IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ඩයිනෝසර යුගයේ මෝරෙකුගේ සජීවී පොසිලයක්

ඩයිනෝසර් යුගයට නෑකම් කියන අතිශය  දුර්ලභ මෝර වර්ගයේ සත්ත්වයකු පෘතුග්‍රිසි විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
 
පෘතුග්‍රිසියේ ඇල්ගාව් මුහුදු තීරයේ මීටර් 700ක් පමණ ගැඹුරින් ට්‍රොලර් යාත්‍රාවක පැටලී සිටියදී මෙම සත්ත්වයා හමුවී ඇත.
 
මෙම සත්ත්වයා අවුරුදු මිලියන 80ක පමණ කාලයක සිට පැවතගෙන​ එන බැවින්  සාගර විද්‍යාඥයින් විසින් ජීවී පොසිලයක් ලෙස හඳුන්වා ඇත. ලොකයේ මෙවැනි විශේෂ කිහිපයක් පමණක් හමුවන බවද විද්‍යාඥයින් පවසති.
 
සිහින් දිගු සර්පයෙකුගේ වැනි ශරීරයකින් සමන්විත මෙම සතා පිරිමි සතෙකු වන අතර මීටර් ‍1.5 ක් දිගකින් යුක්ත වේ. කෙසේ වුවද විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි සතුන්ගේ ජීව විද්‍යාත්මක දත්ත සහ පරිසර සාධක සම්බන්ධව තවමත් අධ්‍යනය කර ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි.
 
ජපානයේ , නවසීලන්තයේ , අත්ලාන්තික් සාගරයේ ගැඹුරු මුහුදේ වෙසෙන බැවින් මොවුන් සම්බන්ධව අධ්‍යනය කිරීම පහසු නොවන බවද ඔවුහු පවසති.
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (8)

ඩයිනෝසර යුගයේ මෝරෙකුගේ සජීවී පොසිලයක්

රාජුන් Wednesday, 22 November 2017 11:42 PM

මෝරු බලන්න ලංකාවට එන්න එපායැ. මිණී මෝරු. ඇතෙක් බරට දෙන්නම් දියවන්නාව පැත්තෙන්.

:       0       56

සෙනෙවි Saturday, 02 December 2017 12:00 AM

දැන් මේ මෝරා පුනරුත්පත්තිය ලබල ආත්ම කියක් ගෙවලා ඇතිද? අනේ අපි මේ පුනරුත්පත්ති මිථ්‍යාවෙන් මේක පහදන්නෙ කොහොමද? පුනරුත්පත්තිය පටන් ගත්තේ වසර 2500 කාලයක ඉඳගෙනද? පාරාවො රජ දවසේ නියැන්ඩතාල් මානවයාගේ කාලේ ඕක තිබුනේ නැතිද? ඒ කාලෙ මිනිස් ගහනය අඩු නිසා දැන් මිනිස්සු වැඩි පණුවෝ මැරිලා මිනිස්සු වූ නිසාද? මට මේක බලන පුනරුත්පත්තිය විශ්වාස කරන මහත්මයෙක් පහදලා දෙන්න. මට මේක මහ පටලැවිල්ලක්.

:       6       0

රාජුන්Sunday, 03 December 2017 04:22 AM

මටත් ඕක මහ පටලැවිල්ලක් . අද ඊයෙක නෙවෙයි, ඉස්කෝලෙ යන කාලෙ පටන්. ඔය ප්‍රශ්නෙම අහල බැනුම් අහල තියෙනවා පළු යන්න. හැබැයි ඒ කවුරුවත් හරි උත්තරයක් දුන්නෙ නෑ.

:       1       0

srimalaWednesday, 06 December 2017 02:53 PM

සෙනෙවි, රාජුන්, ඔයාලා වැඩිය මේ පුනරුත්පත්තිය සහ වසර 2500 ගැන ප්‍රශ්න කරන්න එපා.. නැත්තම් හාමුදුරුවරු උද්ඝෝෂණය කරන්න ඉඩ තියෙනවා... බුද්ධාගමට අපහාස කරනවා කියලා.

:       1       0

විරාජ් Thursday, 07 December 2017 08:35 AM

සෙනෙවි අහල තියන ප්‍රශ්නය හරි අපහැදිලියි.. "දැන් මේ මෝරා පුනරුත්පත්තිය ලබලා ආත්ම කීයක් ගෙවලා ඇතිද?" පැහැදිලි කරන්න ප්‍රශ්නය හරියට අහන්න එපැයි මහත්මයා.. අනික ඔය මිථ්‍යා දෘෂ්ටික කණ්ණාඩි ගලවලා ඇත්ත කතා කරමු.. සංවාදයට විවෘතයි..

:       0       2

ජානි Thursday, 07 December 2017 10:14 AM

විරාජ්, සෙනෙවි අහපු ප්‍රශ්නය හරි අපැහැදිලියි කියලා ඔබ කියන්නේ ,ප්‍රශ්නයෙන් මඟ හරින්නට බව ඉතා පැහැදිලියි. ඔය ප්‍රශ්නයම හුඟක් දෙනෙක් තුල තියාගෙන හංගගෙන ඉන්න බව රහසක් නොවෙයි. හොඳට කියෙව්වා නම් සෙනෙවිගේ ප්‍රශ්නය පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. මේකට හරි උත්තරයක් ලැබෙන එකක් නැහැ. කිකිලිද ,බිත්තරේද ඉස්සෙල්ලා ආවේ වාගේ තියෙයි කියලයි මට නම් හිතෙන්නේ.

:       1       1

විරාජ් Friday, 08 December 2017 07:44 AM

ජානි.. ප්‍රස්නය මතු වෙන්නේ ජීවී පොසිල මෝරෙක් සහ පුනරුප්පත්තිය යන අවස්ථා දෙක සංසංදනය කරන්න ගියාමයි.. අනික ප්‍රශ්නයෙන් මග අරින්න නම් මේකට තකහනියක් කොමෙන්ටුවක් දාන්න ඕනෙ නැහැ නේද? මැවුම්වාදයෙන් මිදුනානම් පුනරුප්පත්තිය නිකන්ම ප්‍රත්‍යක්ෂ වෙනවා..

:       0       15

lakmal Friday, 08 December 2017 10:57 AM

දෙවියන් වහන්සේ මෝරාව මවන්න ඇති නේද? සෙනෙවි මෙච්චර දියුණු ලෝකය ඔයා කොහෙද ඉන්නේ? බුදු දහම තුලත් පොත්වල මේ ගැන හොඳට පැහැදිලි කරලා තියනවා. මේ විදියට කියලා දෙන්න අමාරුයි. මුලාවේ නොවැටී තාර්කික වෙන්න. ඔළුවෙන් හිතන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 404 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site