IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පරිසරය වනසන අනවසර මැණික් පතල්

 03-page1-S2-2    

 

මැණික් සම්පත සොයා ධනකුවේරයන්, දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සිදුකරන පරිසර හානියට මින් ඉදිරියට කිසිම ඉඩක් නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසද්දීත්, ගොඩකවෙල පොලිස් වසමේ ගල්පාය, තෙළඹුගහආර, තාලිගමයාය ගම්මානයේ ජනතාවත්, එම ගම මැදින් ගලනා කුඩාව ග`ග සහ උඩවලව ජලාශයටත් හානි ගෙනදෙමින් කරන මැණික් පතල් ජාවාරමක් රත්නපුර පොලිසියේ දිස්ත‍්‍රික් පරිසර ඒකකය බිනර පොහෝදා වැටලූවේය.

 

03-page1-S2-1
පරිසර ඒකකයට මෙම මැණික් පතල්පොළ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු පසු, එය වැටලීම ඉතා සූක්‍ෂ්මව සැලසුම් කළේය. රත්නපුරේ කොතැනක මැණික් පතලක් හෝ පතල්පොළක් තිබුණොත් එය වැටලීමට පොලීසිය යන විට බොහෝ විට වටලන්නට සිදුවන්නේ පාළු තැනකි.


එහි වූ යන්ත‍්‍ර සූත‍්‍ර, වෙනත් උපකරණ ආදිය පොලිසිය එන්නට පැය කිහිපයකට පෙර ඉවත්කරගෙන ඇති බවක් බොහෝ අවස්ථාවල දක්නට ලැබීම දිස්ත‍්‍රික් පරිසර ඒකකයේ නිලධාරීන් පවා මුහුණ දුන් අත්දැකීමක් විය.


බිනර පොහොයදා කළ මෙම මෙහෙයුමට රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොලිස්ථාන කිහිපයකින් නිලධාරීන් කැ`දවා තිබුණි. මෙහෙයුම බාරව ක‍්‍රියාකළේ රත්නපුර දිස්ත‍්‍රික් පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ලලිත් කුමාර මහතායි. සබරගමු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප‍්‍රනාන්‍දු යන මහත්වරුන්ගේ පුර්ණ අනුමතිය ඊට ලැබී තිබුණි.


අවට පොලිසිවලින් ගොඩකවෙලට ආ පොලිස් නිලධාරීහු තමන් යන්නේ කුමනාකාර වැටලීමකට ද, ඒ කොහාට ද යන්න දැන නොසිටියහ. වැටලීමට යන ස්ථානය අවසන් මොහොත වනතෙක් රහසක්ව තබා ගැනීමට මෙහෙයුමට නායකත්වය දුන් දිස්ත‍්‍රික් පොලිස් ඒකකය පියවර ගෙන තිබුණේය.
වැටලීමට පිටත්වන්නට සුදානම්ව ගොඩකවෙලින් පිටත් වෙද්දී වැටලීමට යන නිලධාරීන්ට වෙනත් කෙනෙකු හා සම්බන්ධකම් පැවැත්විය හැකි, සංනිවේදනයේ නවීන තාක්‍ෂණික උපකරණ සියල්ලම අවහිර කරනු ලැබිණි. ඒ කාගෙන් හෝ යම් වරදක් සිදුනොවන තැනට වගබලා ගන්නටය. 

03-page1-S2-3


වැටලීමට පොලිසිය පිටත්වූයේ එලෙසය. කුඩාව ග`ග යනු උඩවලව ජලාශයට ජලය සැපයෙන දෙවැනියට විශාල ගංගාවයි. එය දෙවැනි වන්නේ වලව ග`ගටයි. බළන්ගොඩ  ඕපනායක උඩ රංවලින් කුඩා දියපාරක් ලෙසින් ආරම්භව පහළට ගලායන මේ කුඩාව ගෙ`ග් වසර පුරා ජලය ගලා යයි.
ඒනිසා ග`ග දෙපස දහස් ගණන් ජනතාවක් මේ ගෙ`ග් ජලය පානයටත්, වගා කටයුතුවලටත්, වෙනත් අවශ්‍යතා ස`දහාත් යොදාගනිති.


රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන පාරේ පල්ලෙබැද්ද නගරයෙන් ඇති ගල්පාය පාරේ කිලෝමීටර් දොළහක දුරක් ගෙවා මේ අනවසර පතල්පොළට යායුතුය. ගල්පාය තෙළඹුගහආර ප‍්‍රදේශයෙන් පහළ උඩවලව ජලාශය දක්වා වූ කොටසේ ජීවත්වන  ජනයා ප‍්‍රයෝජනයට ගන්නේ ද මේ කුඩාව ගෙ`ග් ජලයයි. අනවසර පතල් කැපීම නිසා දැන් ඔවුන්ට එහි ජලය ප‍්‍රයෝජනයට ගත නොහැකිය. ඒ තරමට ජලය අපවිත‍්‍රව තිබේ.

03-page1-S2-4

 


පල්ලෙබැද්ද, ගල්පාය, කොළඹගහආර හරහා තාලිගමයාය ගමට පොදු ප‍්‍රවාහන සේවාවට අයත් බස් යන පාරටත් ඒ මාර්ගයේ ඇති කුඩාව ගෙ`ග් පාලමත් මේ අනවසර පොළත් කැපීමෙන් හානි සිදුවුවත් ගම්මුන්ට මේ අවනඩුව කියන්නට තැනක් නොතිබුණි. ප‍්‍රසිද්ධියේ මේ පතල් පොළට එරෙහිවීම ජීවිත අවදානමක් ගෙන දෙන්නක් බව අහිංසක ගැමියෝ විශ්වාස කළහ.


මෙතැන පතල් දහයකට වඩා වැඩිවිය. වැඩකරන පිරිස පනහ ඉක්මවිය. ඔවුහු විවිධ ප‍්‍රදේශවල අය වූහ. වැඩ කරන පිරිස් කටයුතු කළේ පතල් කපන්නේ බලපත‍්‍ර ලබාගත් ආකාරයක් ජනතාවට පෙන්වමිනි. කුඩාව ගං ඉවුරේ වාඩි ද තනාගත් අතර මැණික් ඉල්ලම් සොයා ඉවක් බවක් නැතිව දෙපැත්තේ ගංඉවුර කැපුහ. 


මෙහි මැණික් ඉල්ලම් සොයන්නට වැඩකළ පිරිස සාමාන්‍ය ජනයා විය. බොහෝවිට ඔවුන්ට ලැබුණේ කුලියකි. මැණික් ගලක් ලැබුණොත් තව වැඩිපුර සන්තෝෂම් මුදලක් ද ලැබේ. පවතින වැසි සහිත දේශගුණය නිසා වෙනත් ප‍්‍රදේශවල ගැඹුරු මැණික් පතල්වල වැඩ මේ වනවිට නැවතී තිබෙන නිසා පතල් කර්මාන්තයේ නියැලි බොහෝ දෙනෙකු සිටින්නේ වැඩ නැතිවය. ඒනිසා මේ පතලට වැඩකරන අය සොයාගැනීම අපහසු වී නොතිබුණි.


ගමේ අය මේ පතල් පොළ ගැන හෝ එය කරවන්නන් ගැන හෝ ප‍්‍රසිද්ධියේ කතා කරන්නට ඇත්තේ ලොකු බියකි. ඊට හේතුව ඔවුන් කාගේවත් හව්හරණක් නැති, ගොවිතැන්බත් හෝ කුලියක් හෝ කර ජිවත්වන අහිංසකයන් පිරිසක් නිසාය.

