IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


කී දේ නොඇසූ එස්.ටී.එෆ්. සැරයන්ට කුමනේදී කොටි ප‍්‍රහාරයක්

නැගෙනහිර පළාතේ පානම ගම්මානයට යන මාර්ගය  මෑතදී සංවර්ධනය වුවත් මීට පස් වසරකට පෙරදී කටුකොහොළින් පිරි මගක් විය. පානමටම ආවේනිකවු චාරිත‍්‍රවාරිත‍්‍ර වලින් සුසැදි මේ ගමේ මිනිස්සු ඉතා කාරුණික මෙන්ම ආගන්තුක සත්කාරය නොඅඩුව කරන පිරිසක් විය. පොතුවිල්, ආරුගම්බේ, උල්ලෙ, ශාස්ත‍්‍රවෙල පහුකර පානමට එන මාර්ගයේ  දෙපස ඇත්තේ මහ වනාන්තරයයි. එදා ඒ අබලන් මාර්ගය ඔස්සේ දිවාකල මිස අදුරු වැටුනු පසු එහා මෙහා නොයාමට පානම වැසියෝ වග බලාගත්හ. ඊට හේතු කිහිපයක් විය. ඉන් එකක් අදුර වැටෙත්ම වනාන්තරයේ වෙසෙන වනඅලි මාර්ගයට පැමිණීමයි. දෙවැන්න වනාන්තරයේ වෙසෙන දෙපාකොටි මාර්ගය අවට සැරි සැරීමයි. පානම වැසියන්ට පත්තිනි සහ අලූත්බණ්ඩාර දෙවිවරුන්ගේ පිහිටාරක්‍ෂාවට අමතරව කතරගම දෙවියන්ගේ නිරතුරු ආරක්‍ෂාව නොවන්නට කොටි ත‍්‍රස්තයන්ගේ ඝාතන නිසා අමුසොහොන් බවට පානම පත්වන්නට ඉඩතිබු බව පානම වැඩිහිටියෝ අදටත් සිහිපත් කරති. එවකට පැවති රජය කොටි ත‍්‍රස්තයන් සමග 2002 දී ඇති කරගත් සටන් විරාම ගිවිසුම අහෝසිවීමත් සමග කොටි ත‍්‍රස්තයන් සොයා නැගෙනහිර මෙහෙයුම් වැඩිවන්නට විය. සටන්විරාම ගිවිසුම කාලයේ නැගෙනහිර ප‍්‍රදේශයේ ගම් සහ නගරවල නිදහසේ සැරිසැරූ කොටි ක‍්‍රියාකාරීහූ හොදින් තොරතුරු රැස්කළ නිසා මේ කොටි ත‍්‍රස්තයන්ගෙන් ඒ ගම් සහ නගර පමණක් නොව සාමාන්‍ය වැසියන්ද ආරක්‍ෂා කිරීමට ආරක්‍ෂක නිලධාරින්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවු වකවානුවක් විය. දෙදහස් හත වර්ෂයේදී නැගෙනහිර මෙහෙයුම් හමුවේ කොටි ත‍්‍රස්තයෝ මුහුදු සහ ගොඩබිම් මාර්ග වලින් කුමන වනාන්තරයට රිංගන්නට පටන් ගත්හ. ඇතැමුන්  ඕකන්ද දේවාලය අසලින් ගොඩබිමට එන්නේ ධීවර වෙස් ගෙනය. එසේ නැත්නම් ගිරිකුල කළපුව අසලින් ගොඩබිමට එති. එසේත් නැත්නම් කුමන ගම්මානයට නුදුරින් ගොඩබිමට එති. මේ වනවිට කුමන වනජිවී කාර්යාලයද වසා දමා තිබුණි. එහි සේවකයෝ පානම ගමට පැමිණි අතර වරින්වර කිහිප දෙනෙක් දිවා කළ එහි ගොස් රාත‍්‍රීයේ ආපසු පානමට එති. කොටි ත‍්‍රස්ත මෙහෙයුම් නැගෙනහිර ක‍්‍රියාත්මක වුණද  ඕකන්‍ද දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය සුපුරුදු පරිදි සිදුකිරිමෙන් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ලබාගත හැකියැයි විශ්්වාසයක් පැවතුනි. මේ වනවිට මේ ප‍්‍රදේශයේ ආරක්‍ෂාව භාරව සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතාය. ඔහු  ඕකන්‍ද දේවාලයේ පෙරහර පැවැත්වීමට විශේෂ දායකත්වයක් දුන් ආරක්‍ෂක නිලධාරියෙක් විය. පෙරහර කාලයට  ඕකන්‍දට කොටි ත‍්‍රස්තයන් වෙස්වලාගෙන පැමිණෙන බව නොරහසකි. ඇතැම් අවස්ථාවල ඔත්තු බැලීමට කොටි ත‍්‍රස්තයන් පෙරහර සමය යොදාගනී. දේවාලයේ පෙරහරට පැමිණි බැතිමතුන්ගේ වෙස්ගෙන දින ගණන් එහි ගතකිරීම මේ කොටි ඔත්තුකරුවන්ගේ සහ ඔත්තුකාරියන්ගේ රාජකාරිය