මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ දෙදහස් දහය ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. එනම් 2010 ජනවාරි 24 වැනිදාය. ඔහු හදිසියේ අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් විය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සම්බන්ධව දේශපාලන ලිපි, කාටුන් හා ප‍්‍රවෘත්ති  ලබා දුන් ප‍්‍රගීත් අතුරුදන් වන විට මේ රටේ බොහෝ දෙනා ඔහු ගැන කිසිවක් දැන නොසිටි බව කිවහොත් එය නිවැරදියි. ඔහු කවුදැයි කුමක් කරන්නේ දැයි දැන සිටියේ ඉතා සුළු පිරිසකි.

 

SLMA-17.qxd
එම ජනාධිපතිවරණයේදී ප‍්‍රගීත් එවකට ජෙනරාල් ෆොන්සේකාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කි‍්‍රයා කරමින් සිටියේය. ඔහු තම මිතුරන් සමග එක්ව වාර්තා චිත‍්‍රපටයක් සකස් කෙළේය. එහි තේමාව වූයේ ජෙනරාල් ෆොන්සේකා උතුරේ යුද ජයග‍්‍රහණය සඳහා කළ කාර්යභාරයයි. එමෙන්ම හඬ පට හා ලිපි ද ඔහු සම්පාදනය කෙළේය. එම ප‍්‍රකාශන බොහෝමයක් මැතිවරණයේදී ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගත්තද කෙනෙකු අතුරුදන් කිරීමට හේතුවන යමක් ඒ කිසිවක් තුළ වූ බව කිසිවකු නොසිතූ බව පැහැදිලිය.


මාධ්‍යවේදීන් ඝාතනය, පුද්ගලයන් අතුරුදන් වීම එම මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහිව ප‍්‍රබල මාතෘකාවක් වී තිබිණි. එම ආණ්ඩුව සුපුරුදු පරිදි සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් සිිටියේය. ජනාධිපතිවරණයට දින දෙකක් තිබියදී ප‍්‍රගීත් අතුරුදන් වන්නේ එබඳු වාතාවරණයක් යටතේය.


ප‍්‍රගීත් අතුරුදන්වීම ප‍්‍රචාරය වීමත් සමඟ එවකට ආණ්ඩුවේ ප‍්‍රචාරකයන් කීවේ ඔහු ප‍්‍රචාරක වාසියක් සඳහා සැඟව සිටින බවයි. ප‍්‍රගීත් වැන්නකු පැහැරගෙන යන්නට කිසිවකුට  වුවමනා නැතැයි තර්ක කෙරිණි. ඒ සඳහා ලියැවුණු ලිපි හා පළවූ වාර්තා ගණනද විශාලය. සිටින තැනකින් ප‍්‍රගීත්ව රැුගෙන එන බවට පාරම්බෑමද සිදුවිය.


සිදුව ඇත්තේ මේ කියන දේ නොවන බව ඒ මොහොතේ දැන සිටියේ ප‍්‍රගීත්ගේ මිතුරන් හා පවුලේ උදවිය පමණක් විය හැකිය. ප‍්‍රගීත් සොයා දෙන ලෙස උද්ඝෝෂණය ආරම්භ කළෝ ඔවුහුය. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිිටින සංවිධාන මෙය ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස මතු කෙළේය. ප‍්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා, එක්නැලිගොඩ සටන අත නොහැර ගෙන ගියාය. ප‍්‍රශ්නය ජාත්‍යන්තර තලයට ගෙනයාමටද කටයුතු කළාය. අධිකරණයද තවත් සටන් බිමක් බවට පත්විය. සියලූ අංශවලින් ඉදිරිපත් වූයේ ප‍්‍රගීත් අතුරුදන්වීම ගැන පරික්ෂණ පවත්වා සත්‍ය හෙළිදරව් කරන ලෙසයි. ප‍්‍රගීත් සොයාදෙන ලෙසයි.


