airport-kalina-01

කිසියම් රටක ජාත්‍යන්තර ගුවන්තොටුපළක් යනු ලෝකයට ඇති පිවිසුම් මාර්ගයයි. වසරින් වසර ලොව පුරා ඇති ගුවන්තොටුපළවල ඵලදායිතාව හා විශිෂ්ටත්වය කිසියම් වර්ගීකරණයකට ලක් කරනු ලබන්නේ ගුවන් මගීන්ට උසස් සේවයක් තහවුරු කිරීම අරමුණු කර ගනිමිනි.

ලොව ගුවන්තොටුපළවල දළ විචල්‍ය සාධක උපයෝගීතාව සහ අවශේෂ විචල්‍ය සාධක උපයෝගීතාව ගණනය කරන දත්තවලට අනුව ආසියානු ගුවන්තොටුපළ 37 ක් ඇසුරින් ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්ව ඇත්තේ 25 වැනි ස්ථානයටය. මේ අනුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ ආසියාවේ අකාර්යක්ෂම ගුවන්තොටුපළක තත්ත්වයට පත්ව ඇති බව ගුවන් ගමන් සමීක්ෂණ සංගමය (Air Transport Research Society) මගින් වාර්ෂිකව නිකුත් කරන ලොව අන්තර්ජාතික ගුවන්තොටුපළ වර්ගීකරණ සමීක්ෂණ වාර්තාවේ දක්වා තිබේ.
මෙම සමීක්ෂණය ස`දහා ආසියා පැසිෆික් කලාපයේ ගුවන්තොටුපළ 53 ක්ද, උතුරු ඇමෙරිකාවේ ගුවන්තොටුපළ 78 ක්ද, යුරෝපයේ 69 ක්ද ඇතුළුව ගුවන්තොටුපළ 200ක් සහභාගීී කර ගෙන තිබිණි. ගුවන්තොටුපළට පැමිණි යානා ප‍්‍රමාණය, මගීන් හා හුවමාරු වූ භාණ්ඩ සංඛ්‍යාව, ආදායම, යටිතල පහසුකම් (ගුවන්පථ, පර්යන්ත හා දොරටු) ශ‍්‍රම බලකාය, උපයෝගීතාව, කාර්යක්ෂමතාව, ඒකක පිරිවැය හා තරගකාරීත්වය වැනි කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සමීක්ෂණය සිදුකරනු ලබන අතර එමඟින් ලබා ගන්නා දත්ත විශේෂ ගණිත සූත‍්‍රයකට අනුව භාවිත කරමින් ලොව විශිෂ්ට ගුවන්තොටුපළ තෝරා ගැනෙයි.

airport-bandaranaike

සාමාන්‍යයෙන් මෙම ලකුණු ලබාදීමේ දී ලැබෙන උපරිම ලකුණු ප‍්‍රමාණය 1.60 වන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු 0.30 කි. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසියාවේ අකාර්යක්ෂම ගුවන්තොටුපළක් ලෙස එම වාර්තාව පෙන්වා දෙයි. මිල ඵලදායිතාව අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හත්වැනි ස්ථානයට පත්ව ඇති අතර ප‍්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ හයිකු, බුසාන්, ගිම්හෝ සහ ජකර්තා යන ගුවන්තොටුපළ හතරය. ඩොලරයට සාපේක්ෂව බෝයිං 737-800 යානා ස`දහා ගොඩබෑම් සහ ඉහළ මගී ගාස්තු අයකරන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 41 වැනි ස්ථානයේය. යානා ගොඩබෑම් සදහා සහ ඉහළ මගී ගාස්තු අයකරන ගුවන්තොටුපළ වන්නේ ඔසාකා, කන්සායි සහ නගෝයා යන ගුවන්තොටුපළය. අවම ගාස්තු සහිත ගුවන්තොටුපළ ලෙස සමීක්ෂණ වාර්තාව දක්වන්නේ තායිපේ සහ නවදිල්ලි ගුවන්තොටුපළය.

ගුවන්තොටුපළ හා ගුවන්සේවා ශී‍්‍ර ලංකා සමාගමේ ප‍්‍රචාරක සහ ප‍්‍රවර්ධන කළමනාකාර අරුණ වරුෂහැන්නැදිගේ මහතා ප‍්‍රකාශ කරන්නේ කටුනායක ගුවන්තොටුපළ අකාර්යක්ෂම ගුවන්තොටුපළක් ලෙස නොව, කාර්යක්ෂමතාව, අතින් කිසියම් පහළ මට්ටමක පවතින බවක් එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බවයි. ‘‘මිල තරගකාරීත්වය අනුව අප සිටින්නේ 7 වැනි ස්ථානයේ. ඉන්දියාවේ නවදිල්ලි, මුම්බායි හා චෙන්නායි, ජපානයේ හනේඩා, පිලිපීනයේ මැනිලා සහ තායිවානයේ තායිපේ යන  ගුවන්තොටුපළ සමඟ සලකා බැලීමේ දී අප සිටින්නේ ඉහළ මට්ටමකයි. ගුවන්තොටුපළ වර්ගීකරණ ආයතන අතර ඉතා ඉහළින්ම සිටින ආයතනයක් වන්නේ ස්කයිට‍්‍රැක්ස් ආයතනයයි.

