ශිෂ්ටත්වයෙන් ඔබ්බට ගිය නවකවදය
සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු සියදිවි හානිකර ගැනීමත් සමගම සරසවිවල නවකවදය පිළිබඳ කලබගෑනිය පිළිබඳ යළිත් කරළියට පැමිණ ඇත. ශිෂ්‍යයකු මියයාම හේතුකරගෙන මෙම කාරණය ඉස්මතු වුණා විනා ඊට මෙහා සිසුන්ට සිදුවන දහසකුත් එකක් අඩන්තේට්ටම්, හිරිහැර, මානසික පීඩා, සරසවි හැරයාම, කායික ආබාධ සරසවි ප්‍රවේශය භාර නොගැනීම, අධ්‍යාපනය අබලන් වීම යනාදිය කිසිදාක කරළියට පැමිණෙන්නේ නැත. එවැනි සිද්ධි වාර්ෂිකව සිය දහස් ගණනක් කාලයේ වැලිතලාවට නිහඬව යට වී යයි.