වරෙක ආණ්ඩුව කීවේ ප‍්‍රගීත් විදේශ රටක ජීවත්වන බවයි. හිටපු නීතිපතිි මොහාන් පීරිස් මහතා මේ කතාව ජිනීවා නුවරදී කීවේ ජාත්‍යන්තර ප‍්‍රජාවටය. හෝමාගම අධිකරණයට කැඳවූ විට ඔහු කීවේ ප‍්‍රගීත් සිටින තැන දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි. ප‍්‍රගීත් ප‍්‍රංශයේ සිටින බව අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාද ප‍්‍රකාශ කළේය. එහෙත් ඒ කිසිවක් තහවුරු කරන්නට  ඉදිරිපත් වූයේ නැත. මේ සියල්ල කළේ ප‍්‍රගීත් අතුරුදන් කිරීමේ චෝදනාවෙන් ගැලවෙන්නට බව දැන් පැහැදිලි වෙමින් පවතියි.


වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම පිළිබඳ පරික්්ෂණය යට ගසා තිබූ බව පැහැදිලිය. බලධාරින් ඒ ගැන කිසිවක් සෙවුයේ නැත. ලැබුණු සාක්ෂිද නොතකා හැරි බව පැහැදිලිය. කෙසේ වෙතත් එම පරික්ෂණය නැවත ආරම්භ කිරීමෙන් ප‍්‍රතිඵල ලැබී ඇති බව දැන් පැහැදිලිය. ප‍්‍රගීත් පැහැරගෙන ගිය ආකාරයත් කඳවුරක රඳවාගෙන ප‍්‍රශ්න කළ ආකාරයත් පිළිබඳ තොරතුරු දැන් හෙළිදරව් වී ඇත.


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අය අතර ප‍්‍රගීත් පැහැරගෙන යෑමට පැමිණි බව කියන සුරේෂ් කුමාර් නැමැත්තාද වෙයි. හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන ඔහු පසුව  බුද්ධි අංශයකට සේවය කළ අයෙකි. ඔහු සහ තවත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු ප‍්‍රගීත් පැහැරගෙන යාමට පැමිණ ඇතැයි කියති.


සුරේෂ් කුමාර් නැමැත්තා අර්ධ සිංහල සම්භවයක් ඇති අයකු බව කියති. ඔහුගේ පියා දෙමළ වන නමුත් මව සිංහල ජාතික කාන්තාවකි. එල්ටීටීඊයේ සිටියදී ඔහුට ප‍්‍රගීත් හමුව ඇත්තේ සාම ගිවිසුම පැවැති කාලයේදීය. ප‍්‍රගීත් උතුරේ කළ සංචාරයකදී ඔහුට තම දුරකථන අංකය ලබාදී තිබූ බව හෙළිදරව් වී ඇත.
සුරේෂ් බුද්ධි අංශයට සේවය කිරීම ඇරඹීමෙන් පසුව මෙම දුරකථන අංකය ඔස්සේ නැවතත් ප‍්‍රගීත් සමඟ සබඳතා පටන්ගෙන ඇත. කෝප‍්‍රල් පි‍්‍රයන්ත නම් නිලධාරියාද ප‍්‍රගීත් සමඟ සබඳතා ගොඩ නඟාගෙන ඇත්තේ සුරේෂ්ගේ සහෝදරයකු ලෙස පෙනී සිටිමින්ය.


කෝප‍්‍රල් පි‍්‍රයන්ත හා සුුරේෂ් ප‍්‍රගීත්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වන බව පෙන්වා තිබිණි. ඔවුන් කීවේ යුද හමුදාවෙන් වසන් වී සිටින තමන්ට විදේශ ගතවීමට උපකාර කරන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි රැුගෙන කොළඹ පැමිණ ප‍්‍රගීත් හමුවීමට යොදාගෙන තිබිණි.


එදින සවස්වරුව ප‍්‍රගීත් ගත කළේ තමන්ගේ පැරණි දේශපාලන හිතවතුන් පිරිසක් සමගය. ජනතා විමුක්ති පෙරමුණේ එකට දේශපාලන කටයුතු කරමින් සිට එයින් ඉවත්වූ මෙම පිරිස එදින රැුස්ව සිටියේ බොරැුල්ලේ මොන්ලාර් හෙවත් ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ, ව්‍යාපාරයේ කාර්යාලයේදීය.

