IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකය-ප්‍රජාතන්ත්‍රවාදය -හරිත වර්ධනය : චීන භූමිකාව

'ග්ලෝබල් සවුත්' හෙවත් අඩු සංවර්ධනයක් පෙන්නුම් කරන සහ සංවර්ධනය නොවූ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් චීනයේ මැදිහත් වීම පිළිබඳ විශේෂ කථිකාවතක් CGTN නාළිකාවේ අනුග්‍රහයෙන් පැවැත්විණි. එහිදී නිවේදක මුෂාහිද් හුසේන් සයාද් ගෝලීය ආර්ථික පාලනය, හරිත සංවර්ධනය සහ පාලන ආකෘති විශ්ලේෂණය යන මාතෘකා සම්බන්ධයෙන්, ලොව පුරා සිටින විශේෂඥයින් කිහිප දෙනකු සමඟ සම්බන්ධ වී, ඔවුන්ගේ අදහස් බෙදා හදා ගත්තේය. එහිදී 'ග්ලෝබල් සවුත්' රටවල් සහ චීනය සමඟ ඇති සුහදතාව පැහැදිලි කරමින්, ප්‍රධාන දේශනය පැවත්වූයේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි ය.

චීනයේ ආර්ථික ආකෘතිය සහ ගෝලීය බලපෑම

ගෝලීය දකුණ සඳහා භූ ආර්ථික විද්‍යා මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මොහොමඩ් සකීබ්, චීනයේ අධිවේගී වර්ධනයේ සිට ඉහළ ගුණාත්මක සංවර්ධන පෙරැළිය පැහැදිලි කළේය. තාක්ෂණික නවෝත්පාදනය, බුද්ධිමත් නිෂ්පාදන සහ තිරසාරභාවය මෙන්ම මූල්‍ය ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණ වියදම් වැඩි කිරීම සහ ගෘහස්ථ පරිභෝජනය ඉහළ යෑම මෙම සංවර්ධන පෙරැළියේ ප්‍රධාන කුලුනු ලෙස රටේ අවධානය යොමු කරන බව මොහොමඩ් සකීබ් අවධාරණය කළේය.

ප්‍රංශ ව්‍යවසායක ආනවුඩ් බර්ට්‍රෙන්ඩ්, සාකච්ඡාවට සම්බන්ධ වෙමින්, පැහැදිලි කළේ බටහිර මාධය චීනය විවේචනය කිරීම කිසිසේත් සාධාරණ නොමැති බවය. වෛළඳ කටයුතු වලදී, අර්ධ සන්නායක මත එක්සත් ජනපද අපනයන පාලනයක් සිදු කරන බවත්, චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන සඳහා සියයට 100 ක තීරුබදු පැනවීම මගින් චීනය තාක්ෂණික වශයෙන් නැගී සිටීම අඩපණ කිරීමට උත්සාහ ගන්නා බවත් පැහැදිලි යැයි ව්‍යවසායක ආනවුඩ් බර්ට්‍රෙන්ඩ් පෙන්වා දී ඇත. බටහිර විද්‍යුත් වාහන සහ කෘත්‍රිම බුද්ධිය වැනි අංශවල විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගනිමින් සිටින නමුත්, ඊට අභියෝගයක් වෙමින් චීනය, විදේශීය වෙළෙඳ නාම වෙනුවට, තමන්ගේම නව නිෂ්පාදන එළිදැක්වීමට පියවර ගැනීම, ලැබූ විශිෂ්ට සාර්ථකත්වයක් යැයි බර්ට්‍රෙන්ඩ් සඳහන් කර ඇත.

සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝස් රිකාඩෝ, පෙන්වා දෙන්නේ, චීනය සහ ලතින් ඇමරිකා රාජ්‍යයන් අතර සම්බන්ධය දිනෙන් දින පුළුල් වන බවය. චීනය සහ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලය අතර, 2024 වසරේ වෙළඳ පරිමාව උපුටා දක්වමින් ඔහු පවසන්නේ, එය ඩොලර් බිලියන 157.9 දක්වා ළඟා වූ බවත්, චීනය ලතින් ඇමරිකානු රටවල් කිහිපයක ප්‍රධාන වෙළඳ හවුල්කරු බවටත් පත් වී ඇතැයි කියාය. 'ග්ලෝබල් සවුත්'  රටවලට ප්‍රතිලාභ සැලසෙන පරිදි ජාත්‍යන්තර ආර්ථික පර්යාය ප්‍රතිනිර්මාණය කිරීමට චීනයේ ක්‍රියාකලාපය ඉවහල් වන බවත්, විශේෂයෙන්ම 'බ්‍රික්ස් හවුල' හරහා, ගෝලීය පාලනය තුළ චීනයේ භූමිකාව කැපී පෙනෙන බවත්, මහාචාර්ය ජෝස් රිකාඩෝ පෙන්වා දී ඇත.

පාලන ක්‍රමය - බටහිර රටවල්වලට එරෙහිව චීනය

බටහිර මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය, චීනයේ "ජනතා ප්‍රජාතන්ත්‍රවාදය" සමග සන්සන්දනය කරමින්, මොහොමඩ් සකීබ්, තර්ක කරමින් පැහැදිලි කළේ, බටහිර ක්‍රම බොහෝ විට ධනේශ්වර බලපෑමට යටත් වන බවත්, චීනයේ පාලන ආකෘතිය දිගු කාලීන සැලසුම්කරණයට සහ සාමූහික තීරණ ගැනීමට ප්‍රමුඛත්වය දෙන බවත්ය.

චීනයේ දේශපාලන ක්‍රමය, යහපාලනයක් නිර්මාණය කර දෙන බවත්, චීන දේශපාලන නායකයින් වසර ගණනාවක අත්දැකීම් තුළින් ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම් දක්වා තින්දු තීරණ ගන්නේ යහපත් දැක්මකට අනුව බවත්, ප්‍රංශ ව්‍යවසායක ආනවුඩ් බර්ට්‍රෙන්ඩ් පැහැදිලි කළේය. ඊට ප්‍රතිවිරුද්ධව, බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වැඩියෙන් ප්‍රතිපත්තිමය අනුකූලතාව සමඟ අරගල කරන ජනප්‍රිය නායකයින් තෝරා ගන්නා බව ද බර්ට්‍රෙන්ඩ් වැඩිදුරටත් තර්ක කළේය.

චීනය කිසිවිටෙකත් එහි අද්විතීය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය අපනයනය කිරීමට උත්සාහ නොකරන බව අවධාරණය කරමින්, රිකාඩෝ තර්ක කර ඇත්තේ, චීන ක්‍රමය 1949 වසරේ සිට සංවර්ධනය වූ අතර පස් අවුරුදු සැලසුම් මාලාවක් මත ගොඩනගා ඇති බවත්, ආක්‍රමණශීලී නොවන, ඇඟිලි ගැසීම් නොකිරීම, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සාමකාමී සහජීවනය යන මූලධර්මවල මුල් බැසගත් පුද්ගල කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති ලබා දීම ඇති බවත්ය. කෙටි කාලීන ජනතාවාදී ජයග්‍රහණවලට වඩා දිගුකාලීන ජාතික සංවර්ධනය අවධාරණය කරන මෙම ප්‍රවේශය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට හාත්පසින්ම වෙනස් යැයි ද ඔහු තර්ක කරමින් පැහැදිලි කර ඇත.‍

ගෝලීය දේශගුණ පාලනය සහ චීනයේ හරිත සංවර්ධනය

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සම්බන්ධයෙන් චීනයේ නායකත්වය සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක් විය. ට්‍රම්ප් පරිපාලනය පැරිස් ගිවිසුමෙන් ඉවත් වී පොසිල ඉන්ධන ප්‍රසාරණය ප්‍රවර්ධනය කළ බව පෙන්වා දෙමින් සකීබ් පැවැසුවේ, බටහිර දෙබිඩි ප්‍රමිතීන් හෙළා දකින අතර චීනය හරිත බලශක්ති සංක්‍රාන්තියක් සඳහා තීරණාත්මක පියවරක් ගෙන ඇති බවය.

චීන හරිත අධි ධාරිතාවයකට මුල පුරනවා යැයි බටහිරින් එල්ල වන චෝදනා ආනවුඩ් බර්ට්‍රෙන්ඩ්, බැහැර කළේය. දේශගුණ අර්බුදය විසඳීම සඳහා අතිරික්තයක් වෙනුවට ලෝකයට ඇත්ත වශයෙන්ම වැඩි හරිත ශක්තියක් අවශ්‍ය බව තර්ක කළේය. චීන හරිත තාක්ෂණයට එරෙහි වෙළඳ බාධක සැබෑ ආර්ථික උත්සුකයන්ට වඩා තරඟකාරිත්වය අහිමි වීමේ බටහිර බිය පිළිබිඹු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එම ප්‍රකාශයට සහාය දැක්වීමක් ලෙස, BYD සහ ග්‍රේට් වෝල් මෝටර්ස් Great Wall Motors වැනි චීන මෝටර් රථ නිෂ්පාදකයින් බ්‍රසීලයේ නිෂ්පාදන පහසුකම් ස්ථාපිත කර ඇති බව සඳහන් කරමින් හරිත සංවර්ධනය සඳහා චීනය සමඟ බ්‍රසීලයේ සහයෝගීතාවය අද්විතීය යැයි රිකාඩෝ පැවැසීය.

සැම්බියාවේ සමාජවාදී පක්ෂයේ සභාපති ෆ්‍රෙඩ් මෙම්බේ, බටහිර ජාතීන්ගේ කුහකත්වය විවේචනය කළේය. කාබන් විමෝචනය කපා හැරීමට අප්‍රිකානු ජාතීන්ට බලපෑම් කළත්, අවශ්‍ය හරිත බලශක්ති විසඳුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වන බව ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවට අප්‍රිකාවේ හරිත බලශක්ති යටිතල පහසුකම් සහ ආධාර බොහෝමයක් පැමිණෙන්නේ චීනයෙන් බව ද පැවැසීය‍. තිරසාරභාවය පිළිබඳ බටහිර වාචාලකම බොහෝ විට නිශ්චිත ක්‍රියාවක් නොමැති බවත්, අප්‍රිකාවේ හරිත සංක්‍රාන්තිය සඳහා චීනය වඩාත් විශ්වාසදායක හවුල්කරුවකු බවට පත් කරන බවත් ඔහු සඳහන් කළේය.

ගෝලීය දකුණු සහයෝගීතාව සහ වර්ධනය සඳහා චීනය සමඟ හවුල් වීම: නේපාල අගමැති

සිය ප්‍රධාන දේශනයේදී නේපාල අගමැති කේ.පී. ඔලි, එක් තීරයක්, එක් මාවතක් සංවර්ධන වැඩපිළිවෙළ සඳහා නේපාලයේ කැපවීම පැහැදිලි කළේය. ගෝලීය දකුණු ජාතීන් අතර සම්බන්ධතාව වර්ධනය කිරීම සහ සමෘද්ධිය බෙදාගැනීම සඳහා චීනයේ කාර්යභාරය පැසසුමට ලක් කළේය. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී සහ ගෝලීය සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේ දී චීනයේ නායකත්වය පිළිගනිමින් ඔහු චීන නායකයන් පැසැසුමට ලක් කළේය.

හිමාලය කඳුකරයේ පිහිටි නේපාලය විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට ගොදුරු වන බවත්, ග්ලැසියර දියවීම සහ ආන්තික කාලගුණික බාධාවන් අත්විඳින බවත් ඔලි අවධාරණය කළේය. චීනයේ හරිත සංවර්ධන ප්‍රයත්නයන් වැඩි දුරටත් පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරයා, එය පාරිසරික අභියෝගවලට මුහුණ දෙන ජාතීන්ට බලාපොරොත්තුවේ ආලෝකයක් බව පෙන්වා දුන්නේය.



අදහස් (0)

ආර්ථිකය-ප්‍රජාතන්ත්‍රවාදය -හරිත වර්ධනය : චීන භූමිකාව

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 396 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 223 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 863 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 612 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 176 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 50 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 317 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site