Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 19 වන සිකුරාදා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට යන්තම් දින තුනක් ඉතිරිව තිබිය දී ජනපති මෛත්‍රීපාල සිරිසේන ද ඔහුටම අනන්‍ය ආකාරයකින් එයට එක්ව සිටිනු පෙනෙන්නට තිබේ. අගමැතිවරයා සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ භුක්ති විදිමින් සිටි බලතල කිහිපයක්ම ඔහුගෙන් ඉවත් කිරීමට ජනපතිවරයා පියවර ගත්තේ පසුගිය සතියේය.ඒ හරහා රටේ ආර්ථිකයේ සියලු ප්‍රධාන අංගවලින් අගමැතිවරයා ඉවත් කිරීමට ඔහු කටයුතු කළේ ය.
සියල්ලේ ආරම්භය සනිටුහන් වූයේ පසුගිය අගහරවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදීය. එදිනට නියමිත න්‍යාය පත්‍රයේ පළමු අංගය වූයේ මාර්තු මස 20 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේ වාර්තාව අනුමත කිරීමය. ඒ වාර්තාව ප්‍රකාරව,
අ. ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව සහ එය යටතෙහි වන සියලුම කමිටු, ඒකක සහ ක්‍රියාමාර්ග අවලංගු කිරීමට සහ,
ආ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වන කැබිනට් උප කමිටුවකට, කැබිනට් මණ්ඩලයට යොමු කැරෙන කැබිනට් පත්‍රිකාවලින් තෝරාගත් කැබිනට් පත්‍රිකා යොමු කිරීමටත් එම කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් උප කමිටුවේ තීරණය කැබිනට් මණ්ඩලය වෙත දැනුම්දෙන ක්‍රමවේදයක් ඇති කිරීමට, කැබිනට් අමාත්‍යවරු තීරණය කර තිබුණහ.
මෙම කරුණු අවධානයට ගැනුනු පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ දී සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළදාම් පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජනපති සිරිසේනගෙන් දැඩි ඉල්ලීමක් සිදුකරමින්, ආර්ථික කළමණාකරණය පිළිබද කැබිනට් කමිටුවට යම් බලතලයක් ඇතිව ක්‍රියාත්මක විය හැකි ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සදහා තවත් සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.එය ජනපති සිරිසේන කෝපයට පත්කිරීමට සමත්විය.
“මම තීරණයක් එක දවසකින් හරි කල්දාන්න ලෑස්ති නැහැ. රටේ ආර්ථිකය තැන් දෙකකින් දුවවන්න බැහැ. “යැයි පැවසූ ජනපතිවරයා, කමිටුව අහෝසි කිරීම හරහා විෂය භාර අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කැබිනට් පත්‍රිකා සෘජුවම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නැවතත් මාර්ගය විවෘත වන බව කීවේ ය.තම විෂය පථයන්ට අයත්වන ප්‍රතිපත්තිමය කාරණා තමන් ද නොදැන ආර්ථික කළමණාකරනය පිළිබද කැබිනට් කමිටුවට යොමුව තිබුණු බවට අතීතයේ ඇතැම් අමාත්‍යවරුන් පැමිණිලි ඉදිරිපත් කර තිබින.
පෙබරවාරි මස 10 වැනිදා මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනතාව ප්‍රබල පණිවුඩයක් ලබා දී තිබෙන බවත්, එනිසාවෙන්ම මෙවන් පියවරක් ගැනීම තමාගේ පක්ෂයට මෙන්ම අගමැතිවරයාගේ පක්ෂයට ද යහපත් බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.ඒ කෙසේවුව ද, ආර්ථිකය හැසිරවීමේ සම්පූර්ණ වගකීම ජනපතිවරයා ඔහු අතට ගැනීමට යන බව මේ සියල්ලෙන් ප්‍රත්‍යක්ෂ විය.
