IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ශිෂ්‍යත්ව විභාගය නැත්නම් නරකාදියත් හොඳයිලූ

ලබන වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් යොමුවී සිටින දරුවකු ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පීඩාව හේතුවෙන් නරකාදියට යන්න කැමැතියි කීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්බද පෙදෙසකින් අසන්නට ලැබිණි.

කෙසේ හෝ තම දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් කරවා ගැනීමේ අරමුණින් දරුවාගේ මාපියෝ ඉමහත් වෙහෙසක් ගනිති. මේ සඳහා පාසලේ ඉගෙනුම් කටයුතුවලින් පසු අමතර පන්ති කීපයකට යාමටත්, ගෙදර සිටින විට ආදර්ශ ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමටත් සිදුව ඇති දරුවාට කිසිදු විවේකයක් නැති තරම්ය.

යහළුවන් සමඟ සෙල්ලම් කිරීමටත් ඔහුට තහනම්ය. එදින ද දරුවා ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලියා රූපවාහිනී පුවත් බලන්නට මාපියන් සමඟ ආලින්දයේ වාඩිවී සිටියදී දරුවකු මරා දැමීමේ පුවතක් රූපවාහිනියේ පුවත් අතරට එක්විණි. ඒ වනවිට තවත් දරුවන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්ව තිබීම ගැනත් එම පුවත්වලින් කියැවිණි.

එම පුවත් පිළිබඳව දෙමාපියෝ අදහස් දක්වමින්, මේ අපරාධ කරන එවුන් නරකාදියේම යන්න ඕනෑ. නැත්නම් එවුන්ට නරකාදියේ දඬුවම් දෙන්න ඕනෑ. මෙහෙ දඬුවම්වලින් එවුන්ට වැඩක් නැහැ” යැයි පවසනු දරුවාට ද ඇසිණි. එවිට දරුවා, අම්මේ නරකාදියේ ශිෂ්‍යත්ව විභාගය තියෙනවා දැයි ඇසුවේය. නරකාදියේ විභාග කොයින්ද පුතේ. එහෙ දඬුවම්නේ තියෙන්නේ.

හා හා දැන් ඉතින් ගිහින් හෙට පන්තියේ ගෙදර වැඩ කරන්න” යැයි එවිට මව පැවසුවාය. ”අපි වගේ පොඩි අයට එහෙ මෙහෙ වගේ දඬුවම් දෙන එකක් නැහැ. එහෙ ශිෂ්‍යත්වේ නැතිනම් මටත් ආසයි අම්මේ එහෙ යන්න” යැයි දරුවා ඔහුට සිතුණ දේ කියා මවගේ නියෝගය ක‍්‍රියාත්මක කිරීමට කාමරයට ගියේ, මවත් පියාත් මුහුණට මුහුණ බලා ගනිද්දීය.



අදහස් (0)

ශිෂ්‍යත්ව විභාගය නැත්නම් නරකාදියත් හොඳයිලූ

ජයරත්න Wednesday, 30 September 2015 12:52 PM

පන්ඩිත ළමයෙක්. ශිෂ්‍යත්ව විභාගයේ වටිනාකම ඒ ළමයට තේරෙන්නෙ නෑ. ඒක තේරෙන්නෙ දෙමව්පියන්ට.(හේ)

:       0       0

මිලාන් Wednesday, 30 September 2015 06:23 AM

අද කලේ ළමයින්ට ළමා කාලයක් නොමති වීම ගැන ගොඩක් දුක හිතෙනවා (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 September 2015 01:05 PM

ඇත්තටම මේ පහේ සිසත්වයනම් නවත්තන්න ඕන , දරුවන්ගේ ළමා කාලය විනාස කරනවා (හේ)

:       0       0

ශලිනි Friday, 02 October 2015 09:16 AM

මේ විභාගයේදී එදා මෙදා වෙනසට හේතුව හැටියට මම නම් දකින්නේ එදා සහ අද මව්වරුන් අතර ඇති ආකල්පමය සහ විචාර බුද්ධියේ වෙනස. මම දැකලා තිබෙනවා මේ විදියට බහුතරයක් ළමයින්ව පෙළන්නේ උසස් අධ්‍යාපනයක් නොලැබූ රැකියාවක් නොකරන අම්මලා. මේ අපහාසයක් නෙවෙයි. තමන්ට යා ගත නොහැකි වූ තැනට තමන්ගේ ළමයාගේ කර උඩින් හරි යාමේ නොසන්සිදෙන ආශාව. ! (ස)

:       0       0

නාමල් Wednesday, 30 September 2015 01:27 PM

ජයතත්න ඔබ අධ්‍යාපනය ගැන වැඩිය දන්නේ නෑ වගේ... කෙරෙන්න ඕනෑ ගම්බද පාසැල් වලටත් හොද පහසුකම් හා ගුරුවරු ලබාදෙන එක විනා නගරයේ පාසැල්වලට දාගන්න ලොකු තරගයක් හදලා ළමයින් නොමරා මැරීම නෙමේ...(හේ)

:       0       0

දුමින්ද Wednesday, 30 September 2015 06:57 AM

කොහේ උපන්නත් දුකකි (ම)

