IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරුෂ වචනයෙන් බැනුම් ඇසූ ජපනාගෙන් මගපෙන්වන්නාට සුද්ද සිංහල පාඩමක්

තම මව් භාෂාවෙන් කතා කළ ජපන් ජාතිකයාට පරුෂ වචනයෙන් බැන වැදුණු සංචාරක මග පෙන්වන්නකුට එම ජපන් ජාතිකයාද  පෙරළා සුද්ද සිංහලෙන් බැන වැදීමෙන්  මගපෙන්වන්නා අන්ද මන්දවී  ඔහු මඟ දමා පලා යෑමේ සිද්ධියක් කොග්ගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම සිද්ධිය ප්‍රදේශය පුරා සැලවීමෙන්  ලජ්ජාවට පත් සංචාරක මගපෙන්වන්නා දැන් කොග්ගල  ප්‍රදේශය මගහැර  ඒ අවට වෙනත් ප්‍රදේශයක සංචාරක මගපෙන්වීම් කරන බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙම සිද්ධියට අදාළ ජපන් ජාතිකයා තවත් ජපන් ජාතිකයන් පිරිසක්ද  සමග කොග්ගල මුහුදු වෙරළ ප්‍රදේශයට පසුගියදා පැමිණියේය. ඒ නිවාඩුව ගත කිරීම සඳහාය.
ප්‍රදේශයේ ලැගුම්හලක (විලා) නවාතැන්ගෙන සිටි මෙම  ජපන් ජාතිකයා  සුන්දරත්වය විඳීම සඳහා කොග්ගල වෙරළට ඉකුත්දා පැමිණ ඇත්තේ මගපෙන්වන්නකුද සමගය. ඒත් මගපෙන්වන්නා ජපන් භාෂාව දැන නොසිටියේය.
ජපන් ජාතිකයා කියන කිසිවක්  මෙනිසා මග පෙන්වන්නාට නොතේරිණි. එසේම මග පෙන්වන්නා  හස්ත සංඥාවෙන් කී කිසිම දෙයක්ද  ජපන් ජාතිකයාට තේරුම් ගියේ නැත. තරමක් බීමතින් සිටි මග පෙන්වන්නාට කේන්ති ගියේය.
මග පෙන්වන්නා සහෝදර මඟපෙන්වන්නකු සමඟ මෙහිදී එම ජපන් ජාතිකයාට දිගට හරහට බැණ වැදුණේ අමු සුද්ද සිංහලෙනි.


ගතවූයේ මොහොතකි. එම ජපන් ජාතිකයාද මග පෙන්වන්නාට පෙරළා අමු සුද්ද සිංහලෙන් බැණ වැදුණේය. සංචාරක මග පෙන්වන්නාට මෙය ඇස් අදහාගත නොහැකි දෙයක්විය.  ඔහුට එම ස්ථානයෙන් පලායනු හැර වෙනත් විකල්පයක් නොවීය. ඔහු ජපන් ජාතිකයා මග දමා  පලා ගියේය.
ජපන් ජාතිකයා  සිද්ධිය ඔහු ලැගුම්ගෙන සිටි අවන්හලේ කළමනාකාරවරයාට සැල කළේ ඉන් අනතුරුවය. කළමනාකාරවරයා එම සංචාරක මගපෙන්වන්නා සොයා ඔහුට අවවාද කිරීමට කොතෙකුත් උත්සාහ දැරුවත් ඉන්පසු ප්‍රදේශයෙන්  හමුවූයේ නම් එම සංචාරක මගපෙන්වන්නා නොවෙයි
ඒ ගැන විපරම් කිරීමේ දී දැනගන්නට ලැබුණේ එම ජපන් ජාතිකයා සිංහල භාෂාව හොඳින් ප්‍රගුණ කළ මහාචාර්යවරයකු බවයි. මේ හේතුව නිසා අද ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නන් විදේශිකයන් සමග ගනුදෙනු කිරීමේදී  කතා බස් කිරීමේදී  වඩාත් සැලකිලිමත් වන බව නම් දැනගන්නට ඇත.

හබරාදූව බී.එච්. රම්‍යා



අදහස් (0)

පරුෂ වචනයෙන් බැනුම් ඇසූ ජපනාගෙන් මගපෙන්වන්නාට සුද්ද සිංහල පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site