IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සියරට මගෙ රට සිරිසැප

මේ දිනවල යුද්ධයක පැටලී සිටින ඊශ්‍රායලය වසරකට ආහාර සහ සෙසු කෘෂිකාර්මික භෝග අපනයනයෙන් වසරකට ඩොලර් බිලියන 2.45ක් උපයයි. කාන්තාර බිමක් වන් එම රට ජලය පවා ලබා ගන්නේ මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමෙනි. එහෙත් කෘෂි අංශය ඔස්සේ ඔවුන් උපයන ආදායම ලංකාව සාමාන්‍යයෙන් ඇඟලු‍ම් කර්මාන්තයෙන් උපයන ආදායමට සමානය ය. ඇඟලු‍ම් කර්මාන්තයෙන් අපි ඩොලර් බිලියන 5ක් පමණ ඉපයූව ද ඉන් අඩක්ම නැවතත් අප චීනයට හෝ වෙනත් රටකට යවන්නේ නූල් හා සෙසු අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ය. ආහාර හා කෘෂි භෝග අපනයනයෙන් නම් අප ඊශ්‍රායලයේ අසලකටවත් එන්නේ නැත. සරු බිම්වලින් හා සුලබ ජල මූලාශ්‍රවලින් යූතු අප රට මේ දත්ත කෙරෙහි ලජ්ජා විය යුතු ය.

මේ දිනවල අප උග්‍ර ආහාර අර්බුදයක සිටින බව පෙනේ. විශේෂයෙන්ම එළවළු මිල දැරිය නොහැකි තරම් වී තිබේ. පෞද්ගලිකව මම නම් නිවසේ එළවළු පරිභෝජනය මේ ප්‍රශ්නය නිසාම අවම කර ඇත්තෙමි. කුකුල්මස් රුපියල් 1300කට ගත හැකිව තිබිය දී කැරට් කිලෝවක් රුපියල් 2300කට මිලට ගත යුතු නැත. බෝංචි ද එසේ ය. අන් සියලු‍ එළවළු වර්ග දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ය.

ලංකාවේ සමහර එළවළු කාලයෙන් කාලයට අනපේක්ෂිත ලෙස මිල ඉහළ යනු දැකිය හැකි ය. බෝංචි හා කැරට් වැනි දෑ එසේ වන එළවළු අතර විශේෂ ය. පෞද්ගලිකව මෙවන් කාලවල මාගේ ක්‍රමය වන්නේ මේ මිල අධික එළවළු මිලට නොගැනීම ය. ඒ වෙනුවට ආදේශක ආහාර මා විසින් සොයාගෙන ඇත. තෝර පරිප්පු, සාමාන්‍ය පරිප්පු, බතල, මඤ්ඤොක්කා, පලා වර්ග, කොස් පොළොස් වැනි දෑ එම ආදේශක වර්ග වේ. මන්ද අධික මිලකට යට කී බෝංචි හෝ කැරට් කා වැඩක් නැත. අප බොහෝ දෙනකු මේ ආකාරයේ ක්‍රමයකට යන්නේ නම් ඉල්ලු‍ම අඩු වී මිල අධික එළවළුවල මිල පහත වැටීම ද සිදු වේ. හැකි නම් මේ ක්‍රමය අත්හදා බලන ලෙස මෙය කියවන ඔබගෙන් ද ඉල්ලා සිටිමි.

ආර්ථික අර්බුද සමයේ වෙළෙඳපොළේ දියර කිරි හා පිටි කිරි වර්ග දැඩි ලෙස හිඟ වූ අතර ඊට පුරුදු ව සිටි බොහෝ අය එම පුරුද්දෙන් අමාරුවෙන් හෝ මිදීමට කටයුතු කළහ. පෞද්ගලිකව මම ද එසේ කළෙමි. කෙසේ වෙතත්, පසුව එම ද්‍රව්‍ය අධික මිලක් ද සහිතව ක්‍රමයෙන් වෙළෙඳපොළට පැමිණ තිබෙනු දක්නට ඇත. එහෙත් දැන් මා හට කිරිපිටි නොමැතිව දවස ආරම්භ කළ හැකි මානසිකත්වයක් තිබේ. මා භාණ්ඩ මිලට ගන්නා වෙළෙඳසැල් ජාල ශාඛාවේ සේවකයන්ගෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ මේ වන විට කිරිපිටි හා දියර කිරි අලෙවිය අධික ලෙස පහත වැටී ඇති බවයි.

