IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සුදු වෙන්න විඳින දුකක්

 

සඳුන් කුංකුම වත තවරා රන්වන් රුවක් ලබන සිත් ඇතිව පරිස්සමින් සමට සත්කාර කරන්නට සිතන සිතුවිලි කාලයේ වේගය ඇති කළ වෙනස්කම විසින් වෙනසකට ලක් කරන ලද්දේ ක්‍ෂණික සහ ඉක්මන් යන න්‍යාය ඊට ද වලංගු කරමිනි. ජීවිතය සොබාදහම සමඟම ඈඳිය හැකි නම් සොබාදහමේ විශ්මිත සහ අපූර්වතම උරුමයන් අප වෙත තිළිණ කරන දායාද බොහොමකි. එහෙත් ජීවිතයේ ඒ හෘදයාංගම ගනුදෙනුවලින් දුරස්වූ මිනිස් ජීවිතය අද අති ධාවනකාරී පාරිභෝගිකවාදී සමාජ ව්‍යුහය මත අතිශය යාන්ත‍්‍රික තත්්ත්වයකට ලක්ව ඇත.

ස්වාභාවික ආහාරපාන වෙනුවට කෘත‍්‍රිම ආහාර අනුභව රටාවකට සහ ස්වාභාවික රුව අලංකරණ ක‍්‍රම වෙනුවට කෘත‍්‍රිම ආලේපන සහ රූපලාවන්‍යාගාරවලින් ඉක්මනින් පහසුවට මුදල් ගෙවා කරගත හැකි රුව අලංකරණ ක‍්‍රමවලට විශේෂයෙන්ම කාන්තාවන් යොමු වීම කෙරෙහි බලපා ඇත්තේ ද ඉහත කී කාර්යබහුලත්වය සහ යාන්ති‍්‍රකකරණය වූ ජීවිත රටාවයි.

වරින් වර සමාජය අතික‍්‍රමණය කරන උන්මාදයන්වලට අනුගත වීම ද අප සමාජයේ දක්නට ඇති සුවිශේෂ ලක්‍ෂණයකි. තරුණ පෙනුම බොහෝ කල් රැක ගැනීමට සහ සම සුදු කරගැනීමට අද යුවතියන් සහ කාන්තාවන් දරන උත්සාහය ද උන්මාදයක් බවට පත්වී ඇති බව සඳහන් කිරීම නිවැරැදිය.

සුදු පැහැයට බහුතරයක් කාන්තාවන් දක්වන කැමැත්ත සහ සම සුදු පහැ කරගැනීම වෙනුවෙන් තමන්ට හැකි  ඕනෑම මුදලක් වියදම් කරන්නට,  ඕනෑම ආලේපනයක් සම මත තවරන්නට දක්වන දැඩි කැමැත්ත යටත්විජිත මානසිකත්වයේම තවත් එක් අතුරු ප‍්‍රතිඵලයක් දැයි සිතෙන තරමට ඔවුහු කළුවන් සම ප‍්‍රතිෂේප කරති.

එහෙත් පැහැපත් බවකින් යුතු නම් සුදු පැහැ සම මෙන්ම කළු පැහැ සම ද දැකුම්කළුය. සැබැවින්ම වටින්නේ නිරෝගී පැහැපත් තරුණ බවින් යුත් සමක් මිස සුදු ද, කළු ද යන වර්ණ මත තීරණය වූ සමක් නොවේ. එහෙත් නිරෝගී ශක්තිමත් සමක අවශ්‍යතාව නොව කවර උපක‍්‍රමයකින් හෝ සුදු පැහැ ගත් සමක් අවශ්‍යතාව බවට පත් යුවතියන් හා කාන්තාවන්ගේ එම වුවමනාව සල්ලි ගරන උල්පත් බවට පත් කරගත් ඇතැම් රූපලාවන්‍ය ශිල්පීන්ගේ විවිධ ආලේපන නිෂ්පාදකයන්ගේ හා ගෙන්වන්නන්ගේ පැටිකිරියත්, එම ක‍්‍රම සහ ආලේපන මගින් සමට සිදු වන හානියත් පිළිබඳව අප මෙම තොරතුරු අනාවරණය කරන්නේ එහි හානිදායක බව කිසිදු ලෙසකින් සුළු කොට තැකිය නොහැක්කක්ම වන හෙයිනි.

