IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති වරප්‍රසාද කප්පාදුව

ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් 1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ සඳහන් වේ. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට විශ්‍රාම වැටුපක් ඇතුළු වරප්‍රසාද කිහිපයක් හිමි වේ. නිල නිවෙසක්, කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, ලේකම්වරයෙක්, ආරක්ෂක පිරිස සහ නිල රථ එයට අයත්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තියට අනුව පසුව ගන්නා යම් යම් නීතිවලින් පෙර ලබාදුන් වැටුප හා විශ්‍රාම වැටුප අහෝසි කළ නොහැකි බව එහි සඳහන්ය. එය රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බවත් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැකි වුවද එම වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු කළ නොහැකි බවද එම වගන්තිවල සඳහන් ය.‍

1986 අංක 4 දරන පනතේ 2 වැනි වගන්තියට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ සහ ඇයගේ ජීවිත කාලය ඇතුළත වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය. යම් හෙයකින් උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක දී අවස්ථෝචිත පරිදි ඔහුට හෝ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතු යැයි ද එහි සඳහන්ය. පනතේ 3 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ධුරය දරන තැනැත්තාට තත්කාලයේ ගෙවනු ලබන මාසික වැටුපට සමාන දීමනාවක් සෑම හිටපු ජනාධිපතිවරයකුටම ගෙවිය යුතුය. එසේම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්ධුරය දරන තැනැත්තකුගේ මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවිය යුතුය.

එසේම නිල ප්‍රවාහන සහ අදාළ පහසුකම් සැලසිය යුතු බවද පනතේ සඳහන්ය. 4 වැනි වගන්තියට අනුව හිටපු ජනාධිපතිවරයකු මියගිය අවස්ථාවක දී ඔහුට ලැබීමට හිමිකම තිබූ හෝ ජනාධිපති ධුරය දැරීම නතර වූ අවස්ථාවේ දී ඒ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට හිමිකම තිබූ මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ඇගේ ජීවිත කාලයේ දී ගෙවිය යුතුය. එසේම 5 වැනි වගන්තිය අනුව මෙම විශ්‍රාම වැටුප් සහ ගෙවීම් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බව දක්වා තිබේ.

මෙලෙසින් හිටපු ජනාධිපතිවරුන් සඳහා වරප්‍රසාද ලබාදීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වූ නමුදු වර්තමාන මෙරට ජනාධිපති වන අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපති වියදම් කප්පදු කිරීමට කටයුතු කර තිබේ.

2024 වසර සඳහා ද හිටපු රාජ්‍ය නායකයන් නඩත්තුව සඳහා මිලියන ගණනක මුදලක් වෙන් කර තිබුණි. එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් වෙන් වී තිබුණේ හිටපු ජනපතිවරුන්ගේ මන්දිර සහ වාහන නඩත්තු කිරීම සඳහා ය. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන සිව්දෙනා සඳහා රජය මෙලෙස මුදල් වෙන් කර තිබුණේය. ඊට අමතරව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාසට ද මේ යටතේ අයවැය ප්‍රතිපාදන ලැබී තිබුණි.

2023 වසරේ මෙරට සිටි ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනය හරහා හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ මන්දිර සහ ප්‍රභූ රථ පෙළ නඩන්තු සඳහා 2022 වර්ෂයටත් වඩා වැඩි මුදලක් වෙන් කළේය. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 1,17 ක් වෙන් කර තිබූ අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ අගය හා සමාන වේ. ”‍වෙනත්”‍ වියදම් යටතේ හිටපු ජනාධිපතිනියට 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 300 ක් වෙන් කර තිබූ අතර එය 2022 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 200 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 143ට සාපේක්ෂව විශාල වැඩි වීමකි. ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හට ගොඩනැගිලි සහ ව්‍යුහයන් යටතේ තවත් රුපියල් ලක්ෂ 100ක් වෙන් කර තිබුණි. 2022 වසර සඳහා වාහන නඩත්තුවට වෙන් කළ රුපියල් ලක්ෂ 200 ට සාපේක්ෂව 2023 වසරේ දී රුපියල් ලක්ෂ 1,000 ක දැවැන්න මුදලක් වෙන් කර තිබුණි.

