IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මෛත‍්‍රීගේ පූජාවට තිරුපති කෝවිලේ දොර අරින්න ගිහින් යතුර හිරවෙලා

14-Nim-pg-1-1    drj  

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනපති බෞද්ධයෝය. එනමුත් ඔවුහූ දෙදෙනාම දේවාල හා කෝවිල්වලට ද යති. ඒ ගැන විවිධ පුද්ගලයන්ගේ විවිධ මත ඇත.

 


මේ ලිපිය ලියැවෙන්නේ වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය අවස්ථාවේ සිදුවුණැයි කියන සිද්ධියක් ගැන  ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සහ එසරමප්කැි් වෙබ් අඩවිය පළ කළ කතාවක් ඇසුරිණි.


ඉන්දියාවේ තිරුමාල් තිරුපති කෝවිලේ දෛනික චාරිත‍්‍ර වාරිත‍්‍ර අතරින් ‘‘සුප‍්‍රභන්තම් සේවා’’ නමින් හැඳින්වෙන දවසේ පළමු පූජාව ඉතා ප‍්‍රමුඛ තැනක් ගනී. කෝවිලේ වැඩ වෙසෙන වෙන්කටේශ්වර දෙවෝත්තමයාණන් යෝගී නින්දෙන් අවදි කිරීම සඳහා සිදු කරන මෙම පූජාව සෑම දිනකම අලූයම පැවැත්වේ. ඒ සඳහා පූජා භූමිය සුද්ද පවිත‍්‍ර කළ යුතු නිසා කෝවිලේ පූජකතුමා සෑම හිමිදිරියකම පූජාව ආරම්භ කිරීමට විනාඩි 45කට පමණ පෙරාතුව තිරුපති කෝවිලට පැමිණෙයි.


මෙම කෝවිලේ දෙවියන්ගේ ශුද්ධ ස්ථානයට ඇතුළු වීමට තිබෙන විශාල රන් දොරටුව විවෘතකළ යුතු වන්නේ විශේෂයෙන් සෑදූ අගුලකට එකවර යතුරු තුනක් ඇතුළු කිරීමෙනි.


පසුගිය බදාදා දිනයකදී එම දොරට ඇතුළු කළ යුතු පළමු යතුර එහි හිර වී කැඞී යාම නිසා විශාල ගැටලූවකට මුහුණදීමට කෝවිල් කාර්ය මණ්ඩලයට සිදුවිය. මෙම අනපේක්ෂිත සිදුවීම සිදු වූයේ ශ‍්‍රී ලංකාවේ අභිනව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ බිරිඳ ජයන්ති පුෂ්ප කුමාරි මහත්මිය එම ස්ථානයට ළඟා වීමට සුළු මොහොතකට පෙරය.


අති විශේෂ පුද්ගලයෙකු එනම් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී දෙවියන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බව දැනුම්දී තිබූ නිසා කෝවිලේ කාර්ය මණ්ඩලය කියතකින් කපා රන් ද්වාරයේ අගුලූ කඩා දොර විවෘත කළ බවත්, ඉන් පසු මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ බිරිඳට කිසිදු හිරිහැරයකින් බාධාවකින් තොරව දෙවියන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දුන් බවත් වාර්තා වේ.


පසුව දොරගුුළු නැවත සකස් කර සෙසු බැතිමතුන්ට දෙවියන් වැඳ පුදා ගැනීමට ඉඩ කඩ සැලසූ අතර එදින ඉතිරි පැය කිහිපය සාමකාමීව ගත විය.


මෙය සිදුවී ඇත්තේ් පසුගිය බදාදා දිනයක පාන්දර 2.15ට පමණ තිරුපති කෝවිලේ පූජකයා රන් දොරටුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය. දොරගුළු සිර වූ බව පූජකතුමා කෝවිල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන් පසු කෙසේ හෝ දොරගුළු කඩන ලෙසට අණ ලැබී ඇත.


තිරුමාලා තිරුපති කෝවිලේ නියෝජ්‍ය විධායක නිලධාරී චින්නම්ගරි රාමනා මහතා පවසන්නේ අඟහරුවාදා මධ්‍යම රාත‍්‍රියේ ඒකාන්ත සේවා නමින් හැඳින්වෙන රාත‍්‍රී පූජාව අවසන් වී පූජකයා දොරගුළු දමා රන් දොර වසන විටත් එම දොරේ අගුළු හොඳින් ක‍්‍රියාත්මක වූ බවයි. කෙසේ නමුත් බදාදා උදෑසන එහි අගුළු සිර විය.


