
‘‘ආසියාවේ ආශ්චර්ය, මාස 60න් අලුත් රටක්’’ වැනි සාඩම්බර වාගාලාපයන්ගෙන් වසා තිබූ රටෙහි ඇත්ත ඇතුළාන්තය එම වැකි මුද්‍රණය කළ කඩදාසිවල තීන්ත වේලෙන්නත් පෙර ඇස් පනාපිටම ප්‍රදර්ශනය විය. අවසානයේදී නිර්මාණය වූයේ දිවා රෑ වෙනසකින් තොරව සාපිපාසිතව පෝලිම්වල ලගිමින් නරා දුක් විඳීමට සිදුවූ රටකි. බංකොලොත් රටක වින්දිත නින්දිතයන් වීමට මෙරට ජනයාට සිදුවිය.

රටේ ඉරණම එසේ ලියැවීමට බලපෑ හේතු සාධක කෙරෙහි ගැඹුරු අවධානයක් යොමු වී නොමැති බව ඒකාන්ත සත්‍යයකි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය මධුර විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ තොරතුරකින් ඒ බව මනාව පසක් වේ.
මධුර විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් කෝටි 30ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වීමට ඩොලර් විසිනවකෝටි පනස් ලක්ෂයක් වියදම් කර ඇති බවය.
එතරම් ඩොලර් විශාල ප්‍රමාණයක් වියදම් කර මෙරටට ගෙන්වා ඇත්තේ සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, කිරිඅල, අන්නාසි, මෑකරල්’’ ආදිය බවද මන්ත්‍රීවරයා පෙන්වාදී තිබුණි.
එකී අනාවරණයෙන් පමණක් නතර නොවී ‘‘ආණ්ඩු පක්ෂයේ හිටියාට බොරු පම්පෝරි ගසන්නට එපා යැයි ඇමැතිවරුන්ට කියන බවත් අමාත්‍යංශවලට ජනපති වෙන්කළ මුදල්වලින් තමන්ගේ යුතුකම ඉටු කරන්නැයි ඉල්ලා සිටින බවත්’’ සඳහන් කර ඇත. එමෙන්ම තමන්ට බාරදී තිබෙන කාර්ය සාධනය නිසි පරිදි ඉටු කරන්නැයි ඉල්ලා ඇති මන්ත්‍රීවරයා එසේ නොමැතිව තවදුරටත් කිරිඅල, මඤ්ඤොක්කා, බතල ගෙන්වන ආර්ථිකයක් හදා වැඩක් නැතැයි ද පවසා ඇත.
මහපොළොවේ වැවෙන බෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට ඛනිජ ගැන සෙවීමෙන් වැඩක් නැතැයි ද කියා ඇති මන්ත්‍රීවරයා කිරිඅල මඤ්ඤොක්කා ගෙනැවිත් රටේ තිබෙන ඩොලර් පිටරට යවන්න උත්සාහ කරනවා නම් එය සැමගේ අවාසනාව බවද පවසා තිබේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඔහුගේ නිර්භීතභාවය ගැන අපි සතුටු වෙමු. එහෙත් මේවා බීරි අලින්ට වීණා වාදනයක් වන්නේ නම් එය ද රටේ අවාසනාවක් බව අවධාරණය කරමු. ‘‘කණාගේ පයේ හැපුණ මැණික් ගලක්’’ යනුවෙන් කියමනක් වහරෙහි එයි. මැණික කෙතරම් වටිනා වුවද කණාට එහි ඇති අගයක් නැත. අප රටට සිදුවී තිබෙන්නේ ද එයමය. රටෙහි වටිනාකම දන්නා පාලකයන් දුරාතීතයේ සිටම සිටියේනම් මේ රටට මෙහෙම වන්නේ නැත.
අප රට සතුව සරු සාර පොළොවක් තිබේ. රට පුරා ගලායන මහා වාරි මාර්ග පද්ධතියක් තිබේ. කලාතුරකින් වෙනස් වුවද කලට වැසි වැටේ. අප රට අතීතයේ බත බුලතින් සශ්‍රීක වූයේ මෙම අගනා වටිනා සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගත් හෙයිනි. රට ‘කෘෂි කාර්මික’ වුවද අප රට තුළ එය කර්මාන්තයක් වශයෙන් විද්‍යාත්මකව වර්ධනය වූයේ නැත.
අවසානයේදී අල, බතල, මඤ්ඤොක්කා පිටරටින් ආනයනය කරන තැනට පත්වූ දිළිඳු රටක් බවට අප රට පත්ව තිබේ. කොස්ස, ඉදල, සරුංගලය පවා පිටරටින් ගෙන්වන විසම පරිසරය තුළ අල, බතල, මඤ්ඤොක්කා පිටරටින් ගෙන්වීම සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇති කර ගත යුතුද නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබීමට නියමිත මුදල ඩොලර් කෝටි 30කි. පසුගිය වසරේ කිරිඅල, ගස්ලබු ගෙන්වීමට වැය කර ඇති මුදල ඩොලර් විසිනවකෝටි පනස් ලක්ෂයකි. රට මේ මට්ටමින් හෝ තිබීම ගැන අප සතුටු විය යුත්තේ එහෙයිනි.
(***)
COMMENTS
ගාන වැරදුණා වගේ, විසිනවකෝටි පනස් ලක්ෂයකි. ඩොලර් ද රුපියල් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබීමට නියමිත මුදල ඩොලර් කෝටි 30කි. පසුගිය වසරේ කිරිඅල, ගස්ලබු ගෙන්වීමට වැයකර ඇති මුදල ඩොලර් විසිනවකෝටි පනස් ලක්ෂයකි...
ඩොලර්වලින් අල බතල ගෙන්වන ශ්‍රී ලංකාවට බුද්ධිමත්ව සිතා කටයුතු කරනා කෘෂි ඇමැතිවරුන් සිටින්නේ නම් අල බතල ලංකාවට ආනයනය කිරීම නොව ලංකාවෙන් විදේශ රටවලට අපනයනය කිරීමට සැලසුම් සකස් කළයුතු වේ. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා නළුවන්/ නිළියන් ඉවත් කර රට වෙනුවෙන් වසර 5ක් අවන්කවම කැපවන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර රටට වෙනසක් ලබාදීමට පුරවැසියන්ගේ වගකීම වේ. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටිනා ඇමැතිවරුන්ට රටක් දියුණු කිරීම පිළිබඳව අවබෝධයක් නැත. එමනිසා ඔවුන් පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා වෙනුවට ඉදිරි මැතිවරණයේදී කතිරයෙන් දේශපාලකයින්ගේ ජනතාව රවටමින් සිටි ප්‍රජා අයිතිය අහෝසිකර ගෙදර යැවීමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය යොදාගැනීමට කටයුතු කළයුතුවේ..
ලංකාවේ යම් දෙයක් යම් පමණකින් වැවුණු පමණින් ඒවා ආනයනය කරන්න එපා කියන්න බෑ. බිත්තර වෙලෙඳාම මතක්කර ගන්න.
ලංකාවේ ඉන්න අය දන්නේ කටෙන් බතල සිටුවන්නයි...!