(ගිරිබාව -  ඊ.එම්.ජේ. බණ්ඩාර)
 ඔහු විසි දෙකක කඩවසම් තරුණයෙකි. පසුගිය දිනක ඔහු පදිංචි ගමට සුරූපි තරුණියක් පැමිණියාය.


 ඇය පුංචි අම්මාගේ නිවසට පැමිණියේ කාලයකට පසුවය. පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වූ නිසා ටික කලක් වීවේකයෙන් ගත කිරීමට ඇය පැමිණියාය.
 තම ගම්මානයට අලූතින්  පැමිණි තරුණිය පිළිබඳව ඔහුගේ සිත කිති කෑවෙන්නට විය. ආදර හැඟුමක් ඇය ගැන ඇතිවිය.


ටික දිනක් මග තොටේදී හමුවූ විට ඔහු ඇය සමග කතා කළේය. ඇයද සුහඳව ඔහු සමග කතා කළාය. එහෙත්  ඔහුගේ හිතේ ඇති ආදරය ඇයට ප‍්‍රකාශ කරන්නට ඔහුට හිතට හයියක් නොමැත. දස අතේ කල්පනා කළත් ආදරය ප‍්‍රකාශ කරන්නට  හිතට හයිය ගැනීමට නොහැකි විය.


 මන්තර බලයෙන් තරුණියන් වශී කර දෙන දේවාලයක් සොයා ඔහු ගියේය. කපු මහතාට කාරණාව පැවසුවේය.
 ”කිරි ගහටඇන්න වගේ මම ඔය වැඬේ කරලා” දෙන්නම් කෝ. මේ තෙල් කුප්පිය ගෙදර අරන් ගිහින් දවසට පොඞ්ඩ පොඞ්ඩ රත් කර කර දවස් හතක් ඔළුවේ ගාගන්ඩ. අලූත් ඇලූමිනියම් භාජනයක රත්කර ගන්ඩ. අටවෙනි දවසේ උදේ කෙල්ල පස්සෙන් එයි” යැයි කපු මහතා පැවසුවේය.


ඉහ වහා ගිය සතුටින් යුතුව ඔහු නිවසට පැමිණියේය. මව විසින් රැුගෙනවිත් තිබූ රුපියල් තුන්සියයක් පමණ වටිනා ඇලූමිනියම් තාච්චියක් තෙල් රත් කිරීමට යොදා ගත්තේය.


 දින හතක් තරම් දිගු කාලයක් තෙල් රත්කර හිසේ ගෑමට කාලය ගත කිරීම ඔහුට කල්පයක් තරම් දිගුවිය. එතරම් කාලයක් බලා සිටීමට නොහැකිය.
තෙල් සියල්ලම එකම දිනක රත්කර හිසේ ගාගත යුතුබව ඔහු තීරණය කළේය. අළුත්ම තාච්චියේ තෙල්දමා ලිප තැබුවේය. හොඳින් ගිනිදමා ලිප අසලටවී බලා සිටියේය.


නිවසේ කවුරුත් නොමැති අවස්ථාවක කුස්සියට වී මෙම කටයුත්ත සිදු කළේය. ලිප ළඟ වාඩිවී තෙල් රත්වන තුරු ඇය ගැන සිහින මවමින් සිටියේය.
නොසිතු ලෙසින් ඔහුගේ මව හිටි අඩියේ නිවසට පැමිණියාය. කලබලවූ ඔහු ලිප අසලින් නැගිටින්නට උත්සාහ කළේය.


 ඒත් සමගම රත්වූ තෙල් තාච්චිය කකුල මතට වැටුණි.  යටි ගිරියෙන් බෙරිහන් දෙමින් ඔහු ඉවතට පැන ගත්තේය.
රත්වූ තෙල්වලින් පිළිස්සුණ කකුලට දැන් රෝහල්ගතව ප‍්‍රතිකාර ගන්නවාලූ.