දේවස්ථානයේ බලධාරීන් පවසන්නේ කෝවිලේ රන් දොරටුවේ අගුළු නිර්මාණය කර ඇත්තේ ඊටම ආවේණික සුවිශේෂී ආකාරයකට බවත්, වසර 500ක් පමණ පරණ ඉතිහාසය පුරාවටම මෙවැනි සිදුවීමක් මින් පෙර කිසි දිනෙක සිදු නොවූ බවත්ය.

lanka-story-650_021915121252


එමෙන්ම චින්නම්ගරි රාමනා මහතා අවධාරණය කරනුයේ කෝවිලේ පාන්දර දෙවියන් අවදි කිරීමේ පූජාව නොපැවැත් වූ බවට පැතිර යන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.  නියමිත වේලාවට පූජාව සිදු කරන බවට මෙම සිදුවීම වූ අවස්ථාවේ තමන් ශුද්ධ වූ වෙන්කටේෂ්වර දෙවියන්ගේ නාමයෙන් තමන්ටම පොරොන්දු වූ බවත් ඔහු කියයි.


විද්වතුන් සහ මහ14-Nim-pg-1-5ජනතාව ප‍්‍රශ්නකර සිටින්නේ වසර 500කට පසුව මෙම රන් ද්වාරයේ එක් අගුලක් පමණක් මෙසේ සිර වූයේ ඇයිද යන්නයි.
මෙම ප‍්‍රශ්නයට කෝවිලේ කාර්ය මණ්ඩලය ඉදිරිපක් කරන නිල පැහැදිලි කිරීම වන්නේ එය ඉතා පැරණි අගුලක් නිසා අගුල අභ්‍යන්තරයේ පුරුක් සහ ලීවර කැඞීයාම නිසා යතුර මෙසේ සිරවී කැඞී ගිය බවය.


අධ්‍යාත්මික සහ මානූෂීය අතින් මෙම සිදුවීම විග‍්‍රහ කරනා ඇතැම් පිරිස් පවසන්නේ තිරුපති තිරුමාල් කෝවිලේ කාර්ය මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධ වැදගත් කරුණු බොහොමයක් වසන් කරමින් සිටින බවයි.


මෙම සිදුවීමේ සත්‍ය කුමක්දැයි විග‍්‍රහ කිරීමට උත්සාහ කරන තවත් පිරිස් පවසන්නේ ලංකාවේ ජනාධිපතිවරයා පිළිගැනීමට සහ ඔහුට සැලකීමට තිරුපති කෝවිලේ කාර්යය මණ්ඩලයට තිබූ බලවත් උවමනාව සහ කැමැත්ත නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දෙවියන් අසල වැඩි වේලාවක් රැුඳී සිටීමට ඉඩකඩ ලබාදීමේ අරමුණින් වෙනදාට වඩා කළින් රන් දොරටුව විවර කර දෙවියන් අවදි කිරීමට පූජකතුමා උත්සාහ කර ඇති බවයි. එනම් 2.20ට ඇරීමට නියමිත දොර 2.15ට විවර කිරීමට මෙම පූජකතුමා උත්සාහ කර ඇති බවයි.


තිරුපති කෝවිලේ චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ ඒවා සිදු කළ යුතු වේලාවන් නියම වී ඇත්තේ ඍෂිවරුන් විසින් රචිත ඉපැරණි ආගමික ශාස්ත‍්‍ර අනුවය. කිසිවෙකුටත් ඒවා සංශෝධනය කිරීමට අවස්ථාවක් නැත. මෙම නියමයන් නොසලකා හැර තිරුමාල් තිරුපති කෝවිලේ බලධාරීන් දෙවියන්ව නින්දෙන් ඇහැරවීමට උත්සාහ දරමින් කළ වරදට ලැබුණු දඬුවමක් ලෙස මෙම සිදුවීම මතුකර දැක්වීමට පිරිසක් උත්සාහ දරති.


ඔවුන් තරයේ කියා සිටින්නේ මිනිසා නිර්මාණය කළ දෙවියන්ගේ අණ පසෙකලා  දෙවියන් අභිභවා එක් මිනිසෙක්ට මුල් තැන දීම බරපතළ වරදක් බවයි.

 

14-Nim-pg-1-2

 

m



අදහස් (0)

මෛත‍්‍රීගේ පූජාවට තිරුපති කෝවිලේ දොර අරින්න ගිහින් යතුර හිරවෙලා

නදිනි Tuesday, 24 March 2015 07:39 PM

මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ඨා ‍මනෝමයා... (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 18 March 2015 03:38 AM

කුසල් සිදුකර එම පින් දෙවියන්ට අනුමෝදන් කරමු. මම දන්නා බුද්ධාගම එයයි (නි)

:       0       0

බන්දුල Tuesday, 17 March 2015 11:24 AM

එහෙනම් එයත් වශී බොලේ ළඟදීම අතට ගන්න පාට පේනවා. (ර)

:       0       0

දිනේෂ් Wednesday, 18 March 2015 09:10 AM

කට්ටිය හිනාවුනේ මහින්ද මහත්තය ඕව විශ්වාස කරා කියලා. බලනකොට කට්ටියම එකයිනේ. (ර)