විය. එහි එන ආරක්‍ෂක නිලධාරින්, ඔවුන් යන එන ගමන් එහිදී වැඩිපුර කොටි ත‍්‍රස්තයන්ගේ විපරම් කිරිම්වලට ලක්වෙන බව වසන්ත කුමාර මහතා හොදන් දැන සිටියේය. කතරගම දෙවියන් වෙනුවෙන් පේවී එන බැතිමතුන්ට සහ  ඕකන්‍ද දේවාලයටත්, පෙරහරටත් ආරක්‍ෂාව දීම වසන්තකුමාර මහතාගේ ප‍්‍රධානම වුවමනාව විය. ඒවනවිට ඔවුන් සිටියේ පානම කේන්‍ද්‍රගත කරගෙනය. පානම සිට  ඕකන්දට කිලෝමීටර් දාසයක් ආගියේ පාගමනිනි. පෙරහර සමය නිසා  ඕකන්දේ ආරක්‍ෂාව තර කරන්නට  ඕකන්ද ප‍්‍රදේශයේ තාවකාලිකව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරු කිහිපයක් ස්ථානගත කළ යුතු බව ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්තකුමාර මහතාගේ අදහස විය. මේ බව ඔහු තමන්ට ඉහළින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතාට (පසුගිය වසරේ සැප්තැම්බර් 27 දින අම්පාර මහඔය හන්දියේ පිහිටි පොලිස් විශේෂ බළකා කදවුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේම ප‍්‍රධාන පොලිස් පරික්‍ෂකවරයකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතා මියගියේය.) දැනුම් දුන්නේය. ඒ අනුව ජංගම කදවුරු බැදීම සිදුවිය. රාත‍්‍රී කාලයේ සැරිසරණ කොටි ත‍්‍රස්තයන්ගෙන් ආරක්‍ෂා වී  ඕකන්දට එන ජනතාවට ආරක්‍ෂාව සැපයිය යුතුය. වෙහෙරකෙම ගණදෙවි කෝවිලට නුදුරුව කැලෑව ඇතුළට වන්නට පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම කදවුරු බැන්දේය. අමාවක ආසන්න නිසා රාත‍්‍රී දැඩි අදුරක් ගෙනාවේය. වියළි කාලගුණය නිසා එළිමහනේ රාත‍්‍රිය ගත කිරීම අවදානම් නැත. නමුත් වනසතුන්ගෙන් මෙන්ම සර්පයන්ගෙන් ආරක්‍ෂාවීම වැදගත්ය. කුඩා හෝ එළියක් දැල්වීම මරණයට අතවැනිමක් වැනිය. මැදියම් රැයවන විට හමායන සීතල සුළගට ඇෙඟ් හිරිගඩු පිපෙයි. ඒ සිතල සුළගත් සමග එන පින්නෙන් ඇද සිටින ඇදුම් තෙත් වෙයි. එහෙත් මේ පින්නෙන් සුළගින් බේරෙන්නට කියා තාවකාලික හෝ කූඩාරමක් තැනීම කොටි ත‍්‍රස්තයන් ගැවසෙන අඩවියේ සුදුසු නැත. මේ පීඩා විද දරාගනිමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් කණ්ඩායම් කුමන කැලෑවේ තැන තැන රැය පහන් කළේය. ජංගම කදවුරුවල විශේෂත්වය වූයේ දිනෙන් දින කදවුරු වෙනස්වීමයි. මෙය සතුරාට ද ඉමහත් අභියෝගයක් විය. කදවුරු ගැන තොරතුරු සොයා ප‍්‍රහාරයක් සැලසුම්කරනවිට කදවුර එතැන නොවීමෙන් සතුරා නොමග යයි. මේ ආකාරයට 2007, 2008  වසරවල කුමන වනෝද්‍යානයේ ජංගම කදවුරු තැනින් තැන ඇතිවිනි. කුමන කැලැවේ කොටි ත‍්‍රස්තයන් පහලොවේ විස්සේ කුඩා කණ්ඩායම් විය.  