IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


මාධ්‍ය ලෝකයේ මිතුරා ලක්‍ෂ්මන්

මහත්මා ගාන්ධිතුමා මෙසේ ප්‍රකාශ කළේය.

“අප දැනුම ලැබිය යුත්තේ දැනුම් සයුරේ ගිලී මියෙන්නට නොව, දැනුම් සයුරේ කිමිදී මුතු ගෙන එන්නටය.”

කල්‍යාණ මිත්‍ර ලක්ෂ්මන් ජයවර්ධනයන් අප අතරින් වෙන්ව යන මේ මොහොතේ ගාන්ධිතුමාගේ මෙම ප්‍රකාශය සිහියට නැගෙන්නේ කිහිප අතකින් එය ඔහුගේ මාධ්‍ය කාර්යභාරයට හොඳාකාරවම ගැළපෙන නිසාය.

ලක්ෂ්මන් ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනයෙන් පමණක් නොව ජීවිතානුභූතින්ගෙන් හා සමාජානුභූතින්ගෙන් ලද දැනුම ඇසුරින් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයටත්, පොදු සමාජයටත් මුතු රැගෙන ආ විශිෂ්ටයෙකි. ඔහු දැනුම් සයුරේ කිමිදෙමින් ගෙනා මුතු මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අපූර්ව රටා හා අනන්‍යතා නිර්මාණය කිරීමට සමත් විය.

මිනුවන්ගොඩ ඉපිද උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලැබූ ලක්ෂ්මන් තරුණ වියේදීම නිශ්ශංක මදුරප්පෙරුම ඇතුළු තවත් සගයන් කීප දෙනකු ඉන් පසුව එක්ව සමාජ විද්‍යාව හා සම්බන්ධ සඟරාවක් ආරම්භ කළ සැටි අපගේ මතකයේ ඇත. ලේඛනය, මාධ්‍ය කලාව, තොරතුරු ගවේෂණය, සමාජ නිරීක්ෂණය පිළිබඳ ලක්ෂ්මන් ජයවර්ධනයන් සතුව පැවැති ඇල්ම සඳහා එය මුල් කාලීන උදාහරණයක් ලෙස ගත හැකිය.

1965 දෙසැම්බර් මස 15 වැනිදා ලේක්හවුස් ආයතනයට මාණ්ඩලික වාර්තාකරුවන් ලෙස එක්වූ අප දස දෙනකු අතර ලක්ෂ්මන් ජයවර්ධන ද විය. එය පුවත්පත් කලාව පිළිබඳව ඔහු සතුව පැවැති අපේක්ෂා මල් ඵල ගැන්වුණු අවස්ථාවක් සේ සැලකීමේ වරදක් නැත. එම දස දෙනා අතර සිටි බහුතරය අද වන විට අප අතර නැත. එස්. සුබසිංහ මහතා සහ විමලසිරි පෙරේරා යන විශිෂ්ටයන් දිනමිණ කර්තෘවරයා ලෙසත්, සිළුමිණ කර්තෘවරයා ලෙසත් කටයුතු කරන අවස්ථාවල ලක්ෂ්මන් ජයවර්ධන මහතා අප සමග කණ්ඩායම් හැඟීමකින් යුතුව කටයුතු කළ සහෘදයෙකි. ඔහු ජනතා පුවත්පතේත්, සිළුමිණ පුවත්පතේත් කටයුතු කරන අවස්ථාවල පාඨක විශ්වාසය දිනාගත හැකි නිර්මාණාත්මක භාවිතයන් කෙරෙහි නිතර උනන්දු විය.

ඉන් ඉක්බිතිව 80 දසකයේදී ලංකාදීප පුවත්පත ආරම්භ කිරීමේ තැන් පටන් එය මෙරට පුළුල් පාඨක සමාජයක විශ්වාසය තහවුරු කරගන්නා අවස්ථාව දක්වා ලක්ෂ්මන් ජයවර්ධනයන් ලබා දුන් අනගි සහයෝගය අමතක කළ නොහැක. 1972 දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු ඔහුගේ මාධ්‍ය ජීවිතයේ වැදගත් වැඩබිමක් බවට පත්වූයේ විජය පුවත්පත් සමාගමයි. 1980 දශකයේ මුල් භාගයේ විජය පුවත්පත් සමාගම ආරම්භ වූ වකවානුවේ සිටම ඒ වෙත ලක්ෂ්මන්ගේ දායකත්වය කැපී පෙනේ.

ඉරිදා ලංකාදීප පුවත්පත ආරම්භ කෙරුණේ 1986 පෙබරවාරි මස 23 වැනිදාය. එහි සමාරම්භක තුවරයා වන්නේ ඇස්. සුබසිංහ මහතාය. එහි දෙවැනියා වූයේ පර්සි ජයමාන්න මහතාය.

