මෙරට සාහිත්‍ය කෙත සරු අස්වැන්නකින් පෝෂණය කිරීමට මුළු දිවිය කැප කළ කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදියාණෝ පසුගියදා අප අතුරින් සමුගෙන ගියහ. නවකතාව, කෙටිකතාව ළමා සාහිත්‍යය මතු නොව සාහිත්‍ය විචාර කලාව වෙනුවෙන් කේ. ජයතිලකයන් දැක්වූ ප‍්‍රබල දායකත්වය මෙරට සමාජයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපනය කරන්නකි. 1943 දී ”වියෝ දසුන” නම් කාව්‍ය සංග‍්‍රහය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසි කේ. ජයතිලක මහතා එතැන් සිට මේ දක්වා රචනා කළ බොහෝ කෘතිවලින් අපට කියා දුන්නේ ජීවිතයයි. පුංචි රාළගේ මරණය, රාජපක්ෂ වලව්ව, පුංචි රාළ, මායා මාළිගා, පිතා මහ, චරිත තුනක්, පියා සහ පුත්තු, අප‍්‍රසන්න කතාවක්, අර්ධ නවකතාවක්, මහල්ලෙකුගේ පේ‍්‍රමකතාව, දෙලොවට නැති අය, අධිෂ්ඨාන, කාලො අයංතේ, පරාජිතයෝ වැනි නවකතාද නොනිමි සිත්තම, අතීරණය, වජිර පබ්බත, එකගෙයි අවුරුද්ද, කටු සහ මල් වැනි කෙටිකතා සංග‍්‍රහද ඒ අතුරින් මෙරට රසික සාමජයට කිසිදා අමතක නොවනු ඇත. බර අඩි තබා සමාජය ඉදිරියෙන් ගමන් කොට ජනතාවට මඟ සළකුණු කළ දැවැන්ත නිර්මාණ කායක් ප‍්‍රදර්ශනය කළ කේ. ජයතිලක ශූරීන් පවත්නා සමාජ දේශපාලන තත්ත්වය මැනැවින් විමර්ශනය කළ අතර ඔහු සතුව පැවැති සමාජ නිරීක්ෂණය මොනතරම් ඉසියුම් එකක් දැයි පුංචි රාළ චරිත තුනක් වැනි නවකතා කියවන පාඨකයාට මැනැවින් ඒත්තු යනු ඇත. ඔහුගේ දැවැන්ත නිර්මාණ කාය තුළින් ප‍්‍රදර්ශනය වූ අනෙක් සුවිශේෂී කාරණය වූයේ භාෂාව හා සංස්කෘතිය කෙරෙහි ඔහු සතුව පැවැති ඇල්ම බැල්මය. ලේඛණ ව්‍යවහාරය වෙනුවට සංස්කරණයෙන් තොර කටවහර පොත පතට ගලපා ගැනීම හැම විටම කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය. කට වහර නිර්මාණයක් කිරීමට තබා දැන්වීම් පුවරුවක් ලිවීමටවත් ඒ හැටියෙන්ම භාවිත කළ නොහැකි බව ඔහු ප‍්‍රකාශ කළේය. කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණන් විශිෂ්ට නවකතාකරුවකු කෙටිකතාකරුවකු ලෙස ප‍්‍රකට වෙතත් ඒ සියල්ල තුළින් මතුව එන දැවැන්ත ප‍්‍රතිරූපයක් තිබේ. එනම් විශිෂ්ට චින්තකයකුගේ මතුවීමයි. දර්ශනවාද අසබඩින්, බුද්ධ චරිතයෙන්, බුද්ධ චරිතයට, කුදුහොත් රචනා, නිරිබත, සංකල්පන, අත්පසුරු වැනි කෘතිවලින් ඒ බව මනාව කියාපායි. සමාජ මතවාද සියල්ල කිරා මැන ඒවායේ සාධාරණ අසාධාරණකම් ජයතිලක මහතා විමසා බැලූවේත් ඒ සියල්ල මැද තම මතය අදීනව ඉදිරිපත් කොට සිටියේත් මධ්‍යස්ථ පිළිවෙතක පිහිටාය. ඇතැම් ආගමික සංකල්පවලට නූතනයේ ලබාදී ඇති හැඩරුව ඔහු ඉතාමත් පරිස්සමින් ලිහා ජනතාවට අවබෝධ කරදීමට වෙහෙස වූ සැටි අපට සිහිපත් කළ හැකිය. ඔහු වරින් වර ලියා පළ කළ කෙටි ගද්‍ය රචනා නිර්මාණ (මේවා කවියැයි හඳුන්වනවාට ජයතිලක මහතා කැමැත්තක් නොදැක්වීය) බොහොමයකින් අප මුලින් දැක්වූ විශිෂ්ට චින්තකයකුගේ රූප කාය මැනැවින් මතුව එන්නට විය. ඒවා කෙටි ගද්‍ය රචනා වුවත් එයින් මතුවන චින්තන දහරාව සුළු පටු නොවේ. මේ ”සංකල්පන” කෘතියට ඔහු ලියන එවැනි නිර්මාණයකි ”ගිය අවුරුද්දේ වපුරන්නට තිබූ බීජ රාශිය එදා නොවපුලෙමි දැන් මට ඉතා හොඳ පොළොවක් ඉතා හොඳ දේශගුණයක් ලැබී ඇත ඒ බිමෙහි ඉතා හොඳ පොහොර යොදා ඒ බීජ වපුළෙමි නිසි ලෙස ජලය ඉස්සෙමි ඒත් ඒවා පුරෝහණය නොවීය. සම්පත් ඕනෑ තරම් තිබියදී අවස්ථාව අපතේ හැරීමෙන් අප ලබන පරාජය මොනතරම්ද යන වග ඉසියුම්ව පාඨකගත කරන ආකාරයත් මෙහි දැනේ. චින්තනීය වශයෙන් පොහොසත් එවැනි කෙටි ගද්‍ය රචනා සහිත නිර්මාණ කෘති කිහිපයක්ම ජීවිතයේ සැඳෑ සමයේදී පවා රචනා කරමින් ජයතිලක මහතා කියා සිටියේ දීර්ඝ වශයෙන් ලිවීම වෙහෙසකර වූ තැන එවැනි කෙටි නිර්මාණ කළ බවයි. එහෙත් ඒවායින් ධ්වනිතවන චින්තනීය සංකල්ප කිසි විටෙක ලඝු නොවීය. කේ. ජයතිලක මහතා අප අතුරින් වියෝවුවත් ඔහු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවකු බව අවධාරණය කළ හැක්කේ ඔහු මෙරට සාහිත්‍යයේ තීරණාත්මක යුගයක නියෝජනයක් වූ බැවිනි. ස්වෝත්සාහයෙන්ම නැගී සිටිමින් පියවරින් පියවර තම නිර්මාණ කාර්යය පොහොසත් කරගත් ජයතිලක මහතාගෙන් මෙරට වත්මනේ මෙන්ම අනාගත සාහිත්‍යකරුවන්ටත් විචාරකයන්ටත් ලබා ගත හැකි ආදර්ශ බොහොමයකි. ඇතැම් කලාකරුවන් විවිධ වාසි තකා දේශපාලකයන් පසුපස යද්දී, ඔවුන් කියන කරන ඕනෑම දෙයක් අනුමත කරද්දී කේ. ජයතිලක ලේඛකයාණෝ කිසි විටෙකත් දේශපාලකයන් පසුපස නොගියහ. ඒ වෙනුවට ඔහු හැමවිටම පාහේ සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු තදින් විශ්වාස කළ එක් කරුණක් වෙයි. එනම් ලේඛනය, සාහිත්‍ය නිර්මාණකරණය යනු ආශ්චර්යයෙන් කෙටි මාර්ගවලින් පාදාගත හැකි දෙයක් නොවන බවය. ස්ථිර නිවහනක් නොමැතිව පයින් පාරේ ඔබ මොබ යන තැනැත්තා ඊළඟ සතියේ ලොතරැයි දිනුමකින් මෝටර් රථයක සුවිසල් මන්දිරයක හිමිකාරයකු විය හැකි වුවත් හෝ සාමාන්‍ය පුද්ගලයකුට මැතිවරණයකින් පසු දේශපාලකයකු වන්නට හැකි වුවත් එවැනි කෙටි මාර්ග කිසිවකින් ලේඛකයකු විය නොහැකි බව ජයතිලක මහතා හැම විටම පාහේ අවධාරණය කළේය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය රත්න, සාහිත්‍යශූරී ආදි සම්මාන හා උපාධි ආදියෙන් එතුමා පිදුම් ලැබුවේ ඔහු තම දිවිය ලේඛනය වෙනුවෙන්ම කැප කිරීමට බුහුමන් පිණිසය. ඒ අතර රසික-පාඨක ජනතාවගෙන් ජයතිලක මහතා ලද ගෞරවය, බුහුමන මේ සියලූ සම්මාන අභිබවා යන බව නොකියාම බැරිය. වී කරල කිරි වදින විට බිමට නැමෙන්නේ යම් සේද තමා ලේඛකයකු, විචාරකයකු, චින්තකයකු ලෙස ජන ගරු බුහුමනට ලක්වන විට ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණෝ සැබැවින්ම නිරහන්කාර වූහ. ඔහු තම නිර්මාණකාය විශාල අතුපතර විහිදුවාලූ කල අක්මුල් සිඳ නොගත්තේය. තම ලේඛනය පෝෂණය වීමට බොහෝ ධෛර්යය සැපයූ කිරිඳිවැල කන්නිමහර අමතක කළේ නැත. ඔහු තම නිවෙස දුවා දරුවන්ට පාඨකයන්ට මහත් අත්වැලක් සපයන පුස්තකාලයකට පිරිනැමුවේ ලේඛකයකුගේ අද්විතීය භූමිකාව නිරූපනය කරමින්ය. ඔහු ගමට කෙතරම් ළෙංගතු මුල අමතක නොවන සොඳුරු මිනිසකුද යන වග ඔහුගේ රචනා කියැවීමෙන් සාධනය වනු ඇත. ජයතිලකයන් පිිළිබඳ මේ අසම්පූර්ණ කෙටි සටහන නිමවීමට පෙර ඔහු ”දින සටහන්” කෘතියට ගම ගැන ලියා ඇති සටහනක් උපුටා දක්වනු කැමැත්තෙමි. ”අද අපි ගමට ගියෙමු. ලංකාවේ කිසිම තැනකදී නොදැනෙන නිදහසක් හා සුවයක් ගෙරදී දැනෙයි. කිඹුල්වත් පුරය දෙසින් හමන සුළඟත් සුවදායක බව බුදුහුද පවසා ඇත. කෙනකුගේ ළමා කාලය කොතෙක් ආස්වාදය කළත් නිමාවට පත් නොවන කොටසකි. එමෙන්ම ඒ පිළිබඳ මතකයද ලේසියෙන් මැකී යන්නක් නොවේ. මා ලියා ඇති බොහෝ නිර්මාණාත්මක කෘතීන්ට ආභාසය ලබා ඇත්තේ බාල කාලයෙනුත් ඒ බාල කාලය ගත කළ ගමෙනුත්ය. ඒවාට ජීව ගුණය සපයන ලද්දේ මේ ගෙදර, මේ වතුපිටි, මේ ඇළ දොළ, කුඹුරු ගහකොළ විසින් නොවේද?” දින සටහන්- කේ. ජයතිලක
ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා
රජයේ ආයතන කිහිපයක සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේ දී) හෙළි
මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අපට ජීවිතය ගැන කියාදුන් මහා ගත්කරු
නිත්‍යා Saturday, 12 January 2013 03:54 PM
ඔබ මේ සමාජයට කර මෙහෙය ඉතා වටිනවා. ඔබට නිවන් සුව (ස)
Monday, 27 November 2023 07:25 PM
ඔබට නිවන් සුව...!