මින් පෙනී යන්නේ අපට අත්‍යවශ්‍ය නොවන ආහාර පිළිබඳ යම් බලපෑමක් කිරීමට හැකියාවක් තිබෙන බව ය. අවශ්‍ය වන්නේ යම් ශික්ෂණයක් හා අධිෂ්ඨානයක් පමණි. ඊට අමතරව විකල්ප මාර්ග සෙවීම සඳහා යම් කල්පනාකාරිත්වයක් ද අවශ්‍ය වේ. ඇත්තටම ජීවත් වීම මෙන්ම ජීවිකාව ගෙන යෑම ද කිසියම් ආකාරයක කලාවකි. නිර්මාණාත්මක ක්‍රියාවලියකි. සිත මනාකොට මෙහෙයවා කාලානුරූප තීරණගත යුතු එකකි.

අපගේ ඇතැමෙක් මෙවන් ක්‍රම අත්හදා බැලීමට උත්සුක නොවෙති. ඔවුහු වැඩ ඇරී ගෙදර එන විට හමුවන තම සුපුරුදු වෙළෙඳසැලෙන් කීය හෝ දී එකම රටාවේ භාණ්ඩ ලැයිස්තුවක් මිලට ගැනීමට පුරුදුව සිටිති. මුදල් තිබුණා හෝ නැතා එසේ කරති. අප මේ ක්‍රමයෙන් මිදිය යුතු වේ. නිර්මාණාත්මක පරිභෝජනය කෙරහි අප යොමුවිය යුතු ය. බොහෝ දියුණු බටහිර රටවල පාරිභෝගිකයා එවැන්නෙකි.

ඊශ්‍රායලයේ ආහාර නිෂ්පාදනය ගැන අපි මුලින්ම සඳහන් කළෙමු. මොහොතකට කලින් සාකච්ඡා කළ පරිභෝජනය පිළිබඳ අපගේ නිර්මාණාත්මක නොවන එළඹුමට එහා ගිය දුබලතාවක් එහි ඇත. මෙහි ප්‍රධාන ගැටලුව නම් අප අනුභව කරන හා ආහාර වේලට අත්‍යාවශ්‍ය බව සිතන බොහෝ දෑ අප නිෂ්පාදනය නොකිරීම ය. මෙය ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බොහෝ අය කතා නොකරන අර්බුදයකි. උදාහරණයක් ලෙස ලොකු ලූනු ගනිමු. මේ මෑතක දී ලොකු ලූනු මිල අධික ලෙස ඉහළ ගියේ ය. ඊට හේතු වූයේ ඉන්දියාව විසින් තම රටේ මිල පාලනය කිරීම සඳහා ලූනු අපනයනය තහනම් කිරීම ය. ඉන් පහර වැදුණේ අප රටට ය. රුපියල් 100ක වැනි මුදලට තිබූ ලූනු කිලෝව රුපියල් 500ට වැඩි වූවේ ය. සිදුව ඇත්තේ කුමක්ද යන්න අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. අපගේ අවශ්‍යම ආහාර වර්ගයක් රැඳුණේ ඉන්දියානු ගොවියන් අතේ ය. මීට වසර හත අටකට පෙර අපට අපගේ සම්පූර්ණ ලූනු අවශ්‍යතාව සපුරාගත හැකි විය. එහෙත් මේ වන විට රටේ වාර්ෂික සමස්ත ලොකු ලූනු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 300,000න් අප නිෂ්පාදනය කර ඇත්තේ 4716ක් වැනි සොච්චමක් පමණි. මෙය ඛේදවාචකයක් නොවේ ද?

අපට නැතුවම බැරි තවත් දෙයක් වන්නේ වියළි මිරිස් ය. ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 50,000කි. එම වියළි මිරිස් ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා අමු මිරිස් මෙට්‍රික් ටොන් 300,000ක් අවශ්‍ය බව ගණන් බලා ති‌බේ. එහෙත් අපගේ අවශ්‍යතාවෙන් සියයට 90ක්ම එන්නේ පිටරටින් ය. පසුගිය ගෝඨාභය පාලනය තුළ 2024 සිට වියළි මිරිස් ආනයනය සපුරා නැවැත්වීම සඳහා අවශ්‍ය වගාව සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියේ ය. ඔවුන් ඒ සඳහා ඉඩම් හඳුනාගෙන අවශ්‍ය බීජ ආදිය ලබා දීම සඳහා ද ක්‍රියා කර තිබුණි. එහි වර්තමාන තත්වය පිළිබඳ කතා කිරීමට අප සතුව දත්ත නොමැත.

ලූනු හා මිරිස් යනු අපගේ සාම්ප්‍රදායික ලු‍ණු මිරිස ය. අප ජාතියක් ලෙස කොතරම් පසුපසට ගොස් තිබේ ද කිවහොත් අද පිටරට ගොවියන් නැති නම් කිරිබතට ලු‍ණුමිරිසක් කා හමාර ය. තත්වය ඒ තරම් බැරැරූම් ය.

