(*** මුදිතා දයානන්ද)
රාජ්‍ය බුද්ධි අංශයට සියලු පහසුකම් ලැබුණා. විගණනය කළ නොහැකි ලෙස අසීමිත මුදල් ප්‍රමාණයක් ද ලැබුණා යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
“මම මේ කොමිසමේ සාක්ෂිවලට සවන් දුන්නා. නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියටත් සවන් දුන්නා. ඔහු කිව්වා සීමිත සම්පත් සමග දුෂ්කරතා මධ්‍යයේ ඉතා මහන්සියෙන් කැපවීමෙන් වැඩ කළා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. රාජ්‍ය බුද්ධි අංශයට සියලු පහසුකම් ලැබුණා. සීමාවකින් තොරව මුදල් ලැබුණා. ඒවා විගණනය කරන්නවත් බැහැ. ඔහු කියනවා ජනාධිපති සමග නිරන්තර සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා. ඒත් මම දන්නවා මමත් හිටපු බොහෝ අවස්ථාවල ජනාධිපතිතුමාගෙන් නිලන්ත මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබුණා. ඔහුම ඒ අවස්ථාවල කියනවා ජනාධිපතිතුමා තමයි කතා කරන්නේ කියලා“ යැයි ද ජයසුන්දර මහතා එහිදී පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ පූජිත් ජයසුන්දර මහතා මෙසේ සාක්ෂි ලබාදුන්නේය.
ප්‍රශ්නය- උතුරේ අඩම්පන් පොලිස් බල ප්‍රදේශයේ ජේසුස් වහන්සේගේ පිළිම කඩා දැමීමේ සිදුවීම, හින්දු දෙවිවරුන්ගේ ඡායාරූපවලට හානි කිරීමේ සිදුවීම්, රටේ විවිධ ස්ථානවල බුදුපිළිම කැඩීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2018 දෙසැම්බර්වල දී ඔබට වාර්තා වුණා ද?
පිළිතුර- ඔව්.
ප්‍රශ්නය- මේවා සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ සිදුකළා ද?
පිළිතුර- ඔව්. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකළා.
ප්‍රශ්නය - මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේ කවුද?
පිළිතුර- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් වෙන වෙනම පරීක්ෂණ කළා.
ප්‍රශ්නය - ඔබ කලින් කිව්වා සහරාන්ලා ගැන අන්තවාදීන් ගැන විවෘත පරීක්ෂණ කරන්න එපා කියලා. හිටපු ජනාධිපතිවරයා එසේ නියෝග කර තිබිය දී ඔබ කොහොමද ඒ පරීක්ෂණ සිදුකළේ?
පිළිතුර - එහෙම නියෝගයක් දී තිබුණත් ඒක වාචික නියෝගයක්. මට පොලිස්පතිවරයා ලෙස මගේ වගකීම ඉටු නොකර ඉන්න හැකියාවක් නැහැ.
ප්‍රශ්නය- ඔබ මෙවැනි නියෝග නිසා අපහසුතාවයට පත්වුණ බව ද කියන්නේ?
පිළිතුර- ඔව්. සමහර අවස්ථාවල මම දැඩි ලෙස අසරණ වුණා. මට වාචිකව දීපු උපදෙස් අනුව වැඩ කරන්න ගිහින් මම දැඩි ලෙස අසරණ වුණා. මම කලින් දවසේ කිව්වා වගේ නිශාන්ත සිල්වා මහතාව මාරු කරන්න කියලා මට නියෝග කරලා ඒක ක්‍රියාත්මක කළාට පස්සේ කවුද එහෙම කරන්න කිව්වේ කියලා දොස් පැවරුවා. තවත් අවස්ථාවක මම පොලිස් ක්‍රීඩා උළෙල සංවිධානය කරලා ඒකට ජනාධිපතිවරයාගෙන් දිනයක් ගන්න ගියා. ජනාධිපතිතුමා කිව්වා මට එන්න වෙන්නේ නැහැ ලේකම් එක්ක කතා කරගෙන කරන්න කියලා.
ආරක්ෂක ලේකම්ට කතා කළාමත් දාගත්ත වෙලාවට වඩා ප්‍රමාද වෙලා වෙනත් වෙලාවක් තමයි දුන්නේ. මම උත්සවයේ වෙලාවත් වෙනස් කරගෙන උත්සවයට දිනයක් ගන්න ලේකම් සමග කළා. උත්සවය පැවැත්වෙන අතරේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කෝල් එකක් ආවා. ජනාධිපතිතුමා තමයි කතා කරලා තියෙන්නේ. හේමසිරි මහත්තයා මට කිව්වා පූජිත් මට කෝල් එක ආවා. දැන් ඔයාටත් එයි කියලා.
ඒ එක්කම මට කෝල් එකක් ආවා. මගෙන් ඇහුවා මොකක්ද ඔය උත්සවේ කියලා. මම කිව්වා පොලිස් ක්‍රීඩා උළෙල කියලා. කාත් එක්කද උත්සවේ කරන්නේ ඇහුවා. ලේකම් සමග කියලා කිව්වම අහනවා ඇයි තමුසෙට ඇමති කෙනෙක් නැද්ද කියලා. මම කිව්වා ඔබතුමාට ආරාධනා කරන්න ආවම ලේකම් සමග කරන්න කියලා කිව්වානේ කියලා. මොන කෙහෙල්මලක් ද මට කිව්වේ නැහැ කියලා මටත් බැනලා මම ලේකම් එක්ක බලා ගන්නම් කියලා ජනාධිපතිතුමා ෆෝන් එක තිබ්බා. මේ වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා. මම මේ දේවල් කාටවත් කිව්වෙත් නැහැ.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිතුමා මාධ්‍යයට කිව්වා මේකට වගකියන්න ඕන පොලිස්පතියි ආරක්ෂක ලේකම්නුයි කියලා. මාධ්‍යවලින් මට වට කරගෙන පහර දුන්නා. ඒත් මම මේ කිසිවක් කියන්න ගියේ නැහැ. වගකිවයුතු විනයානුකූල රාජ්‍ය සේවකයෙක් ලෙස මම කට වහගෙන හිටියා. මාධ්‍යයට මම කිසිම දෙයක් මෙතෙක් ඇඟවීමකින් වත් ලබාදුන්නේ නැහැ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙදි සුලු ප්‍රමාණයක් කිව්වා. අද පළමුවරට තමයි මේ කොමිසම හමුවේ විස්තරාත්මකව කතා කරන්නේ. තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඉදිරියේ දී අවසර ලැබෙනවා නම් කියන්න සූදානම්.
ප්‍රශ්නය - ඔබට අප්‍රේල් හත්වැනිදා ලැබුණ තොරතුර ඔබේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමු කරද්දී “ෆෝ නෙසසරි ඇක්ෂන්“ කියලා යැව්වේ ඇයි? එයින් ඔවුන්ට කළ යුතු දේ ගැන අදහසක් ගන්න පුළුවන් ද?
පිළිතුර- ඒ කාලේ රටේ හදිසි නීතිය නැහැ. ආරක්ෂක වැට කඩොලු නැහැ. රෝඩ් බ්ලොක් නැහැ. රටේ මිනිස්සු පොඩ්ඩ බැරි වුණ ගමන් කුලප්පු වෙනවා. එහෙම රටක මේ වගේ තොරතුරක් ආවාම වැඩ කරන්න වෙන්නේ හරිම සීරුවෙන්. උපදෙසක් ගන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙක් නැහැ.
ප්‍රශ්නය- ඇයි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ ගැන අහන්න තිබුණානේ.