මාර්තු මස 20 වැනිදා කැබිනට් රැස්වීම් වාර්තාවේ ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව අහෝසි කැරෙන බව සදහන් වුව ද, එදිනම සන්ධ්‍යාවේ එම කමිටුවේ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තුවේ දී පැවැත්වින.කැබිනට් තීරණය තවමත් සහතික කැර නොමැති නිසා එසේ රැස්වීම පැවැත්වෙන බව සදහන් විය.සමරවික්‍රමගේ ඉල්ලීමට ජනපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි පුරෝකථනය කර පසුගිය අගහරුවාදා දිනයේ ද කමිටු රැස්වීමක් පැවැත්වීමට සැළසුම් කර තිබින. පසුව එය අහෝසි කැරින.යටගිය දවස සමරවික්‍රම ඉදිරිපත් කළ යෝජනා බොහෝමයකට ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ අනුමැතිය හිමි වූ බව කිසිවෙකුට රහසක් නොවේ.
කමිටු රැස්වීම ප්‍රකාරව කමිටු නිළධරයන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබින.ඔවුන් වෙත අගමැති කාර්යාලයෙන් යැවුනු පණිවුඩයේ සදහන්ව තිබූයේ මෙවැන්නකි,
ආර්ථික කළමණාකරන රැස්වීමේ නිළධාරී කමිටු රැස්වීම අංක 119 - න්‍යාය පත්‍රය
“ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශ උපදේශක ආර්.පාස්කාරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මාර්තු මස 29 වැනිදා, අංක 58, අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07, යන ලිපිනයෙහි වන අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි දී පස්වරු 3.30 සිට පැවැත්වීමට නියමිත ආර්ථික කළමණාකරන කමිටු නිළධාරී රැස්වීමේ න්‍යාය පත්‍රය පහත අමුණා ඇත. න්‍යාය පත්‍රයෙහි සදහන් ඔබ ආයතනයෙහි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.“
“යම් යෙහෙකින් මෙම රැස්වීමට ඔබට සහභාගීවීමට නොහැකි නම් ඔබ වෙනුවෙන්, තීරණ ගැනීමේ මනා හැකියාවෙන් යුත් සුදුසු නිළධරයකු නම් කිරීමට කාරුණික වන ලෙසත්, ඔහුගේ නම, තනතුර සහ සම්බන්ධකරගැනීමේ තොරතුරු, 2018 මාර්තු මස 29 වැනිදා පෙරවරු 10.00 ට පෙර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.“
බදාදා යැවුනු තවත් ලිපියකින් මෙම රැස්වීම නොවැළැක්විය හැකි හේතූන් නිසා කල්දැමුණු බව සදහන් කැරින.
බදාදා දින ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනපති සිරිසේන ශ්‍රී ලංකා මහබැංකුව සහ විනිමය සුරැකුම්පත් හා විනිමය කොමිසම අගමැතිවරයාගෙන් ඉවත් කැර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කළේ ය.එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස අගමැතිවරයාගේ රාජකාරීන් සහ ක්‍රියාමාර්ගයන් කිහිපයක් ඔහුගෙන් ඉවත් විය.ඒ අතර,
● මුල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සහ මහබැංකු සම්බන්ධීකරණය යටතේ කැරෙන මහා පරිමාන ආර්ථික කටයුතු කළමණාකරනය
● ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශ දායකත්වය පහසුකරණය කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සම්බන්ධීකරණය සිදුකිරීම
● ජාතික හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් සම්බන්ධීකරණය කිරීම, මෙහෙයවීම, නියාමනය කිරීම සහ ඇගැයීම
● තරුණ කටයුතු විෂය ප්‍රකාරව ව්‍යාපෘති සහ වැඩසටහන් සකස් කිරීම, නියාමනය කිරීම සහ ඇගැයීම
● තරුණ පරම්පරාව නිවැරදි මග යොමු කිරීම සදහා වන ආකල්පමය සංවර්ධන වැඩසටහන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
● රැකියා විරහිත තරුණ තරුණියන් කේන්ද්‍රකරගත් කුසලතා සංවර්ධන වැඩසටහන් දියත් කිරීම
● තරුණ සමාජ සදහා වන ස්වේච්ඡා වැඩසටහන් සකස් කිරීම
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශයෙන් ඉවත් කැරුනු ආයතන පහත පරිදිය,
ජාතික මෙහෙයුම් කාර්යාලය, ව්‍යාපෘති කළමණාකරන සහ නියාමන දෙපාර්තමෙන්තුව, ආදිය විය
තරුණ කටයුතු සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකම් සියල්ල තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා යටතට පත්කැර තිබේ.මේ අතර එක්සත් ජාතික පක්ෂ කැබිනට් තනතුරු සංශෝධනයෙන් පසු එම එක් එක තනතුරුවලට අදාළව විෂය පථයන් වෙන් කිරීම ද බදාදා දිනයේ සිදුවිය.තිරසාර සංවර්ධන අමාත්‍යංශය, කර්මාන්ත සහ වෙළද අමාත්‍යංශය, විශේෂ ඇගයීම් අමාත්‍යංශය, මහජන කර්මාන්ත සහ නුවර සංවර්ධන අමාත්‍යංශය, එසේ වෙන් කැරුනු අමාත්‍යංශ විය.
