IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉන්දියාව දණගැස්වූ හර්ෂිතා ගැනයි මේ

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තවත් ප්‍රබල පිතිකාරියක ලෙස හර්ෂිකා සමරවික්‍රම නම් කළ හැකිය. ඇයගේ හැඩකාර පිති හරඹය නිසා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහණ බොහෝය. ඇයගේ පිතිකරන රටාව හැඩකාර සේම, ඇයද හැඩකාර තරුණියකි. 

♦ හර්ෂිතා , වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩිකාවකට අමතරව මොනවද කරන්නෙ?

මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන්නෙ.

♦ ඉගෙන ගගන්නේ මොන අංශයෙන්ද?

‘කලා’ අංශයෙන් උසස් පෙළ කළේ.

ගෙදර විස්තර කියන්න පුළුවනිද?

අපේ ගෙදර අම්මයි-තාත්තයි, අයියයි, මමයි, අපේ අම්මා මිය ගිහින් අවුරුද්දක් විතර වෙනවා. අම්මා මගෙ පස්සෙන් සිටිමින් නිතරම මට ගොඩක් උදව් කළා. අම්මා නැති අඩුව හරියට දැනෙනවා හරිම දුකයි.

♦ හර්ෂිතා පදිංචිය

නාරාහේන්පිට

♦ මේ වනවිට හර්ෂිතා  එක්දින තරඟ සහ T-20 තරඟ කීයකට විතර ක්‍රිඩා කරල තියෙනවද?

එක්දින තරඟ 25කට සහ ටි- ටුවන්ටි තරඟ 52කට විතර

♦ ක්‍රිකටි ක්‍රීඩාවට ඒමට පෙර හර්ෂිතාගේ ප්‍රියතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වුණේ?

කුමාර් සංගක්කාර සහ ශෂිකලා සිරිවර්ධන.

♦ පාසල් සමයේදි ඔබගේ ප්‍රියතම ක්‍රීඩා මොනවද?

මලල ක්‍රීඩා සහ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක ලෙස කටයුතු කළා. නිතරම ටී.වි එකෙක් ක්‍රිකට් තරඟ යද්දි, ක්‍රිකට් ක්‍රිඩාවට තමයි වැඩිපුර ආසා කළේය.

♦ මුලින්ම ක්‍රිකට් තරඟයකට ක්‍රීඩා කරද්දි වයස?

මුලින්ම ජත්‍යන්තර ක්‍රිකට් තරඟයකට ක්‍රීඩා කරද්දි මට අවුරුදු 17යි.

♦ කාන්තා ‘‘ක්‍රිකට්’’ගැන කොහොමද හිතන්නෙ?

අද ක්‍රීඩා සමාජ සහ බොහෝ කාන්තා පාසල් දක්වා ක්‍රිකට් ප්‍රචලිත වෙලා. මම ක්‍රීඩා කරන්නෙ නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට.

♦ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් ආවාම ඒ සෑම තරඟයක්ම නරඹනවාද?

අනිවාර්යෙන්ම ඔව්. අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරඟයක්ම නරඹනවා.

♦ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔබගෙ ප්‍රියතම ක්‍රීඩකයා කවුද?

එක්කෙනෙක් කියලා කියන්න බැහැ. කණ්ඩායමට කැමතියි.

♦ ඒ හැමෝම අතරින් විශේෂ වූ ක්‍රිඩකයකු නැද්ද?

ඇන්ජලෝ මැතිව්ස්ට කැමතියි.

♦ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැර?

ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලිට.

♦ ​කෝලි හමුවෙලා තියෙනවද?

නැහැ.

♦ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ගෙන් උපදෙස් එහෙමත් ඔබට ලැබෙනවා ඇති?

දිනේෂ් චන්දිමාල් අයියා මගේ පිතිකරන රටාව ගැන සහ ක්‍රීඩා කළ යුතු විදිය ගැන පුහුණු අවස්ථාවකදී කතා කළා. 2023 බංග්ලාදේශ තරඟාවලියම නැරඹුවා කියලා කිව්වා.

♦ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැර ඔබගේ ප්‍රියතම කණ්ඩායම?

ඕස්ට්‍රේලියා සහ ඉන්දිය කණ්ඩායමට.

♦ කාන්තා කණ්ඩායම් අතරින්?

එහෙම විශේෂයක් නැහැ.

♦ ක්‍රිකට් ගැන කතා කරද්දී හර්ෂිතාට  මතකය එන්නෙ කොතැනින්ද?

2000 ඉඳලාම වගේ මතකයි. මහේල අයියා නායකත්වය දුන් ලෝක කුසලාන තරඟාවලියේදී අපි අනුශූරයින් වූ හැටි මතකයි.

♦ දැනට රටවල් කීයක තරඟ සංචාරය කර තිබෙනවද?

බටහිර ඉන්දිය කොදෙව් සහ නවසීලන්තයේ හැර අනෙක් රටවලට ගිහින් තියෙනවා.

♦ ඔබට පන්දු යැවීමේ අවස්ථාවක් ලැබුණහොත් කවුරු විදිහට පන්දු යවන්නද කැමති?

ඇන්ජෙලෝ මැතිව්ස් යවන විදියට.

♦ පළවැනියටම ග්‍රවුන්ඩ් එකකට ගිහින් නැරඹූ තරඟය මතකද?

