IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


චිත්‍රපට ප්‍රදර්ශනය ක්‍රීඩාවක් නැතිනම් සූදුවක්

මෙරට මෙන්ම ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර වූ ඔහුගේ කුළුඳුල් සිනමා කෘතිය අද දවසේදී කාගේත් කතාබහට ලක්වී තිබේ. ඒ, “බහුසිතවාදියා” කියන නාමයත් සමගය. මේ චිත්‍රපටය 30 වැනිදා සිට රිද්මා මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලා රැසකදී තිරගත කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක් ලෙසිනි. මෙය ලාංකීය සිනමා ඉතිහාසයේ අලුත් අත්දැකීමකි.

බොහෝ ක්ෂේත්‍රවල තමන්ගේ ලකුණ සනිටුහන් කළ මේ නිර්මාණකරුවා නමින් මාලක දේවප්‍රිය වේ. ඔහු හැදූ “බහුසිතවාදියා” චිත්‍රපටය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්‍ෂවරයා ලෙස ද සම්මානයට පාත්‍ර වූ මාලක, තම නිර්මාණය පිළිබඳවත්, පවතින සිනමාවේ තත්වය පිළිබඳවත් “රසවින්දන” සමග කතාබහ කිරීමට එක්වුණි. මේ ඔහුගේ හඬයි.

“බහුසිතවාදියා” චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කතා කළොත් ඩිජිටල් ආක්‍රමණයක් එක්ක අපේ සමාජය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා. අපි මේ කාලයේ ඇණවුම් භාරගත්තේ ඔන්ලයින්. අපි සියලු දේ දැන් ස්මාර්ට් ෆෝන් එකෙන් කරන්නේ. ඇනලොග් කාලයේ වගේ මිනිසුන් එක්ක සමීපව ගනුදෙනු කරන්න වේලාවකුත් නෑ.

වේලාවක් අවශ්‍ය වෙන්නෙත් නෑ. අන්තර්ජාල පහසුකම් අපි වෙලාගෙන ඉවරයි. එවැනි කාලයක තරුණයන්ගේ සිහින, බලාපොරොත්තු හා අපේක්‍ෂාවන් ඉස්සර පරපුරට වඩා වැඩියි. වෙනසක් තිබෙනවා. ඒ වෙනසේ ප්‍රතිඵලය තමයි බහුසිතවාදියා කියන්නේ.

ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා බහුසිතවාදියා කියන අපභ්‍රංශයේ තේරුම මොකක්ද කියලා. මේක මම හිතලාම දැමූ වචනයක්. ඒකේ තේරුම තමයි එක අදහසක් නැති මිනිහා. නැත්නම් තව විදිහකට කියන්න පුළුවන් බොහෝ අදහස් ඇති එක්කෙනා කියලා. ඒ ස්වභාවය තමයි මට මේ චිත්‍රපටය හදන්න උත්තේජනයක් ආවේ. චිත්‍රපටය බැලූ එළියේ අය පවසන්නේ, ආචාර්ය ධර්මසේන පතිරාජගේ සිනමාවේ ස්වරූපයක් “බහුසිතවාදියා” තුළ තිබෙනවා කියලා. ඇත්තටම එතුමා මගේ ගුරුවරයෙක්. එතුමා හැම විටම මාව ඔසවා තබන්න උත්සාහ කළා.

එහෙත් මට ආභාසය එන්නේ, මගේ සිනමා භාවිතාවේ ස්වරූපය එන්නේ විශේෂයෙන්ම 1990න් පස්සේ ඇති වූ රොමේනියානු නවරැල්ල වගේ දෙයක්. ඊට පස්සේ 80 දශකයේ සිනමා භාවිතාව යම් බලපෑමක් එල්ල කළා. සම්පූර්ණයෙන්ම අපි කරන්නේ සංස්කරණ විද්‍යා රූපමය හරඹ කියන කාරණාවයි. ඊට එහාට පරිභාහිරව සිනමාව හරහා කොහොමද ජීවිතය ග්‍රහණය කරගන්නේ, ජීවිතේ යථාර්ථය උකහාගන්නේ කියන කාරණාව හරහා තමයි මම, මගේ සිනමා කෘතිය නිම කර තිබෙන්නේ. කොටින්ම මෙය මම අත්හදාබැලීමක්.

ඇත්තටම චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා කියන්නේ ක්‍රීඩාවක්, නැත්නම් සූදුවක් වගේ වැඩක්. මේක වෙනම වැඩක්. මේක මාකටින්, ප්‍රචාරණ විධි ඇතුළත් ලොකු යාන්ත්‍රණයක්. ඒ සම්බන්ධයෙන් ඉන්න පළපුරුදු අය තමයි ඒ දේවල් කළ යුත්තේ. මම දන්නේ නෑ ලෝකයේ සිනමා අධ්‍යක්‍ෂවරුන් තමන්ගේ චිත්‍රපට හදාගෙන ඒවා කොයි තරම් තිරගත කරන්න දඟලන සංස්කෘතියක් තිබෙනවා ද කියලා. මම අඟවලත් නෑ. අඩුයි.