:       0       0

අජිත් Wednesday, 30 September 2015 01:59 PM

ඔව් මගේ අදහසත් මේ පහේ ශිෂ්‍යත්වය නවත්වන්ට ඕන. 10 විබගයෙන් ශිෂ්‍යත්වය දෙන්න පුළුවන්නේ. (ර)

:       0       0

චාන්දනී Wednesday, 30 September 2015 02:12 PM

මේක විභාගයේ වරදක් නෙවෙයි. එය මහා හිසරදයක් කරගෙන තිබෙන ඇතැම් අම්මලාගේ ප්‍රශ්නයක්. අවුරුදු 20 කට උඩදී අපිත් ඔය විභාගය සමත් වුනා. ඒ අතරම සෙල්ලම් කළා විනෝද ගමන් අධ්‍යාපන චාරිකා ගියා. නෑදෑයන්ගේ දාන, මගුල් ගෙවල් පවුලේ උත්සව ඇත ඇරුනේ නැහැ. ක්‍රීඩා කළා ච්ත්‍රපටි බැලුවා. චිත්‍ර සංගීත තරඟ වලටත් ගියා . අම්මලා අපිව රේස් එකේ ඇදන් නොගිය අතර අනෙකුත් දක්ෂ දරුවන් කෙරේ කුහක කමක් තිබුනේ නැත. ඒනිසා දැන් මහලුවියේ සිටින අපේ අම්මලාට අධික රුධිර පීඩනය නැහැ . වැඩිහිටියන් බවට පත් වූ අපිටත් මානසික ආතතියක් නැහැ . යුග දෙකක වෙනස තමයි. (ර)

:       0       0

නිශාන්ත Wednesday, 30 September 2015 05:08 PM

දරුවා පොඩි වුණත් කතාව නම් මසුරන්! (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 30 September 2015 08:47 AM

නියම කථාව ළමයාගේ. (ස)

:       0       0

සාමා Wednesday, 30 September 2015 08:52 AM

ඒ සිද්දිය අහද්දී හරිම දුකයි. මං දන්න හැටියට ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ. (ස)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 01 October 2015 02:05 PM

ආදරණීය දෙමව්පියෙනි .ඔබ අප සැමම මෙම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නත් එදාමෙන් නොවේ අද දරුවන් ට මෙය.එක්තරා අන්දමින් මානසික වදයක් බව මීට වඩා දේවල් මීට ඉහතදීත් පුවත්පත් මගින් දුටිමු....ජයරත්නල වගේ මව්පියන්ට දරුවට මොනවා වුණත් කමක් නෑ විභාගේ ප්‍රතිඵල විතරක්නම්... ඕන?දැයේ දරුවන්ට. දෙවියන්ගේම පිහිටයි (අ)

:       0       0

සෑම් Thursday, 01 October 2015 03:33 AM

මේ ශිෂ්‍යත්ව විභාගය තරන්ගකාරිත්වයෙන් තොරව ළමයින්ට කිරීමට කටයුතු කෙරුවොත් ළමයින්ට යහපතක් සිදුවෙන්නේ යැයි මම සිතමි. (ස)

:       0       0

ජය Thursday, 01 October 2015 03:50 AM

නාමල් ඔබ අධ්‍යාපනය ගැන හුඟක් දන්නව උනත් ඔබට පුලුවන්ද ගම්බද පාසෑල් වලට හොඳ ගුරුවරු සහ පහසුකම් ලබා දෙන්න. ඒ වගේ තමයි ඒ ළමයගෙ දෙමව්පියන්ටත් පාසල් දියුණු කරන්න බෑ. ඔවුන්ට තමන්ගේ ළමයා වෙනුවෙන් කරන්න පුලුවන් දේ තමයි ශිෂ්‍යත්වය සමත් කරවල හරි ළමයව හොඳ පාසලකට ඈතුල් කරන එක. ඔයා ඉස්කෝල දියුණු කරන කොට ඒ ළමයි විශ්‍රාමත් ගිහින් තියෙයි. නමුත් මෙම විභාගය හේතුවෙන් කුඩා දරුවන් අනවශ්‍ය ලෙස මානසික පීඩනයට පත්වීමෙන් හෝ මානසික ඈදවැටීමට ලක්වීමෙන් වලක්වා ගැනීමට දෙමාපියන් සහ ගුරුවරුන් වගබලා ගත යුතුයි. (ස)

:       0       0

නුවන් Thursday, 01 October 2015 05:19 PM

ජනක, මේක මතකතබාගන්න. ශිෂ්‍යත්වය කියන්නේ තරග විභාගයක්. ඒක සමත් වුණ හැමෝටම ඔබ හිතනවා වගේ හොඳ පාසල් හම්බවෙන්නෙ නැහැ. ඒ වගේම අසමත්වෙන හැමෝම අදක්ෂයොත් නෙමෙයි. ඔබ හිතන විදිහට හැමෝම හිතුවොත් කවදාවත් මේ රට දියුණු කරන්න වෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 202 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 525 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 131 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 795 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 881 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 691 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 763 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 194 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site