IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි

2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්‍රජාපතී ගෝතමියගේ චරිතයයි. එතුමිය වනාහි කුළුණු ගුණයෙන් පිරිපුන් සංකීර්ණ චරිතයක් යැයි මට ඒ දවස සිතිණි. එතුමිය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සිදුවෙතැයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි.”

මේ නිර්මාණකරුවා එදා එසේ නොසිතුවද අද එය චිත්‍රපටයක් ලෙස සැබෑවක් බවට පත්ව තිබේ. ඒ “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයයි. මේ දිනවල සාර්ථක ලෙස තිරගතවෙන මෙම චිත්‍රපටය …

29 වැනිදාට දින 50 සම්පූර්ණ වෙයි. “ගෞතම බුද්ධමාතා” චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කළ මේ දක්‍ෂ ප්‍රවීණ නිර්මාණකරුවා නමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වේ. ඔහුගේ අනෙකුත් බෞද්ධ චිත්‍රපට දෙස බලද්දී මෙය සාර්ථක නොවන, වාර්තාමය ස්වරූපයක් ගත් නිර්මාණයක් ලෙස සමහර විචාරකයෝ පවසති. ඇත්තනටම එහෙම වුණේ ඇයි? දින 50 ආසන්නයේදී මහැදුරුතුමා සමඟ අපි ඒ පිළිබඳව කතා කළෙමු. මේ එම කතාබහේ සටහනයි.

“අපි පහසු දින 50 ක් ආවා. හේතුව තමයි “කාසි වාසි” චිත්‍රපටයේ නිෂ්පාදක අනුරාධ බී. රැකව මුලින්ම කියා සිටියේ “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටය සුමාන 3 - 4  යන්න දීලා තමයි, ඒ චිත්‍රපටය තිරගත කරන්නේ කියලා. ඒක නිසා අපට නිතරගයෙන් මේ කඩ ඉමට එන්න පුළුවන් වුණා. ඊළඟ කාරණය තමයි හඳගමගේ “රාණි” චිත්‍රපටය, 23 වැනිදා තිරගත වෙන්න තිබුණත්, එය 30 වැනිදාට කල් දැම්මා. ඒ නිසා තමයි පහසු දින 50 ට යන්න පුළුවන් වුණේ.  පහුගිය කාලයේ අපට සිනමාශාලා 73 ක් ලැබුණා. මා හිතන්නේ සිංහල චිත්‍රපටයකට එතරම් සිනමාශාලා ප්‍රමාණයක් ලැබුණේ “බුද්ධමාතා” එකට බවයි. සියලුම මණ්ඩලවල සිනමාශාලා ලැබුණු නිසා තමයි අපට 73 ක් ලැබුණේ. ඒ වගේම ලයිකා හා ඉම්පීරියල් ටෝකීස් නිසා තමයි අපට දවස් 50 ක් ලැබුණේ. දවස් 50 ක් පස්සෙත් තවත් සිනමාශාලා 25 ක් විතර දවස් 75 ක් යන්න පුළුවන්කම තිබෙනවා.

ගොඩාක් අය මගෙන් ඇහුවේ ඇයි දෙසැම්බර් 10 වැනිදා මෙය රිලීස් කළේ කියලා. නත්තල්, උත්සව කාලයේ දාන්නේ නැතුව ඇයි වෙසක්, පොසොන් වගේ කාලයක නොදැම්මේ කියලා. මෙහි නිෂ්පාදක තිලංග සුමතිපාල මහතා කිව්ව දෙයක් තමයි චිත්‍රපටය ශක්තිමත් නම්, අපට කාලය ප්‍රශ්නයක් නොවෙයි කියලා. ඒ අභියෝගයට මුහුණ දුන්නේ ඔහුයි. ඒ නිසා තමයි අනෙක් වගේ බෞද්ධ චිත්‍රපට තරම් එකපාරට මහජන ආකර්ෂණය ලැබුණේ නැත්තේ. අභියෝගයට මුහුණ දෙමින් අපි දවස් 75 කට යනවා. එයින් අපට පාඩුවක් වුණේ නෑ කියලයි මා හිතන්නේ. එකපාරට ජන ආකර්ෂණය ලැබුණේ නෑ. ඒක ඇත්ත. එය මා පිළිගන්නවා.

බොහෝ දෙනා හිතන්නේ “යශෝධරා, කදිර දිව්‍යරාජ, පත්තිනි, උත්පලවණ්ණා” වැනි නිර්මාණ කරන එක හරි පහසු දෙකක් කියලයි. නමුත් ඇත්තටම ඉතාම අසීරුයි. මේ පිළිබඳව කතාන්දර නෑ. ඒ කතාන්දර අලුතෙන් හදාගන්න ඕනේ. ඔබ පවසන ආකාරයට යම් වාර්තාමය ස්වරූපයක් මේ “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයේ තිබෙනවා. ඒකට හේතුව කතාන්දරයක් නැතිකමයි. ඒ නිසා පොත්පත් කියවලා තොරතුරු අධ්‍යයනය කරනකොට යම් විදිහක වාර්තා ස්වරූපයක් එනවා. ඒ වාර්තා ස්වරූපයෙන් නැතුව මේ චිත්‍රපටයට යන්න බැහැ.