පළවැනි එක මතක නැහැ. අන්තිමටම ගියේ ලසිත් මාලිංග අයියා ක්‍රීඩා කළ අන්තිම තරඟය නැරඹීමට.

හර්ෂිතා පවුලේ සාමාජිකයන් සමඟ

♦ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔබගෙ හොඳම යෙහෙළිය?

ඔක්කොම, එක වගේ. එක් කෙනෙක් කියලා නැහැ.

♦ ‘හර්ෂිතා ’ට කණ්ඩායමේ අය කතා කරන්නෙ මොන නමින්ද?

හර්ෂි කියනවා හර්ෂිතා කියනවා.

♦ මෙතෙක් ලංකාවේ ඔබ දුටු හොඳම ක්‍රීඩිකාව කවුද?

හිටපු අයගෙන් ශසිකලා සිරිවර්ධන අක්කා. දැන් සිටින අයගෙන් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු අක්කාට.

♦ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ක්‍රිඩිකාවන් අතර සිටින ලස්සනම ක්‍රීඩිකාවක් කියලා තමයි විචාරකයින් ඔබ හඳුන්වන්නෙ? ඒ ගැන කොහොමද හිතන්නෙ?

හැමෝම එක- එක විදියට ලස්සන ඇති. මාවත් එක - එක විදියට දකිනවා ඇති.

♦ වත්මන් ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ඔබ දකින ලස්සනම ක්‍රිඩිකාව?

ඇලිස් පෙරී (ඔස්ට්‍රේලියාව) ඇමෙලියා කේර් (නවසිලන්තය) වගේ කීප දෙනෙක් ඉන්නවා.

♦ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට කොතරම් වේගයකින්න් පන්දු යැවිය හැකිද?

පසුගිය ඉන්දිය ප්‍රමියර්ලීග් තරගාවලියකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක වන ශාබිනම් ඉස්මයිල් කිලෝමීටර් 130 වේගයෙන් පන්දු යැව්වා.

♦ ‘හර්ෂිතා’ කැමතිම ක්‍රිකට් පිටිය?

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයට කැමතියි. මම වැඩිපුර ලකුණු ලබාගෙන තිබෙන්නේ එහිදී.

♦ ඔබ මෙතෙක් දුටු කඩවසම් ක්‍රීඩකයා

හැමෝම වගේ කඩවසම් ක්‍රිඩකයින්. ඒ අතරින් ඇන්ජෙලෝ මැතිව්ස් කියලා තමයි මට හිතෙන්නෙ.

♦ ලස්සන ‘හර්ෂිතාට’ ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් ආදරණීය යෝජනා එහෙම ලැබිලා තියෙනවද?

නැහැ....නැහැ....

♦ එතකොට හර්ෂිතාගේ ආදරය කොහොමද?

දැනට නම් ආදරය ගැන හිතලා නැහැ. ක්‍රිකට් ක්‍රිඩාව ගැන තමයි වැඩිපුර හිතන්නෙ. ක්‍රිකට් ක්‍රීඩාවට තමයි දැනට ආදරේ.

♦ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්නේ ඇරයුමක් ලැබුණොත්.?

කල්පනා කරලා බලනවා.

♦ ආදරය ගැන හර්ෂිතා හිතන්නෙ කොහොමද?

සෑම කෙනෙකුටම ආදරය කියන්නෙ අවශ්‍යම දෙයක්. නියම කාලයේදී නියම වෙලාවට මටත් ආදරය ලැබේවි කියලා හිතනවා.

♦ ‘හර්ෂිතා’ මේ පිළිසදරට නිමාවට පෙර ඔබගේ රසිකයින්ට දැන ගන්න කැමති වේවි ඔබගේ විනෝදාංශ?

විවේකයේදි ගෙදර නිදහසේ ඉන්න තමයි වඩා කමැති. ගෙදර අය එක්ක කාලය ගත කිරීම තමයි විනෝදාංශ

♦ සිංදු එහෙමත් අහනවා ඇති?

අහනවා.

♦ මේ දිනවල වැඩිපුරම අහන්නෙ?

විසල් ආදරේ ෆිල්ම් එකේ

‘‘මැයි මල් පවා ඇයි දැයි අසා

තරු සැලුනි පිනි මල් සලා

කුසුමක් නුරා සුසුමක් ලිහා

හදපතුල තැන්පත් වෙලා.

♦ හර්ෂිතා ජිවිතේ ගැන අද හිතන්නෙ කොහොමද?

අද මේ සිටින තැනට එන්න ගොඩක් මහන්සි වුනා. ඒ නිසා ලොකු සතුටක් දැනෙන්නෙ. ගෙදර අයගෙන් ලැබුණු සහයෝගය ඉහළයි. පුහුණුකරුවන් හා ගුරුවරු සියලු දෙනාගෙන් ලැබුණු මග පෙන්වීම් - කියාදීම් නිසා ඒ ගමන එන්න පුළුවන් වුණා. මම ඉගෙන ගත්තෙ කොළඹ ගෝතමි බාලිකාවෙන් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. ඒ ගැනත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ.

සඳුන් ගමගේ.

 



අදහස් (1)

ඉන්දියාව දණගැස්වූ හර්ෂිතා ගැනයි මේ

Thushan Wednesday, 31 July 2024 06:56 PM

කිසිම කෙනෙක්ගේ උපදෙස් එපා. ඔයා ළඟ ඔයා උන්නු ටික ඇති... අඩුපාඩු හදන් ඉස්සරහට යන්න. ජයවේවා.!

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site