අලි බැලිල්ල විනෝදයක් වුණත් ”අලි කුලප්පුව” කාටවත් විනෝද නොවේ. සමහරුන්ට අලි ගමන සතුටකි. අලි සෙල්ලම් ද සතුටකි. මේ මොන ”හැඩයත්” පැත්තක හිඳ බලනවා හැර ළඟටවී බලන්නට හැමෝම මැලිවෙති. ඒ තරමට අලියා ”ෂුවර්” නැති සතෙකි. ”ෂුවර්” වුණත් ළඟට යාමට කැමති වන්නේ අතළොස්සකි. වැඩිදෙනා අලියාට ළංවීමට ද බිය උපදවයි. ඌ නොහිතන විටක කලබල වේ. නොහිතන විදිහට දඩබ්බර වේ. වේලාවකට බබෙක් සේ නැළවෙන අලියා ක්ෂණයෙන් අල්ලා, අඹරා, පොළොවේ ගසා මරා දමන චණ්ඩියෙක් වෙයි. එබැවින් අලි බැලිල්ල අතිශය අවදානම් වැඩකි. අලියා සෙල්ලම් කළත් අලි එක්ක සෙල්ලම ගුණදායක නොවේ. අලි එක්ක ජීවත්වීම ද ලෙහෙසි පහසු නොවේ. අද අලින්ගේ තවත් කතාවක් ලියමු.
ඔබ නොදන්නා එහෙත් අලි බලන්නන් දන්නා අලින්ගේ ඇතුළාන්තයේ වෙනස් කතාවක් මෙන්න.
මට එස්.පී. පීටර් (65* මුණ ගැසුනේ ගංගාරාමයේ ගංගා ඇතින්න බලමින් සිටිද්දීය. ගංගා අපි දන්නේ පුංචි කාලයේ පටන්ය. ඇය වෙන්නප්පු ඇතින්නියට දාව උපන්නියකි. දැන් ගංගාට වයස අවුරුදු 10 ක් පමණ ඇත. වයසට සාපේක්ෂව දැන් ඇය අඩි 12 ක් පමණ උසය. පහුගිය කාලයේ ගංගාගේ හුරතල් වැඩ අපි නිතර දෙවේලේ දුටුවෙමු.
පීටර් ගංගාව පුංචි කාලයේ බලාගත්තේය. ඒ කාලයේ ගංගා අඩි දෙකක් පමණ උස වෙන්නට ඇත. ඒ තරමට ඇය ළපටිය. අවුරුදු කීපයක් ගංගා ළඟ නොසිටි පීටර් ආයෙත් ඇය බලාගනී.
ගංගාගෙන් වෙන්වී අවුරුදු පහක් පමණ ගෙවුණත් ආපසු ගංගා වෙත පැමිණි පීටර්ව ඇය බොහෝ ලෙන්ගතුව, ලයාන්විතව පිළිගත්තාය. ගංගාගේ මතකය, බැඳීම ඒ තරම්ම පීටර් කෙරේ හෘදයාංගමය. වේලාවකට ”අලි” මතකය ගැන පුදුමත් හිතේ.
”පීටර්ගෙ ගම කොහෙද”
”මම කෑගල්ලෙ”
”එතකොට අලි බලන්න අරන්”
”අවුරුදු 18 ඉඳල අලි බලනවා. දැන් වයස 65 යි. එතකොට අවුරුදු 47 ක්ම මා කළේ අලි බැලිල්ල”
”පරම්පරාවෙන් ආපු දෙයක්ද”
”නෑ.. මගේ කැමැත්තට... මුලින්ම බැලූවෙ වත්දෙණියෙ තලගොල්ලෙ ඇතින්න. එයා අයිති වුණේ අලව්ව වත්දෙණිය, ජේමිස් මුදලාලිට...” මේ ඇතින්න වයස ගිහින් මළා...”
