IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


මරණීය දණ්ඩනය ඕනෑ ද? එපා ද?

03_Nimthera_P2_Back

 

Nimthera_02

 

සේයා සදෙව්මි දැරියගේ කෲර ඝාතනයත් සමග අපේ සමාජය කැලඹුණි. එය හැම අතින්ම සාධාරණ ය. අපරාධකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවට හඬක් නැගුණි. සෑම තැනකම උද්ඝෝෂණ දක්නට ලැබුණි. මෙවන් අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු බවට ජනතාව මහ හඬින් කියා සිටියහ. මේ හඬ වියැකෙන්නටත් මත්තෙන් තවත් මලක් මිලින විය. තනිවම නිවසේ නිදා සිටි කවිඳු දේවින්ද අධම කෲරතරයෙක් විසින් කපා කොටා ඝාතනය කොට තිබුණි. මෙවන් සිද්ධීන්වලින් සමාජය අනාරක්ෂිත බව පිළිබිඹු වෙයි.

 


පසුගිය දශකය තුළ අපි මෙවන් අපරාධ බොහෝ සෙයින් දැක ඇත්තෙමු. අපරාධ රැුල්ලක් රට තුළ නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය මැඩ පැවැත්වීම සඳහා බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ අපරාධකරුවන්ට දෙන දඬුවම් දැඩි කළ යුතු බවයි. විශේෂයෙන්ම මිනීමරුවන්ට හා දරුවන් කෙළෙසන්නාවූ නරුමයින්ට එරෙහිව මරණ දඬුවම බලාත්මක කරන්නැයි සමාජය ප‍්‍රබල හඬක් නගයි. දැන් දැන් මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කළ යුතු දැයි යන්න පිළිබඳව කතිකාවක් ගොඩනැගෙමින් පවතී. මරණ දඬුවමට පක්ෂව හා විපක්ෂව අදහස් ප‍්‍රකාශ වන බව පෙනේ. මේ සියල්ලකම අරමුණ අපරාධ මැඩ පැවැත්වීමයි. ඒ සඳහා ආවේගයන්ට නතු නොවී ගැඹුරුවූත්, විචාරශීලීවූත්, විද්‍යාත්මකවූත් ක‍්‍රමවේදයක් සැකසිය යුතුය.


දඬුවමින් පමණක් අපරාධ අවම කරගත හැකි යැයි සිතන්නේ නම් එය මිථ්‍යාවකි. දඬුවමට මූලික අරමුණු හතරක් තිබේ. 1. අපරාධ වැළැක්වීම 2. පුනරුත්ථාපනය 3. අකර්මණ්‍ය කිරීම හා 4. පලිගැනීමයි. ඒ සෑම දඬුවමකම ඉහත ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර මරණීය දණ්ඩනය හුදෙක්ම පලිගැනීම මතම ගොඩනැගෙන දඬුවමකි. ලෝකයේ බහුතරයක් රටවල් මරණීය දණ්ඩනය සම්පූර්ණයෙන්ම අහෝසි කොට ඇත. අප රටේ මරණීය දණ්ඩනය තිබේ. 1976 න් පසු එය කි‍්‍රයාත්මක කර නැත. මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමෙන් අපරාධ අඩු වූ බවට කිසිදු සාධකයක් සොයා ගැනීමට නොහැක. මැද පෙරදිග අරාබි රටවල ප‍්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙන් මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කරයි. මරණීය දණ්ඩනයෙන් අපරාධ වළකින්නේ නම් මැද පෙරදිග රටවල යළි යළිත් ඒ දඬුවම දීමට තරම් අපරාධ සිදු නොවිය යුතුය. එහෙත් එය එසේ නොවේ. මරණීය දණ්ඩනය බලාත්මක කර ඇත්තාවූ බොහෝ රටවල නිරන්තරයෙන්ම මිනී මැරුම් බහුලව දක්නට ලැබේ. 


තවත් වැදගත් කරුණක් නම් වැරැුදි සාක්ෂි හෝ ගොතන ලද සාක්ෂි මත නිර්දෝෂි පුද්ගලයෙකු මරණීය දණ්ඩනයට යටත්වීමට ඉඩකඩ තිබීමයි. මෙවන් සිද්ධීන් විදේශවල පමණක් නොව අප රටේ ඉතිහාසයේ ද සිදුවී තිබේ. ශිෂ්ට සමාජය මරණීය දණ්ඩනය තිරශ්චීන කෲර දඬුවම් ක‍්‍රමයක් ලෙස සලකයි. මෙහි භයානකකම නම් එය ආපසු හැරවීමට නොහැකි වීමයි. වඩාත් වැදගත් වන්නේ අපරාධ සිදුවීමට හේතු වන කරුණු මොනවාද යන්න සොයා බැලීමයි. එම හේතූන්ට ප‍්‍රතිකර්ම නොකළහොත් කිනම් දඬුවමක් දුන්නේ වුවද අපරාධ ශේෂ කිරීම උගහට කටයුත්තක් වනු ඇත.


කිසියම් සමාජයක අපරාධ වැඩිවීම කාලයට සාපේක්ෂව සැලකිය යුත්තකි. පහත සඳහන් කරුණු ද මූලික හේතූන් ලෙස නිරීක්ෂණය කළ හැක. 