:       0       0

අනුර Tuesday, 31 March 2015 06:59 AM

අපේ බොදු නායකයන්ට බුදු පියාණන් වහන්සේ ගැන නියම ශ්‍රද්ධාවක් නොමැත. කණගාටු හිතෙනවා. (ස)

:       0       0

රමසි Sunday, 22 March 2015 11:43 AM

මෙතුමා ජනාධිපති වුණේ ජනතාව නිසයි. දෙවියන්ගේ දොර අඟුළු වැටුණදාට වැඩිය ජනතාවගේ දොරවල් අඟුළු වැටෙන දවසක් ආවොත් තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

ශාමිලා Tuesday, 17 March 2015 01:12 PM

මේක නම් මට හරිම වැදගත් වගේම පුදුමය ගෙනදුන් පුවතක් වුණා (නි)

:       0       0

අමිල Tuesday, 17 March 2015 01:49 PM

මේකෙන් මට නම් පෙනෙන්නෙ මිනිසෙක් යන ගමනක් වළක්වන්න ලොව මොනම ජගතෙකුටවත් බැහැ කියන එකයි. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 17 March 2015 02:04 PM

මට හිතෙන්නේ මේක යම් බාධාවක් වගෙයි කියලයි (නි)

:       0       0

වසන්ත Tuesday, 17 March 2015 02:20 PM

ඒ මොකද දන්නෙ නැහැ ඇත්තටම එහෙම වුණේ? (නි)

:       0       0

රොෂාන් Thursday, 19 March 2015 05:53 PM

මේක නම් පුදුමාකාර කතාවක් තමයි (නි)

:       0       0

වසන්ත Tuesday, 17 March 2015 04:43 PM

මේ දෙවියන් වෙනත් රටවල ඉන්න මිනිසුනුත් අදහනවා. ඇමෙරිකාවේ ඉන්න ජනයාත් අදහනවා. එතකොට වෙලාව වෙනස්නේ! මේ රටවල් ඒ ඒ වෙලාවෙන් මිනිස්සු කන්නලුව් කරනකොට කොහොමද කියන්නේ දෙවියන් නිදි කියලා? මම නම් ඇහුවාමයි මෙහෙම කතාවක්. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 17 March 2015 07:33 PM

සිරිසේන මහත්තයාට කවදාවත් වරදින්නේ නම් නැහැ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 March 2015 07:50 PM

අපි පළමුව තෙරුවන් සරණ ගොස්, දෙවනුව දෙවි පිහිට පැතිය යුතුයි! (නි)

:       0       0

ගමගේ Tuesday, 24 March 2015 04:21 AM

මිනිසා අතින් හදපු දෙවි කෙනෙක් කොහොමද මිනිසා පාලනය කරන්නේ ? අනික දෙවියෝ ඉන්නවා කියන කතාව ඇත්ත නම් මේ ලෝකේ මිනිස්සු ඇයි දුක් විදින්නේ ? (ත)

:       0       0

ජීවා Tuesday, 17 March 2015 08:39 PM

දෙවියෝ කවදාවත් හොඳ කෙනෙකුගේ මුහුණ නොබලා ඉන්නේ නැහැ. ඒ අයට පිහිට වෙනවා (නි)

:       0       0

නෙරාන් Tuesday, 17 March 2015 08:58 PM

අපිට දෙවියන්ගේ පිහිට හැරෙන්න වෙන කිසිදු පිහිටක් නොමැතිවෙන අවස්ථාත් තිබෙනවා තමයි (නි)

:       0       0

ලසිත් Tuesday, 17 March 2015 10:29 PM

රෑට අඟුළු දාන්නේ ඇයි දන්නෙ නැහැ. මිනිස්සු තාම මේ වගේ දේවල් විශ්වාස කරනවනේ! (නි)

:       0       0

කුමාරි Wednesday, 18 March 2015 04:18 PM

දෙයියොම සාක්කි කියත්වා! (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 18 March 2015 01:18 AM

දෙවියෝ යහපත් මිනිසුන් ඇතුළට ගන්නේ විශේෂ දොරටුවකින් කියලා මම අහලා තිබෙනවා. සිරිසේන මහතා ඉතාම යහපත් මනුෂ්‍යයෙක් (නි)

:       0       0

සොපී Wednesday, 18 March 2015 01:48 AM

මොනවා වුණත් කාට කාටත් දෙවියෝ සිහිවෙන වෙලාවක් එනවා (නි)

:       0       0

නිම්ශාන් Wednesday, 18 March 2015 01:49 AM

නොපෙනෙන බලවේග ගැන කවුරු මොනවා කිවුවත් දෙවියන් ගැන මම නම් විශ්වාස කරනවා (නි)

:       0       0

ප්‍රේමතිලක Wednesday, 18 March 2015 01:50 AM

ඒ වුණාට කමක් නැහැ. කොහොමහරි අන්තිමට ඇරගත්තනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 104 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 128 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 55 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 25 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 35 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 477 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1293 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site