IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ශ්‍රී දළදා මාලිගයට කළ කොටි ප්‍රහාරයට වසර 27 යි

කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1998 ජනවාරි මස 25 වැනිදා උදෑසන ශ්‍රී දළදා මාලිගය ඉලක්ක කර බෝම්බ එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදියා දළදා මාලිගය ඉදිරිපිටදී ලොරියෙන් බැස ත්‍රස්තවාදියා මාලිගය ඇතුළට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඉතා නිර්භීත පොලිස් නිලධාරිනියක විසින් ප්‍රධාන දොරටුව වැසීම නිසා එය වැළකිණි. ඇය ඒ ත්‍රස්තවාදියාට වෙඩි තබා ඇත. ඒ සමගම මහ හඬක් නගමින් බෝම්බ ලොරිය පුපුරා ඇත.

බෝම්බ ලොරිය පිපිරීමෙන් පසුව ඒ අසල තිබී බෝම්බ ඇඳුම් කට්ටල තුනක්ද ආර්.පී.ජී. තුවක්කු 3ක් හා T 56 ගිනි අවි 3ක්ද අත් බෝම්බ 8ක් මිලි මීටර් 40 රොකට් විදිනයක් හා උණ්ඩ 12ක්ද පතොරොම් 150ක් පමණද  අධිබලැති පණිවුඩ හුවමාරු යන්ත්‍ර 2ක්ද ටෝච් බැටරි 5ක්ද ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදී.

එම බෝම්බ  ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩ සිටින මාලිගයට සහ රන්වියනට කිසිදු හානියක් සිදුවී නැති බව දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පැවසුවේය.

මෙම බෝම්බ ප්‍රහාරය නිසා අඩි 28ක පමණ වළක් එම බෝම්බය පිපිරූ තැන හෑරී තිබුණි. ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 14කි. තුවාල වූ අය 28ක් රෝහල්ගත කර ඇත.

දළදා  මාලිගයේ ඉදිරිපස ප්‍රධාන පඩිපෙළ හා සඳකඩ පහන විනාශයට පත්වී ඇත. මේවා සියල්ලම එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශිල්පීන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී.

ශ්‍රී දළදා වහන්සේ ලාංකික බෞද්ධ ජනතාව විසින් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයන් විසින්ද අගය කරනු ලබන පරම පූජණීය වස්තුවකි. එහෙයින් සංකේතාත්මක ශ්‍රී දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙසත් වැඩ සිටින ගන්ධකුටිය මාලිගාව ලෙසත් සම්භාවනාවට පත්ව තිබේ. රජමාලිගාව  අසලම දළදා මාලිගයක් අනුරාධපුර යුගයේ සිටම තිබුණු බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත්තේය.

1998 ජනවාරි මස 25 වැනිදා සඳුදා හරියටම මීට වසර 27 කට ඉහතදී සමස්ත මහනුවර දළදා මාලිගය  පිහිටි ප්‍රදේශය පමණක් නොව මුළුපළාතම මහා බෝම්බ ප්‍රහාරයකින් දෙදරුම් කෑවේ එදින අලුයම 6 පමණ වනවිටය.

මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් 4ක් පස් පිඩැලි, උදලු හා තාච්චි පටවාගෙන ලොරියෙන් ආවේ කම්කරුවන් ලෙසින්ය. ලොරිය නතර කළ විගසම අපේක්ෂා කළ පරිදි සිද්ධිය පිළිබඳ ලැබුණු පුළුල් මාධ්‍ය ආවරණය හා ප්‍රචාරය සමග ශ්‍රී දළදා මාලිගය වහා ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණි.

මෙම කෲර දරුණු බෝම්බ ප්‍රහාරයෙන් පසු පළමු දිනයේම පුවත්පත්වලින් පවා ප්‍රකාශ කළේ ශ්‍රී දළදා මාලිගය ආශ්‍රිත වූ විනාශයට ලක්වූ පුරාවස්තු ප්‍රතිසංස්කරණයට වහා ආරම්භ කිරීමය.

ඉතා ඉක්මනින්ම ශ්‍රී දළදා මාලිගය ප්‍රතිසංස්කරණයට පහසුකම් සැලසීම එකල ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ගත් පළමු පියවර වූයේය.

මේ සමගම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මහනුවර සංරක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවද මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි  ශ්‍රී දළදා මාලිගය ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර කරනු ලැබීය.

එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

 

(***)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග



අදහස් (2)

ශ්‍රී දළදා මාලිගයට කළ කොටි ප්‍රහාරයට වසර 27 යි

pj Sunday, 26 January 2025 11:52 AM

කොටි ද දැන් ත්‍රස්තවාදය අතහැර ජවිපෙ සමග ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවිෂ්ඨ වෙමින් පවතින හෙයින් හා බොරුව රජ කරන යුගයකට මෙම තිත්ත ඇත්ත ලිපිය කාලෝචිත නොවේ.

:       11       7

රටවැසියා Wednesday, 29 January 2025 08:54 AM

ඒ වීරෝධාර පොලිස් කාන්තාවට මොකද වුණේ? ජීවිත් වෙලා හිටියා නම් නිසි ඇගයීමකට ලක් කරාද?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1581 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 555 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site