IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මවුබිමට කිරුළ ගේන්න වෙර දරන අනුදි

“මේ මොහොතේ ‘miss world’ යන ඇප් එක ජංගම දුරකථනයට ඩවුන්ලෝඩ් කර ගෙන ශ්‍රී ලංකාව යනුවෙන් රට තෝරාගෙන අනුදි ගුණසේකර දියණිය වෙත සහයෝගය ලබාදී ‘miss world’ කිරුළ මෙවර ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා උදවු වන ලෙසට, දෙස් විදෙස් වල සිටින සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටින බව, ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින අනුදි ගුණසේකරගේ මව, දිස්නා සංජීවනී අබේසිංහ මහත්මිය පැවසුවාය.”‍

මේ වනවිට සමාජ මාධ්‍ය තුළත්, බාහිර සමාජය තුළත් බොහෝ දෙනකු ශ්‍රී ලංකා රූ රැජින වන අනුදි ගුණසේකර පිළිබඳව විවිධ මානයන් ඔස්සේ කතා කරමින් සිටින්නේ ඇය ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ඉහළින් ඔසවා තබන්නට දරණ වටිනා උත්සාහය නිසයි.

ඉන්දියාවේ පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟය සඳහා අනුදි ගුණසේකර පසුගියදා පැවති තරග අංශ දෙකකින් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය.

අනුදි ගුණසේකර, 2024 වර්ෂයේදී මෙරට රූ රැජිනී ලෙස කිරුළු පැලඳි යුවතිය වන අතර

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රෑ රැජිණ තරගය සඳහා ඉදිරිපත්ව සිටින අනුදි සම්බන්ධයෙන් මේ වන විට දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

අනුරාධපුර ඉපදී සිප් සතර හදාරා ඇති ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර් ජාතික සබඳතා පිළිබඳව උපාධිධාරිනියකි. මීට අමතරව ඇය වෘත්තීය නිරූපණ ශිල්පය හැදැරූ නිරූපණ ශිල්පිනියකි.

ශ්‍රී ලංකා රූ රැජින ලෙස (මිස් ශ්‍රී ලංකා) කිරුළු පැලඳි ඇය සමාජ සේවිකාවක් ලෙස පෙරට එමින් මෙරට දුප්පත් කාන්තාවන් පාසල් දැරියන් මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් “සහේලි”‍ යන නමින් පදනමක් පිහිටුවා සමාජ මෙහෙවරක් ඉටු කරමින් සිටී.

අනුදි ගුණසේකර දියණිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර ඩී.එස්.සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙනි.

 

අනුදි ගුණසේකර මුල් ගුරුවරිය වූ රෝහිනී අභයදීර ගුරු මහත්මිය. අනුදි සම්බන්ධයෙන් මෙසේ පැරණි මතකය මෙසේ අවදි කළාය.

“අනුදි දියණිය එක සහ දෙක වසර වල මා ළඟ ඉන්න කොට හරිම දක්ෂ සිසුවියක්. හරිම ලස්සනට අකුරු අත් අකුරු ලියන්න පුළුවන්, නැටුම් ගැයුම් සඳහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූ දරුවෙක්. හරි කුතුහලයක් තිබ්බා.

 ඇයි ඒ කියන ප්‍රශ්නය හැමතිස්සේම අහනවා. ලේසියෙන් කෙටි උත්තරයක් දීලා ගැලවෙන්න බැහැ. දිගින් දිගටම ප්‍රශ්න කර කර ඒ ගැන අහනවා. මං උගන්නපු ළමයෙක් අද මේ වගේ තත්ත්වයක ඉන්නවා කියලා දැන ගත්තහම පාසල වෙනුවෙනුත්, එවකට අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය එම දරුවට මම මේ මොහොතේ පිරි නමනවා. කිරුළ අර ගෙන එන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

ඩී.එස්.සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ අනුදි, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව සාමාන්‍ය පෙළ හදාරා සියලු‍ම විෂයන්ට විශිෂ්ට සාමාර්ථ ලබා උසස් පෙළ කලා විෂය ධාරාව තෝරා ගෙන උසස් පෙළ විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාල වරම් ලැබුවාය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය රේණුකා සමරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.

