IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉඟුරුඔය නැම්මේ නාන තටාකය

 

 

(ශාන්ත චන්ද්‍රසිරි)

නාවලපිටිය හා ඒ අවට ඇති බොහෝ ස්ථාන සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තය. නාවලපිටිය නගරය සමීපයේ පිහිටි ඉඟුරුඔය, ගල්පොත්තාගම ආසන්නයේ පිහිටි ස්වාභාවික නිර්මාණය වී ඇති විශාල ප්‍රමාණයේ නාන තටාකය ඒ අතරින් එකකි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මඟහැරී ඇති අතිශය චමත්කාර ජනක මෙම ස්ථානය දිය නෑමට කදිම තැනකි. මෙම විශාල නාන තටාකය ඉපැරණි යුගයේ පටන් දිය නෑමට භාවිතා කොට ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර සේම වටිනා ස්ථානයකි.

නාවලපිටිය නගරයේ සිට දෙකිඳ මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය විට ගල්පොත්තාගම ආසන්නයේ දී මෙම ස්වාභාවික ජල තටාකය හමු වේ. එම මාර්ගය දැනට යම් දුරක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර ඉතිරි කොටස කොන්ක්‍රීට් අතුරා තිබේ.

කොන්ක්‍රීට් අතුරා සකස් කොට ඇති කොටස මේවන විට කැඩී වළවල් මතුව ඇත. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් කිරීමේදි ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් බැස ටික දුරක් පයින් ගිය විට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළඟා විය හැකිය.

කොත්මලා ඔයේ අතු ගංඟාවක් වන ඉඟුරුඔය විසින් මෙරටට දායාද කොට තිබෙන මෙම ස්වාභාවික නාන තටාකය අතීතයේ දී වනවාසීව වැඩවිසු භික්ෂුන් වහන්සේලා දිය නෑමට භාවිතා කර ඇති ඉපැරණි ස්ථානයක් බව ඉඟුරුඔය වැසියෝ පවසති.

එකල භික්ෂුන් වහන්සේලා මෙම ස්වාභාවික ජල තටාකය දිය නෑමට භාවිතා කරනු ලැබු යුගයේ මෙකී ඔය හඳුන්වා ඇත්තේ සඟරුවන්ඔය යනුවෙන් බවත් එය පසුකාලීනව හඟරන්ඔය වශයෙන් භාවිතා කොට තිබේ.

එහෙත් වර්තමානයේදී මෙම ඔය ඉඟුරුඔය ලෙස භාවිතා කරනු ලබති. නාවලපිටිය ප්‍රදේශය ආශ්‍රීත ඇති රජයේ කාර්යාලයන්වල පැරණි ලිපි ලේඛන ආදියේ තවමත් මෙම ස්ථානය සඳහන්ව ඇත්තේ හඟරන්ඔය වශයෙන් බව ඉඟුරුඔය ගම්මු කියති.

උස් හා මිටි විවිධ ගල්කුළු අතරින් ගලා බසින ඉඟුරුඔය එක්වරම මෙම ස්ථානයේ විශාල ප්‍රමාණයේ ජල තටාකයක් නිර්මාණය කර තිබේ. විශාල ගල් ආදිය කිසිවක් නොමැති මෙම ස්ථානයේ ආරම්භයේ සිට ක්‍රමානුකූලව ඈතට යෑමේදී ගැඹුරු වන පරිද්දෙන් නිර්මාණය වී තිබේ.

දියනෑම සඳහා ජලයට බසින ස්ථානයේ ජල තටාකයේ පතුල මනා ලෙස පෙනේ. ක්‍රමයෙන් ඈතට වන්නට මෙම ජල තටාකය ගැඹුරුවන අතර ගැඹුරු ස්ථානවල ජලය අඳුරු පැහැයක් ගන්නා අතර ඇතැම් ස්ථාන අඩි 20 කට වඩා ගැඹුරු බව ගම්මු පවසති. පතුල පෙනෙන ස්ථාවල කුඩා ප්‍රමාණයේ විවිධ වර්ගයේ මසුන් සැරිසරති. මෙහි ජලය සීතල වන අතර ඇතැම් ගල්පර ලිස්සන සුළුය.

මෙම ස්ථානයෙන් ගලා බසින ජලය අතිශය පිරිසිදු බවකින් යුක්තය. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සැඟව සිටින නිසාවෙන් අවට පරිසරයද පිරිසිදුය. කුඩා ළමුන්ගේ පටන් ඕනෑම වයසක අයකුට අපහසුවෙන් තොරව තමන්ට කැමැති ආකාරයෙන් මෙම ස්වාභාවික ජල තටාකයේ දිය නෑමට හැකිය.

දැනට මෙම ස්ථානය විශාල වශයෙන් ඉඟුරුඔය අවට ගම්මු දිය නෑමට භාවිතා කරනු ලබයි. නාවලපිටිය අශ්‍රිත ගම්මානවලට පැමිණෙන ඇතැම් පිරිස් ඉදහිට මෙම ස්ථානයට පැමිණ දිය නා විනෝද වී යන බව ඉඟුරුඔය වැසියෝ කියති.

නාවලපිටියට පැමිණෙන විටදී  යම් ඉඩක් ඔබට වෙන්කර ගැනීමට හැකිනම් ඉඟුරුඔය විසින් අපට දායාද කර ඇති මෙම ස්වාභාවික නාන ජලතටාකය නැරඹීමට පැමිණ රිසි සේ දිය නාගැනීමට හැකියාව තිබේ. තවමත් නොයිඳුල්ව පවතින මෙම ස්ථානයට පැමිණ දිය නා පමණක් යන ලෙසත් කිසිඳු අයුරකින් අවට පරිසරයට අපද්‍රව්‍ය මුදා නොහරින ලෙසත් දැඩිව අප ඔබගෙන් ඉල්ලා සිටිමු. ඒ මන්ද යත් මෙම ස්වාභාවික ජල තටාකය පිහිටි ස්ථානය තුළ හෝ ඒ අවට ප්‍රදේශයේ අඩුම තරමේ සබන් දවටනයක්වත් වැටී නොමැති නිසාය.

 



අදහස් (4)

ඉඟුරුඔය නැම්මේ නාන තටාකය

Athula k Wednesday, 04 April 2018 09:55 AM

අපොයි මේක දැකපු අපේ ලාංකිකයෝ ඔතන වනසයි.

:       0       239

pakeer Wednesday, 04 April 2018 02:29 PM

විනාසයි.

:       1       159

hira Thursday, 05 April 2018 07:02 AM

සමහර තැන් අඩි විස්සක් විතර ගැඹුරු නම් නාන්න තියා හැරිලා බලන්න වත් සුදුසු තැනක් නෙමෙයි. මීට වැඩිය හොදයි ළිදෙන් නාලා ඔලුව පිහදාගන්න එක.

:       1       113

akila Saturday, 07 April 2018 11:55 AM

මේවගේ ප්‍රසිද්ධ ස්ථානවල බොන එක තහනම් කරන්න. එතකොට පරිසරය ගොඩක් රැකෙයි. මොකද බේබද්දෝ තමයි ඔය තැන් තැන්වලට ගිහින් ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග් දාලා එන්නේ..

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site