2023 වසර සඳහා මහා භාණ්ඩාගාරය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 117 ක් වෙන් කර තිබුණි. ඔහුටත් වෙනත් වියදම් යටතේ 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 110ක් වෙන් කර තිබූ අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 100 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 68 ට සාපේක්ෂව දැවැන්න වැඩිවීමක් විය. ප්‍රාග්ධන වියදම් යටතේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් යටතේ රුපියල් මිලියනයක් වෙන් කර තිබූ අතර එය ද 2022 වසර සඳහා වෙන් කළ මුදලම විය. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2022 වසර සඳහා වෙන් කළ රුපියල් මිලියන 2 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්න මුදලක් වාහන සඳහා වෙන් කර තිබිණි.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 සඳහා මහා භාණ්ඩාගාරය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් රුපියල් ලක්ෂ 1,17 ක් වෙන් කර තිබිණි. එසේම ”‍වෙනත්”‍ වියදම් යටතේ ඔහුට 2023 වර්ෂය සඳහා තවත් රුපියල් මිලියන 11 ද වෙන් කර තිබිණි. එය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 10 සහ 2021 සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 7.9 ට සාපේක්ෂව විශාල වැඩිවීමකි. මීට අමතරව ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපතිවරයාට 2022 වර්ෂයේ මෙන්ම ගොඩනැගිලි සහ ව්‍යුහයන් යටතේ තවත් රුපියල් මිලියනයක් වෙන් කර දී තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ද වාහන නඩත්තුව සඳහා 2022 වර්ෂය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 2ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක් වාහන සඳහා වෙන් කර තිබිණි.

2023 වසර සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද විශ්‍රාම ප්‍රතිලාභ ලෙස මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 11.7 ක් වෙන් කර තිබූ බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙනත් වියදම් යටතේ, 2023 වසර සඳහා තවත් රුපියල් මිලියන 10 ක් වෙන් කර තිබූ අතර ප්‍රාග්ධන වියදම් යටතේ, ගොඩනැගිලි සහ ව්‍යුහයන් වෙනුවෙන් වෙන්කර තිබූ මුදල රුපියල් මිලියනයකි. එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2023 වසරේ වාහන සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන්කර තිබූ අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වාහන සඳහා අඩුම මුදලක් වෙන්කර තිබුණේ ඔහුටයි.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට 2023 වසර සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 780,000 ක් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස වෙන් කර තිබූ බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දේ. එසේම වෙනත් වියදම් යටතේ හේමා ප්‍රේමදාසට තවත් මුදලක් වෙන් කර තිබූ අතර එය 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 15 කි. එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 13 සහ 2021 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් 770,000 ට සාපේක්ෂව ප්‍රමාණාත්මක වැඩිවීමකි. ප්‍රාග්ධන වියදම් යටතේ ද හේමා ප්‍රේමදාසට ‘ගොඩනැගිලි‘ සහ ව්‍යුහය යටතේ තවත් රුපියල් මිලියනයක් වෙන් කර තිබුණි. හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාසට ද රථ වාහන නඩත්තුව සඳහා 2022 වසරේ වෙන් කළ රුපියල් ලක්ෂ 8ට සාපේක්ෂව 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 50ක දැවැන්න මුදලක් වෙන්කර තිබුණි.

මේ අයුරින් 2022 සහ 2023 වර්ෂවල හිටපු ජනාධිපතිවරුන් සඳහා වෙන් වූ වියදම් හඳුනාගත හැකිය. 2024 වසරේදී හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් සඳහා රුපියල් කෝටි 15 ක මුදලක් වෙන් කර තිබුණි. 2024 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර තිබූ මුදල රුපියල් එක්කෝටි අසූඅට ලක්ෂයකි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් පැවැත එන, එසේත් නැති නම් පුනරාවර්තන වියදම් ලෙස පසුගිය වසරේ වෙන් කර තිබූ මුදල රුපියල් හැත්තෑඅට ලක්ෂයකි. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට පසුගිය වසරේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් වෙන් කර තිබිණි.

 හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වැටුප් සහ වරප‍්‍රසාද කප්පාදු කරන බවට ජාතික ජන බලවේගය දුන් මැතිවරණ පොරොන්දුව ඉටු කරමින්, හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් මේ වසරේදී වෙන් කරන ප‍්‍රතිපාදන රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකින් අඩු කිරීමට රජය කටයුතු කර ඇත. ඒ අනුව, පසුගිය වසරේ වෙන් කර තිබූ ප්‍රතිපාදන වලට සාපේක්ෂව හිටපු ජනාධිපතිවරුන් පස්දෙනකුට සහ එක් ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට මෙම වසරේදී වෙන් කර ඇති ප්‍රතිපාදන පැවැත එන වියදම් සහ ප්‍රාග්ධන වියදම් යන කාණ්ඩ දෙකටම අදාළව රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකින් කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇත.

පසුගිය වසරේ හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් සඳහා වෙන් කර මුදල මෙම වර්ෂයේදී රුපියල් දහතුන් කෝටි තිස් ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කර ඇත. මෙම වසරේදී හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පැවැත එන වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් හත්කෝටි දසලක්ෂයක් වන අතර, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් හය කෝටි විසි විසි ලක්ෂයකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් එක්කෝටි හැටලක්ෂය දක්වා අඩු කිරීමට ජාතික ජන බලවේග රජය කටයුතු කර ඇත. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් පැවැත එන, එසේත් නැති නම් පුනරාවර්තන වියදම් මුදල් මෙම වර්ෂයේදී රුපියල් හතළිස් හය ලක්ෂය දක්වා අඩු කිරීමට ද රජය තීරණය කර ඇත. මෙම වසරේදී මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනා සඳහා වෙන් කර ඇති මුදල රුපියල් එක්කොටි හැට එක් ලක්ෂයක් වන අතර, ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට මෙම වසරේ වෙන් කර ඇති මුදල රුපියල් දහසය ලක්ෂ අසූ දහසකි. සියලු‍ම හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රාග්ධන වියදම් ද මෙම වසරේදී අඩු කර ඇත.