”මැරෙනකොට වයස කීයද”
”අවුරුදු අසූ අටයි”
”ඔබ බලපු දරුණුම අලියා”
”පොතුහැර පහේ කණුවෙ ඇතින්න බැලූවා. මං එයාව බලන්න ගන්න කොට මිනිස්සු 14 ක් මරල හිටියෙ. හැබැයි මට හීලෑ වුණා. මා ඇතින්න බලද්දි අපේ අම්මා කිවුවා, ”හීලෑ වුණාට කමක් නෑ ඌ සැරයි. ඌව ගිහින් දීල වරෙන්” කියලා. ඒ නිසා මං අවුරුදු දෙකක් බලාගෙන ඇතින්නව බාරදුන්නා. මා බලපු ගංගාරාමෙ රුවන් රාජාත් හරි සැරයි. පන්සලට ගේන්න කලින් ”රාජා” පාරේ එනවා කියද්දි මිනිස්සු ඒ පාරේ යන්නැති තරමට දරුණු එකෙක්”
ඇයි අලි දරුණු වෙන්නෙ මොනවද හේතු?
”අලියා සැර වෙන්න හේතුව අවස්ථානුකූලව නිර්මාණය වෙන්න පුළුවන් තව දෙයක්, අලි හීලෑ කිරීමේ තියෙන වැරදි. කැලෑ සතෙක් හීලෑ කරද්දි සමහරු නොකළයුතු දේවල් කරනවා.
අලියා අල්ලන් ආවම ඌට පැණි බොන්න දෙනවා. සමහර ඇත්ගොවුවො පැණි මුට්ටිය පඹයෙක්ගෙ ඔළුවෙ ගැටගහලා ඒකෙන් කන්න පුරුදු කරනවා. ඌට තේරෙන්නෙ නෑනෙ පඹයෙක් කියලා. මිනිස්සුන්ගෙ ඔළු දකිද්දි ඌ හිතන්නෙ ඔළුවල පැණි තියනවා කියලා. ඉතින් අල්ලලා වැඬේ දෙනවා.”
”හරි පුදුමයිනෙ”
”ඔව් ඕවායින් තමයි අලි දරුණු වෙන්නෙ. පහේ කණුවෙ ඇතින්න හීලෑ කරල තිබුණෙ ඔය විදිහට තව මේ වැඬේට පුරුදු වෙච්ච අලි ඉන්නවා.”
”තව දෙයක් අලි හීලෑ කරද්දි උන්ට පහරදෙන්න උගන්වන්න හොඳ නෑ. මේක අද හුඟක් ඇත්ගොවුවො කරන දෙයක්. පිටස්තර අයට ළං වෙන්න බැරි වෙන්න හොඬින් ගහන හැටි කකුලෙන් ගහන හැටි කියල දෙනවා. අන්තිමේදී බලන මිනිහටත් ගහල මරල දාල තමයි අලියා පස්ස බලන්නෙ. සතාව හදන්න ඕනැ පුළුවන් තරම් හීලෑ කරලා.
”එතකොට කකුල්වලට දම්වැල් දාන්නෙ පහරදීමට පුරුදු කරපු අලින්ටද?”
”හුඟක් වෙලාවට කකුල්වලට දම්වැල් දාල පෙරහරවල ගෙනියන්නෙ පහරදීමට පුරුදු කළ අය. හීලෑම අලින්ටත් දානවා. හැබැයි මේ ගංගාට එහෙම දම්වැල් ඕනැ නෑ. එයා හීලෑයි. හීලෑ කරනවා කියල අද කරන්නෙ ”වල්” කරන එකනෙ. කැලේ ඉන්නව වගේ ”වල් අලියෙක්” ව බලාගන්නවා. අලි බලන අය මෙහෙම කරන්නෙ තව අලිකාරයෙක්ට ඇවිත් ඌව බලාගන්න බෑ. ඒ තරම් මුරණ්ඩුයි. හීලෑ වෙලා ඉන්නෙ එක මිනිහටයි.”
”දැන් පීටර් අලි කීයක් විතර බැලූවද?”