 


මත්ද්‍රව්‍ය උවදුර
මධ්‍යසාර භාවිතය කොයි තරම් ඈත අතීතයක සිට පැවත එන්නේ දැයි නිශ්චිතවම කිව නොහැක. එහෙත් බොහෝ ඈත අතීතයේ සිටම එය පැවතුන බවට සාක්ෂි තිබේ. මත්වතුර අපරාධ වැඩිවීමට හේතුවී ඇත. වර්තමානයේ දී හෙරොයින් ඇතුළු මත් කුඩු භාවිතයෙන් මිනිසෙකු පිස්සෙකු කරයි. මෙය මහා ඛේදවාචකයක් බවට පත්ව ඇත. ඇබ්බැහි වූ පුද්ගලයා මානසික රෝගියෙකු බවට පත්වෙයි. ඔහු මත් කුඩු සපයා ගැනීම සඳහා නොකරන දෙයක් නොමැත. බොහෝ විට මෙම ව්‍යසනයට ගොදුරු වන්නේ ළමා කාලය ගෙවී තාරුණ්‍යයට ප‍්‍රවිෂ්ඨ වෙමින් සිටින පුද්ගලයන්වීම මෙම ව්‍යසනයේ රුදුරු බව තවත් තීව‍්‍ර කරයි. හෙරොයින් ග්රෑම් 2ක් ළඟ තබා ගන්නෙකු හෝ ප‍්‍රවාහනය කරන්නෙකුට නියම කොට ඇති දඬුවම මරණීය දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමයි. එහෙත් හෙරොයින් ජාවාරම රට තුළ නිදහසේ කි‍්‍රයාත්මක වෙයි.

 


නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම
මීට දශක ගණනාවකට පෙර අපගේ යුක්තිය පසිඳලීමේ ආයතන සියල්ල ආසියාවේ අග‍්‍රගණ්‍ය ආයතන බවට පිළිගැනීමක් තිබුණි. එවන් මහඟු ඇගයීමකට ලක්වී තිබූ එකී ආයතන විධායක ජනාධිපති ධුරයේ අනිසි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රමානුකූලව පිරිහෙන්නට පටන් ගත්තේය. ඊට හේතුව ජනාධිපතිවරයා සතු අසීමිත බලතල නිසා එකී ආයතනවල ස්වාධීනත්වය පලූදුවීමයි. උපරිම අධිකරණවල විනිශ්චයකාරවරු, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ආදී සියලූ පත්කිරීම් ජනාධිපතිවරයාට පැවරුණි. මෑත කාලයේ දී ස්වාධීනව තිබූ නීතිපති දෙපාර්තමේන්තුව ද ජනාධිපතිවරයා යටතට ගැනුණි.  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අධිකරණය ස්වාධීන විය යුතුය. නීතිය කි‍්‍රයාත්මක කරන්නාවූ පොලිසිය ආදී ආයතනවලට ද ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය. මෙම ස්වාධීනත්වය අහිමිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණි. නීතිය කෙරෙහි මහජනතාවගේ තිබූ විශ්වාසය පලූදු විය. බිය තුරන් විය. නීතිය සැමටම එක සමාන යැයි අප තුළ තිබූ විශ්වාසය නැති වුණි. දේශපාලන බලවතෙකුට සමීප වන්නෙකුට  ඕනෑම අපරාධයක් කොට නිදහසේ සැරි සැරීමට හැකි බව දක්නට ලැබුණි. මේ සිදුවීම්වලින් සමස්ත නීති කි‍්‍රයාදාමය ද කඩා වැටුණි.


උදාහරණ කිහිපයක් සැලකිල්ලට ගනිමු. එක්තරා ඇමැතිවරයෙක් රාජ්‍ය සේවකයෙකු ප‍්‍රසිද්ධියේ ගස් බැන්දේය. ඒ ඇමැතිවරයාම මාධ්‍ය ආයතනයකට කඩා වැදී වළං කඩයකට ඇතුළු වූ ගොන් වස්සෙකු සේ හැසිරුණේය. ඔහු අතින් අපරාධ ගණනාවක් සිදුවුණි. එහෙත් ඔහුට විරුද්ධව නඩුවක් ගොනු වූයේ ද? නැත. දඬුවම් කළේ ද? නැත. අඩුම තරමේ අවවාදයක්වත් නොකෙරුණි. එක් ප‍්‍රාදේශීය සභාපතිවරයෙක් විදේශ කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළේය. ඒ කි‍්‍රයාවේදීම ඇගේ පෙම්වතා මරා දැමුණි. කිසිදු පොලිස් පරීක්ෂණයක් ආරම්භ නොවුණි. මේ වින්දිතයන් දෙදෙනා අයත් වූයේ රුසියාවට හා බි‍්‍රතාන්‍යයටයි. මේ බලවත් රාජ්‍යයන් දෙකේ බලපෑමට රජයට අවනත වීමට සිදුවුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස වසරකට හෝ එකහමාරකට පසු පරීක්ෂණ ආරම්භ කොට ඔවුන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ඉදිරිපත් කළේය. තවත් ප‍්‍රාදේශීය සභා සභාපතිවරයෙක් ඔහුගේ සියක් වන ස්තී‍්‍ර දූෂණය මිතුරන් කැලක් සමග හෝටලයක දී සමරන ලදී.


මේ සියලූ කරුණු සැලකිල්ලට ගන්නා විට එවකට පැවැති රජය ප‍්‍රබල පණිවිඩයක් ජනතාවට දුන්නේය. එය නම් රජයට සම්බන්ධ වූ  ඕනෑම කෙනෙකුට  ඕනෑම අපරාධයක් කොට නිදහසේ හැසිරීමට හැකි බවයි. කොටින්ම කිවහොත් ඔහුට රටේ පවත්නා නීතිය බලනොපාන බවයි. දේශපාලනඥයින්ට එක් නීතියක් ද සාමාන්‍ය පුරවැසියන්ට තවත් නීතියක් ද ලෙසට නීතිය ප‍්‍රභේද දෙකකට බෙදුණි. අපරාධ මර්දනය සඳහා නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතුය. යුක්තිය පසිඳලීමේ ආයතන සියල්ලටම නීතියට අනුකූලව ස්වාධීනව කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් ඇතිවිය යුතුය. පොලිසිය සහ අදාළ වෙනත් ආයතන දේශපාලනීකරණයෙන් ද දේශපාලනඥයින්ගේ ඇඟිලි ගැසීමෙන් ද තොර විය යුතුය. ඉදිරියේ දී ස්ථාපිත කරනු ලබන ස්වාධීන පොලිස් කොමිෂන් සභාව මගින් බොහෝ විට මේ අපේක්ෂාවන් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