මම නිෂ්පාදකවරයෙක් විදිහට රූපාන්තරණය වුණා. චිත්‍රපටය පටන්ගත්තේ නිෂ්පාදකයකු සමගයි. ඔහු චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නවතලා දාලා යනකොට මගෙත් එක්ක හිටිය සාමූහිකයන් එක්ක එකතු වෙලා තමයි මේ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ. ඊට පස්සේ චිත්‍රපටය ඉවර කරලා මම පෙන්නුවා. එහෙත් ප්‍රචාරණය සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඒ ප්‍රාග්ධනය නැතිකොට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය උදව් කළා මේ චිත්‍රපටය ඉදිරිපත් කරන්න.

ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නයක් විදිහට තමයි මේ චිත්‍රපටය දැන් තිරයට එන්නේ. මෙහි ප්‍රචාරණ කටයුතු සඳහා මගේ හිතමිතුරෝ, සහෘදයෝ උදව් කරනවා. මා හිතනවා ඉතාම සුවිශේෂි කාර්යයක්. ලංකා ඉතිහාසයේ විශාලම සාමූහිකයන් එකතු වෙලා තමයි “බහුසිතවාදියා” චිත්‍රපටය මුදාහරින්නේ. “බහුසිතවාදියා” කියන එකට මට දැන් කියන්න පුළුවන් ඒකේ යට තිබෙනවා විශාල සාමූහිකයන්ගේ ශ්‍රමයක් හා ශක්තියක් කියලා. ඒ ශක්තියෙන් තමයි මම මේ දේ කරන්නේ.

මේ සම්බන්ධව විවිධ අර්ථකථන තිබෙනවා. තිලක් කෝදාගොඩ කියලා මගේ මිත්‍රයෙක් ඉන්නවා ස්විට්සර්ලන්තයේ. එයා “රාවය” පුවත්පතේ හිටපු උප කතුවරයෙක්. එතුමා පිටු 350ක පොතක් ලියා තිබෙනවා. ඒකේ නම තමයි “එහිම සුදුමැලි පිටපතක්”. චිත්‍රපටයේ මංගල දර්ශනයෙන් පසු ජුනි 11 වැනිදා මේ පොත එළිදක්වනවා, මහවැලි කේන්ද්‍රයේදී. එවැනි සාමූහික ප්‍රයත්නයකින් තමයි මම චිත්‍රපටය අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ.

ඇත්තටම එක ළඟ චිත්‍රපට කිහිපයක් මුදාහැරීම තුළ නිෂ්පාදකයා අනාථයි තමයි. මේ යාන්ත්‍රණය සැකසිය යුත්තේ මම නොවෙයි. මම සෑහෙන කාලයක් බලාගෙන හිටියා. මට ලැබුණු දිනය තමයි මේ වේලාව. මට ලොකු බජට් එකක් නෑ. ඇඩ්වර්ටයිසින් කරන්න සල්ලි නෑ. මට තිබෙන ශක්තියෙන් තමයි මෙය පෙන්වන්න හදන්නේ. එක ළඟ චිත්‍රපට කිහිපයක් මුදාහැරීම ප්‍රශ්නයක් තමයි. නැත්තේ නෑ. ඒත් මේ චිත්‍රපට ඔක්කොම එක වගේ ඒවා නෙමෙයි. විවිධ නගරවල චිත්‍රපට මගේ චිත්‍රපටය කලාත්මක ගණයට වැටෙන එකක්. ඒ හින්දා මාත් ප්‍රදර්ශන වාරයට එක්වුණා.

සිනමා ශාලාවල දර්ශන වාර ප්‍රශ්නය මෙතැනදී අනිවාර්යයෙන් බලපානවා තමයි. එය කළමනාකරණය කරලා චිත්‍රපටය ප්‍රදර්ශනය කළ යුත්තේ කොහොමද, ඒ සඳහා මැදිහත් වෙන්නේ කොහොමද කියන එකට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. මා හිතනවා යම්කිසි විධිමත් වැඩපිළිවෙළක් හැදෙයි කියලා. මොකද මේ රජයේ සංස්කෘතික ප්‍රතිපත්තිය ගැන අපට හිතන්න පුළුවන්. ඒ දේවල් ගැන මම සුබදායි ලෙස හිතනවා. මීට වඩා විධිමත් ක්‍රමවේදයක් ගොඩනැංවෙයි කියා මා හිතනවා. මෙය කාලානුරූපීව සිදුවෙන්න ඕනෑ දෙයක්.”

(*** සමන්ත යහම්පත්)

 



අදහස් (0)

චිත්‍රපට ප්‍රදර්ශනය ක්‍රීඩාවක් නැතිනම් සූදුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 752 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 512 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site