IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ආර්ථික අර්බුදයට උත්තරය

මැයි මස 3 වැනිදාට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වූ දිනය නිමිත්තෙන් දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders- Reporters Sans Frontiers-RSF) සංවිධානය වාර්ෂිකව නිකුත් කරන ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ මෙවර (2024) ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ රටවල් 180කින් 150 වැනි ස්ථානයයි.

 මින් දැක්වෙන්නේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පසුගිය වසරේ (2023) ශ්‍රී ලංකාවේ තත්වයයි. කලින් වසරේ එනම් 2022 දී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ මීට වඩා යහපත් ස්ථානයක් අත්කර ගෙන තිබිණි. ඒ වසරේ ශ්‍රී ලංකාවේ ස්ථානය 135 වූ අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාව ස්ථාන 15කින් පහතට වැටී ඇත.

2021 සඳහා වූ දර්ශකයේ ශ්‍රී ලංකාව 127 වැනි ස්ථානය අත්කර ගෙන තිබූ අතර 2022 දී 135 වැනි ස්ථානයටත් 2023 වසරේදී 150 වැනි ස්ථානයටත් ශ්‍රී  ලංකාව පහතට වැටීම සලකා බැලීමට තරම් වැදගත් කරුණකි. 

මෙවර දර්ශකයේ ද ජනමාධ්‍ය නිදහස පිළිබඳ කාරණයේ දී ඉදිරියෙන්ම සිටින්නේ ස්කැන්ඩිනේවියානු රටවල්ය. ඒ අනුව නෝර්වේ පළමුවැනි ස්ථානයත්, ඩෙන්මාර්කය දෙවැනි ස්ථානයත්, ස්වීඩනය තුන්වැනි ස්ථානයත් අත්පත් කර ගෙන තිබේ. නරකම රටවල් ලෙස මෙම දර්ශකයේ දැක්වෙන්නේ එරිත්‍රියාව (180 වැනි ස්ථානය), සිරියාව (179 වැනි ස්ථානය), ඇෆ්ගනිස්ථානය (178 වැනි ස්ථානය) යන රටවල්ය.

 කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සිය අසල්වැසියන්ට වඩා යහපත් බව මෙම දර්ශකයෙන් පෙනේ. මෙවර ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 150 වැනි ස්ථානය අත්කර ගන්නා විට ඉන්දියාව 159 වැනි ස්ථානයත්, පාකිස්ථානය 152 වැනි ස්ථානයත් බංග්ලාදේශය 165 වැනි ස්ථානයත් අත්කර ගෙන තිබේ.

දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානය බාධක පනත් පදනම් කරගෙන මෙම රටවල් 180 ජනමාධ්‍ය නිදහසේ මට්ටම තීරණය කරයි. දේශපාලන සංදර්භය, නීතිමය රාමුව, ආර්ථික සංදර්භය, සමාජ- සංස්කෘතික සංදර්භය හා ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව එම සාධක පහයි. එය හුදෙක් සිදුවීම් පමණක් පදනම් කර ගත්තක් නොවේ.

තෙල් මිල, බදු බර ආදිය පිළිබඳව විරුද්ධ පක්ෂය හා ජනමාධ්‍ය ආණ්ඩුව විවේචනය කරන විට කලාපයේ තෙල් මිල අඩුම රට ලංකාවයි කියා හෝ ලෝකයේ බදු අඩුම රට ලංකාවයි කියා හෝ කියමින් මෙරට බලධාරීහු පවතින තත්වය සාධාරණීයකරණය කරති. ඒ අනුව ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවටම වඩා නරක තත්වයක් පෙන්නුම් කරන කලාපයේ අසල්වැසි රටවල් වන ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය වැනි රටවල් පෙන්වමින් මෙරට බලධාරීන් මෙම කාරණයේදී ද මෙරට තත්වය සාධාරණීයකරණය කරන්නට ඉඩ තිබේ.

එහෙත් එය අනුමත කළ හැකි දෙයක් නොවේ. ජනමාධ්‍ය නිදහස යනු මෙරට දේශපාලන සදාචාරය පිළිබඳ කාරණයකි. අප කොතරම් සදාචාරවත් ද යන්න නිරපේක්ෂ කරුණක් වශයෙන් සලකා බැලිය යුතු කරුණක් විනා සාපේක්ෂ කරුණක් වශයෙන් සැලකිය යුත්තක් නොවේ. අප සදාචාරවත් විය යුත්තේ අනුන්ට වඩා ටිකක් නොවේ. සන්සන්දනය එසේ වැදගත් වන්නේ නම් අප සලකා බැලිය යුත්තේ අප රටවල් 180කින් 150 වැනි ස්ථානයේ සිටින්නේ ඇයිද යන කාරණයයි.

මෙම දර්ශකය සකස් කිරීමේ දී දේශ සීමා රහිත වාර්තාකරුවෝ සංවිධානය ශ්‍රී ලංකාවේ 2023 සිදු වූ සිද්ධි හා ඇති වූ තත්වය පමණක් නොව අතීත සිද්ධි සම්බන්ධයෙන් පිළියම් යෙදීමේ දී බලධාරීන් කොතරම් දුරට ක්‍රියාත්මක වූයේ ද යන කාරණය හා ඉදිරියේ දී ජනමාධ්‍ය මර්දනය සඳහා බලධාරීන් යොදන උපක්‍රම සැලකිල්ලට ගත් බවක් පෙනේ.

2023 වසරේ දී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් හෝ ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් හෝ වාර්තා වූයේ නැත. එහෙත් අතීතයේ දී විශේෂයෙන්ම ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය පැවැති කාලයේ දී සිදුවූ එවැනි සිද්ධි රාශියක් සම්බන්ධයෙන් ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු වී නැත. එසේ සාධාරණය ඉටු කරන්නට යුද්ධය අවසන් වීමෙන් පසු බලයට පත් මෙරට පාලකයන්ට අවශ්‍යතාවක් තිබූ බවක් ද පෙනුණේ නැත. වත්මන් පාලකයන්ට ද එවැනි අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනේ.

එකල ජනමාධ්‍යයට එරෙහි මර්දනයේ සංකේත වශයෙන්  සැලකෙන ප්‍රධාන සිදුවීම්  ගණනාවක් තිබේ. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, දිවයින හා රිවිර පුවත්වල කර්තෘවරයාව සිටි උපාලි තෙන්නකෝන්, ඩේලි මිරර් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීයකු වූ කීත් නොයාර්, පෝද්දල ජයන්ත ආදීන්ට අමානුෂික ලෙස පහරදීම සිරස හා සියත ජනමාධ්‍ය ආයතනවලට පහර දීම එකල රටේ දකුණු ප්‍රදේශවල සිදු වූ ප්‍රධාන සිදුවීම්වලින් කිහිපයකි.

එසේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද ජනමාධ්‍යවේදීහු ගණනාවක් ඝාතනය කරනු ලැබූහ. ඒ අතරින් බී.බී.සී. ගුවන් විදුලියේ වාර්තාකරුවකු වූ නිමලරාජන් හා ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා කිරීමෙන් පසු ඝාතනයට ලක්වූ එස්. සුකිර්ත රාජන් ඝාතනය කිරීම මේ වනවිට එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවලද නොකඩවා සඳහන් වේ. එකල යාපනයේ පළ කෙරෙන උදයන් පුවත්පතේ කාර්යාලය කිහිප වතාවක්ම ප්‍රහාරයට ලක්වී තිබේ.

ඒ කාලයේ එම සිදුවීම් හෙළා දුටු එක්සත් ජාතික පක්ෂය 2015 මුල සිට 2019 අවසානය දක්වා වසර පහක් පමණ රට පාලනය කළ ද එම පක්ෂයට ද එම සිදුවීම්වලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම කෙසේ වෙතත් ඔවුන් හෙළිදරව් කිරීමට හෝ අවශ්‍යතාවක් නොවීය. දේශ සීමා රහිත වාර්තාකරුවෝ සංවිධානයේ ජනමාධ්‍ය නිදහස සඳහා වූ දර්ශකය සකස් කිරීමේ දී වසර පහළොවකට වඩා වැඩි කාලයක් මෙම නොවිසඳුණු ප්‍රශ්න ද සැලකිල්ලට ලක්වී තිබේ.

 එසේම මෑතක දී ආණ්ඩුව ගෙන එන්නට උත්සාහ කළ හා ගෙන එනු ලැබූ මාධ්‍ය මර්දන නීති ගැන ද එහි සඳහන් වේ. විශේෂයෙන්ම ඉකුත් ජනවාරි මාසයේදී සම්මත වූ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සැලකිල්ලට ලක්වී තිබේ.

 මේ තත්වය පසුගිය යහපාලන ආණ්ඩුවේ කාලයේ දී මෙන්ම 2019 දී ආණ්ඩුව වෙනස් වීමෙන් පසු ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුද දක්නට ලැබෙන තත්වයකි.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූලව නව පනතක් සම්මත කළ යුතුයැයි එ.ජා. මානව හිමිකම් කවුන්සිලය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රජයට බල කරමින් සිටී. ඒ අනුව යහපාලන ආණ්ඩුව 2018 දී ත්‍රස්තවාදය මැඩලීමේ පනත යන නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. එහි ත්‍රස්තවාදය යන්නට දී තිබුණේ පුළුල් අර්ථ නිරූපණයකි. එම අර්ථ නිරූපණය අනුව ජනමාධ්‍ය කටයුතුද අනතුරුදායක තත්වයකට පත් කරනු ලැබ තිබිණි. කෙසේ වෙතත් එම පනත් කෙටුම්පත එදා සම්මත වූයේ නැත.

