IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ඡන්දයකදී සජබට තරගයක් නෑ

අලුත් වසරේ එන මැතිවරණ සඳහා ඇති සූදානම සමගි ජන සන්ධානයේ උද්ගතව ඇතැයි කියන මතභේද මේ ආදී දේශපාලනික හා ආර්ථික කාරණා ගණනාවක් ගැන සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කරලා විදුලි ගාස්තු ඉහළ ගිහින්. සජබ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට පාර්ලිමේන්තුව ඇතුළෙ දක්වන විරෝධයෙන් එහාට ගිහින් මොකුත් කරන බවක් පෙන්න නෑ. ඒ ඇයි?

පිළිතුර:- දැනටමත් අපි එළියට ගිහින් මේ වැට් බදු වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණ කරනවා. වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කළා විතරක් නෙවෙයි අලුතින් භාණ්ඩ 97 ක් වැට් බද්දට යටත් කරලත් තියෙනවා. මේ නිසා ජීවන වියදම විශාල වශයෙන් ඉහළ යනවා. අයවැය විවාදය ඉවර වුණේ 13 වැනිදා. ඒ වෙනතෙක් අපි පාර්ලිමේන්තුවේ හිටියෙ. දැන් අපි එළියට ගිහින් මේ වැට් වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණ කරගෙන යනවා.

ප්‍රශ්නය:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ දෙවැනි වාරිකය නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. මේකත් සමග ජනාධිපතිවරයා කියනවා මේ මාසෙ සිට රට බංකොලොත්භාවයෙන් ඉවත් වෙනවා කියලා. ආර්ථිකයෙ යම් පිබිදීමක් වෙලා තියෙනවා කියලා හිතනවද?

පිළිතුර:- ජනාධිපතිතුමා මොන තරම් පුරසාරම් දෙඩුවත් මේ රටේ මිනිසුන්ගෙන් බහුතරයක් බඩගින්නෙ ඉන්නෙ. රෝහල්වල බෙහෙත් ටික නෑ. මිනිස්සුන්ට අලුතින් ව්‍යාපාර කරන්න බෑ. රස්සා ලක්ෂ ගානක නැති වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ණය වැඩසටහනේ දෙවැනි වාරිකය ලැබුණා කියලා මිනිස්සු අමාරුවෙ වැටුණ එක නැති වෙලා නෑ. ඒ වගේම ගොවියන්ට පොහොර ගන්න මුදල් නෑ. තෙල් මිල වැඩි වෙලා නිසා ධීවරයො පීඩාවට පත්වෙලා ඉන්නවා. කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය නෑ. මේ විදියට සියලු ක්ෂේත්‍රවල අය පීඩාවට පත් වෙලා ඉන්නෙ. ඒත් ජනාධිපතිතුමා කියන තත්ත්වයක් නෙවෙයි රටේ තියෙන්නෙ.

ප්‍රශ්නය:- රටේ ආර්ථිකය හදන්න සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් තියෙනවද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම තියෙනවා. නිෂ්පාදන මත පදනම් වෙන ආර්ථිකයක් හදන වැඩපිළිවෙළක් අපට තියෙනවා. 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාත් ප්‍රේමදාස මහතාත් රටේ කෘෂිකර්ම නිෂ්පාදනය වැඩි කළා. කර්මාන්ත නිෂ්පාදන කටයුතු දියුණු කළා. ඒ නිසා තමයි ආර්ථිකය දියුණු වුණේ. අද වෙලා තියෙන්නෙ නිෂ්පාදනය අඩු වෙමින් යන එක. විදුලිබිල ගාස්තු වැඩි කරපු එකෙන් විදුලිබල මණ්ඩලය ලාබ ලබනවා. ඉන්ධන මිල වැඩි කරපු එකෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාබ ලබනවා. එහෙත් අද වෙන කොට කර්මාන්ත සියල්ල වැටිලා. ඒ නිසා අපනයන අඩු වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තය සියයට 30 කට වැඩි ප්‍රතිශතයකින් කඩා වැටිලා තියෙනවා. මේ නිසා තවදුරටත් ණය අරගෙන මේ ආර්ථිකය කරගෙන යන්න බෑ. ණය ගෙවන්න නම් නිෂ්පාදනය වැඩි කරන්න ඕන. ඒ සඳහා මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ.