නිෂ්පාදකගේ ඉල්ලීම නිසා එහෙම දෙයක් සිදුවුණේ නෑ. ඒක කිව යුතුමයි. මේ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතයේ නාටකීය සිද්ධි අඩු හින්දා තමයි ඒ වාර්තා ස්වරූපයක් එන්නේ. මේ කතන්දරය මම ගන්නේ පූජාවලියෙන්. ත්‍රිපිටකයේ ථෙර ගාථා අපදානවලින්. මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ අපදානය තිබුණට එහෙම චරිත කතාවක් නෑ. ඒක මම හදාගන්න ඕනේ. එහෙම චරිත කතාවක් අලුතින් නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා තමයි වාර්තා ස්වරූපයක් එන්නේ. එයට නිෂ්පාදකතුමා වගකිව යුතු නෑ.

මේ චිත්‍රපටයේ රඟපාන ඉන්දියන් නළු, නිළියන් හතරදෙනාම තමන්ගේ චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කළා. විශේෂයෙන්ම මහා ප්‍රජාපතී ගෝතමී චරිතය රඟපෑ නිළිය එය ඉතා හොඳින්ම ඉටුකළා. මෙහි දෙබස් තමයි ලොකුම අභියෝගය. සමහර දෙබස් A4 කොළයක් තරම් දිගයි. පුදුම හිතෙනවා එයා කොහොමද මේ අභියෝගයට මුහුණ දුන්නේ කියලා. A4 කොළයක් තරම් දින දෙබස් හින්දි අකුරින් ලියාගෙන, සිංහල අකුරු දිහා බලාගෙන තමයි රඟපෑවේ. මේ හතරදෙනාම ඉතා හොඳින් ඒ කටයුත්ත සිදුකළා. යශෝධරා තරම් ප්‍රජාපතී ගෝතමිය ජනප්‍රිය නෑ. ඒ නිසා තමයි මෙයට ආකර්ෂණය ලැබුණේ නැත්තේ. මා හිතන්නේ චරිතය ජනප්‍රිය නොවීම මිසක් නිළිය ජනප්‍රිය නොවීම මෙයට බලපෑවේ නෑ කියලයි.

සෑම සිංහල චිත්‍රපටයකටම සුමාන 2ක් හෝ ලබාදිය යුතුයි කියන තැන මා ඉන්නවා. මොකද සිංහල චිත්‍රපටයක් මුදා හැරලා සුමාන 2ක්වත් යනතුරු තව සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය නොවිය යුතුයි කියලයි මා කියන්නේ. දැන් එහෙම නෑ. එදාම තව මණ්ඩලයක තව චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා. චිත්‍රපට සංස්ථාවෙන් එයට ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න පුළුවන්. ඔවුන්ට නියෝගයක් දෙන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති තීන්දුවවත් චිත්‍රපට සංස්ථාව මෙතෙක් ගත්තේ නෑ.  හැබැයි අලුත් සභාපතිවරයා ගැන බලාපොරොත්තු තබාගන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාවේ සියලු දෙනා අලුත් සභාපති සුදත් මහදිවුල්වැව මහතාට සහයෝගය දැක්වුවහොත් සංස්ථාව ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් කකුල් මාට්ටු දැම්මොත් සංස්ථාවට ඉදිරි ගමනක් නෑ.

අද වනවිට අපේ සිනමාව වාණිජ චිත්‍රපටවලින් සාර්ථකත්වයට යනවා. අනෙක් පැත්තෙන් අපේ තරුණ සිනමාකරුවන් ජාත්‍යන්තරයට යනවා. ඒ නිසා අපේ සිනමාව කඩා වැටිලා නෑ. අපට තිබෙන්නේ මේ කර්මාන්තය රැක ගැනීමයි. චිත්‍රපට සංස්ථාවට වගකීමක් තිබෙනවා වාණිජමය සිනමාව රැක ගැනීම සහ කලාත්මක සිනමාව රැක ගැනීම. අවුරුදු 78 ක් වූ අපේ සිනමාව දෙස ආපසු හැරිලා බලනකොට අපේ සිනමාව ගැන සතුටුවෙන්න පුළුවන්. එය රැකගත යුතුයි. අලුත් සභාපති ගැන බලාපොරොත්තු තබාගත හැකියි. ඒ නිසා එදා මා කියූ චිත්‍රපට සංස්ථාව වසා දැමිය යුතුයි කියන දේ ගැන අද මා පවසන්නේ නෑ.

අද තිබෙන ක්‍රියාවලිය වෙනස් විය යුතුමයි. සිනමා මණ්ඩල ක්‍රමය, බෙදා හැරීමේ ක්‍රමය, වෙනස් විය යුතුමයි. චිත්‍රපට සංස්ථාව නියාමන මණ්ඩලයක් විය යුතුයි කියන තැන මාත් ඉන්නවා. නැත්නම් හැම ආණ්ඩුවක්ම ඇවිත් කමිටු දාලා, වාර්තා හදලා, සාකච්ඡා කරනවාට වඩා කරපු ඒවායේ නිගමන ක්‍රියාත්මක විය යුතුයි කියලයි මා කියන්නේ. අධ්‍යක්‍ෂවරුන්ට තමන්ගේ අභිමතය පරිදි, තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි කියන තැන මා ඉන්නේ. මීට පෙර ප්‍රසන්න විතානගේ මූලිකත්වයෙන් හැදූ කමිටුවල වාර්තාවල ඇතුළත් නියාමන ක්‍රියාත්මක කළොත් සිංහල සිනමාවට අනාගතයක් තිබෙයි. නව සභාපතිතුමා ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන මා ඉන්නේ.”

 

(*** සමන්ත යහම්පත්)



අදහස් (0)

කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 10 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 10 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 19 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 11 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 430 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 230 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 345 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 89 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1113 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site