ලයනල් බෝපගේ, කෙලී සේනානායක ඇතුළු පිරිසක් එයට සහභාගි වී සිටියහ.  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ලයනල් බෝපගේ සිය පවුලේ උදවිය සමග ලංකාවට පැමිණ එදින රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඒ නිමිත්තෙන් හමුවූ පිරිස සතුටු සාමීචියේ යෙදී සිට සමූහ ඡුායාරූපයකටද පෙනී සිටියහ. ප‍්‍රගීත් එහි රැුඳී සිටියදීද ඔහු රැුගෙන යාමට පැමිණි පිරිසෙන් දුරකථන පණිවිඩ ලැබී ඇත. රාජගිරිය දක්වා පැමිණීමට මාර්ග විස්තර ලබා දීමට ප‍්‍රගීත්ට සිදුවූ බව කියති. හමුවීමට එන අය කොළඹ මාර්ග ගැන නොදන්නා බව පෙනෙන්නට තිබිණි. එසේ වුවද එය මවාපෑමක් බවත් ප‍්‍රගීත් පැහැර ගැනීමට සුදුසු මොහොත එනතෙක් කල් බැලීමක් සිදුකොට ඇති බවත් දැන් සිතාගත හැකි තත්්ත්වයකි.


මොන්ලාර් ආයතනයෙන් ලංකා ඊ. නිව්ස් කාර්යාලයට ගිය ප‍්‍රගීත් එහි රැඳී සිටියේ ඈතින් පැමිණෙන අයකුට පහසුවෙන් සොයාගත හැකි ප‍්‍රදේශයක සිටිය යුතුය යන අදහසින් විය හැකියි. එහි සිටියදීද ඔහුට දුරකථන පණිවිඩ ගණනාවක් ලැබිණ. මාර්ග විස්තර කීමට ඔහුට නැවත නැවත සිදුවූ බව කියති. පැමිණෙන මිතුරා ගැන ප‍්‍රගීත්ගේ සිතෙහි කිසියම් හෝ සැකයක් නොවූ බව පැහැදිලිය. මේ එන්නේ තමා බිලිගැනීමට බව ඔහු කෙසේවෙත් දැන නොසිටින්නට ඇත.


කෙසේ හෝ වේවා ප‍්‍රගීත් උගුලකට හසුවූ බව දැන් පැහැදිලිය. තමන් පැමිණි රථයට ප‍්‍රගීත් නංවාගත් පිරිස කෙලින්ම ගොස් ඇත්තේ කඳවුරකට බවද එහිදී ඔහු භාර වූයේ  බුද්ධි අංශ නිලධාරින්ට බවද හෙළිවී ඇතැයි කියති.


එම කඳවුරේදී ප‍්‍රගීත්ගෙන් ප‍්‍රශ්න කිරීම භාර වූයේ සාජන් මේජර්වරයකුටය. ඔහු මේ වන විට විශ‍්‍රාමිකයකි. රහස් පොලිසියේ අත්අඩංගුවේ සිටින සාජන් මේජර්වරයා කටඋත්තරදී ඇත්තේ ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ප‍්‍රගීත් කි‍්‍රයා කළ ආකාරය ඔහු හා තිබූ සම්බන්ධය මෙන්ම ”පවුල් ගස” ලෙස ප‍්‍රගීත් ලියූ පොතක් පිළිබඳවය. මෙම පොත පිළිබඳව සාජන් මේජර්වරයා ප‍්‍රකාශයකට ඇත්තේ කාටුන් පොතක් වශයෙනි.


හෙළිදරව්වී ඇති මෙම තොරතුරුවලින් පෙනී යන්නේ මේ කියන ”පවුල් ගස්” පිළිබඳ පොත ප‍්‍රගීත් පැහැරගෙන යාමට හා අතුරුදන් කිරීමට හේතු වූ බවයි.
ප‍්‍රගීත් ලියූ මෙම පොත ගැන දන්නේ සීමිත පිරිසක් පමණකි. එම මුල් පොත ප‍්‍රකාශයට පත්වූයේ නැත. එය මුද්‍රණය කිරීමට ප‍්‍රගීත්ට අවශ්‍ය වුවද ඒ සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කර විය. එයින් උපුටාගත් ප‍්‍රධාන කොටසක් ප‍්‍රගීත්ගේ  මිතුරන් මැතිවරණය සඳහා පළ කළ ”හංස සංදේශය” පුවත්පතේ මැද පිටුවට යොදා ගනු ලැබීය. එහි ශීර්ෂ පාඨය වූයේ ”රජ පවුලයි මා වවුලොයි-එල්ලීගෙන රටම හපයි” යන්නයි.


