11-Page-20-M-01   

 

යටත් විජිත සමයේ 1890 වසරේ තෝමස් ස්කිනර් නැමති සුදු ජාතිකයා ලියු ”ලංකාවේ වසර 50ක්” නමැති සිය ග‍්‍රන්ථයේ සඳහන් වන්නේ එවකට අපේ රටේ අලි ඇතුන් 3500 ක් විනාශ කිරීම සඳහා රජය මුදල් ගෙවා ඇති බවයි. 

 

SLMA_20.qxd
විදේශිකයන් අපේ රට අල්ලා ගන්නාවිට  අපේ රටේ මධ්‍ය කඳුකරය අලිඇතුන් කොටි වලසුන් වැනි වන සතුන්ගෙන් ගහන ඝන වනාන්තර පැවැති බවට එය කදිම නිදසුනකි.


තමන්ට රිසිලෙස අණපනත් සකස් කළ සුදු ජාතික පාලකයන් ඉඩම් තුට්ටුවට දෙකට කොල්ලකා කෝපි වගාවත් ඉන්පසු තේ වගාවත්  ස්ථාපිත කළහ. 
තේ වගාවේ පියාලෙස සැළකෙන ජේම්ස් ටේලර් ලංකාවට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 17 කි. 1835 ස්කොට්ලන්තයේ උපන්් ඔහු ලංකාවට පැමිණ ඇත්තේ 1852 දීය. ඔහු හේවාහැට ලූල්කඳුර වත්තේ අක්කර 19 ක ආරම්භ කළ තේ වගාව මෙරට ප‍්‍රථම මහා පරිමාණ තේ වගාවලෙස සැලකේ. අපේ රටේ නිපදවූ ඒ තේ ලෝක ඉතිහාසය පවා වෙනස් කරනවාත් සමඟම විදේශීය ආයෝජකයන්  තේ වගාවට අත පෙවීම නිසා වසර ගණනාවක් තුළ කඳුකරයේ කඳුමුදුන් තේ වතුවලින් වැසී ගියේය. 


එවකට වගාව සඳහා වහල් සේවයේ යෙදුණු කම්කරුවන් රැුගෙන එන ලද්දේ දකුණු ඉන්දියාවෙනි. වහල් සේවයේ යෙදුන ඔවුන් අවම පහසුකම්වත් නොලබා සිය ශ‍්‍රමය තේ වගාව සඳහා යෙදවූයේ දේවකාරියක් ලෙස සිතාගෙනය.


පසු කලෙක අපේ රටට විදේශ විනිමය රැගෙන ආ ප‍්‍රධානතම වගාවලෙස තේ වගාව ව්‍යාප්ත විය.


කෙසේ නමුත් විදේශිකයන් වනපෙත වනසා සිදුකළ වගාව ව්‍යාප්තිය මධ්‍යයේ කඳුකරයේ ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගැනීමටත් පස සංරක්ෂණය කිරීමටත් අමතක නොකළහ. ඒ සදහා ඔවුන් ක‍්‍රමානුකූලව යෙදූ ගල්වැටි හා කානු පද්ධති අදත් වතුකරයේ දැකිය හැකිය. අපේ රටට නිදහස ලැබීමෙන් පසු මෙම වතු රජයට පවරා ගන්නා ලදී. 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතිය කි‍්‍රයාත්මක විය. ඉන්පසු  1975 අංක 35 දරණ සංශෝධනය යටතේ තේ වතු ආණ්ඩුවට ලබාගෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට හා වැවිලි සංස්ථාවට බාරදුන්හ.

11-Page-20-M-03


එහෙත් තේ වතුවලින් දිගින් දිගටම පාඩු සිදුවූ බැවින් එවකට පැවැති රජය වතු සමාගම් 22 කට මේ වතු බදු දුන්හ. ඒවා බදුගත් සමහර සමාගම් වෙනත් සමාගම්වලට අතුරු බදුදී තිබේ.