එක්තරා කලා මාධ්‍යයක් තුළ ජනප‍්‍රියත්වයක් හිමි කරගෙන සිටින ශිල්පිනියක් මැද පෙරදිග රටකින් මෙරටට ගෙන්වන එන්නතක් මගින් කෙරෙන්නේ ද ඉතාමක් කෙටි කලකින් සම සුදු පැහැ කිරීමයි. මෙම එන්නතෙහි මිල රුපියල් ලක්‍ෂ දෙකකට ආසන්න මුදලකි. පළමු එන්නත විද සති දෙකක පමණ කාලයකින් පසු අනිත් එන්නත විද ගත යුතුය. ඉතාමත් කෙටි කලක දී එම එන්නත මගින් සමට ලැබෙන සුදු පැහැය වසරක පමණ කාලයක් රඳා පවතී. සමේ සුදු පැහැය දිගින් දිගටම පවත්වා ගැනීමට නම් අදාළ කාල සීමාවෙන් පසු නැවත එම එන්නත සති දෙකෙන් දෙකට දෙවතාවක් වන සේ විද ගත යුතුය.
මෙම එන්නත මගින් සම සුදු පැහැ වීමේ ප‍්‍රමාණය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ පුද්ගලයාගේ සමෙහි සහ සිරුරේ ස්වභාවය එයට බලපාන හෙයිනි.

බ්ලීචිං ක‍්‍රීම් වර්ග ලෙස හඳුන්වන (විරංජන) ක‍්‍රීම් වර්ගවල කාර්ය වන්නේ ද ඉතාමත් කෙටි කලක දී සම සුදු පැහැ කිරීමයි. කෙටි කලක දී සමේ සුදු පැහැයක් ඇති කිරීම මගින් කෙරෙන්නේ සමේ ස්වාභාවික මෙලනින් තත්ත්වය පාලනය කර සමේ ඇති කරන පිළිස්සීමේ ක‍්‍රියාවලියක් ඔස්සේ සම සුදු පැහැයට හැරවීමය. මෙය සමේ ස්වාභාවිකත්වයට, නිරෝගී බවට සහ පැවැත්මට බෙහෙවින්ම අහිතකර වූ ක‍්‍රියාවලියකි.

දිගුකාලීනව බ්ලිචිං (විරංජන) ක‍්‍රීම් වර්ග භාවිතයෙන් සමට හානි සිදු වන ආකාර කීපයක්ම පවතී. සම මත පැල්ලම් ආකාරයක් ගත් ලප ඇති වීම ඒ එක් හානියකි.

අද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගත් කරුණක් වන්නේ සම සුදු කරන බොහොමයක් ආලේපනවල සමට කිසිසේත්ම හිතකර නොවන සංඝටක අන්තර්ගත බවයි. මෑතක දී ආලේපන සම්බන්ධව කළ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වූයේ සම සුදු කරන අප ෆෙයාර්නස් ක‍්‍රීම් වර්ග ලෙස හඳුන්වන ආලේපන සියල්ලගේම පාහේ රසදිය අඩංගු බවයි. ෆෙයාර්නස් ක‍්‍රීම් වර්ග ලෙස වර්ග කර ඇති ආලේපන හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ඇසුරින් කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය විය.

සම මත ඇති මෙලනින් වර්ණකය අවම කිරීමේ විශේෂිත හැකියාවක් මෙම රසායනික සංයෝගය සතුව පවතී.

රසදිය අඩංගු ආලේපන දිගුකාලීනව භාවිත කිරීම සමේ පිළිකා ඇති කිරීමට ඍජුවම බලපාන්නකි. එමෙන්ම සම රතු වීම, සම කැසීම, සම ඉදිමීම ක‍්‍රීම් භාවිතය තුළ දී සම තුනීවීමේ ක‍්‍රියාවලියකට ලක් වීමෙන් සම බාහිර පරිසරය කෙරේ අධික ලෙස සංවේදී වීම, සම තුනීවී ඇදීමේ ස්වභාවයකට ලක් වීම, සම ඉක්මණින් එල්ලා වැටීම, සමේ තරුණ බව ඉක්මණින්ම අතුරුදන් වීම, සමේ මෙලනින් තත්ත්වය පිච්චී ගිය විට අව්වට ඔරොත්තු නොදීම, සමේ ලප ඇති කිරීම බ්ලීචිං වර්ගයේ ලා ගැනෙන ආලේපන වර්ග භාවිතයේ ප‍්‍රතිඵලය. තව ද සමේ තුවාලයක් වැනි දෙයක් ඇති වූ විට එය සුව වීමට කාලයක් ගත වීම ද මෙවැනි ආලේපන වර්ගවල තවත් ප‍්‍රතිඵලයකි.