තමන් ලියූ පොතේ මුල් පිටපත ආරක්ෂක අංශ අතට පත්ව ඇති බව ප‍්‍රගීත් අතුරුදන් වන්නට පෙර දැන සිටියේය. එසේ වුවද එය තම ජීවිතයට තර්ජනයක් වීමට තරම් බරපතළ හේතුවක් වනු ඇතැයි ඔහු විශ්වාස නොකළ බව පැහැදිලිය. ප‍්‍රගීත්ගේ අත්පිටපත ඔහු යන එන තැනකදී අස්ථානගත විය. ඔහු දැඩි ලෙස විශ්වාස කෙළේ රාජගිරියේ මංගල සමරවීර මහතා පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාලයේදී එය සිදුවූ බවයි.


ආරක්ෂක අංශ අතට පත්වූ ප‍්‍රගීත්ගේ ලිපිය ගැන පරික්ෂණයක් සිදුවූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ප‍්‍රගීත්ගේ මිතුරකු වූ කෙලී සෙනානායකට රහස් පොලිසියෙන් කැඳවීමක් ලැබුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙම පොත ආරක්ෂක අංශ අතට පත්ව ඇති බව දැනගත්තේ එම සිදුවීමෙනි.


රහස් පොලිසිය වෙත ගිය කෙලී සේනානායකට මුලින්ම කියන්නේ පුවත්පතක ලිපියකින් කොටසක් පිටපත් කරන ලෙසයි. එය නැවත පිටපත් කිරීමටද සිදුවිය. එලෙස දෙවරක් පිටපත් කළ සටහන් ඉවත රැගෙන ගිය පසුව කෙලීගෙන් ප‍්‍රශ්න කෙළේය. දේශපාලන කටයුතු හා මුද්‍රණ කටයුතු පිළිබඳවද එහිදී ප‍්‍රශ්න කර ඇත. මුද්‍රණයේදී සොයා බැලිය යුතු කරුණු ගැනද ඔහුගෙන් විමසා ඇත.


ප‍්‍රගීත්ගේ ලිපිය කෙලී වෙත ඉදිරිපත් කොට ඇත්තේ ඉන් අනතුරුවය. යතුරු ලියනය කළ එම ලිපියේ ඇතැම් කොටස් සංස්කරණය කොට තිබිණි. කෙලීගෙන් විමසා ඇත්තේ එම අත් අකුරු හඳුනන්නේද යනුවෙනි. එමෙන්ම ලිපිය දැක තිබෙන්නේද යනුවෙන්ද ප‍්‍රශ්නකොට ඇත. එම කරුණු දෙකටම කෙලීගේ පිළිතුරු වී ඇත්තේ නැත යන්නයි.


කෙලී සේනානායකගෙන් මෙලෙස ප‍්‍රශ්න කිරීමේ අරමුණ වන්නට ඇත්තේ එය මුද්‍රණයට ලැබී ඇත්දැයි දැනගැනීමට විය හැකිය. ප‍්‍රගීත්ගේ මෙවැනි මුද්‍රණ කටයුතු සිදුකර අතේතේ කෙලීගේ මුද්‍රණාලයේය යන්න රහස් පොලිසිය දැන සිටි කරුණකි. ප‍්‍රගීත් මෙන්ම කෙලීද විශ්වාස කෙළේ රහස් පොලිසියේ විමසීමෙන් පසුව සියල්ල අවසන් වනු ඇතැයි යනුවෙනි. එය දුරදිග යනු ඇතැයි කිසිවකු විශ්වාස කෙළේ නැත.


දැන් ප‍්‍රශ්නය වන්නේ ප‍්‍රගීත් එක්නැලිගොඩට ඉන් පසුව සිදුවූයේ කුමක්ද? යන්නයි.


කෙසේ වෙතත් ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ අබිරහස ඛේදවාචකයක් හෙළිදරව් වීමෙන් නිමාවිය හැකි බව පැහැදිලිය. එම ඛේදවාචකයට වගකිව යුතු බලධාරීහු කවරහුද? ඔවුනට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිතුරු ලැබිය යුතු ප‍්‍රශ්න ලෙස ඉතිරිවනු ඇත.

m