”තලගොල්ලෙ ඇතින්න, මාතලේ උපාලි අලියා, හක්ගල්ලෙ අලියා, වරකාපොළ නැට්ට කොටා, මීරිගම සීතා ඇතින්න, ගංගාරාමෙ රුවන් රාජා, මාතර පොඩි රාජා,
”මුරණ්ඩු වුණු අලියෙක් බලාගන්න වුණොත් මොකද කරන්නෙ”
”පළවැනි දේ මුරණ්ඩු සතාට කරදර කරන්න හොඳ නෑ. පුළුවන් තරම් ඌටත් මෛත‍්‍රිය දක්වන්න ඕනෑ. හෙණ්ඩුව අතට අරන්, තෝ කනවා, තෝව නයා කාපිය කිවුවොත් ඒ සතා තවත් දරුණු වෙනවා. ඇතා කුලප්පු වුණහම ඌට හෙණ්ඩුවෙන් ඇනල, ගහල පුළුවන් තරම් කරදර කළොත් ඒ සතා වෛර බඳිනවා. උදාහරණයක් කෑගල්ලෙ සෑම් මහත්තයගෙ අලියා හතර පස් දෙනෙක්ව මැරුවා. දැන් ඉන්නෙ පන්නිපිටියෙ දෙව්රම්වෙහෙරෙ.”
”හුඟක් මිනිස්සු අලි කෙඳි ගැන ලොකු විශ්වාසයක් තියනවනෙ. ඇත්තටම ඒවායේ යම් කිසි ශක්තියක් තියනවද?
”තියනවා. අපල උපද්‍රවවලට, බයවීම්වලට අලි කෙඳි පැළඳීම හොඳයි. හැබැයි හීලෑ ඇතාගෙ කෙඳි වැඩක් නෑ. හීලෑ කෙඳි ගන්නවා නම් ඒක මහා බොරු වැඩක්. වල් අලියගෙ කෙන්ඳක් ලැබුණා නම් අන්න හරි..”
”ඇයි මේ වල් අලියගෙම කෙන්ඳ”
”උගේ පිට පාගල නෑනෙ. අලියගෙ පිටේ ගියොත් ඒ අලියගෙ කෙඳි පැළඳීම කිසි තේරුමක් නෑ...”
”නමුත් මේක දන්නෙ නැති මිනිස්සු හීලෑ අලින්ගෙ කෙඳි ඉල්ලන් එනවත් ඇතිනෙ...”
”අපෝ ඕනැ තරම්. හොඳ හොඳ සල්ලිකාර මහත්තුරු නෝනල ඇවිත් ඉල්ලනවා. විවිධ ක්ෂේත‍්‍රවල වැඩකරන අය. මැති ඇමැතිවරු ළඟ වැඩකරන අය, ව්‍යාපාර කරන අය, ලොකු ලොකු රස්සා කරන අය, දුක් කරදර තියන දුප්පත් පවුල්වල අය ”ටුවරිස්ලා” මේ සේරම”
”ඒ කියන්නෙ කෙඳි විකුණන අයත් ඉන්නවා.”
”ඉන්නවා... රුපියල් දාහ හමාර දුන්නම කෙඳි දෙනවා. පෙරහරකට ගෙනල්ල අලි පෝලිම් කරහම මේ වැඬේ වෙනවා මම දැකල තියනවා.
”අලි අයිතිකාරයො දන්නවද?”
”දන්නව නම් ගහල පන්නයි.. කිසිම අලි හිමියෙක් මේක දන්නෙ නෑ..
”කොහොමද කෙඳි ගලවන්නෙ”
”හීලෑ සතානෙ..... කතුරකින් හරි, පිහියෙන් හරි කෙඳි කපනවා.”
”වල් අලි කෙඳි ගන්ඩ විදිහක් ඇත්තෙම නැද්ද?”
”තියනවා.... කැලේ වල් අලියෙක් මැරුණු බව ආරංචි වුණාම ඉස්සෙල්ලම එතනට ගිහින් වල්ගෙ කපාගෙන එන අය ඉන්නවා.” ඊට පස්සෙ කෙන්දක් රුපියල් තුන් හාර දාහට විකුණනවා...”
”ඔය කියන විදිහට පණ පිටිනුත් ඔය වැඬේ කරන අය ඇතිනෙ...”