මෙවැනි ආලේපන භාවිතයෙන් සමේ තුළිත බව බිඳ වැටී යන අතර සමේ නිරෝගී බව සහ ශක්තිමත් බව ද නැති වී යයි.

සමට ඇති කරන මෙම අහිතකර ප‍්‍රතිඵලවලට අමතරව රසදිය අඩංගු ආලේපන වර්ග භාවිතය දියවැඩියාව, මානසික ආතතිය, වකුගඩු රෝග, ඇදුම, ස්නායු ආශ‍්‍රිත රෝග, අක්මාව ආශ‍්‍රිත රෝග ඇති වීම කෙරෙහි ද බලපානු ලැබේ. දිගුකාලීනව මෙවැනි ආලේපන භාවිතය පුද්ගලයා මෙවැනි රෝග කෙරෙහි බඳුන් කරවීමේ හැකියාව සියයට පනහත්, හැටත් අතර ප‍්‍රතිශතයක් ගනී. රසදිය අඩංගු ආලේපන වර්ග සම මතුපිට ආලේපනය කළත් ඒ්වා ශරීරයට උරා ගත් විට ඒවා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි කිරීමේ අවදානමක් පවතී.

අප පෙර සඳහන් කළ සම සුදු කිරීමේ එන්නත ඍජුවම ශරීරයේ අභ්‍යන්තරයට බලපායි. ඒ අය එන්නතක් ලෙස සමට එන්නත් කළ විට එහි අඩංගු සියල්ල ඍජුවම ශරීරයේ ඉන්ද්‍රියයන්ට බලපෑම් කරන හෙයිනි. එමෙන්ම ශරීරය මහත් වීමට ද කෑම රුචිය වැඩි වීමට ද මෙම එන්නත හේතු වන බව පැහැදිලිවී තිබේ.
ශ්‍රී ලංකාව යනු වසරේ වැඩි කාලයක් අධික අව් රශ්මිය පවතින රටකි. බ්ලීචිං ක‍්‍රීම් වර්ග දිගුකාලීනව භාවිතයෙන් සම මැදී තුනී වී අධිසංවේදී ස්වභාවයක් ගත් විට දැඩි අව් රශ්මියට ඔරොත්තු දීමේ හැකියාව අතුරුදන්වී නිරෝගී බවින් සහ ප‍්‍රතිශක්තියකින් තොර තත්ත්වයකට ලක් වේ. සම තුනී ස්වභාවයට පත් වූ විට එම සමට     ”ක්ලීන්අප්” වැනි රූපලාවන්‍ය ප‍්‍රතිකර්ම කිරීම ද අපහසුය. සමේ සියුම් නහර පවා පෙනෙන තරමට සම තුනී වී යාම කොතෙක් අනතුරුදායක තත්ත්වයන් ඇති කරනවා ද යන්න කෙතරම් පැහැදිලි වුවත් සම සුදු කරගැනීම පමණක් එකම පරමාර්ථය බවට පත් කරගත් කාන්තාවෝ නොපැකිළිවම සමට සිදු කරන මෙවන් ආලේපන හා ප‍්‍රතිකර්ම කෙරේ නැඹුරු වෙති.

 

එමෙන්ම අද සම සුදු පැහැ කරන කරල් වර්ග ද (කැප්සූල) බොහොමයක් වෙළෙඳපොළේ පවතී. සම නිය කෙස් පෝෂණය කරන බව කියන, සම පැහැපත් කරන තරුණකම රඳන බව කියන මෙම කැප්සූල මිල අධික වුවත් දිගින් දිගටම මේවා භාවිත කරන්නට කාන්තාවෝ පෙළඹෙති. සම නිරෝගී නොවන ආකාරයකට සුදු කිරීම මෙම බොහොමයක් කැප්සූල මගින් සිදු වන්නේ ඒ අතර තවත් අනතුරුදායක තත්ත්ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වල ඇති කරමිනි.