2019 දී බලයට පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘‘අන්තවාදීන් පුනරුත්ථාපන කිරීම’’ සඳහා වූ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් 2021 මාර්තු මාසයේදී නිකුත් කළේය. එමගින් යමකු ඔහු ක්‍රියා හෝ ප්‍රකාශ අනුව අන්තවාදී යැයි තීරණය කිරීමේ බලය අධිකරණයට නොව පොලිසියට පවරනු ලැබ තිබිණි. එහෙත් එය නීති විරෝධි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීන්දු කොට තිබිණි.

ඉන් අනතුරුව  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු ආණ්ඩුව පුනරුත්ථාපන කාර්යාංශ පනත යනුවෙන් තවත්  පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. එමඟින්ද ප්‍රකාශක නිදහස ඇතුළු ජනතාවගේ නිදහසට  වැට බැඳෙන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට  තිබිණි. එයද සංශෝධනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළෙන් ආණ්ඩුවට එයද අත්හැර දැමීමට සිදුවිය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ආණ්ඩුව වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට යැයි කියමින් ත්‍රස්තවාදයට එරෙහි පනත නමින් පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කළේය. එය බොහෝ දුරට 2018 ත්‍රස්තවාදය මැඩලීමේ පනත් කෙටුම්පතකට සමාන විය. එමගින්ද ත්‍රස්තවාදය යන්නට දී තිබුණේ විශාල වශයෙන් පුළුල් අර්ථ නිරූපණයකි. එමඟින් ජනමාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනකු ත්‍රස්තවාදීන් ලෙස චෝදනා කිරීමට බලධාරීන්ට අවකාශ සලසා තිබිණි. මේ පිළිබඳව ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විවේචන හමුවේ ආණ්ඩුව එම පනත් කෙටුම්පත හකුළා ගත්තේය.

එහෙත් එය සුළු සුළු වෙනස්කම් සහිතව යළි ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ආණ්ඩුවේ උත්සාහයක් ඇති බව පෙනේ. විකාශන අධිකාරි පනත යනුවෙන් සෘජුවම ජනමාධ්‍ය පාලනය ඉලක්ක කොටගත් පනතක් සම්මත කර ගැනීමේ උත්සාහයක්ද පවතී.

ආණ්ඩුව මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත සම්මත කර ගත්තේ ඒ තත්වය යටතේය. ඒ ගූගල්, ෆේස්බුක් ආදි ජාත්‍යන්තර අන්තර්ජාල හා සමාජ මාධ්‍ය සමාගම්වල දැඩි විරෝධය ද නොතකාය.

මෙවැනි වෙනස් මත මර්දනය කිරීමේ අවශ්‍යතා මතුවන්නේ බොහෝ විට රටේ දූෂණය ඉහළ යාමත් සමගය. ඕනෑම රටක දූෂණය හා මර්දන නීති, විශේෂයෙන්ම මාධ්‍ය මර්දන නීති අතර ඉතාම සමීප සබඳතාවක් පැවතීම සාමාන්‍ය දෙයකි. මේ  පිළිබඳ ඉතා පැහැදිලි උදාහරණයක් නම් දැනට වසර දෙකකට පෙර සිදු වූ සුදු ලූනූ වංචාව හා ඒ හා බැඳුණු ජනමාධ්‍ය මර්දන ප්‍රයන්තනය එම වංචාව ලංකාදීප පුවත්පත මගින් හෙළිදරව් කරනු ලැබූ විට රහස් පොලිසියට ලංකාදීප කර්තෘවරයාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය විය. දේශපාලනඥයකු  ඒ පසු පස සිටින බවද කියවිණි. ඊට එරෙහිව ජනමතයක් නිර්මාණය වූයෙන් එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රශ්න කිරීම ඉදිරියට යාම වැළැක්වීය.

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ආණ්ඩුවට ඇති එකම  මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළයි. එම වැඩ පිළිවෙළ යටතේ රටේ දූෂණය මර්දනය කළ යුතු යැයි  මූල්‍ය අරමුදල අවධාරණය කරයි. දූෂණය හෙළිදරව් කරන ජනමාධ්‍ය මර්දනයට නීති සම්පාදනය කරන අතර ආර්ථික අර්බුදයෙන් ගැළවීමට උත්සාහ දැරීම පරස්පර විරෝධී තත්වයකි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

ආර්ථික අර්බුදයට උත්තරය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ශ්‍රියා මනමත් කළ ආනන්ද අයියා
2024 මැයි මස 28 668 3

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥයකු වූ ආනන්ද පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (29) මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.


රට හදන්න ප්‍රාෙයා්ගික සැලැස්මක් ඕනෑ
2024 මැයි මස 28 137 0

අද දේශපාලනයේ දිශානතිය, ආණ්ඩුවේ ගමන් මග, එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙළ, ජුනි 01 වැනිදා කෙරෙන්නේ කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.


බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු
2024 මැයි මස 28 169 0

අප රටේ දේශපාලකයන් සෑහෙන පිරිසක් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති සත්‍යයකි. එසේ සුව කළ නොහැකි රෝග අතර බලයෙන් ඉදිමීම, අතීතය අමතක


නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 232 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 117 1

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 897 3

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 995 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2188 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site