හොඳ නරක එකට එක්වූ අයවැයක්
වර්ෂ 2024 වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයෙහි අන්තර්ගතය බොහෝ අංශවලින් 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනයට සමානය. මෙම අයවැයෙන් සමාජ ආරක්ෂණය, තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කිරීම, ආර්ථිකය ඩිජිටල්කරණය, නීල හරිත ආර්ථිකයක් ගොඩනැගීම සහ තරගකාරී ශ්රම බළකායක් ඇති කිරීම යනාදී අංශ කෙරෙහි ප්රමුඛාවධානයක් යොමු කර තිබේ.