
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෝහා කටාර් සිට පැමිණෙන ගුවන් යානයක ගුවන් මගි වෙස් ගත් පුද්ගලයන් සිව් දෙනකු බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමේ සූදානමක් පවතින බවට ලද ඊ මේල් පණිවිඩයක් අනුව සිදු කළ පරික්ෂාවේදී එවැනි සැක සහිත කිසිවක් හමු නොවු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.
දෝහා හි පිහිටි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළ එම ගුවන් යානය අද අලුයම 1.44 ට පමණ කටුනායක බන්ඩාරනායක ජාතයන්තර ගුවන් තොටුපොළ බලා පැමිණි යානයක එම බෝම්බ ඇති බවට ඊමෙල් තොරතුර ලැබී ඇත.
එම ගුවන් යානය තුළ බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමට සුදානම්ව ගුවන් මගි සිව් දෙනකු ගුවන් යානයේ ගමන් කරන බවට යානය ගුවන් ගත විමෙන් පසුව කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විද්‍යුත් තෑපෑල වෙත ලද පණිවිඩයක් ලැබීම හේතුවෙන් එම ගුවන් යානය හදිසි ගොඩ බෑමක් සිදුකර පරික්ෂාවට ලක්කළ බව පොලිසිය සඳහන් කරයි .
එම ගුවන් යානයේ ගුවන් මගින් 245 ක් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනකුද , යානයේ නියමුවන් දෙදෙනකු ද පැමිණි ඇති අතර ගුවන් යානය ගොඩ බැස්ස විමෙන් පසු ගුවන් හමුදාවේ බෝම්බ නිශ්කිය විසින් පරීක්ෂා කර ඇත.
එම ගුවන් යානයේ බෝම්බ හෝ එවැනි සැක සහිත කිසිවක් තිබි නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල සිදුවන යම් යම් වැඩ කටයුතු ගැන හිතා බැලුවොත් හිරගෙවල්වල ලගින්න වෙන පිරිසක් එකතුවෙලා ආණ්ඩුව කෙරෙහි මහජනතාව තුළ කලකිරීමක් ඇති කිරීමට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඉතාම පැහැදිලියි. නගර සභාවක අයවැය පරද්දලා පාටි දාන්න තරම් මේ උදවිය අමානුෂික වෙලයි ඉන්නේ. කවුරු කවුරුත් කයිවාරු නවත්වලා සිද්ධ වෙමින් පවතින දේ ගැන සැලකිලිමත්ව ක්‍රියාකළ යුතු බවයි කියන්න තියෙන්නේ...
ඩෝබිලාගේ මාර කමෙන්ට්ස්...
අපරාදේ එක ප්ලයිට් එකකට හතර දෙනෙක්...
ඉන්දියාවේත් මෙහෙම දෙයක් වුනා, එක දිගට ඔය විදියේ අනතුරු ඇඟවීම් ගැන ව්‍යාජය දුරකථන ඇමතුම් සිය ගණන් ආවා. ඉන්දීය ගුවන්යානා සමාගම්වලට බිලියන ගණනින් පාඩු වුනා. විරුද්ධ පක්ෂවලට දොස් පවරලා අතසෝදාගන්න ආණ්ඩුව උත්සාහ කරාට මේවා ගැඹුරෙන් සොයා බැලිය යුතු දේවල්.
ගුඩ් මෝනින් කිව්වත් චෙක්කරලා බලන්න ඕන නැටුම් ගුණරත්නනේ මේක කියන්නේ. දෙපාරක් නොවේ හය හත් වතාවක් චෙක්කරන්න අවශ්‍යයි...