පෙම්වතා සොයා පෙම්සුව විඳින්නට ගිය පෙම්වතිය අන් අයකුගේ ඇසුරේ සිට පැමිණ ඇති බව දැනගත් යුවළගේ සැබෑ පෙම හබක් වූ පුවතක් කහල්ල පල්ලේකැලේ රක්ෂිත අභය භූමිය අවට වයඹ හා රජරටට මායිම්ව පිහිටි ගැමි ගමකින් අසන්නට ලැබුණි.
නිරන්තරයෙන් වන අලි ගැවසෙන ගැමි පෙදෙසකි. එය එසේ වුවත් දිවි පරදුවට තබා ගොවිතැනින් දිවි අරගලයට මුහුණ දෙන්නට ගොවීහු වෙර දරති. මේ අතර ගමේ තරුණ තරුණියෝ රැසක් ඇඟලුම් සේවාවල නියැලෙති. ඒ සඳහා පිටත සිට සේවාවලට රැගෙන යාමට බස් රථ ගමට ළඟා වෙති.
එලෙස එහි සේවයට යන කාන්තාවක ලද වැටුපෙන් ස්මාට් පෝන් එකක් මිලදී ගත්තාය.
ඇය එහි වැඩ දන්නේ නැත. ඇඟලුම්හලේ සේවිකාව ඇයට ඒ පිළිබඳව මනා පුහුණුවක් ලබාදුන්නාය. දැන් ඇය වට්ස් ඇප් , මුහුණු පොත, යූ ටියුබ් ආදිය බැලීමට ගජ හපනියකි.
එලෙස මුහුණු පොතේ සැරි සැරූ ඇයට පෙම්වතකු මුණ ගැසුණි. දෙදෙනා එස්.එම්.එස් වලින් අදහස් හුවමාරු කළහ.
ඒ අතරේ පෙම්වතා මුහුණු පොතෙන් හිටි හැටියේ දුරස් විය. ඉන් දුකට පත් ඇය ඔහුගේ ජංගම දුරකථන සොයා ගත්තාය. ඒ පළමුව ඇයට උදව් කළ යෙහෙළියගේ මාර්ගයෙනි.
ඒ අනුව දෙදෙනා වීඩියෝ කෝල්වලින් නැවත හමුවූහ. ඇයට හමුවීමට එන ලෙසට පෙම්වතා ඉල්ලීමක් කළේය. ඊට අවනත වූ ඇය සේවයට යන බව ගෙදරට පවසා ඔහුගේ පහස ලබන්නට ගියාය. රන්ගිරි දඹුලු විහාරය වැඳ පුදාගෙන හෝටලයක නවාතැන් ගෙන ඇඟලුම්හල ඇරෙන වෙලාවට ආපසු ගෙදරට යාමටද ඉන් නික්මුණාය.
ටික දිනකට පසුව ඔහුගේ මුහුණු පොත යළි ක්‍රියාත්මක විය. මැසෙන්ජර්වලින් පෙම්සුව විඳපු අයුරු ඇය ඔහුට සිහි ගැන් වූවාය.
‘‘තමුසෙට පිස්සුද? මම කවදද එහේ ආවේ. මම කවදද තමුසෙට වට්ස් ඇප්වලින් කතා කෙරුවේ? ඇය අන්ද මන්ද වූවාය.
ඒ කතා කළ වට්ස්ඇප් අංකය ද දැන් වැඩ නැත. ඇය පෙම්වතා කියා වෙන අයෙකුගේ අංකයකට කතා කිරීමේදී ඇය ගැමි එළ වැස්සියෙකු බව දැනගත් කපටියකු ඇය නියමෙට ගොනාට අන්දවා ඇති බව වටහා ගැනීමට සැබෑ පෙම්වතාට වැඩි වේලාවක් ගත වූවේ නැත. එය වටහා ගත් හෙතෙම ඇයගේ පෙමටද තිත තැබුවේය. දුර දිග නොබලා වැඩ කළ ඇයට අත් වූ ඉරණම කිසිවකුට නොකියන ලෙසට සිද්ධිය දන්නා තමාගේ හොඳම යෙහෙළිය අබියස ඇය හඬා වැටී ඇති බවද දැනගන්නට ලැබුණි.
මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd