IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අනගාරික ධර්මපාලතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාය. මව වූයේ මල්ලිකා ධර්මගුණවර්ධන මහත්මියයි.

අනගාරික ධර්මපාලතුමා උපත ලැබුවේ මීට වසර 160කට පෙර 1864 සැප්තැම්බර් මස 17 වැනිදාය.

මේ ලිපිය හිටපු අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු වූ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ලියන ලද ඉතා කෙටි හැඳින්වීමකින් ආරම්භ කිරීම උචිතය.

කොළඹ පැවැත්වුණු ප්‍රසිද්ධ රැස්වීමක දී අනගාරික ධර්මපාලතුමා පළමු වරට දැක බලා ගැනීමට මට හැකි විය.

එතුමාගේ විශිෂ්ට කායික ලක්ෂණවල දක්නට ලැබුණේ ඉතා වෙනසකි. ප්‍රබල ශක්තියක් උද්වහනය කළ එතුමාගේ පූර්ණ පෞරුෂය සකල සභාවම පුරා පැතිර ගියේය. අනගාරික ධර්මපාලතුමාගේ නින්නාද දුන් කතාවේ ශබ්දය ඒ සභා ශාලාව පුරා රැව් දෙමින් ශ්‍රාවක ජනයාගේ සිත් සතන් තුළ එතුමා කෙරෙහි ගෞරව බහුමානයක් දැනවීය. රිදී සීනුවකින් නැගුණු වැනි එතුමාගේ කතාව විටෙක කටුක වුවද මිතුරාගේ මෙන්ම සතුරාගේ ද හද බැඳ ගැනීමෙහි සමත් විය. එසේ වූයේ මේ වදන් ගලා ආවේ අවංක ජාත්‍යාලයකින් හා ආගමික භක්තියකින් පිරුණු නිර්භීත හදවතකින් බව සියල්ලන් දැන සිටි හෙයිනි.

ජාතියේ පියා නමින්ද හැඳින් වූ මේ තුන්කල් දුටු ප්‍රතාපවත් එඩිතර විරෝදාර අනගාරික ධර්මපාලතුමා මෑත භාගයේ මේ රටේ බිහි වූ (19 වන සියවසේ මැද භාගයේ) බෞද්ධ පුනර්ජීවනයේ පුරෝගාමී නිර්මාතෘවරයාණන්ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයත් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් නිසා පිරිහෙමින් පැවති බුද්ධ ශාසනයත් සමාජයේ සිතුම් පැතුම් ද යළි වෙනසකට පත් කරමින් පුනරුත්ථාපනය වූ ඒ ඓතිහාසික යුග මෙහෙවර පැවරුණේ අනගාරික ධර්මපාලතුමාටය.

ඒ කාර්ය ඉටු කිරිමෙහිලා එතුමා කෙරෙහි බලපෑ සමාජ බලවේග මෙන්ම එතුමා එම සත් ක්‍රියාවන්ගෙන් රිදුණු සමහර ප්‍රතිගාමීන්ගේ ක්‍රියාකාරීත්වයන් ද නිසි ලෙස අවබෝධ කරගත හැක්කේ අති බහුතර සංඛ්‍යාවක් ඉංග්‍රීසි හා සිංහල භාෂාවන්ගෙන් ලියන ලද පොත් පත් හා ලිපි ලේඛන කියවීමෙන් පමණි.

අනගාරික ධර්මපාලතුමා ජීවත්ව සිටි යුගයට වඩා අද එතුමාගේ සේවාව අවශ්‍ය බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. මේ යුගයේ අප අද මුහුණ පා ඇති සාමාජික ආගමික ආර්ථික හා සංස්කෘතික වාතාවරණය අනගාරික ධර්මපාලතුමා සෘෂිවරයෙකු මෙන් එදා දුටුවේය.

අනගාරික ධර්මපාලතුමා පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වහන්සේ මෙසේ සඳහන් කළහ.

දොන් ඩේවිඩ් යන නම වෙනස් කර අනගාරික ධර්මපාල යන නාමය යොදාගත් වීරෝදාර තරුණ මහතා රට ජාතිය ආගම හා භාෂාව පණ ගන්වමින් සේවය කළේය. මෑත භාගයේ දී ගිහි පැවිදි දෙපසින්ම අනගාරික ධර්මපාලතුමා තරම් සේවයක් කළ කෙනෙකු නැත. එතුමාගේ හඬින් ප්‍රබෝධ වූවාහු ලක්ෂ ගණනකි. එතුමාට ප්‍රශංසා කළාහු ද ලක්ෂ ගණනකි. ඒවා ඉවසා දරා භාරත දේශයට ගොස් බුද්ධගයාව බේරා ගැනීමේ මහා සටන දියත් කර එය හින්දු මහන්තාගෙන් බේරා ගෙන බෞද්ධ ජනතාවට ලබාදී මෙහිලා මුල් වී ක්‍රියා කළහ.

ඉතා ප්‍රකට ලේඛකයෙකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා අනගාරික ධර්මපාලතුමා ගැන මෙසේ සඳහන් කළේය.

අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයේ ස්වර්ණමය යුගය වර්ෂ 1911 දී ඇරඹුණි. ඒ වර්ෂයේ දී සිය හතලිස් හත් වන වර්ෂයේ දී පස්වැනි වතාවටත් කරන ලද ලෝක චාරිකාවෙන් පසුව ලක්දිවට පැමිණි අනගාරික ධර්මපාලතුමා ලංකාවාසීන් විසින් පිළිගන්නා ලද්දේ ඔටුනු නොපළත් සිංහල රජ කෙනකු ලෙසටය. ඒ කාලය වන විට එතුමාගේ අවංක භාවය පිළිබඳ සැක පහළ කළ සතුරෙකුදු එතුමාට නොසිටියේය. එහෙයින් අවංක ජන නායකයෙකු හැටියටත් ජාතියේ නියම මාර්ගෝපදේශකයා හැටියටත් ලංකාවාසීහු එතුමා පිළිගත්හ.

 

(***)

සිරිසමන් විජේතුංග



අදහස් (1)

බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා

Akishma Sethumili Tuesday, 09 September 2025 05:42 PM

හොඳ ලිපියක් ඒ වුණාට කරුණු මදි... මොකද මම තරග වලට යන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site