරක් නොවී, දුවන තරගයක් දිව්වා නම් නේද හොඳ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 30 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 22 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 41 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 12 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 439 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 231 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 348 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1116 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site