IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


අහස සිඹින සිහින දකින නෙළුම් කුළුණ

”තඹුරු වනය මුකුලිත වන බව සවස කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස”

(සුභාෂිතය)
හිරුත් සමඟ විකසිත සියපත් හිරු අවරගිර සැඟව යද්දී මුකුලිත වුවත් පොළොව මත පිපුණු මේ සියපත්   කිසිදා   පරව  නොයන විලසකි. ”නෙළුම් පොකුණ” නමින් පිබිදුණු විසල් සියපත ගැන අපි ඉකුත් කාලයේ කතා කළෙමු. ඒ නෙළුම් පොකුණේම තනි නොතනියට මෙන් තවත් අපූරු ”නෙළුමක්” කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අද්දර පිපෙන්නට පෙරමං බලා හිඳියි. නෙළුමක හැඩයෙන් සැලසුම නිමවී හමාරය. ඉනික්බිති ”නෙළුම් කුළුණ” ලෙස නම් ලද්දේ ඒ නෙළුමය. නෙළුමක් විලස සැලසුම් සැදුවේද, සැදූ සැලසුමට නෙළුම් කුළුණයැයි නම් තැබුවේද හේතුවක් ඇතුවය. නෙළුම - එය සුපින්වත් බවේත්, සෞභාග්‍යයේත් සංකේතයක්ම වැන්න. ත‍්‍රස්තවාදයේ ශාපයෙන් ගැලවීම ලත් දේශයට, සෞභාග්‍යයේ අරුණැල්ල දෝරගලා එන දේශයට වාසනාව කැඳවන සලකුණක් පවා කොතරම් නම් අගනේදැයි සිතෙන්නේ පිපුණු ”නෙළුම් පොකුණ” සේම හෙට දවසක පිපෙන ”නෙළුම් කුළුණ” ඇස ගැටෙද්දීය. සාමය සෞභාග්‍ය ගැන හැඟීම් දනවන නිසාවෙන්ම නෙළුමක හැඩය ගත් ඒ කුළුණට නෙළුම් කුළුණ යැයි නම් තැබුණි. මීටර් හයසිය තිස්හතරක් උසින් යුතුව ලෝකයේ උසම කුළුණ ජපානයේ ඉදිවෙමින් පවතී. එහි ඉදිකිරීම් නිමකිරීමට සැලසුම් කර ඇත්තේ   මේ   වසරේ    පෙබරවාරි  මාසයේදීය. ”ටෝකියෝ ස්කයි ටී‍්‍ර” ලෙස ලෝකයේ මේ උසම කුළුණට නම් තබා ඇත. ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ ඉදිවන්නේ දකුණු ආසියාවේ උසම කුළුණ වශයෙනි. එහි උස මීටර් 350 කි. කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි හෙක්ටයාර් 3.06 ක භූමි භාගයක බේරේ වැව ආසන්නයේ මෙම කුළුණ ඉදිකරන්නට සැලසුම් කර තිබේ. දකුණු ආසියාවේ උසම කුළුණ අපේ පුංචි රටේ ඉදිවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ආඩම්බරයට කරුණක් බව අපි සැවොම පිළිගනිමු. එමෙන්ම නිල් අහස සිඹින්නට මෙන් අහස අරා නැගෙන නෙළුම් පොහොට්ටුවේ සොඳුරු දසුන කොළඹ පුරවරයටම අලූත් සුන්දරත්වයක් රැගෙන එනු නොඅනුමානය. එය හෙට දවසක නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් බවට පත්වෙනු ඇත. නෙළුම් කුළුණ සිවුමහල් කුඩා පීඨිකා සහිත නිදහස් ස්ථාවර කුළුණකින්ද, මධ්‍යම විෂ්කම්භය සහිත ආධාර කුළුණු කඳකින්ද, මහල් අටක් සහිත කුළුණු ශීර්ෂයකින්ද යුක්ත වෙයි. එහි මුදුන වානේ රාමුව සහිත ඇන්ටෙනා කුඹයකින් සමන්විත වෙයි. නෙළුම් කුළුණ යෝජිත නව බහු සම්පේ‍්‍රෂණ කුළුණ ලෙසද හඳුන්වාදිය හැක. එළැඹෙන 20 වැනි දින මෙම ව්‍යාපෘතිය උදෙසා මුල්ගල් තැබෙනු ඇත. නෙළුම් කුළුණ ඉදිකිරීමේ පරමාර්ථය හුදෙක් නගර ශෝභනත්වය පමණක්ම නොවේ. ඒ හා සබැඳි තවත් අරමුණු කිහිපයකි. එය මුදල් උපයාදෙන අස්වැන්නක කුළුණක් ලෙස ද අනාගතයේ දවසක සම්භාවනාවට පත්වෙන්නේ යැයි කිව හැක්කේ ඒ අරමුණු දෙස බැලීමේදීය. විදුලි සංදේශ සේවා පහසුකම් සැපයීම, විවේකය සුවදායි ලෙස ගතකිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට නෙළුම්කුළුණ පත් කිරීම, අවම වශයෙන් ගුවන් විදුලි සේවා සපයන්නන් පනහකට විදුලි සංදේශ සේවා සපයන්නන් විස්සකට හා රූපවාහිනී සේවා සපයන්නන් පනහකට පහසුකම් සැපයීම නෙළුම් කුළුණ කේන්ද්‍රගතව ඉටුකරගන්නට අපේක්ෂා කරන තවත් අරමුණු කිහිපයකි. එමෙන්ම මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන්ම කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අප‍්‍රමාණ වූ අධිබලැති ගුවන්විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමෙහිලා ද අනාගතයේදී වක‍්‍රව දායක වෙයි. බහු සම්පේ‍්‍රෂණ විදුලි සංදේශ සේවා සැපයීම හැරුණු කොට මෙම කුළුණේ පීඨිකාව විදුලි සංදේශ සේවා පිළිබඳ කෞතුකාගාරය, භෝජනාගාරය, පරිපාලනමය කාර්යාල, ප‍්‍රදර්ශන ශාලා සහ අනුරූපී පහසුකම් වලින් සමන්විත වේ. කුළුණේ පාදම කොටස අධිවේගී සෝපාන වලින් සමන්විතය. එය සංයුක්ත සිලින්ඩරාකාර හැඩය ගන්නා අතර තරප්පුව සිරස් සංසරණතා පද්ධතියකින් යුතුවෙයි. එසේම ප‍්‍රධාන පද්ධතිය විවිධ වර්ගයේ ගොඩනැගිලි සේවාවන්ගෙන් යුක්තය. නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර වශයෙන් ”ටීම් පාක්” නමින් විනෝදාස්වාදය සපයන අලංකාර උද්‍යානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ. පවුලකට පැමිණ රසවත් ආහාර පාන වලින් සප්පායම් වී ක‍්‍රීඩා කටයුතු ආදියෙහි නිරත වෙමින් සතුටින් සැහැල්ලූවෙන් දවස ගෙවන්නට හැකි ලෙස මෙම උද්‍යානය ඉදිකරන්නට අපේක්ෂා කෙරේ. ඉතාමත්   සහනදායී  මිල ගණන් යටතේ ”ටීම් පාක්” හි සතුටින් සරන්නට ශ්‍රී ලාංකික ඔබට නුදුරු අනාගතයේදී ඉඩහසර ලැබෙනු ඇත. චීන රජය හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉකුත් 3 වැනිදා නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා වූ ගිවිසුමට අත්සන් තැබූහ. චීනරජය නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් දහතුන් දෙනෙකු මේ අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ. ඒ සියලූ දෑස් මත දැල්වුණේ හෙට දිනෙක මේ පොළව මත   පිපෙන අලූත් ”නෙළුම” ගැන බලාපොරොත්තුවයි.
සටහන - සංජීවිකා සමරතුංග / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
නෙළුම් කුළුණේ සිරස නෙළුම් කුළුණේ ආකෘතිය