අප රටේ සියලු‍ ප්‍රශ්නවල දී වගකීම දෙන්නේ දේශපාලකයන්ට ය. 225ට බැණීම අපගේ මෝස්තරයක් වී ඇත. අපට අනුව අප සතු කිසිදු වරදක් නැත. සියලු‍ වරද අනෙකාගේ ය. එහෙත් අප රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළම වවා ගැනීමට අපට ම කියා වගකීමක් නැති ද? සෑම පළාතකම ගොවි සමිති සමාගම් තිබේ. එම සමිති සමාගම් එකතු වී සාකච්ඡා කොට අපගේ අවශ්‍යතාවෙන් අඩක් හෝ නිෂ්පාදනය කළ නොහැක්කේ මන්ද? සෑම දෙයකට ම ආණ්ඩුව හෝ දේශපාලකයන් මත යැපීම ම අපගේ මූලික ප්‍රශ්නය වී තිබේ. ඒ නිසාම දේශපාලකයා රටේ කුදුමහත් සියලු‍ කරුණුවල දී දැඩි බලපෑම්කාරි චරිතයක් ද වී තිබේ. ඒ අපගේ ම වරද නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. මීට තිබෙන එකම විසඳුම පුරවැසියන් ලෙස නිර්මාණාත්මක තීන්දු ගනිමින් රටේ මූලික ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීම ය. පුරවැසියා බලාත්මක චරිතයක් වන්නේ මේ ඔස්සේ ය. එවිට දේශපාලකයාට පුරවැසියා මගහැර යා නොහැක.

අපගේ ජීවන ප්‍රශ්නවලින් වැඩි හරියක්ම ආහාර සම්බන්ධ ප්‍රශ්න වේ. ආහාර සුලබ නොවීම මත හා ඒවා මිල අධික වීම මත අපගේ මාසික ආදායමෙන් සැලකිය යුතු කොටසක් ඒ සඳහා වැය වේ. මෙම ප්‍රශ්නය විසඳාගත හොත් අපට ඒ මත සිට අපගේ සෙසු පෞද්ගලික හා සමාජීය ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කළ හැකි ය. එහෙත් ආහාර සම්බන්ධ ගැටලු නිසා අන් බොහෝ ප්‍රශ්න කෙරෙන් අවධානය ගිලිහී ඇත.

අපගේ තරුණ පරම්පාරාව අද සෑම විටම සොයන්නේ වෙහෙස මහන්සි වී මුදල් ඉපයීම නොවේ. ඊසි කෑෂ් ය. එහි දී නිෂ්පාදනය යන්න ඔවුන්ගේ ශබ්ද කෝෂයේ නැත. අලෙවි කිරීම ඇත. ඒ අනුව, අන් අයකු විසින් නිෂ්පාදනය කර දෙන දෙය අලෙවි කර මුදල් සොයන තැනට ඔවුහු පත්ව සිටිති. මෙම මානසිකත්වයේ සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය විසින් අනිවාර්යයෙන් බාරගත යුතු ය. මෙය තරුණයන් අතර පමණක් තිබෙන ප්‍රශ්නයක් ද නොවේ. වැඩිහිටි පරම්පරාවේ ද යහමින් ඇත. ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් ගත් විට ඔවුන් බොහොමයක් කරන්නේ අපනයන නොවේ. විදේශවල භාණ්ඩ මෙරටට ගෙන්වා අලෙවි කිරීම ය. මෙය අපගේ ව්‍යාපාරික පන්තියේ සැලකිය යුතු දුර්වලකමකි. ප්‍රාග්ධනය හිමි ඔවුන්ට ලංකාවේ ආහාර නිෂ්පාදනය තුළ ආයෝජනය කිරීමට සියලු‍ හැකියා තිබේ.