ප්‍රශ්නය:- සජබෙට වැඩපිළිවෙළක් තියෙනවා කිව්වාට ඒක ජනතාවට ඉදිරිපත් කළේ නෑනෙ?

පිළිතුර:- අවශ්‍ය වෙලාවට අපි ඒක ජනගත කරනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අපේ කණ්ඩායම ඒ ගැන ජනතාවට තොරතුරු කියමින් යනවා.

ප්‍රශ්නය:- සමගි ජන බලවේගයෙ ආණ්ඩුවක් යටතේ අයිඑම්එෆ් ගිවිසුම නැවත සමාලෝචනය කරනවා කියලා සජිත් ප්‍රේමදාස කිව්වා. ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන් දෙයක් ද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම. සජිත් ප්‍රේමදාස මහතා කීප වතාවක්ම කිව්වා සජබ ආණ්ඩුවක් යටතේ අයිඑම්එෆ් ගිවිසුම අපේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව නැවත සලකා බලන්න කටයුතු කරනවා කියලා. අපි දන්නවා මේ ගිවිසුම අනුව කටයුතු කරන්න ගිය නිසා මේ වෙන විට වැට් ඇතුළු බොහෝ දේවල් ඉහළ ගිහින් තියෙනවා. මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ. නව රජයකට පුළුවන් වෙන්න ඕන තමන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා ඒ අනුව කටයුතු කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න අපි ඉන්න ඕන නෑනෙ. ඒ නිසා මේ ගිවිසුම ගැන තවදුරටත් සාකච්ඡා කරලා රටට අහිතකර දේවල් සම්බන්ධයෙන් සංශෝධනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- 2024 දි පළමුවෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවොත් පක්ෂය ඊට සූදානම් ද? කොහොමද තරග කරන්නෙ?

පිළිතුර:- අපි දැනටමත් සමගි ජන බලවේගය විදියට මැතිවරණයට සූදානමින් ඉන්නෙ. පක්ෂයේ සංවිධාන හදලා සංවිධායකවරු පත් කරලා තියෙන්නෙ. ඒ වගේම පක්ෂයෙ තරුණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙනවා. භික්ෂු උපදේශක සභා ක්‍රියාත්මක වෙමින් යනවා. අනිත් පක්ෂවලට වඩා අපි ඕනම වෙලාවක මැතිවරණයකට සූදානමින් ඉන්නෙ.

ප්‍රශ්නය:- ඒත් සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයි සමගි ජන බලවේගයයි අතර ආරවුල් පවතින බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ඒක ඇත්තද?

පිළිතුර:- ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි ශක්තිමත් වෙන කොට ආණ්ඩුව තමන්ගෙ මාධ්‍ය යොදා ගෙන අපේ සමගිය බිඳින්න නොයෙක් උපක්‍රම ක්‍රියාත්මක කරනවා. සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ සමග අපි දැනටමත් සාකච්ඡා කරගෙන යනවා. අපේ සන්ධානයට අලුතින් දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වෙලත් තියෙනවා. අපි ඉතා ඉක්මනින් සමගි සන්ධානය පිහිටුවීමට අවශ්‍ය කටයුතු කරනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා සමග එකතු වෙලා ගමනක් යා යුතු බවට ඒ පක්ෂවලින් යෝජනා ආවෙ නැද්ද?

පිළිතුර:- කිසිම පක්ෂයකින් ඒ විදියෙ යෝජනාවක් ඇවිල්ලා නෑ. ජනාධිපතිවරයාට තියෙන ජනතා කැමැත්ත දවසින් දවස අඩු වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා පහුගිය අවුරුදු එකහමාරෙදි වැඩ කළේ මේ රට බංකොලොත් කළ පිරිස ආරක්ෂා කරන්න. ඔවුන්ට පාරට බහින්න පුළුවන් වාතාවරණයක් හැදුවා. රට වට්ටපු පිරිසක් එක්ක ජනාධිපතිතුමා ඉද්දි එතුමා සමග එකතු වෙන්න අපට අවශ්‍ය නෑ.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමත් සමග සන්ධානයක් හැදුවොත් අගමැති අපේක්ෂකත්වය ඒ කණ්ඩායමේ කෙනෙක්ට දෙන්න යන සූදානම ගැන ඔබ කණස්සල්ලෙන් පසු වෙනවා කියන්නෙ ඇත්තද?