 


අධිකරණය හා නීතිය
මරණීය දණ්ඩනයට කෙනෙකු නියම කිරීමේ අධිකරණ බලය ඇත්තේ මහාධිකරණයටයි. අපේ රටේ මරණීය දණ්ඩනය පැනවිය හැක්කේ අපරාධ කිහිපයකට පමණි 1. මනුෂ්‍ය ඝාතනය 2. ඊට අනුබල දීම 3. එවන් නඩුවක දී බොරු සාක්‍ෂි දීමෙන් චූදිත වැරදිකරු වීම 4. රජයට විරුද්ධව යුද වැදීම හෝ ඊට තැත් කිරීම 5. ග්රෑම් දෙකකට වැඩි හෙරොයින් ප‍්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා/හෝ ප‍්‍රවාහනය කිරීම ආදිය මරණීය දණ්ඩනයට යටත්වන අපරාධයි. දැනට සිදුවෙමින් පවතින අපරාධ සැලකිල්ලට ගත් විට මරණීය දණ්ඩනය පැනවිය හැකි අපරාධ ගණයට කුඩා දරුවන් දූෂණය කිරීම හා ආයුධ පෙන්වා කොල්ලකෑම යන අපරාධ ද ඇතුළත් කළ යුතු බැව් මම විශ්වාස කරමි. බොහෝ අධිකරණවල නඩුවක් අසා නිම කිරීමට වසර ගණනාවක් ගත වේ. සමහර මහාධිකරණවල මිනීමැරුම් නඩුවක් අවසන් වන්නේ වසර දහයක් හෝ පහළොවක් ගත වූ පසුවයි. මෙම පමාව විනිසුරුවන්ගේ හෝ පොලිස් නිලධාරීන්ගේ හෝ නීතිඥවරුන්ගේ වරදක් නොවේ. අප රටේ පවතින්නාවූ යුක්තිය පසිඳලීමේ ක‍්‍රමවේදයේම වරදකි.


මෙම පමාව වැළැක්වීමට නම් අධිකරණ පද්ධතියේ ව්‍යූහාත්මක වෙනසක් සිදු කළ යුතුය. අධිකරණ, පොලිස් ස්ථාන හා විනිසුරුවන් වැඩි කළ යුතුය. ඒ අතරම පොලීසියට උපදෙස් දීම සඳහාත් අපරාධ විමර්ශනයට සහාය වීම සඳහාත් නීතිපති දෙපාර්තමේන්තුව විමධ්‍යගත විය යුතුය. සෑම දිස්ත‍්‍රික්කයකටම නීතිපති කාර්යාලයක් පිහිටුවිය යුතුය. එහි යටත් පිරිසෙයින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු යටතේ රජයේ නීතිඥවරු කණ්ඩායමක් සේවය කළ යුතුය. මින් අපරාධ විමර්ෂනයේත්, නඩු මෙහෙයවීමේත් ගුණාත්මකභාවය වැඩි වන්නේය. තවද රජයේ රස පරීක්‍ෂකවරයාගේ කාර්යාලය ද සියලූ පහසුකම් සහිතව විමධ්‍යගත කළ යුතුය. දිස්ත‍්‍රික් මට්ටමින් නූනත් පළාත් මට්ටමින් හෝ එය සිදුවිය යුතුය.


නඩුවක් විසඳා අවසන් කිරීමට යන කාලය අපරාධ වැළැක්වීමේ අරමුණු ඉටුකර ගැනීමට බෙහෙවින් බලපායි. සේයා සදෙව්මි දැරියගේ ඝාතකයාට මරණ දණ්ඩනය නියම කරනු ලබන්නේ මීට වසර 10කට පසුව නම් ඔහුට මරණීය දණ්ඩනයෙන් දඬුවම් කිරීමෙන් පලක් සිදු වේද? රජීව් ගාන්ධි ඝාතකයින්ගේ නඩුව අවසන් වීමට අවුරුදු එකොළහක් ගත විය. ඔවුන් එල්ලා මැරීමට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නුදුන්නේය. වසර එකොළහකට පසු එල්ලා මැරීම හුදු පලිගැනීමක් විනා වෙන කිසිවක් නොවන බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.


ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ‘විරල වූ නඩුවලිනුත් සුවිශේෂ වූ විරල නඩුවලටය.’ මේ සම්බන්ධයෙන් අප ආදර්ශයට ගත යුත්තේ ඉන්දියානු ක‍්‍රමවේදයයි. නඩුව අසා නිම කළා වූ විනිශ්චයකාරවරයාගෙන් ද නීතිපතිවරයාගෙන් හා ජනමතය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයාගෙන් ද මරණීය දණ්ඩනයට නියම වූ සෑම චූදිතයෙකු සම්බන්ධයෙන්ම වාර්තාවක් ජනාධිපති කැඳවිය යුතුය. අපරාධයේ ස්වභාවය, එය සැලසුම් සහගතව කරන ලද්දක්ද?, වධ දීම හා කෲරත්වය උපයෝගී කරගෙන තිබුණේ ද?, අපරාධය සිදු කිරීමට හේතූ, යොදා ගන්නා ලද ආයුධ හා ඒවායේ ස්වභාවය, චූදිතගේ පෙර වැරදි හා චර්යාව, චූදිතට එරෙහි සාක්‍ෂිවල ප‍්‍රබලතාව හා ජනතාවගේ ප‍්‍රතිචාරය ආදිය සැලකිල්ලට ගෙන ඉහත සඳහන් නිලධාරීන් සිය වාර්තාව සකස් කළ යුතුය. ඒ අනුව ඔවුන් සියලූ දෙනාම එක්ව චූදිතට මරණීය දණ්ඩනය පැනවිය යුතු බවට යෝජනා කරන්නේ නම් ජනාධිපතිවරයා විසින් ඒ පුද්ගලයා එල්ලා මරා දැමීමට නියෝග කළ යුතුය. මේ මගින් නිර්දෝෂි පුද්ගලයෙකු පෝරකයට යෑම වළකා ගැනීමට හැකි අතර අවශ්‍යම පුද්ගලයින් සම්බන්ධයෙන් මරබිය දණ්ඩනය කි‍්‍රයාත්මක වන්නේය.