ආර්ථික කළමණාකරන කමිටුව සතිපතා පැවැත්වූ රැස්වීම්වල මුල් පුටුව හෙබවූ නිසාවෙන්ම, එම කමිටුව අහෝසි කිරීමට ජනපතිවරයා ගත් තීරණය අගමැති රනිල් වික්‍රමසිංහට එල්ල වූ ප්‍රබල පහරකි.ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වන රජයේ වැඩසටහන් බොහෝමයක් පිළිබදව සාකච්ඡා කැරුනේ සහ තීරණ ගැනුනේ මෙම කමිටුවෙනි.මෙම කමිටුව ක්‍රියාත්මක වන්නේ සමාන්තර කැබිනට් මණ්ඩලයක් ලෙසින්යැයි ද, තමන්ට අදාළවන විෂයයන් සම්බන්ධයෙන් තමන්ගෙන් හෝ අදාළ නිළධාරීන්ගෙන් හෝ මෙම කමිටුව කිසිදු අදහසක් විමසන්නේ නැතැයි ද, එදවස සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ චෝදනාව විය.
වෙනකක් තියා ආර්ථික කළමණාකරනය පිළිබද කැබිනට් කමිටුව අහෝසි කිරීම සදහා ජනපති සිරිසේන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ද මේ බව සදහන්ව තිබින.2015 සැප්තැම්බර් මස 23 වැනිදා කැබිනට් තීරණයකින්ම ස්ථාපිත කැරුනු ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව හමුවට ඉදිරිපත්ව වූ ගැටලු රාශියකි.උදාහරණයක් ලෙස වරක් එම කමිටුවට, හාර්වර්ඞ් විශ්වවිද්‍යාලයේ මැකෙන්සි ඩිලිවරි අංශය සහ ලෝක බැංකුව එක්ව පිළියෙල කර තිබූ, වසර තුනක් සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ සංවර්ධන න්‍යාය පත්‍රයක් ඉදිරිපත් විය.
එය අධ්‍යනය කර පොදු වාර්තාවක් සකස් කිරීමේ වගකීම කමිටුවෙන් පැවැරූයේ ආචාර්ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සහ අගමැති උපදේශක ආර්.පාස්කරලිංගම් යන මහත්වරුන්ටය.මෙම විෂය සදහා අදාළ වූ අමාත්‍යංශ නොසලකා හැරින.මේ ආකාරයටම වරක් ආසියා සංවර්ධන බැංකුව කමිටුව හමුවේ ජාතික වරායන් අරබයා වූ විසල් සැලැස්මක ඉදිරිපත් කිරීමක් සිදුකළේ ය.එම ඉදිරිපත් කිරීම වරාය හා නාවික අමාත්‍යවරයා හමුවේ සිදුකරන ලෙසට කමිටුවෙන් උපදෙස් දෙනු ලැබූයේ එයින් පසුවය.
දුක්ගැනවිලි සහ ඒ සදහා විසදුම් ලබාදීම කමිටුවේ ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගන්නා විට අවධානය යොමුවන තවත් කරුණකි.එක්තරා වාහන ආනයනකරුවෙක් භාවිතා කරන ලද වෙළද කටයුතු සදහා වන වාහන තොගයක් මෙරටට ආනයනය කර තිබින.ඔහු එම වාහන තොගය මෙරටට ගෙනවිත් තිබුනේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.එනම් ඊට මසකට පෙර, නොවැම්බර් මාසයේ දී අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවය.පෙර තිබුණු බදු අගයට කැරුනු බදු ගෙවීම භාරගැනීම රේගුව ප්‍රතික්ෂේප කළේ ය.
