හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නමින් පසුගියදා එළි දැක්වුණි. හර්ෂණ දිසානායක ගයන “දැන් ඉතින් සමුගන්න”, කරුණාරත්න දිවුල්ගනේ ගයන “වන්නි වන හිස”, සුනිල් එදිරිසිංහ ගයන “වියපත් වී නැත”, ශෂිකා නිසංසලා ගයන “සුනිල නෙත් පොකුණේ”, තිළිණ සුදේශ් ගයන ”මතක මංකඩ සුන්දරයි” වැනි ජනප්‍රිය ගීත ඇතුළුව සෝමවීර ලියූ ගීත ගණන එකසිය පනහකට අධිකය.