ඉහත කරුණු සැලකිල්ලට ගත් විට දඬුවම් පමණක්ම අපරාධ ශේෂ කිරීමට හේතු නොවන බව ඒත්තු යනු ඇත. අපරාධ අවම කිරීමට නම් ඊට හේතු වන්නා වූ මූලාශ‍්‍රයන්ට ප‍්‍රතිකාර කළ යුතුය. එහෙත් හෝකන්දර මිනීමැරුම හා රීටා ජෝන්ස් වැනි සැලසුම් සහගතව හා කෲර ආකාරයට මනුෂ්‍ය ඝාතන කරන්නා වූ ඝාතකයින් ද මල් වැනි දරුවන් කෙළෙසන්නා වූ නරුමයන් ද මිහිපිටින් තුරන් කළ යුතුය. ඒ සඳහා නීති සකස් කළ යුතුය. එය සේයා සදෙව්මිගේ මරණයෙන් කම්පාවට පත්ව සිටින සියලූ මව්වරුන්ගේ හඬයි. යම් තරමකට හෝ ඉන් මෙවන් අපරාධ අඩුවනු ඇත.


මෙම ලිපිය අවසන් කිරීමට පෙර තවත් එක් දෙයක් මතක් කිරීමට කැමැත්තෙමි. කුඩා දරුවන් ආරක්‍ෂා කර ගැනීම දෙමවුපියන්ගේ වගකීමකි. දෘඪ කාමාශාවන්ගෙන් පෙළෙන්නා වූ විකෘති මනසින් යුතු පුද්ගලයින් මේ සමාජයේ සිටින තාක්කල් මේ මල් කැකුළු ආරක්‍ෂා කරගත යුතුය. මෙවන් පුද්ගලයින් සමාජයට පිළිකාවකි. සමාජය ශෝධනයට ලක්වන තුරුම සිය දරුවන් රැුකබලා ගැනීම දෙමාපියන් විසින්ම කළ යුතුය. නීතියෙන් එයට කිසිවක් කළ නොහැක. ඊට හේතුව එවන් රෝගීන් හඳුනාගන්නට ලැබෙන්නේ ඔහු තවත් මලක් මිලින කළ පසුවයි.

11


 

Nimthera_02

 

ජනවහරේ එල්ලූම්ගස හැඳින්වෙන්නේ ‘කොළ නැති ගස’ වශයෙනි. ‘මෙකී කොළ නැති ගස’ පසුගිය කාලය මුළුල්ලේම මැරී තිබිණි. දැන් ඒ මැරුණු කොළ නැති ගසට ‘කට්ටිය’ පෝර දමනු පෙනෙයි.


කොළ නැති ගසේ වගතුග කවරේ ද? එයින් සිදුවූයේ කුමක් ද ආදී වශයෙන් කරුණු කාරණා දන්නා අයට වඩා නොදන්නා අය බොහෝය.
ක්‍ෂණික ආවේග නිසා ‘එල්ලූම්ගස’  ඕනෑ යයි හඬ නගන රටේ විවිධ පෙදෙස්වල ජනතාව කුපිතවී ඇත්තේ මේ වන විට රටම කම්පනයට පත් කෙරුණු බාල වයස්කාර දැරියක දූෂණය කොට මරා දැමුණු බැවිනි. මීට පෙර මෙවැනි ගණයේ සිද්ධීන්වල දී හඬක් නොනැගුණු අයුරින් මෙවර ඒ හඬ උත්සන්න වී තිබෙන අතර ජනමාධ්‍යය ද තම මුල් සිරැුසිවලට ගෙන මේ පුවත පසුපසම ලූහුබඳිනු පෙනෙයි.


‘සබ්බේ තසන්ති දණ්ඩස්ස’ සියල්ලෝ දඬුවමට බියවන්නෝය. ඒ බුදු වදනයි. අපේ රට බෞද්ධ රටක් යැයි කියැවේ. තෙවරක් බුදුන් වැඩියාය යනුවෙන් ද අදහති. නමුත් අද අපේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් ද පොදුජන, ගිහි ආවේග සමග සමපාත වූ හඬක් සමග වැඩ ඉන්නා බව මාධ්‍ය මගින් පෙන්වයි. එසේම ඊට ප‍්‍රතිපක්‍ෂව ද ස්වාමීන් වහන්සේ පිරිසක් ද වැඩ සිටිති.


පර පණ නැසීම හෙවත් ප‍්‍රාණඝාතය බුදු දහමට අනුව නම් ප‍්‍රතික්‍ෂේප වූ ප‍්‍රමුඛ කාරණාවය. එහෙත් භික්‍ෂූන් වහන්සේ ‘මරණ දඬුවම්’  ඕනෑ යැයි කීමෙන් (දෙසීමෙන්) හෙළිවන්නේ කුමක්ද? නීතියක් මගින් හෝ දණ්ඩනය ඇති කිරීම බුදු දහමට කොතරම් එකඟදැයි යළි සිතා බැලීම වටිනවා නොවේ ද?
හොඳයි මරණ දඬුවම් දුන්නා යැයි සිතමු. බහුතරය ඒක පාර්ශ්වික තීරණයට පැමිණ ඇති මුත් ඔවුහු කිසිවෙක් මරණ දඬුවමින් පසු ඒ වරදකරුගේ පවුලට අත්වන ඉරණම ගැන කල්පනා නොකරති.