අදහස් (0)

අහස සිඹින සිහින දකින නෙළුම් කුළුණ

කුමාර Monday, 16 January 2012 10:59 AM

අපි හොද දෙයට හොදයි කියනවා. ජනාධිපතිතුමාට මා සුබ පතනවා

:       0       0

සුමිත් කුමාර Wednesday, 18 January 2012 08:08 PM

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාගේ උණුසුම් සුබ පැතුම්

:       0       0

සනත් රොහාන් Monday, 16 January 2012 11:02 AM

මෙය ඉතා හොද අදහසක්

:       0       0

මැටිදෙණියේ කුසලධම්ම හිමි Wednesday, 18 January 2012 10:09 PM

ලංකාවේ ආශ්චර්යය

:       0       0

SURAWEERA Saturday, 21 January 2012 06:01 PM

තුරුවන් සරණයි

:       0       0

ජයන්ත ඕස්ට්‍රේලියා Monday, 23 January 2012 09:27 AM

ඉතා හොඳ වැඩක්.

:       0       0

sisira Monday, 16 January 2012 06:09 PM

ලෝකේ උසම ගොඩනැඟිල්ල හදන්න සුදානම් කරාම අපිට වත හොඳ තැනක් එයි.

:       0       0

Tharu and Nadee Thursday, 19 January 2012 10:14 AM

අපේ රටත් ලොකයේ අනිත් රටවල් වගේම ලස්සන එකක් කරන්න උත්සහා ගන්න එකට ගොඩාක් සිතුතිය. නමුත් ඔය තැනට ලොකු මිනිස්සුනට පමණක් නොවේ සාමාන්‍ය අයටත් යන්න පුළුවන්නම් ගොඩාක් වටිනාව.

:       0       0

අසංක Wednesday, 25 January 2012 08:04 PM

හොඳ වැඩක්.

:       0       0

පූර්ණිමා Thursday, 19 January 2012 12:28 PM

මෙය ඉතා හොද වැඩක්

:       0       0

සසික Thursday, 26 January 2012 01:29 AM

ගොඩාක් හොදයි. අපිත් ආසයි අනෙක් රටවල් වගේ ලස්සනට අපේ රටත් දකින්න. ජනාධිපතිතුමාට හදවතින්ම සුබ පතනවා

:       0       0

kenath Thursday, 26 January 2012 01:47 AM

අපේ කොමෙන්ට් දාන්න මොකක්ද වගෙයි ද? ඕන නැති වල පල කොමෙන්ට් නම් හැමදාම පල වෙනවා , යමක් හොදට ගලපලා, ලෝකයේම දැනුම කටිකරලා දැම්මම ඒවා පල වෙන්න නැත්තේ ඇයි?, සරල වින්දනයද, ඇස අරවෙන කොමෙන්ට්ද ලංකාදීපය අගය කොරන්නේ?

:       0       0

කුමාර Sunday, 14 October 2012 03:38 PM

ජනපතිතුමාට සුභ පතනවා! (නි)

:       0       0

ඉන්දිකා Monday, 23 January 2012 04:12 PM

රටක් ලෝකයේ ඉදිරියට ගෙනයාමේ හොද ව්‍යාපෘතියක්. අපේ රටට සුබ අනාගතයක්

:       0       0

ඉන්දික Monday, 23 January 2012 04:12 PM

රටක් ලෝකයා ඉදිරියට ගෙන යාම හොද ව්‍යාපාරයක්. අපේ රටට සුබ අනාගතයක්

:       0       0

ssp Tuesday, 17 January 2012 05:54 AM

කාලොචිත හොද දෙයක් !

:       0       0

ශාන්ත Tuesday, 17 January 2012 09:27 AM

හොඳදේ අගයකළ යුතුමයි.

:       0       0

දුලානි Tuesday, 17 January 2012 11:06 AM

මම අපේ රට දියුණුවීම පිළිබද ආඩම්බර වෙනවා

:       0       0

තිසර Monday, 23 January 2012 08:02 PM

හොද වැඩක්. ඒත් රටක දියුණුව කොන්ක්‍රීට්වලින් මණින්න බෑ. දවසකට තුන්වේලක් කන්න නැති විශාල ජනතාවක් තවමත් අපේ රටේ ඉන්නවා

:       0       0

බාවා Tuesday, 17 January 2012 11:18 AM

දැනට ලෝකයේ උසම කුලුණ මීටර් 800 කටත් වඩා වැඩියි. කොහොම වුණත් හොද වැඩක ආරම්භයක්. මම සුබ පතනවා

:       0       0

prabath Tuesday, 17 January 2012 04:05 PM

රටේ මීට වඩා වැඩ නැද්ද

:       0       0

jayanath Thursday, 26 January 2012 07:03 PM

රට ගැන මට දුකයි

:       0       0

malithweerasiri Thursday, 26 January 2012 08:07 PM

හෙටක් තනන වීරයා.

:       0       0

ජානක Friday, 20 January 2012 01:42 PM

අනාගතයට අගනා ආයෝජනයක්. මතු දිනක මුදුනේ දකින චමත්කාරය මැවී පෙනෙයි. සාර්ථකම වේවා

:       0       0

ලාමා Tuesday, 17 January 2012 08:45 PM

සංවර්ධනයේ තවත් පියවරකට. සුභප්‍රාර්ථනා.

:       0       0

නිශාන් චින්තක Sunday, 15 January 2012 09:45 PM

හොදයි

:       0       0

රිස්වාන් Wednesday, 11 July 2012 04:37 PM

මම ඇත්තෙන්ම අගය කරනවා මේ පුදුමාකාර කුළුන නිර්මාණය කළ පුද්ගලයව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි
2025 ජනවාරි මස 24 225 0

2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්‍


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 174 2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


වැඩි බලතල පොලිස්පතිටද? කොමිසමටද?
2025 ජනවාරි මස 23 166 2

2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග


විදුලිබිල අඩුවීමේ ආර්ථික වාසි
2025 ජනවාරි මස 23 99 1

සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ ස


වාහන ආනයනයේදී ආර්ථිකය
2025 ජනවාරි මස 22 1397 3

2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා


සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
2025 ජනවාරි මස 21 334 0

නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 534 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 641 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site