මේ අයුරින් හිටපු ජනාධිපතිවරුන් සඳහා කරනු ලබන වියදම් කප්පාදු කිරීම රජය විසින් සිදු කර තිබේ.

 

(*** ශෂිකා අබේරත්න)



අදහස් (4)

හිටපු ජනපති වරප්‍රසාද කප්පාදුව

Kamal Koyrala Tuesday, 25 February 2025 12:36 PM

වරප්‍රසාද අවශ්‍ය නැ ඔවුන් ජනතාව පත් කලේ ජනතා සේවයට, එනමුත් ඔවුන් සියල්ලන්ටම ජනතා විරෝධී වැඩ කළ අය අවශ්‍ය නම් විශ්‍රාම වැටුපක් රජයේ විධායක ශ්‍රේණි වලට අනුව දුන්නාම ඇති මේකි වරප්‍රසාද ලබන්නාට ගෝඨාභය සහ රනිල් සුදුස්සන් නොවේ හේතුව ඔවුන්ට තමා සේවා කාලය සම්පුර්ණ නොකළ නිසා සහ රනිල් මහජන ඡන්දයකින් පත් නොවුන කෙනෙක් නිසා

:       5       24

චතුරි Wednesday, 26 February 2025 01:21 AM

මේතන එකෙක්වත් නැහැ වරප්‍රසාද ගන්න රටේ නීතියක් තියෙනවානම් මේ සේරම ඉන්න ඕන හිරගෙදර. පුදුමයි මේ විදිහට ජීවත් වෙන එකත් රටට ජනතාවට කළ අපරාදවලට ජනාදිපති ජේ ආර් ගෙන් පස්සෙ ආපු සේරම හොරු මිනීමරුවෝ අද ඇමරිකාවේ හිටියා නම් මේ වගේ නරුමයින් දම්වැල් දාලා උසාවියට අර්න් එන්නෙ රටේ නායකයාව ඡන්දෙකින් පත් කර ගන්නේ ජනතාවගේ මුදලින් එහෙම නැතුව මොවුන්ගෙ සල්ලි වලින් නෙමේ අත් දෙක වනවන ඇවිත් පැරදිලා යනකොට ලෝකෙම ධනවතා. මේ වගේ උන්ට ඇමරිකාවෙ තමයි නියම දඩුවම තියෙන්නේ. ලංකාව නීතිය පැත්තෙන් දියුණු වෙන්න තව අවුරුදු 50 වත් යනවා ඒකත් මාලිමාව හිටියොත් පමණයි.

:       0       7

fairoos Wednesday, 26 February 2025 02:46 PM

නිකන් නෙවෙයි බයියෝ කෙඳිරි ගාන්නේ. ජීවිත කාලෙටම ආය හම්බකරන්න ඕනේ නැහැ. සැප තමයි.

:       0       6

A,R.Weerasena Saturday, 01 March 2025 06:30 AM

පළමුව ව්‍යවස්තාව 2/3 බලයෙන් අහෝසි කළ යුතුය . ජනතා බදු මුදලින් පෙන්ශන් ගිය ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ජනතා ද්‍රෝහි වැඩකි. හැන්ද අතේ තියෙන උන් සවලෙන් බෙදාගෙන බදු ගෙවන්නාට කන් හැන්දෙන් බෙදනවා. වත්මන් ජනාදිපතිවරයා මෙම වරප්‍රසාද අහෝසි කරන බව වේදිකාවේ කීවේ ව්‍යවස්ථාව ගැන නොදැන නොවේ. ඡන්දයක දිනීමට එය හොඳ පොරොන්දුවක් වූ බැවිනි. එහෙත් එම ප්‍රදාන පොරොන්දුව කඩ වී ඇත. විජේරාම නිවසින් මයිනා යන්නේ නැත.එම නිවස ඔහුට දියයුතු බව ව්‍යවස්ටාවේ සඳහන් නොවේ. නිවසක් දිය යුතු නම්, දෙදෙනෙකුට ජීවත්විය හැකි වෙනත් නිවසක් ලබා දිය යුතුය. බලහත්කාරයෙන් වත්මන් නිවසේ සිටීමට ඔහුට නොහැකිය. ඒ අනුව උසාවි නියෝගයකින් ඔහු ඉවත් කළ හැකිය. ඔහුට කොලඹ සිටීමේ අවශ්‍යතාවයක් නොමැත. පළාත් පාලන චන්දයට පෙර මෙම ඉවත්කිරීම නොකලහොත් ලක්ශ 68 න් විශාල පිරිසක් මාලිමාව හැර යනවා ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 396 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 223 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 863 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 612 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 176 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 50 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 317 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site