පවුලක එක් කෙනෙකු මිනීමරුවකු විය හැකි වුවද ඔහුගේ පවුලේ කුටුම්භයට සිදුවන අගතිය බෞද්ධ රටේ කුමනාකාර දැයි සිතන්නකු නැති ගාණය.
මීට පෙර ද කොළ නැති ගසෙහි යැවූ වරදකරුවෝ සිටියහ. ඔවුන් එල්ලා මරන්නැයි කිසිවකු මේ තරම් උද්ඝෝෂණ නොකළ අතර නීතිය මගින් අදාළ තීන්දු ගනු ලැබීය. අනෙක, මරණ දඬුවම යළි ඇති කළත් රටේ අපරාධ, දූෂණ, මිනීමැරුම් නැත්තටම නැතිවේද? මිනීමැරුම්වලට ඇබ්බැහි වූ කාට වුවද මිනියක් මරණ තුරු ඉවසිල්ලක් නැත. සොරකම, දූෂණය අභ්‍යාස කරන සමාජයක ශුද්ධිකරණය එල්ලූම්ගස ඇති කළ පමණින් ඉටුවන්නේ නැති බව ප‍්‍රත්‍යක්‍ෂ කරුණකි. ඇරත් අපේ රටේ හුදී ජනතාවට ඉක්මනින් යම් යම් දේ අමතක වන සැටි පුදුම නැත.


ලියෝ ටෝල්ස්ටෝයි ලියූ පරිදි වැරදිකරුවන්ට දඬුවම් දීම දෙවියන්ගේ කාරියකි. දෙවියන්ට නොවරදින නිසා මිනිසුන්ට වරදින නිසාය. එසේ වුවද මිනිසුන්ට දඬුවම් කිරීමට බාර දෙන්නේ මිනිසුන්ටමය. දැන් අපේ රටේ තිබෙනවාය කියන්නේ මෛත‍්‍රී පාලනයකි. අපේ ඉරිදා ලංකාදීප සහෘද පාඨක ජනතාවට මතක නම් 2013.07.01 දින මරණීය දණ්ඩනයට යටත් කළ වැරැදිකරුවන් 5 දෙනා දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා බෝගම්බර බන්ධනාගාර ගත කොට තිබේ. ලංකාවේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කළ හැකි එල්ලූම්ගස් තිබෙන්නේ වැලිකඩත් බෝගම්බරත් යන බන්ධනාගාරවලය. ඔවුහු රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව 34 (1) වගන්තිය පරිදි ජනාධිපතිතුමා විසින් නියම කරන දිනයක දී එල්ලා මැරිය යුතුය. එහෙත් එපරිදි ඔවුන්ව එල්ලා මැරුවේද, නැත.


මේ පුවත හා බැඳුණු විශේෂාංගයක් 2013 වසරේ ජූලි 07 ඉරිදා ලංකාදීපයේ පළ වී තිබිණි.


අපේ රටේ පවතින අධිකරණ ක‍්‍රියාවලිය අනුව මරණ දණ්ඩනයට නියම වූ චූදිතයන්ට පවා දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය. අභියාචනාධිකරණය අභියාචනය භාර ගැනීමත් සමග මොවුහු අභියාචනා සිරකරුවෝ බවට පත්වෙති. එවිට ඔවුහු දඬුවමක් නොවිඳින එහෙත් සුරක්‍ෂිතව හා ආරක්‍ෂා සහිතව රඳවා තබාගත යුතු සිරකරුවෝ බවට පත් වෙති.


අභියාචනාධිකරණයට අභියාචනා තීන්දුවක් ලබාදීමට සාමාන්‍යයෙන් වසර 05ක පමණ කාලයක් ගතවෙයි. ලැබෙන තීන්දුව අනුව දඬුවම වෙනසකට භාජනය නොවුණහොත් වසර 05කට පමණ පසුව නැවතත් ඔවුන් පස්දෙනාම මරණීය දණ්ඩනයට යටත් වූ සිරකරුවන් බවට පත් වීමට සිදුවෙයි. මොවුනට නැවත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් වැඩි දෙනෙකු ඒ සඳහා පියවරක් නොගන්නේ වියදම් පාර්ශ්වය සලකා බලමිනි. අභියාචනාධිකරණය දක්වා එන විට සාමාන්‍යයෙන් වැඩි දෙනෙකුගේ චංචල නිශ්චල දේපල පවා නඩු කටයුතු සඳහා විකිණී ගොසිනි. තම තමන්ගේ හැකියාව අනුව ලක්‍ෂ 05 සිට ලක්‍ෂ 400 දක්වා වියදම් පරාසයක කටයුතු කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.


අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව 34 (1) වගන්තිය යටතේ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමත කෙරී ස්ථිර කර අවසන් වරට බන්ධනාගාරයක් තුළ මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කර ඇත්තේ බෝගම්බර හිරගෙදර, 1976 ජුනි 23 දිනයේය. ඒ ද්විත්ව මිනීමැරුමකට වරදකරු වූ දෙබරවැව, චන්ද්‍රදාස නොහොත් ‘හොඳ පපුවා’ය.


ඊට පසුව අද දක්වාම බන්ධනාගාරයක් තුළ කිසිවකු එල්ලා මරා දමා නැත. 1978, 34 (1) වගන්ති ප‍්‍රකාරව (1) ABCD උපවගන්තිවලින් කියැවෙන පරිදි දඬුවම් පරිවර්තනය අනුව මරණ දණ්්ඩනය ජීවිතාන්ත සිර දඬුවමට හා අවුරුදු 20 දක්වා වශයෙන් වෙනස් කොට තිබේ.


1978 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර මෙන්ම පසුව ද මේ පරිදි ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීම නොකඩවා සිදුවිය. මිනීමරුවන්ට ද ඒ පොදු සමාව හිමි වූ බව නොරහසකි.


නමුත් 1999.03.04 දිනැතිව ජනාධිපති නියෝගයක් පරිදි බන්ධනාගාරගතව චූදිතයන් වූ මිනීමරුවන්ට පොදු සමාව දීම අහෝසි කර තිබේ.


තවද මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වෙනස් කරනු ලැබූ සිරකරුවකු 20 අවුරුදු සිරදඬුවමක් සඳහා වෙනස් කිරීමකට නම් අනිවාර්යයෙන් විසි අවුරුද්දක් (චූදිතයා) බණ්ධනාගාර ගත වී සිටිය යුතු වෙයි. ඒ අනුව අලූත් 20 අවුරුද්දෙන් ද 1/3ක් වන සාමාන්‍ය සමාව උපයා ගත හැකිය. ඒ අනුව තවත් අවුරුදු 14ක තරම් කාලයක් ඔහු බන්ධනාගාර සිර දඬුවම් ගත කළ යුතුය.


කොළ නැති ගස එල්ලූම්ගස ලෙස අප රට තුළ ස්ථාපනය වෙන්නට ඇත්තේ අතීත රජ දවස පැවැති දඬුවම් ක‍්‍රම ඉවහල් වීමෙන් බව අනුමාන කෙරේ.
එකල රාජ උදහසට ලක්වන  ඕනෑම කෙනෙකුට ප‍්‍රසිද්ධියේ උල තැබීම, ඇතුන් ලවා පෑගවීම, තෙල් කටාරම්වල දැමීම වැනි දරුණු මරණීය දඬුවම් දීමට රජවරුන් කිසිදා පැකිළී නැත. ඒ බැව් ඓතිහාසික කතාවලින් අපට පැහැදිලි වෙයි. ඒ ආකාරයේ දඬුවම් ක‍්‍රම නිසා අතීත සමාජයේ දඬුවමට ඇති බිය වර්ධනය වී එමගින් සමාජ විරෝධී ක‍්‍රියාවල යෙදීමට වූ පෙලැඹීමේ අඩු බව සැලැකිය හැකිය.


විවිධ රටවල මරණ දඬුවම ක‍්‍රියාත්මක වීම විවිධ අදියරවලින් හා විවිධ අන්දමින් සිදු කළත් තවමත් ලංකාවේ නම් කතාවෙන්නේ සාම්ප‍්‍රදායි කොළ නැති ගහ ගැනමය.


මරණ දණ්ඩනය ලැබූ පුද්ගලයන් පිළිබඳ අතීතයට එබී බැලූවහොත් එය 1856 ඉංග‍්‍රීසි යුගය දක්වා දිව යයි. ඒ යුගයේ වෘත්තියෙන් වතු අධිකාරිවරයෙකු වූ පුද්ගලයකුට මරණ දඬුවම හිමිවී ඇත්තේ සේවකයකු මරා දැමීම හේතුවෙනි. එසේම ඒ කාලයේ කෑගල්ලේ කඩපිළක  දී මරණීය දණ්ඩනය සිදුකැරුණු අවස්ථාවක් පිළිබඳව ද සඳහන් වේ.


එල්ලූම්ගහට නියම කෙරෙන්නේ කුමන වැරැදි නිසා දැයි අපි දැන් බලමු.


ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ 114 වගන්තියේ රාජ්‍ය වැරදි සම්බන්ධයෙන්, 129 වගන්තිය යටතේ හමුදාව තුළ කැරැුල්ලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්, 191 බොරු සාක්‍ෂි දීම සම්බන්ධයෙන්, 296 යටතේ මිනීමැරීම සිදු කරන අය සම්බන්ධයෙන්, 299 යටතේ සියදිවිහානිකර ගැනීමට අනුබල දීම ද, අන්තරායකර ඖෂධ ආඥාපනත යටතේ මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම ද මරණ දණ්ඩනය ලැබීමට තරම් බරපතළ ‘ක‍්‍රිමිනල්’ වැරදි වෙයි. මරණ දඬුවම නියම කරනු ලැබූ පුද්ගලයන් සිර මැදිරිවල වෙන වෙනම තබනු ලැබෙන අතර ඔවුහු දිනකට ශාරීරික ව්‍යායාම සඳහා පමණක් සීමිත වේලාවක් එකී සිරමැදිරිවලින් එළිමහනට ගනු ලැබෙති. මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට පෙර දින පෝරකය අසල ඇති වෙනත් කාමරයක අවසාන දින රාත‍්‍රියේ රඳවා තැබේ. එහිදී ඔහුගේ බර කිරා සමබරව සරිලන වැලිගෝනියක් එල්ලා, එල්ලූම් ගසේ කඹය ක‍්‍රියාත්මක වේ දැයි පරීක්‍ෂා කර බැලෙයි.
තවත් විශේෂයක් තිබේ. එල්ලා මරා දැමුණු පුද්ගලයාගේ මළ සිරුර වළ දැමූ පසු ඒ මත පස්ගොඩ ගැසීමක් සිදු නොවීමය. හේතුව ඔහු වරදකරුවකු ලෙස දඬුවම් ලබා මිය යාමයි. 


නීති පොත අනුව මරණ දඬුවම නියම කෙරුණ ද එය ක‍්‍රියාත්මක වීම නවතා දැමුවේ අග‍්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාය. මේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නමුත් එදා සෙනේට් සභාවෙන් සම්මත නොවිණ. සම්මත වූයේ දෙවැනි වර කියැවීමේ දී ඒකච්ඡන්දයෙනි.


මරදන්කඩවල යකඩයා, කපිතාන් ආතර් පෙරේරා, එරික් බචෝ යන අයට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ ඒ පිහිටෙනි. නමුත් එල්ලූම් ගස  ඕනෑ යැයි අද මෙන් හඬක් නැගුණේ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයත් සමග බව බොහෝ දෙනෙකුට මතක නැත.


‘‘මහත්තයෝ, මේ අවුරුදු 11 පුරා උසාවිවලට ගිහිල්ලා අඬලා දැන් අඬන්න ඇස්වල කඳුළු නැහැ. මට අධිකරණයෙන් යුක්තිය ඉෂ්ට වුණත් දරුවන්ගේ කුස පුරවන්න මට හයියක් නැහැ. කුලියක් කරලයි මම පොඩි දරුවන් දෙන්නට උගන්වන්නේ. අහිංසක අපට රටේ ඉන්න හිත උණුවෙන කාටහරි පිිහිට වෙන්න කියලා මහත්තයා, පත්තරේට ලියන්න. මම දැන් ජීවත්වෙන්නේ මේ පොඩි එවුන් දෙන්නා නිසා. නැත්නම් මමත් දිවිනහගෙන ගොඩක් කල්’’මෙය තම සැමියා මරා දැමීමෙන් පසු ගම අතහැරදා ගොස් වෙනත් ස්ථානයක පදිංචිවී සිටින මියගිය අයගේ බිරිඳ නඩු තීන්දුවෙන් පසුව හමුවූ ඉරිදා ලංකාදීප (2013 ජූලි 07) ලියුම්කරුට කී දේය. එය අඳෝනාවකි.


පවුල හා සමාජය සමාජ සංස්ථාවලින් විධිමත් ලෙස හා අවිධිමත් ලෙස ඉගෙන ගන්නා මිනිස් චර්යාව, මිනිස් හැසිරීම ලෙස ප‍්‍රකාශ වන බව සත්‍යයකි. අනෙකුත් මිනිස් හැසිරීම් වාගේම අපරාධ ද මිනිස් හැසිරීමකි. එබැවින් අපරාධ උගත් චර්යාවක් බවට මතවාදයක් තිබේ. වත්මනේ ද කෙරෙන්නේ අපරාධ කරන සැටි ඉගෙන අපරාධ කිරීමක්. කෙසේ වුවද දමනය විය යුත්තේ නීතියට ද ආගමට ද යන ප‍්‍රශ්නය හමුවේ හුදී ජනයා අතරමංව ඇති බව පැහැදිලිය.

2



අදහස් (0)

මරණීය දණ්ඩනය ඕනෑ ද? එපා ද?

මළසි Saturday, 10 October 2015 05:43 AM

මම නම් එල්ලුම් ගහ ගේනවට කැමතියි. ප්‍රසිද්ධියේ එල්ලන කොට ඒ අයටත් තෙරෙයි මරණයේ වේදනාව. (ර)

:       1       2

මොහොමඩ් Friday, 09 October 2015 06:36 AM

අපේ අගමැතිට අනුව මරණ දඩුවම දෙන්න ඕන එත් දෙන්න එපා කියල තම මන් කියන්නේ (බ)

:       33       47

සිල්වි Thursday, 08 October 2015 07:22 PM

අචිර, ඔයාගේ කවුරුහරි මරණ දඬුවම නියමවෙලා හිරේ ඉන්නවා නේද? (නි)

:       1       0

ධම්ම Thursday, 08 October 2015 12:42 PM

එල්ලුම් ගස හා මරණ දඬුවම තිබුණු ලෙසම තිබුණු ලෙසම තිබුනාවේ. එය ක්‍රියාත්මක කල යුතුය. රටේ නීතිය සහ අධිකරණය පිළිබඳව ජනතාවගේ විස්වාසය තහවුරු කිරීමයි කල යුත්තේ. (ර)

:       2       0

සමන් Thursday, 08 October 2015 12:47 PM

අපේ රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක විය යුතුයි. ළමා අපචාර වලට මරණ දඬුවම දෙන්න ඕනේ. විපතට පත් වූ අයට තමයි දුක තියෙන්නේ. මන් මෙතන දේශපාලනේ නෙමේ කිව්වේ. මම උදාහරණයක් කිව්වේ. ඒ නිසා මොන දේවලටත් වඩා දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැදගත්. (ර)

:       0       1

තුෂ් Saturday, 10 October 2015 07:21 AM

බුද්ධාගමේ උනත් ගොඩක් දෙනෙකුට කර්මය අමතක වෙලා. (ර)

:       0       1

නවරත්න Friday, 09 October 2015 02:48 PM

මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තිබෙනවා (නි)

:       0       1

සමන් පෙරේරා - සෞදි Saturday, 10 October 2015 08:59 AM

කිසියම් කෙනෙකුගේ පන නැසුවොත්, මරණ දඩුවම දිය යුතුමය. එය අන් යට පාඩම වනු ඇත. (ර)

:       1       1

චමින්ද Thursday, 08 October 2015 02:23 PM

මිනිසකු මැරීම හෝ ඊට අනුබල දීම බරපතල පාපකර්මයකි. එබැවින් වෛරකිරීම සඳහා යමකු පෙළඹවීම වුවද සුදුසු නොවේ. තවද වත්මන් අධිකරණ හා නීති පද්ධතිය තුළ නිවැරදිකරුවන් වුව මෙම දඬුවමට ලක්විය හැක. එබැවින් තව වරක් සිතා බලන්න (බ)

:       0       2

අචිර Thursday, 08 October 2015 02:45 PM

මෙය බෞද්ධ රටකි. මරණ දඩුවම එපා. වැරදි කරුවන්ට මෛත්‍රි කරමු. එතුලින් යහපත් සමාජයක් බිහිකළ හැක. හොද බෞද්ධ නායකයෙක් වන ජේ. ආර්. ජයවර්දන හිටපු ජනාධිපති තුමා මරණ දඩුවම ඉවත්කලේ දුර දිග හිතලා බලලා එතුමාට ගොඩක් පිං. (ර)

:       1       2

ඉන්දික-ලක්ෂපාන Sunday, 11 October 2015 03:02 PM

සේයා දූ මරා දැමූ පුද්ගලයාට මරණ දණ්ඩනය ඕනෑ.මේ වගේ තවත් අපරාධ තියෙන්න ඇති.ඒත් ඒ ගැන ගැඹුරු දැනුමක් මට නැහැ. (බ)