මේ නිසා අදාළ වාහන ආනයනකරුවාගේ සමාගමට බරපතල අලාභයක් සිදුවිය.කරුණු අධ්‍යයනය කළ ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව, එම අලාභය පියවන ලෙසට කැබිනට් මණ්ඩලයට නිර්දේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කළේ ය.තවත් අවස්ථාවක ජාතික නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට, තට්ටු ගොඩනැගිලි සම්බන්ධයෙන් ප්‍රතිපත්ති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මෙම කමිටුව නියම කළේ ය.
ජනපති සිරිසේන, විශ්වාසභංගයට පෙර අගමැති වික්‍රමසිංහගේ තටු කපාදැමීමට කටයුතු කිරීම එක් දෙයකි.ජනපතිවරයා අනුගමනය කරන පිළිවෙත විශ්වාසභංගයේ ප්‍රතිඵලය තීරණය කැරෙන සාධකය වනු ඇතැයි පළව තිබෙන මතයන්ට, ජනපතිවරයා එසේ කටයුතු කිරීම හමුවේ තටු ලැබී තිබීම තවත් දෙයකි.වර්තමාන තත්ත්වය විමසුමට ලක්කළ හැකි ආකාරයන් දෙකක් වන අතර, ඉන් පළමුවැන්න නම් විශ්වාසභංගය ජයග්‍රහණය කරනු ඇතැයි සිතා කළ හැකි විමසුමයි. එහෙත් මේ දක්වාම විශ්වාසභංගයේ ජයග්‍රහණයට අවශ්‍ය ඉලක්කම් ප්‍රමාණය තහවුරු කරගැනීමට නොහැකිව තිබෙන බව සදහන් කළ යුතුය.
නමුත්, විශ්වාසභංගය ජයග්‍රහණය කළේ වුව ද, අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා වන්නෙකු හෝ පිළිගැනීමට තමන්ගේ විරෝධයක් නොමැති බව ජනපතිවරයා පැහැදිලි ලෙසම පෙන්වා දී ඇත.නමුත් ඔහුට මේ සදහා ආධාර කැරෙන කිසිවක් ඔහු නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන් හෝ ඔහුගේ උපදේශකයන්ගෙන් ලැබී නොමැති බව ද කිව යුතුය.රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නෙමැයි ඒකාබද්ධ විපක්ෂයේ නොනිල නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තරයේම අවධාරණය කර තිබීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුවේ.
දෙවැනි ආකාරය වන්නේ විශ්වාසභංගය පරාජය වනු ඇතිය සිතා කළ හැකි විමසුමයි.එවැන්නක් හමුවේ අගමැතිවරයා ශක්තිමත්වන තරමටම ජනපතිවරයා දුර්වල වනු ඇත. එහෙත් මෙවන් අවස්ථාවක පැන නගින ප්‍රධානම ගැටලුව වන්නේ පාර්ශවයන් ද්විත්වයකින් යුත් සභාග රජයේ එම පාර්ශවයන් අතර සහපැවැත්ම කෙළෙසක පවත්වාගත හැකිවේදැයි යන්නය.තමන්ගේ බලය බිදින්නට වෑයම් කළ ජනපතිවරයකු සමග අගමැතිවරයාට ඉන් ඉදිරියට කටයුතු කිරීමට සිදුවනු ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් වාතාවරණයක සිටය.
ජේ්‍යෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පවසන ආකාරයට නම්, විශ්වාසභංගය ජයග්‍රහණය කළෙහොත් එය සභාග රජයේ අවසානය සනිටුහන් කරනු ඇති අතර, එවැනි අවස්ථාවක තමන්ට බහුතරය හිමිබව පෙන්වා වෙනම රජයක් පිහිටුවා ගැනීමට අගමැතිවරයාට සිදුවනු ඇත.රජයේ ජේ්‍යෂ්ඨ නිළධරයින් තීරණ ගැනීමට පැකිළෙමින් සිටින, ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් ආගාධයට යමින් තිබෙන, සතියක් පාසා මිනීමැරුම් සිදුවන - නීතිය හා සාමය විනාශයට යමින් තිබෙන, අවධියක නව රජයක් පිහිටුවීමට උත්සාහ කිරීම තත්ත්වය තවත් බරපතල කරනු ඇත.