පිළිතුර:- නෑ. ජනාධිපති කවුද අගමැති කවුද කියලා තවම තීරණය කරලා නෑ. ඒක තීරණය වෙන්නෙ එන මැතිවරණය අනුව. මහ මැතිවරණයක් ආවොත් අගමැති අපේක්ෂක වෙන්නෙ සජිත් ප්‍රේමදාස. ජනාධිපතිවරණයක් ආවොත් ජනාධිපති අපේක්ෂක වෙන්නෙත් සජිත් ප්‍රේමදාස. ජනාධිපතිවරණයෙන් පස්සෙ එන මහ මැතිවරණය ගැන දැන්ම අපි කේන්දර හදන්න ඕන නෑ. ඒකට තව කල් තියෙනවා.

ප්‍රශ්නය:- එවැනි සන්ධානයකට අදාළ සාකච්ඡා පැවැත් වෙනවාද?

පිළිතුර:- අපි කණ්ඩායම් කීපයක් එක්ක සාකච්ඡා කරමින් යනවා. ඒ සාකච්ඡා සාර්ථක මට්ටමක පවතිනවා. ඩලස් අලහප්පෙරුම වේවා ජී.එල්. පීරිස් වේවා අනිත් කණ්ඩායම් වේවා අද විපක්ෂයට ඇවිල්ලා තියෙන්නෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ක වැඩ කරන්න බැරි නිසා. විපක්ෂය පොදු සන්ධානයක් විදියට එකතු වෙන එක තමයි කළ හැකි හොඳම දේ.

ප්‍රශ්නය:- ඒත් සමගි ජන බලවේගයේම සමහරු ජනාධිපතිවරයත් සමග එක්ව ගමන් කළ යුතු බවට මත ඉදිරිපත් කරමින් ඉන්නවා නේද?

පිළිතුර:- ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අසාර්ථක වෙන කොට එතුමගෙ ජනප්‍රියත්වය පහළ බහින කොට මොළේ තියෙන කිසි කෙනෙක්ට එතුමා සමග එකතු වෙන්නවත් එහෙම එකතු වෙමු කියලා කියන්නවත් අවශ්‍යතාවක් නෑ. ඒ නිසා සමගි ජන බලවේගයේ සියලු දෙනා අද අපි සමග එකතු වෙලා ඉන්නවා.

ප්‍රශ්නය:- ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද මීළඟ මැතිවරණයේදී පක්ෂයේ කවුරුවත් ජනාධිපතිවරයා ළඟට යන්නෙ නෑ කියලා?

පිළිතුර:- අනිවාර්යයෙන්ම. කවුරුහරි යන්න හිතන් හිටියත් දැන් ඒක නැවතිලා තියෙන්නෙ.

ප්‍රශ්නය:- ජනමත සමීක්ෂණ ප්‍රතිඵලවලින් කියන්නේ මේ මොහොතෙ රටේ ජනප්‍රියම දේශපාලන නායකයා අනුර කුමාර දිසානායක කියලා. ඒක ඔබලට අභියෝගයක් නෙවෙයිද?

පිළිතුර:- අපිට කිසිම අභියෝගයක් නෑ. ඔය ජනමත සමීක්ෂණ කවුද කරන්නෙ ඒවා අපක්ෂපාතී ද ඒ ජනමත සමීක්ෂණ කරපු නියැදි මොනවාද කියන කාරණා ගැන ප්‍රශ්න තියෙනවා. එහෙත් අපි කරපු ජනමත සමීක්ෂණවලට අනුව නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියෙන් ඉන්නෙ. අනුර කුමාර දිසානායක මහත්තයට සජිත් ළඟට කිට්ටු වෙන්නවත් බෑ. අනිත් එක අනුර කුමාර දිසානායක මහත්තයලා තවම ජනතාවට කියලා නෑ මේ වැටිච්ච රට ගොඩ ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම ඒ අයට පළපුරුදු කණ්ඩායමක් නෑ. මේ රටේ පළපුරුදු හොරකම් අපරාධ නොකරපු කණ්ඩායම ඉන්නෙ සමගි ජන බලවේගයෙ. ඒ නිසා ජාතික ජන බලවේගය එක්ක අපට තරගයක් නෑ.

ප්‍රශ්නය:- පළපුරුදු කණ්ඩායම ඉන්නෙ සජබෙ කියලා කිව්වාට යහපාලන ආණ්ඩුවේ සිටියදීවත් ඔබලට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරි වුණා. දැන් කොහොමද ජනතාව ඔබලා ගැන විශ්වාසය තියන්නෙ?