මොන පාලකයන් හමුවේ වුවද කම්කරු ජනතාව සිය රීරි මාංශය පුදන්නේ වතුකරයට බව සැබෑය. ඔවුන්ගේ ශ‍්‍රමයෙන් උපයන විදේශ විනිමය අප ජීවත් කරවන්නට ද ලොකු සවියක් වන බව සැබෑය.මේ සියල්ල හමුවේ ඔවුන්ගේ නිවාස සෞඛ්‍ය මාර්ග වැනි පොදු පහසුකම්වලට තවමත් නිසි විසඳුම් ලැබී නැති බවත් සැබෑය.


මේ අතර වතුකරයේ ජීවත්වන ශ‍්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් වතුවල ජීවත් වුවත් බහුතරයක් වත්තේ වැඩ නොකරන බව වතු සමාගම් පෙන්වා දෙයි. ඔවුන් පිටස්තර රැකියා කරන අය වෙති. ඒ අනුව මේ සියලූ ජනතාවගේ වගකීම දැරීමට තමන් අපොහොසත් බව වතු සමාගම් පවසති. 


එහෙත්  ඔවුන් දැන්් අපේ රටේ පුරුවැසියන් වන අපේම පිරිසකි වතු සමාගම්වලට පමණක් නොව රජයට ද මේ වගකීමෙන්  මිදිය නොහැක්කේ ඒ නිසාය.
මහ ජන්දය අත ළඟටම පැමිණ තිබේ. 


වතුකරයේ දේශපාලනඥයන්ට ද තමන් බලයට පත්කරන වතු කම්කරුවන්ගේ ආර්ථිකය හා සුබසාධනය මතක් වන්නේ ජන්දයක් එන විටය.


‘‘කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්න’’යි. දේශපාලනඥයෝ හා වතු කම්කරු වෘත්තීය සමිති කිඹුල්් කඳුළු හළති.


ඒ ඉල්ලීමට කන් නොදී කම්කරුවෝ නෙළනා දලූ බාරගැනීම වතු පාලකයන්  ප‍්‍රතික්ෂේපකර තේ කම්හල් වසා දමා තිබේ.


කම්කරුවෝ  පෙළපාලි යති. අරගල කරති.  ඒවා මෙහෙයවන දමිළ දේශපාලනඥයෝ බොරුවට උපවාස කරති. තමන්ගේ ජන්දය ලබාගැනීිම සදහා පමණක් මස් රාත්්තලම ඉල්ලති. 


වතු සමාගම් පවසන්නේ දැනටමත් පාඩුවට දුවන තම සමාගම්වලට රුපියල් දහස දක්වා පඩි වැඩි කිරීමට නොහැකි බවය.

11-Page-20-M-05


වතුකරය මෙසේ ගිනි ගනිද්දී කඳුකරය වෙළාගත් තේ වගාවක් ඇති බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් නැගෙන මරහඬ පරිසරය ගැනය.


බදුල්ල දිස්ත‍්‍රික්කයේ භූමියෙන් සියයට 69ක් අස්ථාවර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවලින් පෙන්වාදී තිබේ.


නායයාම්, ගිලාබැසීම, ගල්කඩාවැටීම් වැනි ආපදාවන්ට බදුල්ල දිස්ත‍්‍රික්කය ගොදුරු වෙද්දී දිවයිනේ වැඩි කොටසක විනාශය පැමිණෙමින් තිබෙන බව අවධාරණය කරන්නේ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාය.


ඔහු ඒ අවදානම විස්තර කරන්නේ මෙසේය. 


‘‘බදුල්ල දිස්ත‍්‍රික්කය මධ්‍ය කඳුකරයේ හදවතයි’’ මධ්‍ය කඳුකරයෙන් ගංගා 103ක් මහ මුහුදට ගලාගෙන යනවා. ජාති භේදයකින් තොරව උතුරු නැගෙනහිර සිට මුළු ලංකාවටම මේ ජල වහන රටාවෙන් ජලය ගලාගෙන යනවා. 


ඒ ගංගා ද්‍රෝණි අතුරින් වඩාත් වැදගත් වූ ගංගා ද්‍රෝණි 13ක්ම මූලෝත්පාදනය ලබන්නේ බදුල්ලෙන්. ඒවා නම් බදුලූඔය, ගල්ඔය, කිරිඳිඔය, කුඹුක්කන් ඔය, ලොග්ගල් ඔය, මාදුරු ඔය, මහවැලි ගඟ, මැණික් ගඟ, මුන්දිනි ආරු, උල්හිටිය ඔය, උමාඔය සහ වලවේ ගඟ යි.