”ලංකාවනෙ මහත්තයො.... නොවෙන්න පුළුවන්ද? මැරුණු වල් අලියා විතරක් නෙවෙයි, මැරෙන්න පණ අදින සතාගෙත් වල්ගෙ කපන් එන එවුන් ඉන්නවා. අලියා මහා සම්පතක්. තිරිසන් වැඩ කරන්න හොඳ නෑ...” පීටර් කියයි.
”දැන් මේ අලින්ට අපි කතා කරන දේවල් තේරෙනවද?”
”ඔව් අලි භාෂාවම වෙන්න ඕනැ නෑ. අපි කියන දේ අවුරුදු පහ හයේ පැටියටත් තේරෙනවා. කුලප්පු වෙච්ච අලියට ”චූටි මහත්තයෝ” වගේ කියල කිවුවම ලේසියෙන් සන්සුන් කරගන්න පුළුවන්...
”අලියට හොඳ ඉවක් තියනවලූ නේද?”
”හොඳම ඉවක් තියනවා. ඌට හොඳට අඳුන ගන්න පුළුවන්. හරක්මස් කාලා, ඌරුමස් කාලා, කිල්ලකට අහුවෙලා මේ සතා ළඟට යන්න හොඳ නෑ. දෙවියන්ගෙ වාහනේ.. එයා දන්නවා, මේ මිනිහා වැරදි තැනක ඉඳල ඇවිත් ඉන්නෙ කියලා. ඒ වෙලාවට අලියගෙ හැසිරීම නරක වෙන්නත් පුළුවන්.”
ජාතික ජන බලවේගය-ජනතා විමුක්ති පෙරමුණ රජයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ජනාධි
පෙබරවාරි 16 වැනිදා ඉරිදා දිනයයි. කලා නිර්මාණවල විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 32 වැනි වරටත් කොළඹ 07, ආන
බල්ලො මරා හෝ සල්ලි හොයා ජොලියේ සිටින්නට කෙටිමං සොයන සමාජය අද වනවිට යථාර්ථයක් වී අවසානය. එය සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සියල්ලෙහි පිළිල
වසර 2025 සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය, සංශෝධන කිපයක් සමගින්, වැඩි ජන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය. ඒ අනුව, ඉදිරි මාස 8 ක කාලය තුළ දී එම අයව
මෑතකදී, ඉන්දියාවේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නා කාලයේ සිට මා දන්නා සහ දැන් එක්සත් ජනපදයේ සේවය කරන මගේ මිතුරියක් නවදිල්ලියේදී මට මුණගැසුණි. මෙම නැවත හමුවී
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
පිටේ ගියාට පස්සේ අලියගේ කෙඳි අරන් වැඩක් නෑ
සඳුනි Friday, 08 August 2014 03:39 PM
පෙරහැරට අලි ඇතුන් ආභරණයක් බව ඇත්ත.නමුත් කැළේ නිදහසේ හැදෙන සතුන් අල්ලාගෙන ඇවිත් මේ කරන ක්‍රියාදාමය නම් මහා විශාල පාපයක්.හීලෑ අලි ඇතුන්ගෙන් පැටවුන් බෝ කිරීමට උත්සාහ කිරීම වඩා සුදුසුයි.තායිලන්තයේ එසේ කරන බව මම අසා තියෙනවා.(අ)
මහේෂ් Wednesday, 20 August 2014 02:10 PM
හොඳ ලිපියක් (නි)
අචිරා Saturday, 09 August 2014 05:08 PM
ලංකාවේ කැලේ අඩුවෙගන යනවා. අලි ඇතුන්ට වාසස්ථාන අඩුවෙගන යනවා මේනිසා අලි ඇතුන් හදන අයට රජයෙන් ආධාර නුග්‍රහ දියයුතුයි එවිට ලංකාවේ අලි ඇතුන් රැක ගත හැකිවෙයි (දී)
ප්‍රසාද් Tuesday, 12 August 2014 08:51 AM
අපල දුරු වෙන විදියක් මෙන්න. කාටවත් නොකිය ඇඳුම් කිසිවක් නැතිව නුල්පටක්වත් නැතිව අලි යන මාර්ගයකට ඇවිත් උස ගහකට නැගල අලියාගේ පිටට පනින්න එතකොට අපල සියල්ලම දුරුවෙනවා. (නදී)