අප රටේ සිටින තවත් ජනප‍්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තම රූපලාවන්‍ය කටයුතුවලට ප‍්‍රචාරයක් ලබා දෙමින් කියන්නේ සති දෙකකින් සම සුදු කරන ආලේපනයක් තමන් ලබා දෙන බවයි. විරංජන ක‍්‍රියාවලියක් මගින් සම සුදු කරන මෙම ආලේපනය භාවිතයෙන් මාංශපේශීන් දුර්වල වීම මෙන්ම සමේ තුලිත බව සහ නිරෝගී බව බිඳ වැටීම ද සිදු වේ. සම ඉක්මණින් වියපත් බවක් ගන්නා ස්වභාවයක් දිස්වීමට දිගුකාලීනව මෙම ආලේපන වර්ග භාවිතය ඉවහල් වේ.
බ්ලීචිං ප‍්‍රතිකර්මවලින්් පසු ඉතා කෙටි කලකින් සම සුදු වෙයි. සමේ ඇති රෝම පවා ලා දුඹුරු වර්ණයක් ගනී. එහි දී ඍජුවම සිදු වන්නේ සම පිච්චීමකි. සුදු වීම සිදු වන්නේ ඒ පිච්චීමේ ක‍්‍රියාවලිය හරහාය. ඇතැම් බ්ලීචිං ආලේපන වර්ග සඳහා වැසිකිළි සේදීමට භාවිත කරන බ්ලීචිං පවුඩර් ද යොදා ගනී.

බ්ලීචිං ක‍්‍රීම් වර්ග භාවිතයේ දී සිදු වන්නේ එම්බාම් කළ ආකාරයකට සම ඉතාමත් කෙටි කලකින් සුදු පැහැ වීම මිස නිරෝගීමත් ලෙස සමේ කහ පැහැයක් ඇති වීම නොවේ. එය -කබර සුදු” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැඳින්වේ.

ෆෙයාර්නස් ක‍්‍රීම් වර්ග ලෙස හඳුන්වන ආලේපන සියල්ලම පාහේ සමට ඉහත සාකච්ඡුා කළ සියලූ අනතුරු හා අතුරු විපාක ඇති කිරීමේ අවදානම සියයට සියයක්ම පවතී. නොදැනුවත්කම නිසා හෝ ඔබ මෙම ආලේපන භාවිතයට පුරුදුවී ඇත්නම් එයින් අත් මිදීමෙන් ඔබට නැවත නිරෝගීමත්, පැහැපත් සමක් ඇති කරගත හැකිය. මුහුණේ සමට පමණක් ෆෙයාර්නස් ආලේපන වර්ග භාවිත කළ විට මුහුණ පමණක් සුදු වී බෙල්ල, අත් පා තවත් පැහැයකින් යුතු වීම දක්නට ලැබෙන්නකි. සම පිළිස්සීමට ලක් කිරීමේ ප‍්‍රමාණය ඒ වෙනස මගින්ම මනාව පැහැදිලි වෙයි.

 

 

තායිලන්තයෙන් සහ චීනයෙන් ගෙන්වන ආලේපන වැඩි ප‍්‍රමාණයක රසදිය අන්තර්ගතය. අප රටේ පවතින නීතිය අනුව මෙන්ම ජාත්‍යන්තර සම්මත නීති අනුව ද සම පැහැපත් කීරීමේ ආලේපනවලට රසදිය එක් කිරීම තහනම් වුවත් ඒ නීති මෙම ආලේපන නිෂ්පාදනයේ දී වලංගු වී නොමැති වී ඇත්තේ කවර පදනමක දැයි අපි නොදනිමු.

ආලේපන නිෂ්පාදනයේ දී එහි ගුණාත්මක බවට නොව වෙළෙඳ අරමුණුවලට මුඛ්‍ය ස්ථානයක් ලබා දීම මේ වෙළෙඳ ලෝකයේ ක‍්‍රමයයි. එහෙයින් පරෙස්සම් සහගත වීම පාරිභෝගික ඔබේ වගකීමකි.