ඕකන්‍ද වනජිවී පිවිසුම් කාර්යාලය වසා තිබුණද වනජිවී අඩවි සහකාර බී. ගුණසිංහ මහතා වරින්වර එහි පැමිණ දිවාකාලයේ කුමන වනෝද්‍යානයේ වන සතුන් ගැන සොයා බලන්නේ පොලිස් විශේෂකාර්ය බළකායේ පුර්ණ සහාය ඇතිවය. කුමන කැලෑව ගැන ඔහුගේ තොරතුරු කැලෑවට යන්නට හොද උපදෙස් මාලාවක් විය. පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතා (වත්මන් පොතුවිල් පොලිස්ථානාධිපතිවරයා) කුමන වනෝද්‍යානය ඇතුළට ගමන් කිරිමේදී ආරක්‍ෂක උපක‍්‍රම භාවිත කරන ලෙස තම කණ්ඩායමට නිතරම උපදෙස්දුන් නිලධාරියෙක් විය. එසේම ඔහු අඩුම තරමින් දින කිහිපයකට හෝ වරක්  ඕකන්‍දට පැමිණ මුරුගන් කෝවිලේදි කතරගම දෙවියන් වෙනුවෙන් කපුරු දැල්වීමක් හෝ කිරීමට අමතක නොකළේය. ඕකන්‍ද දේ්වාලයේ 2007 පෙරහර මංගල්‍යය පැවැත්වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ පූර්ණ ආරක්‍ෂාව යටතේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටි සැරයන් අනුර හොද හැඩිදැඩි පුද්ගලයකු විය. එකවර කිහිප දෙනකු බිම දමන්නට තරම් ශක්තියක් ඔහුට විය. පෙරහර අවසන්වීමෙන් පසු කොටි ත‍්‍රස්තයන් කුමන කැලෑවට රිංගා ඇතිබවට තොරතුරු ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතාට ඒවනවිට ලැබී තිබුණි. ඒ නිසා කුමන වනෝද්‍යානය ඇතුළේ ගමන් කිරිමේදී අටදෙනාගේ කණ්ඩායමෙන් පරිබාහිරව නොයන ලෙස වසන්ත කුමාර මහතා සෙසු නිලධාරින්ට උපදෙස් දී තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කුමන වනෝද්‍යානයේ ඇතුළේ ගමන් කරද්දී දැනට ඇති පාරට සමාන්තරව කැලෑවෙන් එක් කණ්ඩායමකුත් වෙරළ දෙසින් තවත් කණ්ඩායමකුත් ලෙස කණ්ඩායම් දෙකක් ගමන් කිරීම කුමන සැගවී සිටි කොටි ත‍්‍රස්තයන්ට පවා ගැටලූ ඇතිකරන්නක් විය. දිනක්  ඕකන්‍ද දේවාලයට ගොස් කතරගම දෙවියන් වෙනුවෙන් පඩුරුදමා කපුරු දල්වා කුමන කැලෑවේ ඇතුළට පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් පිටත්විය. එහෙත් ඔවුන්ට උඩහැලව වැවට යන ඇතුලූ පාරේදි කොටි ත‍්‍රස්තයන්ගේ ප‍්‍රහාරයක් එල්ලවිය. අටදෙනාගෙන් නොඅඩුව නොයන්නැයි වසන්තකුමාර මහතාගේ උපදෙස නිසා ප‍්‍රතිවාදින්ට එල්ලකළ ප‍්‍රති ප‍්‍රහාරය හමුවේ සතුරන් පසු බැස්සේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ කිසිවකුටත් හානියක් නොවීය. නමුත් එක් අවාසනාවන්ත සිදුවීමකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් අතර දැඩි කම්පනයක් ඇතිවිය. මුලින් ස`දහන් අටදෙනාගෙන් බැහැරව නොයන්නැයි වසන්තකුමාර මහතාගේ උපදෙස නොතකා පැමිණි පොලිස් විශේෂකාර්ය බළකායේ සැරයන්වරයෙක් නිවාඩු සිටින අතරේදී පිටව යන බව දන්වා තවත් කොස්තාපල්වරයෙක් සමග බයිසිකලයෙන් යද්දී උඩහැලව වැව ආසන්නයේදි ප‍්‍රහාරයකට ලක්ව දිවි පිදුහ. කුමන වනෝද්‍යානය පුරාවට වියළි කාලගුණය දැඩි බලපැම් ඇති කළේය. වනෝද්‍යානයේ වැව් පොකුණු දියපාරවල් හිදි ගියේය. දියපොදක් සොයා වනසතුන් හැම තැනම රැුයක් දවාලක් නැතිව සැරිසරයි. කුමනට රිංගාගත් කොටි ත‍්‍රස්තයන්ටත් මේ වියළි කාලගුණය ඇතිවූ ජල හිගය දැඩි ලෙස බලපාන්නට ඇතැයි ආරක්‍ෂක නිලධාරිහූ ද විශ්වාස කළහ. දියපොදක් ඉතුරුව තිබූ ජලමුලාශ‍්‍ර අසල පොලිස් විශේෂ කාර්ය බලකායේ අටේ කණ්ඩායම් රැකවල් ලා සිටියහ. නමුත් පොලිස් විශේෂ කාර්ය බලකායට තිබු බිය නිසාම කොටි ත‍්‍රස්තයෝ පිපාසිතව සැගවීසිටීමට උත්සාහ ගත්තා මිස වතුර සොයා කැලෑවේ නො ඇවිද්දහ. කුමන කැලෑවේ කොටි ත‍්‍රස්තයන් සොයා ගිය