මීට අමතරව තවත් ජල මූලාශ‍්‍ර රාශියක්  බදුල්ල සතුයි.


මේවායින් පෝෂණය වන ප‍්‍රදේශය ලංකාවෙන් බාගෙකට වැඩියි.


එහෙනම් අපි මේ ප‍්‍රශ්නය ගැන කතා කළ යුත්තේ හුදකලාව බදුල්ල ගැන විතරක් නොවෙයි. මේ ගංගා ද්‍රෝණි වැනසුනොත් ගල්ඔය ජනපදයට වෙන්නේ කුමක්ද? පරාක‍්‍රම සමුද්‍රයට වෙන්නේ කුමක්ද? මින්නේරිය ජලාශයට සිදුවන්නේ කුමක්ද? මාදුරුඔය ඉඟිිනිමිටිය කලාවැව මේවාට සිදුවන්නේ කුමක්ද?
සුදු පාලකයන්ගේ වාර්තා අනුව එදා මධ්‍ය කඳුකරයේ මහා වනාන්තරයන් වන දුර්ග තමයි එදා තිබිල තියෙන්නේ. මධ්‍ය කඳුකරයේ ලොකුම ගස්, මධ්‍ය පරිමාණ ගස්, පොඩි ගස් තණකොළ තිබුණා. ලංකාවේ වැස්ස අම්ම කෙනෙකුට දරුවෙක් ලැබෙනවා වගෙයි. 


මහ මුහුද සිපගෙන එන සුළඟ අංශක 300 ක් ඉහළට නගිනකොට ෆැරන්හයිට් අංශක 1කින් උෂ්ණත්වය අඩුවෙනවා. ඒ අනුව මේ එන ජල වාෂ්ප සහිත සුළඟ මොන පැත්තෙන් ආවත් ඝනීභවනය වෙනවා. ඝනීභවනයට පත්වෙලා අහස උඩදී කැඞී වැටෙනවා. 


මුලින්ම ලොකුම උසම ගස්වලින් කැඩිල පොඩිගස්වල ඊළඟට පඳුරුවලට තණ කොළවලට වැටිල කපුටු ඇහැවගේ වතුර තමයි ගංගාවලින් ගැලූවේ.
මෙතැනට ජලය රැුස්වුනොත් තමයි හදවතින් ගලන්නාවගේ ජලය සමස්ත ශ්‍රී ලංකා දේශයටම ගලන්නේ.


කොහොම නමුත් යටත් විජිත පාලනයත් සමග මේ අපේ කඳුකරයේ කැලෑ විනාශකර කෝපි හා තේ පටන් ගත් බව ඉතිහාසයේ  සඳහන් වෙනවා.එහෙත් ඔවුන් තේ වතු පාලනය කළේ කිසියම් විනයක් ඇතිව. ඔවුන් ගල්වැටි බැඳලා ජල උල්පත් ආරක්ෂා කළා. පස රක්ෂණ වැඩ සිදුකළා. නමුත් අද උඩරට වතුවල නඩත්තුව ඉතාම දුර්වල තත්ත්වයට පත්වෙලා.  


මාසයකට බදුල්ල දිස්ත‍්‍රික්කයේ වතුවලින් ඉවත් කළ යුතුයැයි නිර්දේශ කරන ගස් ලැයිස්තු හාර පන්සියයක් මගේ ළඟට එනවා. අපේ පරිසර කමිටුවට කතා කරන්න. ඒ ගස් යුකැලිප්ටස් වගේ ගස්.


මේ ගස් ඉවත් කළත් එම ඉඩම්වල තේ හෝ වෙනත් වගාවක් කිරීමට උනන්දු වෙන්නේ නැතිකම පැවැත්මට හානිකරයි. පාංශුඛාදනය සිදුවී මේ මාර්ගය තමයි වැලි ගැනීම. බදුල්ලේ වැලි මහියංගනයේ වැලි යන නම්වලින් මනම්පිටිය වැලි යනුවෙන් මාර්කට් කරන්නේ මේ බව බෝග වගාවන් කළ හැකි  බදුල්ලේ මාංශයයි.

