හිටපු ජනපති වරප්රසාද කප්පාදුව
ජනාධිපතිවරුන්ගේ වරප්රසාද සම්බන්ධයෙන් 1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ සඳහන් වේ. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට විශ්රාම වැටුපක් ඇතුළු වරප්රසාද කිහිපයක් හිමි වේ. නිල නිවෙසක්, කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, ලේකම්වරයෙක්, ආරක්ෂක පිරිස සහ නිල රථ එයට අයත්ය.