රාත‍්‍රි ආලේපන වර්ග ඇතුළු සම සුදු කරනා ආලේපන වර්ග ඇතැම් රූපලාවන්‍යාගාරවල දී අලෙවි කෙරේ. ඒ අලෙවි ආලේ්පනවල අදාළ රූපලාවන්‍යාගාරයේ නම සඳහන් ලේබලයක් මිස එහි අන්තර්ගත ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය නිෂ්පාදන සමාගම, කල් ඉකුත් වීමේ දිනය ඇතුළු කිසිදු දත්තයක් සඳහන් නැත.
මෙවැනි ආලේපන වර්ග භාවිතය ඉතාමත් අනතුරුදායකය. ඒවා භාවිතයෙන් සමට හානියක් වූ විට වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමු වුවත් ප‍්‍රතිකාර ලබා දීමට යොමු වීමේ දී වෛද්‍යවරයා ද අඩංගු ද්‍රව්‍යයවත් සඳහන් නැති ආලේපනයක් සම්බන්ධව ගැටලූ සහගත තත්ත්වයකට පත් වන හෙයිනි.

අපි යළිත් ඔබට අනතුරු හඟවමු. අවදානම උදෙසා විවෘතව ඇති මාර්ග බොහෝය. ඒ මේ වෙළෙඳ ලෝකයේ ස්වභාවයයි. එහෙයින් විමසිලිමත් බව සහ පරිස්සම ඔබ සතු විය යුතුය.

 

(තොරතුරු ලබා ගැනීමේ දී සහායවූ ගම්පහ සැලෝන් භාෂි හි අධිපතිනි ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී භාෂි රණසිංහට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ.)

 

 

 



අදහස් (0)

සුදු වෙන්න විඳින දුකක්

කුමාර Wednesday, 20 November 2013 03:41 PM

අපේ ආකල්ප වෙනස් විය යුතුයි. විශේෂයෙන් "සුදු, ලස්සන, කළු, කැත " එක. (අ)

:       0       3

දයා අලහකෝන් Monday, 18 November 2013 01:17 PM

පනහෙ දශකයේ සුර්යාග්‍රහණය වෙලාවෙත් රූප ලස්සන වෙන්න දුන්න ලණුවන් කාලා තිබුණා.රූපෙත් නැති කරගත්තා කොටසක්. ඊට පසුව කෙස් වැඩෙන්න කියලා බෙහෙතක් ගල්වා කොණ්ඩෙ නැත්තටම නැති කර ගත්තු කොටසකුත් ඉන්නවා. දැන් බොරු කොණ්ඩ දාගෙන.ඒ විදියට තියෙන පාට නැති කරගන්න තැනක් තමයි මේකත්. (ස)

:       35       2

චමූ Monday, 25 November 2013 12:57 PM

වැදගත් ලිපියක්. (නි)

:       0       1

නිසංසලා Friday, 06 December 2013 10:10 AM

කෙනෙකුගෙ ලස්සන විය යුත්තෙ බාහිර පෙනුම නොවෙයි.ඒ කෙනාගෙ හදවතයි. (ස)

:       2       2

සේන Saturday, 23 November 2013 10:30 PM

දැනුවත් කලට ගොඩක් ස්තුතිය (අ).

:       0       0

නදීෂා සෙව්වන්දි Tuesday, 18 November 2014 04:40 AM

ලස්සන කියන දේ තාවකාලිකයි...හැමදේම පෙනුමෙන් මනින්න එපා..(දිල්)

:       0       0

දුමින්ද Tuesday, 19 November 2013 10:03 AM

අපේ ආකල්ප වෙනස් විය යුතුයි. විශේෂයෙන් "සුදු, ලස්සන, කළු, කැත " එක. (ස)

:       0       0

කපිල Saturday, 23 November 2013 11:23 PM

මේවා මානසික ගැටළු (නි)

:       0       0

දර්ශා Monday, 18 November 2013 09:43 PM

ඉතාම වටින ලිපියක්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 23 November 2013 05:07 AM

සුද්දියෝ සම කළු කරගන්න අපේ වෙරළවල් වල මුළු දවසම අව්ව තපිනවා, අපේ මැට්ටියෝ උපතින් ලද කළු හම වසා ගන්න වස විස උලා ගන්නවා. (නි)

:       0       0

අජිත් Sunday, 17 November 2013 08:10 PM

අනේ මෙහෙම ආශාවක්.......... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්........(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 232 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 111 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 236 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 132 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4815 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site