එක් මෙහෙයුමක් අතරෙදි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්තකුමාර මහතා ඇතුලූ කණ්ඩායමක් මහකැබිලිත්තට ගියහ. පිරිසුදුවී කුඹුක්කන්ඔයෙන් එගොඩවී මහසියඹලාවටත්, සියඹලා දේවාලයත් ගොස් වැ`දපුදාගෙන බෝධියද වැද යළි කුඹුක්කන් ඔයෙන් එගොඩවී මෙගොඩ බෝධියට පැමිණියේය. මේ කාලය මහකැබිලිත්ත අදමෙන් නොව මිනිස් වාසයෙන් තොර ජනශුන්‍ය තැනක් විය. වනසතුන් සිත්සේ ආගිය තැනක්වු අතර කොටි ත‍්‍රස්තයන්ට තිබු බිය නිසාම කිසිම පිටස්තර කෙනෙක් එහි නොපැමිණියේය. අඩුම තරමේ වනජිවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හෝ නොපැමිණියේය. නමුත් අද කැබිලිත්තට කිහිප වතාවක් පැමිණි සමහරු මේ අතීතය අමතක කර තමන් වසර පහ හයක සිට නොකඩවා මහකැබිලිත්තට ආගිය බවට කටමැත දොඩවති. කුඹුක්කන්ඔයෙන් එගොඩවු ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතා පැන් කළයක්ද රැගෙන මෙගොඩ බෝධියට ගියේ බෝධිය නහවන්නටය. මාස ගණනාවකින් වැස්සක් නොලැබු මේ මහවනාන්තරයේ සමහර ගස් ඉඩෝරයට කේඩෑරීවි ගොස් තිබුණි. පැන් කළයත් රැගෙන බෝධිය වටේ ගමන් කරද්දී ඉහළ අහසෙන් වතුර බින්දු කිහිපයක් ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතාගේ ඇගට වැටුණේය. ඔහු එක්වරම උඩබැලූවේය. පෙනෙන්නට කිසිවෙක් නැත. අඩුම තරමින් සතෙකු හෝ කුරුල්ලෙකුවත් නොවීය. සතුරන් සොයා කැලෑවේ මෙහෙයුමක් කළත් දේව අඩවියේ දෙවියන් වෙනුවෙන් කරන පුජා පැවැත්වීම නිසා සිදුවු ආශ්චර්යයක් යැයි වසන්තකුමාර මහතා මේ සිදුවීම ගැන අදටත් සිහිපත් කරයි. කෙසේ වෙතත් මේ මෙහෙයුමේදි තම කණ්ඩායමේ කිසිවකුටත් කිසිදු අනතුරක් සිදු නොවුනා පමණක් නොව එක`දු කොටි ත‍්‍රස්තයකු හෝ සොයා ගැනීමට නොහැකිවු බවද එදා ඒ ගමනට එක්වු පොලිස් විශේෂ කාර්ය බළකා භටයෝ කියති

සටහන හා ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 25 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 26 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 27 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 28 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 29 මහකැබිලිත්තේ මෙගොඩ බෝධිය  ඕකන්‍ද දේවාලය අසළ වෙරළ  ඕකන්‍ද දේවාලය ඇතුළත සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර



අදහස් (0)

කී දේ නොඇසූ එස්.ටී.එෆ්. සැරයන්ට කුමනේදී කොටි ප‍්‍රහාරයක්

ෂාන් Tuesday, 11 September 2012 11:32 PM

සැරයන් නොඇසුවේ කතරගම දෙවියන් කී දේද? මට පැහැදිලි නැහැ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 11 September 2012 04:45 PM

නියම ලිපියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 232 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 112 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 236 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4815 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site