විශ්වාසභංගය හමුවේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර කිහිපයකට පෙර අතීතයේ මෙන් දේශපාලනික වශයෙන් දෙපිළ බෙදී සිටිනු හදුනාගත හැකිය.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ව්‍යවස්ථානුකූල නොවන හෙයින් එය නීති විරෝධී බවයි.සියල්ලෝම මේ දිනවල කුමන හෝ මතයක පිහිටා තම තමන්ගේ පක්ෂය ආරක්ෂා කිරීමේ නිරතව සිටින හෙයින් ඔහුගේ එම ප්‍රකාශයේ පදනම් සහගත භාවය පරික්ෂා කිරීමට පවා අවශ්‍යතාවක් නොතිබින.
පසුදාම මාරසිංහගේ ප්‍රකාශයට පිළිතුරු දීමෙත්, විශ්වාසභංගය ගෙන ආ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටීමෙත් අරමුණු ඇතිව සරත් අමුණුගම සහ ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
“මේ රජය පෙරළා දමන්නට අපට වුවමනාවක් නැහැ.වෙනස්කම් සිදුවිය යුතුව තිබෙන බවට පැහැදිලි පණිවුඩයක් පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේ දී අපට ලැබුනා.අප යෝජනා කරන්නේ නව අගමැතිවරයෙක්.විශ්වාසභංගයට දැනටමත් අපේ සාමාජිකයන් හතරදෙනෙක් අත්සන් තබා තිබෙනවා.“ ඔවුහු කීහ.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මෙවැනි තවත් මාධ්‍ය හමු කිහිපයක්ම පැවැති අතර, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුව ඒ අතරින් ප්‍රධාන විය.විශ්වාසභංගය පරාජයට පත්වේයැයි බියකින් ඔවුහු විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි පවසන බව පෙනෙන්නට තිබිණ.
විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම ඊයේ (02) ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව සිටියේ ය.බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයන්ගේ රැස්වීමක් අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වින.එක්සත් ජාතික පෙරමුණු සාමාජික පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ නායක පාඨළී චම්පික රණවක මහතා පිළියෙල කර තිබූ පක්ෂයේ සිදුකළ යුතු වෙනස්කම් රැසක් ඇතුළත් යෝජනාවලියක් අගමැතිවරයා පැමිණි සිටියවුන් අතර බෙදා හැරියේ ය.රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරන් වැන්නෝ ඔවුන් අතර වූහ.
රණවකගේ යෝජනාවලිය අධ්‍යනය කිරීම සදහා කමිටුවක් පත්කරගන්නා ලෙස පැමිණ සිටියවුන්ගෙන් අගමැති වික්‍රමසිංහ ඉල්ලා සිටියේ ය.එම අවස්ථාවට එක්ව සිටි රවී කරුණානායක මහතාව ද එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස ඇතුළත් කරගන්නා ලෙසට ද අගමැතිවරයා උපදෙස් දුන්නේ ය.අප්‍රේල් මස 5 වැනිදාට පසු අදාළ වෙනස්කම් සිදුකළ හැකි බව ඔහු පැවසුවේ ය.
රණවක අදහස් දක්වමින්, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරින් ඉවත්ව ඒ වෙනුවට වෙනත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු අගමැති ලෙස පත්කරන්නේ නම් විශ්වාසභංගය නොසලකා හැරීමේ කැමැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුවන බවට තමන්ට දැනගන්නට ලැබුණි යැයි පැවසුවේ ය. එහෙත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කතා කරමින්, වික්‍රමසිංහ ඉදිරියටත් අගමැතිවරයා ලෙස කටයුතු කළ යුතුව තිබෙන බවට පක්ෂය තීරණය කර ඇති නිසා එවැනි හැකියාවක් නොමැති බව පැවසුවේ ය.
විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දක්වාම අවසන් තීරණයක් ගෙන නොමැති බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කීවේ ය.මෙදිනම උදැෑසන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ මූලස්ථානය වන සිරිකොත දී පැවැති අතර, එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහට විශ්වාසභංගයේ දී සහාය දැක්වීමට තීරණය විය.පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ දී විමසා සිටියේ ය.එළැඹෙන 8 හා 9 දෙදින ඒ වෙනුවෙන්ම වෙන් කර තිබෙන බවට ඔහුට දැනුම්දෙනු ලැබින.
