මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
සැමියා බිරියගේ සිනාවට තහංචි දැමූ පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි.
ඇය වෙළද සලක් පවත්වාගෙන යන හිමිකරුවකුගේ බිරියකි.
සැමියා උදේ සිට රෑ වෙන තුරුම වෙළදසලෙහි සේවයේ යෙදී ඇත. මේ නිසා බිරිය බොහෝ විට දිවා කාලයේ තනියම නිවසේ පසුවෙනවාය. ඒ තම සැමියාට අමතරව දරුවන්ද නගරයේ පාසල්වල අධ්‍යාපනය හදාරන නිසාය.
ඇය ගැන විවිධ කට කතා පැතිරී ගියේය. ඒ පිළිබදව තතු අවට අය පමණක් නොව ගමක් පුරා පැතීරී ඇත. ඒ ඇත්තට වඩා බොරුවට මෙන්ම කේලාම්වලට ඉගිලෙන්නට අත්තටු ලැබී ඇති බැවිනි.
මේ තත්වය හමුවේ ගමේ අනංගයෙක් ඇයට ළංවෙන්න පෙරුම් පෙරුවේය. ඔහු කීප වතාවක්ම පාරට යාබදව ඇති එම නිවස පසු කොට එහේ මෙහේ කරක් ගැසුවේය. එසේ යන ඔහු ඇය දෙස බැලුවේය. ඇය ඉඟියක් කරමින් දසන් විදහා සිනාසුණාය. එය තේරුම් ගත් ඔහු ඒ සැනින් තම යතුරු පැදිය යාබද නිවසක තැබුවේය. වත්ත පිටුපසෙන් කාටත් නොපෙන්නට ඇය සිටි ගෙටම රිංගුවේය.
ඇය ඔහු දැක තිගැස්සුණේය. ඇයි ආවේ කියා ඇසුවාය.
‘‘ඔයා මට ඔළුව වනලා සිනා වෙලා එන්න කිව්ව නිසයි මං ආවේ ” හෙතෙම උත්තර දුන්නේය.
ඔහු කාමරයට දමා දොර වසා ඇය එළියට පැන්නාය. කෑ ගැසුවාය. අවට අය දිව ආහ.
‘‘මං හිනා වෙන හැටි කවුරුත් දන්නවානේ. මේකා මගේ හිනාව වැරදියට තේරුම් අරගෙන මාත් එක්ක හාද පාන්න ගෙට ඇවිල්ලා.”
අවට අය ඔහු ගේ ඇතුළෙන් එළියට ගත්හ. හීං දාඩිය දමමින් ඔහු වෙව්ලන්නේය.
සිද්ධිය දැන ගත් සැමියාද වෙළදසල වසා එතැනට ළඟා විය.
වෙච්ච දේ තේරුම් ගත්තේය. අනංගයා නිදොස් කොට නිදහස් කළේය. රැස්ව සිටි අය ඉදිරියට අඹුවට අඬ ගැසුවේය.
‘‘තොට මම හැමදාම කියනවා හිනා වෙන කොට ඔළුව වන වනා හිනා වෙන්න එපා කියලා. තොට කට කතා හැදෙන්නෙත් ඕක හින්දම තමයි. දැන්වත් ඔළුව කෙලින් තියාගෙන හිනා වෙයන්” සැමියා ඇයටම දොස් නගමින් වෙළද සැලට යාමට පිටත් වුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd