කුඩු මර්දන සටනට ජනතා සහායත් ඕනෑ පාතාලයට සහ කුඩු ජාවාරම්කරුවන්ට එරෙහි යුක්තිය මෙහෙයුම මේ වනවිට දින ගණනාවක් තිස්සේ ක්රියාත්මකව පවතී. අපගේ ලංකාදීප ප්රවෘත්තියකට අනුව පළමු දින හත තුළ දී පාතාලයන් සහ කුඩු ජාවාරමුන් 13,666කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. එසේම පාතාලයන් සතු රුපියල් කෝටි ගණනාවක සුඛෝපභෝගී නිවාස සහ වාහන ඇතුළු දේපළ විශාල ප්රමාණයක් ද වැටලීම්වල දී සොයාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්රියාවලිය ඉදිරියට ක්රියාත්මක වෙමින් තිබේ. 27 December 2023
ආර්ථිකය පසුබෑමේ උරුමකරුවෝ ශ්රී ලංකාව බ්රිතාන්ය අධිරාජ්යයෙන් නිදහස ලැබූ වකවානුව වනවිට මෙරට ආසියාවේ සමෘද්ධිමත්ම රටක් බවට පත්වන ලකුණු දිස්විය. එහෙත් අද වනවිට ශ්රී ලංකාව ණය බරින් මිරිකෙන බංකොළොත් රටක් බවට පත් වී ඇත. ඉකුත් කෙටි කාලය තුළ සෙසු ආසියානු රටවල් සිය සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරන අතරතුර ශ්රී ලංකාව පසුගාමී රටක් බවට පත්වීම අතිශයෙන් ඛේදජනකය. 26 December 2023
භූත ඇදහිලි විශ්වාස පසුපස ගොස් අමාරුවේ වැටෙන්නෝ ප්රාග් ඓතිහාසික යුගයේදී මිනිසා ගස්, ගල් පර්වත නමස්කාර කළේය. එම මිනිසාට ඉර මෙන්ම හඳද දෙවියන් විය. ක්රිස්තු පූර්ව 6 වැනි සියවසේ භාරතයේ විද්යාත්මක පදනමක් නොමැති ඇදහිලි හා විශ්වාස 62ක් විය. ඒවායේ ඇතැම් ඉතිරි බිතුරු තවමත් ඉන්දියාවේ පවතී. 21 වැනි සියවස වුවද අදටත් ඉන්දියාවේ “නිඝන්ටනාථ පුත්තලා” සිටිති. ඉන්දියාවේ පමණක් නොව මේ රටේ තත්ත්වය ද එයින් වෙනස් නොවන්නකි. 26 December 2023
සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි. 25 December 2023
නත්තලේ සැබෑ අරුත නත්තල් උත්සවය ළං වන විට එයට ආධ්යාත්මිකවත් භෞතිකවත් සූදානම් වීම අප කාගේත් පුරුද්දකි’ එනමුදු එහි ආධ්යාත්මිකත්වය පසුගාමී කොට භෞතිකත්වය පිළිබඳව පමණක් සිත යොමු කිරීමට බහුතරයක් යොමුවීම නම් නොමඳ කනගාටුවට කරුණකි. 25 December 2023
සහජීවනය අරුත්ගන්වන නත්තල නත්තල යනුවෙන් සාමන්ය ව්යවහාරයේදී අප හඳුන්වන්නේ ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිහිකරන අසිරිමත් දිනයයි. ජන වන්දනා පිළිවෙත් හා ක්රිස්තු සභාවේ නිර්දේශ අනුව එම දිනය යෙදී තිබෙන්නේ දෙසැම්බර් 25 වැනිදාටය. නත්තල සම්බන්ධ සියලු සැමරීම් සිදු කිරීමට ලාංකීය ජනයා පුරුදු වී සිටින්නේ එදිනටය. නත්තල සිහිකරන සිදුවීම් පිටුපස සිද්ධාන්ත තුනක් අපට හඳුනා ගැනීමට හැකිවේ. 25 December 2023
නත්තලේ අසිරිය සැමට උදාවේවා! අසිරිමත් නත්තල අදින් උදා වේ. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්යාත ජනතාව ඉමහත් බැතියෙන් මෙන්ම අපමණ ප්රීතියෙන් නත්තල සමරති. ඒ, තමන්ගේ මනුෂ්ය ආත්මභාවයේ ගැලවුම්කරුවා බෙත්ලෙහෙමේ ගවලෙනක ඉපදුණු සතුටය. නත්තල අප රටේ එක් විචිත්රවත් සංස්කෘතිකාංගයකි. එහෙයින්, කිතුනු ජනයා පමණක් නොව සෑම ආගමකටම අයත් ජනයා උත්සවශ්රීයෙන් නත්තල සමරති. ජේසුස් වහන්සේගේ උප්පත්තිය සම්බන්ධ ශුභාරංචියෙන් ඉපිලෙමින් නත්තල සමරන ඒ ජනී ජනයා සමග ලංකාදීපය ද මෙසේ සාදරයෙන් එක්වේ. 25 December 2023
අර්බුදයේ වාසිය කොයිබටද? එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා එම පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්රීවරයා වන වජිර අබේවර්ධන මහතා අනෙක් බොහෝ මන්ත්රීවරුන්ට වඩා මහජන අවධානය තමන් වෙත යොමු කරවා ගන්නට සමත් අයකු බව පෙනේ. ඒ සඳහා ඔහු කරන අතැම් ප්රකාශ ඔහුගේ ප්රතිරූපයට කෙසේ බල පාන්නේ ද යන්න වෙනම කරුණකි. 23 December 2023
තනතුරු හිස්ව තැබීමේ පාඩුව රටේ ජනතාවටයි සෞඛ්ය අමාත්යංශයේ ඉහළම පරිපාලන තනතුරු 100කට වැඩි ගණනක පුරප්පාඩු පුරවා නැති බවත් එම තනතුරුවලට වැඩබලන නිලධාරීන් පත්කර ඇති බවත් අපගේ ලංකාදීපය පත්රයේ පළ කෙරුණු වාර්තාවක සඳහන් විය. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය ඇතුළු මහ පුටු 251ක් මාස ගණනාවක් තිස්සේ හිස්ව පවතින බව අපගේ සහෝදර පුවත්පතක් වන ‘අද’ පසුගියදා වාර්තා කළේය. 23 December 2023
ජනතාව අන්දවන සුරංගනා කතා මේ දිනවල ලොකු ලූනු මිල ප්රශ්නය සැරටම දැනෙමින් තිබේ. අප රටට කලින් කලට මෙවැනි ප්රශ්න උද්ගත වේ. විශේෂයෙන් ම අල, ලූනු හා බඩඉරිඟු වැනි භෝග සම්බන්ධයෙන් මෙය සුලබ තත්ත්වයකි. වර්තමානයේ ලොකු ලූනු ගැටලුව උද්ගතවීමට ප්රධාන වශයෙන් ම බලපා ඇත්තේ ඉන්දියාව විසින් ලූනු ආනයනය සපුරා තහනම් කිරීම ය. මීට පෙර, එනම් පසුගිය අගෝස්තුවේ ඉන්දියාව ලොකු ලූනු සඳහා සියයට 40 විශේෂ අපනයන බද්ධක් පැනවීමට ද කටයුතු කළේ ය. 22 December 2023
සරසවි ඇදුරාගේ නිහීන ක්රියාව ධර්මද්වීපය යැයි විරුදාවලි ලත් රට බොහෝ වේගයෙන් සංස්කෘතික කාන්තාරයක් බවට පත්වෙමින් තිබේ. අසන්නට, දකින්නට ලැබෙන සිදුවීම් හද කම්පා කරවයි. මිනිසුන්ට මෙහෙම හැසිරිය හැකිදැයි’ සිතෙන තරමට එම සිදුවීම් ජුගුප්සාජනකය. එමෙන්ම කුරිරුය. මෙම සිදුවීම් වාර්තා වන්නේ නූගත් අඥාන පුරවැසියන්ගෙන් පමණක් නොව දැන උගත්කමින් පිරිපුන් සමාජයේ වගකිවයුතු යැයි සැලකෙන පුරවැසියන්ගෙන් වීම ද විශේෂිතය. මේ බව පසක් කරවන සිදුවීමක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 22 December 2023
වැට් බද්දට අසල්වැසි පාඩම් එළඹෙන ජනවාරි 01 වැනිදා සිට දැනට සියයට 15 ක් වන වැට් බද්ද සියයට 18ක් වෙයි. එසේම මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ හා සේවා 250 ක් පමණ වැට් බද්දට යටත් වෙයි. ඊට අමතරව වැට් බදු අය කරන සැපයුම් සීමාව අවුරුද්දකට රුපියල් මිලියන 80 සිට 60 දක්වා පහත හෙළයි. එමගින් මෙතෙක් වැට් බදු නොගෙ වූ පිරිසක්ද වැට් බදු ගෙවීමට අලුතින් එකතු වෙයි. 21 December 2023
පාප්තුමාගේ හිටපු උපදේශකට එරෙහි නඩුවෙන් අපටත් පාඩමක් මූල්ය අපරාධ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් වතිකානයේ හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකවරයකු වූ ඇන්ජලෝ බෙවුට වතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6ක සිර දඬුවමක් හා යුරෝ 8000ක දඩයක් නියම කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම ඇන්ජලෝ බෙවු වරක් පාප් ධුරය සඳහා ද සුදුස්සකු ලෙස සැලකිණි. 21 December 2023
අයි.එම්.එෆ්. තියරියේ වැට් බද්ද 2024 ජනවාරි පළමුවැනි දින සිට වැට් බදු අනුපාතික වැඩිවීම පිළිබඳව විපක්ෂය සහ සමාජ මාධ්යයෙන් යළිත් වරක් බිල්ලෙක් මැවීමට සූදානම් වන බව පෙනී යයි. රටේ හුවමාරු වන භාණ්ඩවලින් වැඩි ප්රමාණයකට මේ වනවිටද වැට් බද්ද ක්රියාත්මක වේ. එහෙත් එය ජනවාරි පළමු වැනිදා සිට සියයට 3කින් වැඩි කර බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ නංවා තිබේ. එහෙත් සමහර අය උත්සාහ කරන්නේ රටේ සියලුම භාණ්ඩවලට අලුතින් සියයට 18ක බද්දක් පනවා ඇති බව හැඟවීමටය. 20 December 2023
ඖෂධ ජාවාරමුන් දඬුකඳේ ගැසීම බාල ඖෂධ නැතහොත් සරලව ප්රකාශ කළොත් හොර බෙහෙත් මේ රටේ ගෙදර දොර පොදු මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ හොර බෙහෙත් ජාවාරම බිලියන පතියන් බිහි කරන හොඳ යන්ත්රයකි. මේ යන්ත්රයේ ඇති රෝද කර කවන පිරිස අතරේ බොහොම බලවත් දේශපාලකයන් සිටින බවද පොදු රහසකි. එහෙත් මේ බලවත් විෂම චක්රයට දඬුවම් පමුණුවන නැතහොත් නියම බෙහෙත දීමක් ගැන කතා කරන පිරිස සංඛ්යාත්මකව අඩුය. 20 December 2023
ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් ශ්රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමග දෙරටේ සබඳතා සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ. 19 December 2023
වැට් බදු ඉහළ දැමීමෙන් පොඩ්ඩාට තවත් අමාරුකම් අප රට රටක් වශයෙන් හැඳින් විය හැකි සියලු නිර්ණායක රටට අහිමි වෙමින් තිබෙන සෙයකි. ඒ බවට ඉඟිදෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ප්රවෘත්තියේ සිරස්තලයෙන් එම ඉඟිය මනාව උළුප්පා තිබිණි. එම සිරස්තලය නම් ‘වැට් එකෙන් ජනවාරියේ සිට බස් ගාස්තුව ඉහළට’ යන්නය. 19 December 2023
ඡන්දයකදී සජබට තරගයක් නෑ අලුත් වසරේ එන මැතිවරණ සඳහා ඇති සූදානම සමගි ජන සන්ධානයේ උද්ගතව ඇතැයි කියන මතභේද මේ ආදී දේශපාලනික හා ආර්ථික කාරණා ගණනාවක් ගැන සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි. 18 December 2023
ගුරු ගෞරවය නොරැක්කොත් සමාජයෙනුත් පිළිගැනීමක් නෑ අවුරුදු 15 ක බාලවයස්කාර දරුවකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම අඩන්තේට්ටම් කිරීම හිංසාකිරීම හා නොසලකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් විදුහල්පතිනියකට කළුතර මහාධිකරණ විනිසුරු ප්රදීප් එස්. අබේරත්න මහතා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළ බවත් විදුහල්පතිනිය විනිසුරුවරයා ඉදිරියේ එම වන්දි මුදල ගෙවා දැමූ බවත් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 18 December 2023
සංහිඳියා කොමිසම විජ්ජාවක්ද? ශ්රී ලංකාවේ සිටින විවිධ ජන කොට්ඨාස අතර, විශේෂයෙන්ම සිංහල, බෞද්ධ හා දෙමළ ජාතීන් අතර සංහිඳියාවට අදාළ ප්රධාන සිද්ධි දෙකක් පසුගිය සතියේ වාර්තා විය. 16 December 2023
ගොවි - පාරිභෝගික දෙපිරිසම රකිමු එළැඹෙන්නේ උත්සව සමය වේ. වේලක් හැර වේලක් කමින් යාම්තමට ජීවිතය ගැටගසාගෙන සිටින ජනයාට උත්සව සමය යනු දවල්තරු පෙනෙන මාතෘකාවකි. ආර්ථික අර්බුදයට අමතරව සියලු ආකාරයේ ජාවාරම්කරුවන්ගේ, අතරමැදි මාෆියාකරුවන්ගේ, මංපහරන්නන්ගේ නින්දිත සූරා කෑමට ජනයා ලක්වන්නේද උත්සව කාලවලය. ‘‘කල දුටු කල වළ ඉහගන්නා’’ නරුමයන්ගේ නිර්දය ප්රහාරයට මෙම උත්සව සමයේදී ද ජනයා ලක්වනු නොඅනුමානය. 16 December 2023
අයි.එම්.එෆ්. වට්ටෝරුවේ හිරවීම මේ සතියේ කිවිදා දැක්ම ලියන්නට වෙන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගණනාවක්ම ගනිමින් තිබෙන අවස්ථාවකය. 2024 වර්ෂයට අදාළ අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවේ අනුමත වූයේ මේ සතියේය. එය අනුමත වීමට දිනයකට පෙර ආණ්ඩුව පාර්ලිමේන්තුව යොදා ගනිමින් VAT බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කර ගත්තේය. 15 December 2023
පරිසරයට හානිවන පොලිතින් භාවිතය ‘‘ලන්ච් ෂීට් තහනම්, විකල්ප සොයන්න හය මසක්” යනුවෙන් පුවතක් පසුගිය දිනෙක අප පුවත්පතේ පළ වූයේය. මීට පෙර කී වතාවක් ලන්ච් ෂීට් තහනම් කළේ දැයි අසන්නට අයකුට සිත් දේ නම් එය අරුමයක් නොවේ. එසේ විමසීම අතිශය සාධාරණය. මීට පෙර ලන්ච් ෂීට් වලට යොදාගන්නා පොලිතීන් වර්ගය තහනම් කළ අවස්ථා හතරක් පිළිබඳ තොරතුරු වැඩි ආයාසයකින් තොරව සොයාගත හැකිවේ. 15 December 2023
දුප්පතා පිට පැටවෙන බදුබර නවසිය පනස් හයේදී ලංකාව ආදර්ශයට ගෙන දියුණුව ආරම්භ කළ සිංගප්පූරුවේ ආදායම් බදු ආදායම සමස්ත බදු ආදායමෙන් සියයට 72කි. එරට භාණ්ඩ හා සේවා බදු ආදායම සමස්ත බදු ආදායමෙන් සියයට 28කි. එහෙත් දියුණුව සඳහා සිංගප්පූරුව ආදර්ශයට ගත් ලංකාවේ ආදායම් බදු ආදායම සියයට 30.5කි. භාණ්ඩ හා සේවා බදු ආදායම සියයට 69.5කි. මේ එහි ප්රතිවිපාක පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපියකි. 13 December 2023
අල්ලස–දූෂණය පිටුදැකීමේ ක්රියාදාමය තවත් දැඩිකරමු අල්ලස් ගැනීම්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධ පැමිණිලි 3255 ක් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට නොවැම්බර් මස 21 වැනිදා දක්වා කාලය තුළ අල්ලස් කොමිසමට ලැබී ඇතැයි එම කොමිෂම් සභා ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 13 December 2023
පටු අරමුණු පෙරටුකොට රට වැට්ටවීම ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ශ්රී ලංකාවට අනුමත කරනු ලැබ ඇති ණය මුදලේ දෙවැනි වාරිකය ලබා දීම සම්බන්ධයෙන් 12 වැනිදා පැවැත්වූ අධ්යක්ෂ මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිතව තිබුණි. ඒ හේතුවෙන් පසුගිය ඉරිදා පාර්ලිමේන්තුව රැස් වූ විට වැට් බදු සංශෝධනය පිළිබඳව යෝජනාව සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවෙන් සිටියේය. එසේ වුවද, පාර්ලිමේන්තුවේ ගණපූරණය නොතිබීම හේතුවෙන් එය පෙරේදා (2023.12.11) තෙක් කල් තැබීමට සිදුවිය. 13 December 2023
පැය පහක් අඳුරේ වැටීමේ අභාග්යය මුළු රටටම එකවර පැය පහක කාලයක් අඳුරේ ගිලි සිටීමට සිදුවිය. ඒ ඉකුත් 9 වැනිදා පස්වරු 5 සිට රාත්රී 10 දක්වා කාලය තුළදීය. මාස කිහිපයක් පුරා පැය 12කට ආසන්න කාලයක් විදුලිය නොමැතිව කල් ගෙවූ ජනයාට පැය 5ක කාලයක් අඳුරේ සිටීමට සිදුවීම එතරම්ම බරපතළ අර්බුදක් නොවේ. 13 December 2023
සාපෙළින් පසු සාපයක් නොවන්නට මෙවර අ.පො.ස. සා.පෙළ ප්රතිඵල නිකුත් වුණේ වෙනදා මෙන් නොව තරමක් ප්රමාදවය. එම ප්රතිඵල නිකුත් වන විටද විභාග ප්රතිඵල කෙරෙහි විශ්වාසය තැබූ ඇතැම් සිසුන් වෙදනා මෙන්ම තම උසස් පෙළ විෂය ධාරාවද තෝරාගෙන අවසන්ය. 13 December 2023
පොහොට්ටුව තාමත් ජනතා හදවතේ අද රටේ තත්ත්වය, පක්ෂ සම්මේලනය, නව විදුලිබල පනතට විරුද්ධ ද, පොහොට්ටුවට එල්ල වන චෝදනා ආදී දේශපාලන කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ. 11 December 2023
දුප්පත්කමින් යුතුකම් අයුතුකම් අමතකවීම දින හතේ වයසැති පිරිමි නිවුන් දරුවන් දෙදෙනකු මුදලට විකිණු සිද්ධියක් පසුගියදා අපගේ ලංකාදීපය සිය මුල් පිටුවේ ප්රධාන සිරස්තලයක් මගින් අනාවරණය කර තිබිණි. එක් දරුවකු රුපියල් විසිපන්දහකට මිල නියම කර තිබූ බවද මේ සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද එම ප්රවෘත්තියේ සඳහන් විය. 11 December 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026