අප ජාතියේ තිබෙන මේ ව්‍යුහාත්මක ගැටලු විසඳා නොගන්නට අපට ඉදිරි අනාගතයක් ගැන සිතිය හැකි නොවේ. අවම වශයෙන් මුලින් ම පරිභෝජනය කරන දෙය නිෂ්පාදනය කර ගැනීමෙන් අප පටන් ගත යුතු ය. රටවල් නැගී ඇත්තේ ඒ මාර්ගයේ යමින් ය. ඒ අපගේ අවශ්‍යතා (needs) සපුරාගත් පසු ඊළඟ පියවර ලෙස අපගේ ඕනෑකම් (wants) ගැන සිතිය හැකි ය.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (7)

සියරට මගෙ රට සිරිසැප

චාන්දීම ෆොන්සේකා Friday, 19 January 2024 05:46 PM

පහුගිය කාලේ සමහරු හරිතාගාර හදාගෙන එළවලු පලතුරු වගාව කරගෙන ගියා. එහෙත් අර අමනෝඥ කාබනික ක්‍රමය කරන්න හදපු නිසා ඒ මිනිස්සු අමාරුවේ වැටුණා. මොකද ඒවාට අවශ්‍ය ඇල්බට් පොහොර මිශ්‍රණය වැනි සංඝටක ගෙන්වීම එක්වරම නතර කරවපු නිසා. ඊළඟට ආපු පාලකයාට කොයි වැඩේ කරන්න ගියත් නිසි අවබෝධයක් නැතිනිසා ඉවක් බවක් ලවක් දෙවක් නැතුව ඕනි එකටයි, එපා එකටයි බදු ගහන්න ගත්තු නිසා ඔය ඔබ කියන ආකාරයේ ඊශ්‍රායලයේ වගාවන් කරන්න යොදා ගන්න ආකාරයේ අවශ්‍ය උපාංග මිල ඉතා අධිකවෙලා. ඉතින් කවුරුවත් අලුතින් වැඩේට අත ගහන්න බයයි.. මොකද ණය වෙලා පටන් අරන් අන්තිමේදී ගේදොර බැංකුවලට සින්න වෙයි කියලා.

:       2       17

Deepal Nirosh Friday, 19 January 2024 08:16 PM

“අප ජාතියේ තිබෙන මේ ව්‍යුහාත්මක ගැටළු විසඳා නොගන්නට අපට ඉදිරි අනාගතයක් ගැන සිතිය හැකි නොවේ. අවම වශයෙන් මුලින් ම පරිභෝජනය කරන දෙය නිෂ්පාදනය කර ගැනීමෙන් අප පටන් ගත යුතුයි. රටවල් නැගී ඇත්තේ ඒ මාර්ගයේ යමින්ය. ඒ අපගේ අවශ්‍යතා (needs) සපුරාගත් පසු ඊළඟ පියවර ලෙස අපගේ ඕනෑකම් (wants) ගැන සිතිය හැකියි.“ යන මේ අන්තිම ඡේදයේ අදහස නම් 100%ක් ඇත්තයි. මේ වගේ මහාචාර්යවරු ටිකක් අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහිවුණා නම්...!

:       0       4

Dinesh Thursday, 25 January 2024 02:49 PM

මේ වගේ මහාචාර්යවරු තවත් එපා...

:       0       0

chandima Monday, 22 January 2024 02:02 AM

අලි බබාවයි, බූරුවෝ 240යි, ඉන්නකල් රට වලපල්ලටම තමයි. ඊශ්‍රායලයේ වගේ වෙනවා තියා, සෝමාලියාව වගේවත් වුණොත් ලොකු දෙයක්...

:       0       4

nisha Monday, 22 January 2024 03:40 PM

සමස්ත තරුණ ප්‍රජාවම ගොවිතැනෙන් ඈත්වෙලා, ගොවිතැන කියන්නේම අවිනිශ්චිත රැකියාවක් වෙලා. එකම හේතුව දේශපාලනය හා ගොවිතැන ගැන නොදන්න නිලධාරීන් හා මාෆියා කාරයින් ඉතින් ඊශ්‍රායලයක් බිහිකරන්නේ කෙසේද? හරියට බැලුවොත් කුමන්ත්‍රණයකින් තමයි අපරටේ කෘෂකර්මය විනාශ කළේ...!

:       0       2

Nandasena gr Tuesday, 23 January 2024 05:39 AM

මෙහෙමයි. සමබර ආහාර වේලක් ලබාගන්න නම් දේශීය කියන කොස් පොලොස්, මඤ්ඤොක්කා විතරක් ගිලලා හරි යන්නේ නැහැ. කැරට් වල තියෙන කැරටීන් කොස්වල තියෙනවද? කෘෂිකර්මය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ. වැඩ පිළිවෙලක් ඕනෑ. වර්ජනය කරලා ඔය ප්‍රශ්න විසඳන්න බැහැ...!

:       0       2

සෝමපාල Wednesday, 24 January 2024 08:00 AM

රට ගැන, රටේ ජනතාව ගැන, මේ රටේ සම්පත් ගැන අවබෝධයක් ඇති නායකයෙක් බිහිවෙනකන් වෙන්නේ රටවල් ගානේ හිඟා කන්නයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 170 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 155 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2102 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 199 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 149 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 761 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1422 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site