දෙමළ ජාතික දේශපාලඥයින් විශ්වාසභංගයට සහාය නොදක්වනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබින.එහෙත් ඔවුන් පළකර අදහස් විවිධ විය.පහතින් දැක්වෙනුයේ එම අදහස්ය.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී, ඉලංගයි තමිල් අරසු පක්ෂ නායකය මාවයි සේනාතිරාජා මහතා -
“අපගේ ස්ථාවරය ගැන මේ වන විට අප දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් සදුදා සහ අගහරුවාදා දෙදින කොළඹ දී හමුවීමට නියමිතයි.උද්ගතව තිබෙන තත්ත්වය සහ දේශපාලඥයින් එයට ප්‍රතිචාර දක්වන ආකාරය සාකච්ඡාවට ගත්තායින් පසුව, විශ්වාසභංගයට සහාය දක්වනවා ද, නොදක්වනවා ද යන්න අප තීරණය කරනවා.
“ඊපීආර්එල්එෆ් සාමාජික, දෙමළ ජාතික සන්ධානය යටතේ පාර්ලිමෙන්තුව නියෝජනය කරන්නේ වුව ද, එම සන්ධානයේ දේශපාලන මතය හා එකග නොවන්නකු ලෙස සැලකෙන ශිව ශක්ති ආනන්දන් මහතා -
“පසුගිය වසර තුනක කාලය පුරාවට දෙමළ ජාතික සන්ධානය වර්තමාන රජයට කොන්දේසි විරහිතව සහාය ලබාදුන්නත්, දෙමල ජනතාවගේ අරමුණු ඉටුකරන්නට රජය අපොහොසත්වෙලා තිබෙනවා. අප පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අපගේ ස්ථාවරය කුමක් ද යන්න තීරණය කරනු ඇති.“
ඊපීඩීපී නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා -
“ජනපති මෛත්‍රීපාල සිරිසේන සමගත් අගමැති රනිල් වික්‍රමසිංහ සමගත් ඉතා සමීප සම්බන්ධතාවයක් අපට තිබෙනවා.මේ නිසාම ගැටුමකට මැදිවන්නට අපට වුවමනාවක් නැහැ.අතීතයේ සහ වර්තමානයේ මෙම රජය සුලු ජාතිකයන් වෙනුවෙන් කුමක් කර තිබෙන්නේ ද යන්න මත තමයි සියල්ල රදා පවතින්නේ.රජයේ අපට ගැටුම් තිබෙනවා නම්, උතුරු හා නැගෙනහිර ජනතාවගේ අරමුණු ඉෂ්ට කර දෙන්නට අපට හැකියාවක් නැහැ. අප අවසන් තීරණයක් ගෙන නැහැ.“
කොළඹ පිහිටි තම නිවසේ දී තමන් ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර හමුවක් සංවිධානය කළ බවත් එය ඉතා සුහද වාතාවරණයක් යටතේ පැවැති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ සමීපතම හිතවතුන් හා පවසා තිබින.ඉතා ඉක්මනින් මෙම පුවත මාධ්‍ය වෙත ගිය අතර, වහාම ඊට පිළිතුරු දුන් ජනපති ලේකම් කාර්යාලමේ ජේ්‍යෂ්ඨ නිලධරයෝ එවැනි හමුවක් නොපැවැති බව අවධාරණය කර සිටියහ.එම පුවත පළව තිබූ වෙබ් අඩවිවලට පවා ඔවුහු ප්‍රකාශයන් ලබාදුන්හ. ඒ හාම ඇතැමුන් එම පුවත ඉවත් කර ගත්තේ ය.
“අපේ පැත්තේ ඉන්න පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් අපි භාරදීලා තිබෙනවා.ඉතිරිය ජනපති සිරිසේනට භාරයි.අපි බලන් ඉන්නවා.“ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.
විශ්වාසභංගයට ජනපති සිරිසේන ද මැදිහත් වීම තරගයේ තීන්දුව වෙනස් කරනු ඇතිදැයි හෝ තරගයේ අවසාන විනිශ්චය වනු ඇතිදැයි යන්න සියලුදෙනාගේම දිවග ඇති පැනයයි. පිළිතුරු ලැබීමට ඇත්තේ තවත් දින දෙකකි.