”‍අනුරාධපුර අපි සතුටින් ඉන්න අවස්ථාවක් තමයි මේ මොහොත, අනුදි කියන නමේම කියන්න තියෙන්නේ අනුරාධපුර දිනවන්න ආපු දියණියක් ලෙසයි, ඇත්තටම සතුටුයි අනුදිගේ පියා හේමන්ත ගුණසේකර, අනුදිගේ මව දිස්නා සංජීවනී අබේසිංහ දෙදෙනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන්, අනුදීගේ සහෝදරය ඉගෙන ගත්තෙත් මේ පාසලේ අපි හදවතින්ම සුභාසිංසන එකතු කරනවා.

 

අනුරාධපුර මධ්‍ය හා විද්‍යාලයේ විදුහල්පති ජේ. එම්.එම්. පර්සි ජයසුන්දර මහතා.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය කියන්නේ පූජා නගරයේ පිහිටි අද්විතීයම බෞද්ධ පාසල

ඇය ඒ අනුවම හැඩ ගැසෙමින් ඒ ගමනට අවශ්‍ය අඩිතාලම ලබා ගනිමින් අනුරාධපුරයට පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවටම ගෞරවයක් කීර්ති නාමයක් ලබා දෙමින් අනුදි ගුණසේකර, අපේ ආදි ශිෂ්‍යාව තරග කරනවා. 72 වැනි ලෝක රූ රැජින කිරුළ මේ රටට රැගෙන එන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා රාජකාරියේ නිරත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ප්‍රීති කුමාර ගුණසේකර මහතා අනුදි ගුණසේකරගේ පියාය. ඇගේ මව වන දිස්නා සංජීවනී අබේසිංහ මහත්මිය අනුරාධපුරයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනු ලබයි. අනුදිගෙ බාල සහෝදරයා වන 22 හැවිරිදි කවිනු සන්දිව් ගුණසේකර මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින අතර බාල සහෝදරිය වන සෙනුලි වත්සඳී ගුණසේකර කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

 

අනුදිගේ පියාවන හේමන්ත ගුණසේකර මහතා තම දියණිය ගැන මෙසේ පැවසීය.

”‍දියණිය කුඩා කල සිටම තිබුණු හැකියාවන් දියුණු කර ගන්න උත්සාහ කරපු කෙනෙක් කැම්පස් තේරිලා කොළඹ ආවා.මේ එක්කම එයාට නිරූපණ ශිල්පය හදාරන්න. මව්පියෝ විදියට අපි අවස්ථාව ලබා දුන්නා.ඊට අදාළ පාඨමාලා කරා. ඊට අමතරව රටේ ප්‍රසිද්ධ ආයතනයක අවස්ථාවක් ලැබුණා ඒ ආයතනයේ ප්‍රධාන නිරූපණ ශිල්පිනිය වෙන්න. දිගටම විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන ගමන්ම නිරූපණ ශිල්පය කර ගෙන ගියා.

මේ අතරතුර තමයි  miss sri lanka තරගයට ඉදිරිපත් වෙලා කිරුළ දිනා ගත්තේ ඉන් පසුව තමයි ‘miss world‘ වලට තේරී පත් උණේ, එතන ඉඳන් මේ දක්වා ගොඩක් මහන්සි වුණා.

 

මෙහිදී අදහස් දැක්වූ අනුදිගේ මව වන දිස්නා සංජීවනී මහත්මිය මෙසේ පැවසුවාය.

මේ වෙලාවේ දරුවට ලකුණු මදිවෙලා තිබෙනවා. ලකුණු ලැබෙන එක් ක්‍රමයක් තමයි miss world කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා, ශ්‍රී ලංකාව යනුවෙන් රට තෝරා ගෙන අනුදි ගේ ‘nstagram’ ‘facebook‘ ගිණුම්වල තිබෙන පෝස්ට් වලට ලයික්, කමෙන්ට් කරන්න ශෙයා කරන්න ෆලෝ කරන්න. ඒ ඉල්ලීම තමයි සියලු‍ දෙනාගෙන් කරන්න තියෙන්නේ.අද දහවල් වන විටත් අනුදිට ආදරය කරන ජනතාව, ඒ සම්බන්ධයෙන් ගෙයින් ගෙට ගිහිල්ලා දැනුවත් කිරීම් කරනවා. මගේ දරුවා දිනවන්න , ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් අත්කර දෙන්න දායක වන ලෙසට මම සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

(*** අනුරාධපුර විශේෂ - බී ජී චතුරංග)



අදහස් (0)

මවුබිමට කිරුළ ගේන්න වෙර දරන අනුදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site