පිළිතුර- මේ තොරතුර මුලින් ලැබුණේ “අයිස් ඔන්ලි - ටොප් සීක්‍රට්“ කියලා. ඒ අනුව මම මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ ගැන දැනුම් දී අවශ්‍ය කටයුතු කරන්න උපදෙස් දුන්නා. ඒත් පසුව අප්‍රේල් 09 වැනිදා රාජ්‍ය බුද්ධි ප්‍රධානී එවපු ලිපියේ තොරතුරු රැසක් ඇතුළත් කර සහරාන්ලාගේ ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම එහි තිබෙනවා අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ තොරතුර තවම තහවුරු කරගෙන නැහැ කියලා. එහෙම තිබිය දී මම මේක ජනාධිපතිටයි අගමැතිටයි කතා කරන්න ගියා නම් මටමයි දොස් අහන්න වෙන්නේ. බැරි වෙලාවත් මේ තොරතුර පිටතට ගියා නම්, එහෙම ගිහින් යම් කලබලකාරී තත්ත්වයක් අර දිගන, ගාල්ල, අම්පාර වගේ තැන්වල සිදුවුණා වගේ වුණා නම් ඒ කාලේ මට මුහුණ දෙන්න වෙලා තිබුණ අත්දැකීම්වල හැටියට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව මට විඳින්න වුණ දඬුවම එදාම ලැබෙන්න ඉඩ තිබුණා. ඊළඟට මට කතා කරන්න තියෙන්නේ ආරක්ෂක ලේකම් සමග ඔහු හරහා තමයි මට මේ තොරතුර එන්නේ. ඔහුගෙන් ලැබුණ තොරතුර ගැන නැවත ඔහුගෙන් විමසීමේ තේරුමක් නැහැ.
ප්‍රශ්නය- ඔබ ෆෝ නෙසසරි ඇක්ෂන් කියලා යැව්වාම ඔබේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒක තේරුම් ගන්න පුළුවන් ද?
පිළිතුර- මම එහෙම විශ්වාස කරනවා. මොකද ඔවුන් ඒ තත්ත්වයට පත්වුණේ අවුරුදු ගණනාවක මේ දෙපාර්තමේන්තුව යටතේ සේවය කරලා. ඒ නිසා ඒ ගැන අවබෝධයක් ඔවුන්ට තිබෙන්න ඕන.
චැනල් ෆෝ නාලිකාවේ පාස්කු හෙළිදරව්ව, සමගි ජන බලවේගයේ සමගිය, ඉදිරි ජනපතිවරණය ආදි කරුණු පිළිබඳව මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ බදුල්ල දිස්ත්‍රික් සමගි
ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය.
රටක ජීවත්වන ජනතාවට තම ජීවිත සම්බන්ධයෙන් උපරිම විශ්වාසය රැගෙන එන්නේ එරට සෞඛ්‍ය සේවය මගිනි. එහෙයින්ම සෞඛ්‍ය සේවය උපරිම උසස් තත්ත්වයෙන් මෙන්ම කාර්යක්‍ෂ
කියුබාව බොහෝ දෙනකු විසින් දැන සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයන්ගේ පෙරමුණ ගත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු නිසාය. ඒ කියුබානු විප්ලවයේ නායක ෆිඩෙල් කැස්ත්‍ර
තුන්වැනි ලෝකයේ සෑම රටකම මහා ව්‍යාධියක් ලෙස පැතිර පවත්නා දුප්පත්කම විසින් ලෝකයට දායාද කරන ලද අතුරුඵල රාශියකි. ඉන් පළමුවැන්න ආහාර හිඟය සහ මන්දපෝෂණයයි. ම
ගීතය, සංගීතය, සිනමාව, විචාර කලාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රබල නිර්මාණ බොහොමයක් දායාද කොට ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න මහාතගේ අගනා පර් යේෂණ කෘති එකතුව
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
රාජ්‍ය බුද්ධි අංශයට විගණනය කළ නොහැකි තරම් මුදල්
fairoos Tuesday, 29 September 2020 07:28 AM
අයියෝ සල්ලි... ලංකාවටත් මෙහෙම ජනාධිපති කෙනෙක් හිටියනේ....