ඉරිදා ලංකාදීපය ආරම්භ වී කෙටි කලකින්‌ ඔවුහු දෙදෙනාම ඉවත් වූහ. ඔවුන් සමග දෙල්තොට චන්ද්‍රපාල මහතාද ඉවත් විය. පසුව විජය පත්‍රයේ කතුවරයා විය. 1988 දී එහි සාර්ථකත්වය තහවුරු කිරීමට ලක්ෂ්මන් ජයවර්ධනයන් අප සමග කටයුතු කළේ අත්දැකීම් බහුල පරිණත මාධ්‍ය භූමිකාවක් ප්‍රකට කරමිනි. ආරම්භක අවස්ථාවේ සිටම ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් වගකීම් සහගත මාධ්‍ය කලාවක් ක්ෂේත්‍රය තුළ වගා දිගා කිරීමට ඔහු ගත් මහන්සිය නූතන මාධ්‍යවේදින්ට ද ආදර්ශයකි. ලංකාදීප සහ ලක්ෂ්මන් ජයවර්ධන අතර වන සබඳතාව ශක්තිමත් එකක් වන්නේ ද එබැවිනි.

ලක්ෂ්මන්ගේ මාධ්‍ය ජීවිතයේ කැපී පෙනෙන තවත් කඩඉමක් වන්නේ, 1994 මැතිවරණයෙන් පසු ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමයි. එතැනින් නොනැවතුණු ඔහු ලේක්හවුස් සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු තම අත්දැකීම් මත පදනම් වූ දැනුම් සයුරේ කිමිදෙමින් අගනා මුතු අහුලා අනාගත මාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එයින් දීප්තියක් ඇති කරන්නට වෙහෙස ගත් බව සිතිය හැකිය. 1995 වසරේදී ලේක්හවුස් සභාපතිවරයා වීමෙන් පසු ලේක්හවුස් පුවත්පත් අන්තර්ජාලයට එක්කිරීමේ ව්‍යාපෘතිය අරඹමින් එම ආයතනය තාක්ෂණික ලෝකයට ගෙන යාමට ක්‍රියා කිරීම එබඳු සාධනීය වෙහෙසක ඵලයකි. එසේම, ඩී.ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට සංවර්ධනය කිරීම ද අනාගත මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට පමණක් නොව මාධ්‍යකරණය හදාරන විද්‍යාර්ථීන්ට ද වඩාත් වැදගත් වන්නකි.

ලක්ෂ්මන්ගේ චරිතය වැදගත් වන්නේ, ඔහු පියවරින් පියවර ඉදිරියට තබමින් විවිධ වැදගත් භූමිකා නියෝජනය කරමින් ආ ගමන් මග පිරික්සීමේදීය. ඔහුගේ විදේශ සේවය ඉන් එකකි. කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයකු ලෙස කලක් කටයුතු කළ ඔහු, තම අත්දැකීම් ද පදනම් කොටගෙන එහි සාධනීය යමක් කරන්නට මහන්සි ගත්තෙකි. “මගේ ජීවිත කතාව” නමින් වන අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය සංස්කරණය කළ ලක්ෂ්මන්, එයින් ස්වදේශිකත්වය, අදීනත්වය, ආගම දහමේ අගය ද අනාගත පරපුරට අවධාරණය කිරීමට මහන්සි ගත්තා යැයි සිතිය හැකිය.

කීර්තිය සහ ප්‍රසිද්ධිය දෙකකි. ප්‍රසිද්ධිය ලැබීම පහසුය. ඕනෑම දෙයක් කිරීමෙන් එය ලද හැකිය. එහෙත්, කීර්තිය එසේ නොවේ. දශක හයක පමණ කාලයක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිය රැකගැනීමට අලුත් අලුත් දෑ තනමින් ක්‍රියා කළ ලක්ෂ්මන් නූතන මාධ්‍ය ලෝකයට ආදර්ශයකි. මහත්මා ගුණ ඇති උත්තම ගුණැති මහත්මයෙකි. ක්‍රෝධය, වෛරය නොතිබූ ඔහු හිතමිතුරන්ට සීමාව ඉක්මවා ගොස් ආධාර උපකාර කළේය. දැනුම ලබන්නෝ බොහෝ වෙති. එහෙත්, දැනුම් සයුරේ මුතු කිමිදෙන්නෝ අල්පය. ලක්ෂ්මන් ජයවර්ධන මාධ්‍ය සගයා අප අතරින් වෙන්ව යන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට මුතු ගෙන එන්නන් අවැසිම යුගයකය.

(*** සිරි රණසිංහ)



අදහස් (0)

මාධ්‍ය ලෝකයේ මිතුරා ලක්‍ෂ්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 8 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 8 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 14 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 11 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 428 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 230 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 345 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 89 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1113 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site