 

03-page1-S2-5

 


”අනේ මහත්තයෝ අපි හරිම බයෙන් ඉන්නේ. මේ පතල් කපන පිරිසට කිසිම නීතියක් නෑ. ඉවක් බවක් නැතුව ඉවුර කපනවා. ඒ අය බොහොම ප‍්‍රසිද්ධියේ මේවා කරන්නේ. සමහරු අපි එක්ක කතාකරනකොට මේවාට ලොකුලොකු උදවියගේ සහයෝගය තියනවා කියලා කියනවා. මෙච්චර හානියක් කරද්දීත් අල්ලන්නේ නැත්තේ අවසර දීලා කියලා අපිත් හිතුවා.’’


”ඉවුර දෙපැත්ත කපලා ග`ග පළල් වෙලා. ඉල්ලම යටට තිබුණොත් ග`ග මැද වුණත් හාරනවා. වතුර මැෂින් දාගෙන වැඩ කරන්නේ. මේ ගෙ`ග් පතල්පොළට පහළින් ගලන්නේ තනිකරම බොරවතුර. ග`ග වැටෙන්නේ උඩවලව ජලාශයට. මේ රොන්මඩ සේරම අන්තිමට නවතින්නේ උඩවලව ජලාශයෙන්. අපේ ගමේ පස් සෝදාපාළුවට යනවා. උඩවලව ජලාශය ගොඩවෙනවා. මේ අවනඩුව කාට කියන්න ද මහත්තයෝ.’’


’‘මේ හින්ද ගමට එන පාරත්, පාලමත් හො`දටම අබලන් වෙලා. මහ වැස්සක් ආවොත් පාලම ගහගෙන යයි කියලා සැකයි. පහුගිය කාලේ මැණික් ඉල්ලමක් තියනවා කියලා ආරංචි වුණොත් බලෙන් පැනලා පතල් කපනවා. ඒකතමා මේ පැත්තේ සිරිත.’’ නම හෙළි නොකරන ලෙස ඉල්ලූ ගැමියෙක් කීවේය. 


පොලීසිය මේ වැටලීමට පසළොස්වක පොහොය යොදාගත්තේ බොහෝ අනවසර මැණික් ගැරීම් සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල මහා පරිමාණයෙන් සිදුවන නිසාය. නමුත් මේ පතල්පොළට එවැනි බාධකයන් තිබී නැත්තේ එය පවත්වාගෙන යන්නට අනවසර පතල්කරුවන්ට වෙනත් ආශිර්වාදයක් තිබූ නිසා විය හැකිය.


ඒනිසා පොලීසිය වැටලීමට එද්දී වැඩි දෙනෙක් වැඩට ඇවිත් නොසිටියහ. ඒ පසළොස්වක පොහොය නිසාය. ග`ග දෙපස වාඩි තනාගෙන පතල්පොළ පවත්වාගෙන ගියේ බලපත‍්‍ර ඇති පතල්පොළක් සිහිගන්වන ආකාරයෙන්මය. අසල නිවසකින් විදුලිය ලබාගෙන වතුර මෝටරයක්ද පතල් කපද්දී ක‍්‍රියාත්මක කර තිබුණි. ඒවා සියල්ල පොලීසිය බාරයට ගැනුණි.


ඒ අවස්ථාවේ එහි සිටි පස් දෙනකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. එහෙත් මේ මහ පරිසර විනාශය පසුපස වෙනත් පිරිසක් සිටින බව පොලිසියේ විශ්වාසයයි. ඔවුන් නීතියේ රැුහැනට හසුකර ගැනීමට පොලීසියේ අවධානය යොමුව තිබේ.

m



අදහස් (0)

පරිසරය වනසන අනවසර මැණික් පතල්

කමල් Saturday, 10 October 2015 01:33 PM

පරිසරය වනසන්නා තමන්වද වනසා ගන්නේය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 87 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 159 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 176 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 892 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 235 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1121 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 146 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1314 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 338 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site