2014 එම ආයතනය මගින් කළ සමීක්ෂණයට අනුව මධ්‍යම ආසියාවේ හො`දම ගුවන්තොටුපළ අතර ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ තිබෙන්නේ සිව්වැනි ස්ථානයේ. එම ආයතනය ගුවන්තොටුපළ වර්ගීකරණය සිදුකරන්නේ ගුවන්තොටක තිබිය යුතු සියලූම අංශ පිළිබ`ද සමීක්ෂණයක් කිරීමෙන් පසුවයි. එමෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ද අප ආසියා පැසිෆික් කලාපයේ සිව්වැනි ස්ථානයට නම්කොට තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ වර්තමානයේ එහි නියමිත ධාරිතාව ද ඉක්මවා මෙහෙයුම් කටයුතු සිදු කරනවා.  පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවති සමයේ දී ඉහළම සේවා තත්ත්වය නියමිත ආකාරයෙන් පවත්වාගෙන යමින්  පුරා පැය 48ක් මුළුල්ලේ අප මෙහෙයුම් කටයුතු  කළා. 2013 දී 25%ක අමතර මගී මෙහෙයුම් කටයුතු අප සිදු කර තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ 2008 සිට 2012 කාලය තුළ 52% ක වර්ධනයක් පෙන්නුම්  කළ අතර එය කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ගුවන්තොටුපළ අතුරින් එකක් බවට ද පත්වුණා.’’

කැනේඩියානු ආධාර යටතේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 1964 වසරේය. 1967 ඉදිකිරීම් අවසන් වූ එය 1970දී හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සිහිපත්වීම ස`දහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කෙරිණි. 1977 දී එය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කළ අතර නැවත 1996 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පත්වූයේය. ෆ‍්‍රැන්ක්ෆර්ට් සිට සංචාරකයෝ පිරිසක් රැුගත් 1971 නොවැම්බර් 7 වන දින පැමිණි බෝයිං 747 ගුවන්යානය එහි පැමිණි ප‍්‍රථම ගුවන්යානය වූයේය. ගුවන්තොටුපළ පුළුල් කිරීමේ වැඩකටයුතු අදියර දෙකක් යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ ඉදිවූ නව ධාවන පථය 2005 දී විවෘත කෙරිණි.

A.T.R.S. සමීක්ෂණයට අනුව කාර්යක්ෂතම ගුවන්තොටුපළ ලෙස සම්මානයට පාත‍්‍රව ඇත්තේ ඇමෙරිකාවේ ජෝර්ජියා ප‍්‍රාන්තයේ යාර්ට්ස්ෆීල්ඞ් ජැක්සන් ඇට්ලන්ටා ගුවන්තොටුපළය. නොකඩවා 11 වරක් එම සම්මානය දිනා ගැනීමට මෙම ගුවන්තොටුපළට හැකිවී තිබීම සුවිශේෂී සිදුවීමකි. ආසියාවේ හො`දම ආදායම් හුවමාරු ගුවන්තොටුපළ ලෙස පත්ව ඇත්තේ කොරියාවේ සියොල් ගිම්පෝ ගුවන්තොටුපළය. එය 2012 - 2013 වසරවල ආසියාවේ කාර්යක්ෂම ගුවන්තොටුපළ ලෙස සම්මානයට පාත‍්‍රවුව ද එය මෙවර පත්ව ඇත්තේ පස්වැනි ස්ථානයටය.  ඕසීනියා කලාපයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව අතින් හො`දම ගුවන්තොටුපළ බවට පත්ව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ගුවන්තොටුපළය. ලන්ඩන් හීත්‍රෝ සහ ගැට්වික් ගොඩබැසීමේ දී මගීන්ගෙන් වැඩිම ගාස්තුවක් අයකරන යුරෝපීය ගුවන්තොට වන අතර ටෝකියෝහි හනේඩා ආසියාවේ ද, ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි  ඕසීනියා කලාපයේ ද මගීන්ගෙන් වැඩිම ගාස්තු අයකරන ගුවන්තොටුපළ ලෙස සමීක්ෂණයේ ස`දහන්ය.

 

KALINA_futer_02