:       0       0

නිසාර් Sunday, 11 October 2015 03:22 PM

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි (බ)

:       0       0

සහන Sunday, 11 October 2015 03:41 PM

අනේ රවී..අපේ නායකයෝ කියල කව්රුත් නැහැ දැන්..ඔක්කොම ඉන්නේ සුද්දගේ අණපරිදි රටකරවන ඒජන්තයෝ , ඒ නිසා සුද්දෝ කියන එක කොහොමත් කරනවා. නැත්නම් අර සුද්දන්ට මයියොක්ක කැව්වයි කියල අහවලාට ඩෝන් යායියා. මොනවා උනත් ආණ්ඩුවක්, රටක්, ජාතියක් විදිහට දිනපතා අමු අමුවේ මිනීමරන්න මේ බෞද්ධ රටට බැහැ. අනෙක මරණ දඩුවම දෙන රටවල මිනීමැරුම් දුෂණ වෙන්නේ නැද්ද ? දෙයක් උනාට පසු එල්ලලා මැරුවත් මරල එල්ලුවත් වැඩක් නැහැ, වෙන්න කලින් ඒවා නොවෙන්න අපි දියුණු වෙන්න ඕන. (බ)

:       0       0

සාලිය Sunday, 11 October 2015 05:30 PM

දියුණු යැයි කියාගන්නා රටවල මිනිස්සු පාසල් වලට ගිහින් අමු අමුවේ වෙඩිතියලා ළමයි මරලා දානවා. ඒ මිනිසුන්ට ඒවා ගාණක් නැහැ. ඔවුන්ට එම සංස්කෘතිය අපගේ රටටද බලෙන් පැටවීමට අවශ්‍යයි. (නි)

:       0       0

රවී Saturday, 10 October 2015 05:06 PM

සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ටම හොඳය. අපේ රටට නිතරම ඇඟිලි ගහනවා. අපේ රටේ නායකයෝ නිසි දෙය කරයි. පිටරටවල ඉන්න මිනිස්සු නිකන් කෑගහන්න එපා.මෙහෙ සිද්ධවන දේවල් දන්නේ මෙහෙ ජීවත්වන මිනිස්සු තමයි (නි)

:       0       0

කෙනත් -ඇමෙරිකාව Friday, 09 October 2015 07:01 PM

අද මරණ දඩුවම ක්‍රියාත්මක කළොත් , ඊළඟට මෙහෙම හදවතින් ආවේගශීලීව කෑගහන අය කියයි නිකම්ම එල්ලන්න එපා ඕකව වදදීලා මැරිය යුතුයි කියලා. ඊළඟට ඒකත් ගේන්න වෙනවා. අන්තිමට අරාබිය වගේ මහපාරේ බෙලිකපන දේශයක් වෙනවා මේ බෞද්ධ රට. අපි එතනට යන්න ඕනෑ නැහැ. වරදට දඬුවම සහ චිත්ත ආවේගයෙන් පළිගැනීමේ චේතනාව එකක් නොව දෙකක් බව හැමෝම තේරුම්ගත යුතුයි. අපේ නීතියේ වරද තමයි මහපාරේ මහදවල් මිනීමරණ අය මාසයක් යනකොට නැවත සුපුරුදු විදිහට සමාජයේ ජීවත්වීම නම් සිදුරු සහගත නීති රාමුව. මේ අය සමාජයෙන් ඉවත් කළයුතුයි. නමුත් රටක් වශයෙන් ඔවුන් අමු අමුවේ මරාදැමීම මීට පිළියම නොවෙයි. (නි)

:       0       0

ගංගා Thursday, 08 October 2015 04:09 PM

ඔය කියන අයගේ පවුල් වලින් කාවහරි දුෂණය කර මැරුවානම් ඔහොම කියන එකක් නැහැ (බ)

:       0       0

කෙනත් Friday, 09 October 2015 07:11 PM

උදාහරණයක් විදිහට කුඩා දරුවෙකු මරාදැමීම ගැන අපි හැමෝම පොදුවේ ජාති ආගම් බේදයකින් තොරව කම්පාවෙනවා. නමුත් තව පිරිසක් ඊට ටිකක් එහා ගිහින් කම්පාවීම සමඟම ආවේගශීලීව වරදකරුවන් මරාදැමිය යුතු බව තරයේ අදහනවා. මරන්නේ එල්ලලාද, වසදීලද , වෙඩි තියලද, සෞදියේ වගේ කඩුවෙන් බෙල්ල කපලද, විදුලි පුටුවේ ඉන්දවලාද නැත්නම් උල හිදුවලාද, ඇතුන් ලවා පාගවාද, නැත්නම් අයි.එස්. වගේ කුඩා පිහියකින් බෙල්ල කපලාද කියා මේ අය තාම හිතලා නැතුව ඇති. එතනට ආවිට ඔබේ තේරීම කුමක්ද? මරණ දඩුවමේ වේදනාව වැඩිවන තරමට අර මැරුන දරුවට ඉෂ්ටවන සාධාරණය වැඩි බව සමහරෙකට හිතෙනු ඇති. දැන් ඔය වෙන්නේ අපේ ඇතුළත ඉන්නා මිනීමරු ම්ලේච්ඡත්වය නීතියේ සලුපොටින් සරසා එළියටඒමට වෑයම් කිරීමයි. මිනීමරුවෝ දහසක් එක රැයෙන් බිහිවෙනවා එක මිනිහෙක් මරනකොට. (නි)

:       1       1

රූපවතී Thursday, 08 October 2015 05:27 PM

මේ ලිපියට ස්තුතියි. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 161 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 200 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 225 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 700 0

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නිරන්තර විමසුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 22 124 0

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැන


සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 2737 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 287 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site