පිළිතුර:- ඒ කාලෙ බඩු මිල වැඩි වුණේ නෑ. අපි ජනතාවට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කළා. රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. ගොවියගෙ වී මිල වැඩි වුණා. පොහොර සහනාධාරය තිබුණා. රජයේ රෝහල්වල බෙහෙත් ටික තිබුණා. අපි ණයත් ගෙවාගෙන ගියා. අපි යහපාලන ආණ්ඩුවෙදි අසාර්ථක වුණා කියන්නෙ කොහොමද.

ප්‍රශ්නය:- මීළඟ සජබ ජනාධිපති අපේක්ෂකයා කවුද?

පිළිතුර:- අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් තීරණය කරලා තියෙනවා මීළඟ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව. එදා අපි එජාපයේ හිටියදී වුණා වගේ නායකයා හැංගිලා අපේක්ෂකත්වය වෙන කාටවත් දෙන්නෙ නෑ. අද ඉන්න සුදුසුම පිරිසුදුම හොරකම් නොකරන නායකයා සජිත් ප්‍රේමදාස. අපිට වෙන විකල්පයක් ඕන නෑ.

ප්‍රශ්නය:- ඒ වුණාට සජිත්ට පාර්ලිමේන්තුවේදී හතර වටින්ම ගහනවා. සමහරු කියනවා සජිත් නායකයෙක් නෙවෙයි කියලා. මේ විවේචන ඔහුට හානියක් නෙවෙයිද?

පිළිතුර:- සජිත්ට ගහන්නෙ සජිත් ශක්තිමත් නිසා. එතුමා ආණ්ඩුවේ හොරකම් දූෂණ හෙළි කරන නිසා. පහුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොරකම් දූෂණ හෙළි කරපු නිසා. ඒ නිසා ආණ්ඩුවට තිබෙන ප්‍රබලම අභියෝගය සජිත් ප්‍රේමදාස. ඒ නිසා යට කරගෙන ගහනවා. ජේවීපී එක ආණ්ඩුවට අභියෝගයක් නෙවෙයි.

ප්‍රශ්නය:- පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ කල්දාලා තියෙනවා. මේ මැතිවරණ ලබා ගන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු වෙලා වැඩ කරන බවක් ජනතාවට පේන්න නෑ. මේක ප්‍රශ්නයක් නෙවෙයිද?

පිළිතුර:- අපි තමයි ඒ ගැන වැඩියෙන්ම හඬ නැගුවෙ. මේ මැතිවරණ කල්දාද්දි ඉස්සෙල්ලම අධිකරණයට ගියෙත් අපි. අධිකරණයෙන් අවශ්‍ය තීන්දුව දුන්නා. ඒත් ආණ්ඩුව ඒ තීන්දුව අනුව කටයුතු කළේ නෑ. අපි අහනවා විපක්ෂයේ ඉන්න අනිත් පක්ෂ මොනවද කළේ කියලා.

 

(*** සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ)



අදහස් (4)

ඡන්දයකදී සජබට තරගයක් නෑ

Kumara Monday, 18 December 2023 12:29 PM

ඊළඟ ඡන්දෙදී ඔයාලාත් ඇපත් නැති වෙන්න පරාදයි. මේ රටට වෙලා තියෙන විනාශයට ඔයාලාත් වග කියන්න ඕනෑ​. මීලග ආණ්ඩුව අපි දෙන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගයට​...

:       12       24

Deepal Nirosh Monday, 18 December 2023 12:34 PM

තරඟයක් තියෙන්න ඡන්දයක් තියෙන්න එපායෑ... නැති ඡන්දයකට මොන තරඟයක්ද...?

:       5       14

Nimal Thursday, 21 December 2023 12:32 PM

ඔය පැත්තේ ඉන්නේ හොර තක්කඩියෝ ටිකක්.

:       3       6

සිල්වා මහතා Saturday, 23 December 2023 07:29 PM

නිතරගයෙන්ම පරාදයි...

:       3       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 273 0

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


වැඩකරන ජනතා උරුමය
2024 මැයි මස 01 539 0

කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 103 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා
2024 අප්‍රේල් මස 30 486 4

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ආර්ථිකය දුර්වල ගමනක?
2024 අප්‍රේල් මස 30 633 0

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 784 1

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1883 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site