ඵක අඟලක් හැදෙන්න අවුරුදු 300ක් යනවා. ඒ පස් මහ පොළවෙන් ගිලිහී ගියාම  කඳුවල පතන් නිර්මාණය වෙනවා. ඒ පතන් ජනතාවට බව බෝග වගා කළ හැකි ප‍්‍රදේශ නොවෙයි.


අද බදුල්ල දිස්ත‍්‍රික්කයේ එදා තේ වගා කළත් අද පතන් බවට පත්වූ බිම් විශාල ප‍්‍රමාණයක් තියෙනවා. වතුකරයේ ජල මුලාශ‍්‍ර කම්කරුවන්ගේ අවිධිමත් පරිහරණය නිසා දූෂ්‍ය වෙලා අසූචි මිශ‍්‍ර ජලය තමයි පහළට ගලන්නේ.


අද වතුකරය නිසිිලෙස නඩත්තු නොවීම  නිසා බනිස් ගෙඩියක් උඩු බැලි අතට හරවලා මහපොළොවට වැටෙන වතුර මේකට සංතෘප්ත වෙනවා. ගලාගෙන යන මාර්ග අවහිරවීම නිසා මේක සහමුලින්ම තෙත් බනිස් ගෙඩියක් වගේ කැලි කෑලිවලට කඩාගෙන යනවා මේක තමයි නායයාම.අද තේ වතුවල වල් ඉදිරීමක් සිදුවන්නේ නැහැ. කෙළින්ම වල්නාශක ගහනවා. ජලයට වස මුසුවෙනවා.


පාංශු ස්ථර විභේදනය වෙනවා පාංශු අංශු ගත්තොත් අටපට්ටමක් වගේ නැතිනම් මී වදයක් වගේ. එකිනෙකට බද්ධවෙලා තියෙන්නේ. රසායන බේත් භාවිතා කිරීම තුළ අටපට්ටමේ ස්වභාවයට බද්ධවෙලා තියෙන පාංශු ස්ථර  ඕවල් හැඩය ගන්නවා. තවදුරටත් නොනවත්වා මේ විෂ ගැසීම තුළ මේවා රවුම්  වෙනවා. වාලූකා වෙනවා. වතුකම්කරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වලයි. මේ නිසා කඳුකරයේ ජල මුලාශ‍්‍ර දූෂණය වෙනවා. ජලයට අසූචි මිශ‍්‍රවීම, ඊට පහළින් ජීවත්වන අය  පරිභෝජනය කරන්නේ මේ අසූචි මිශ‍්‍ර ජලයයි’’ යැයි ද දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවැසීය.


වතු සමාගම් මේ වතු බදුගෙන ඇත්තේ ලාභ චේතනාවෙනි. වතු නඩත්තු කිරීමට පවා මුදල් වැය නොකර ගස්කැපීමෙන් පවා මුදල් සෙවීමටත් තේ කම්හල් වසා දමමින් පිරිවැය අඩුකිරීමටත් වතු සමාගම් කටයුතු කරන්නෙ ඒ නිසාය. මේ වනවිට බදුල්ල දිස්ත‍්‍රික්කයේ තේ කම්හල් 17ක් වැසීගොස් ඇත්තේය.


තේ වතු ආශි‍්‍රත මධ්‍ය කඳුකරය මේ අගාධයට යද්දී බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් පන්සියයට වැඩි ප‍්‍රමාණයකට මේ වනවිට අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන විසින් මෙම පිරිස් සඳහා විකල්ප ඉඩම් ලබාදීම සඳහා ආපදා අවදානම නොමැති ඉඩම් සොයා ගැනීමට ද විශාල ගැටලූවක් වී ඇතැයි දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසයි. මෙම වැඩි පිිිිරිසක් වතු කම්කරුවෝ වෙති.


මේ අනුව බලනවිට වතුකරයේ පමණක් නොව කඳුකරයේ අනාගතය ද හැම අතින්ම අවිනිශ්චිතය.

m