කඩිනමින් බැංකුව තුළට ඇතුළු වූ තරුණයෙකි. මුදල් තැන්පත් කරන පෝරමයක් අතටගත් හෙතෙම එය පුරවා, රුපියල් පන් දහසක් සමඟ භාර දුන්නේ කවුන්ටරයේ සිටි නිලධාරිනියටය. ලදුපත ලබාගත් ඔහු තම සාක්කුවෙන් බැංකු පොතක් ගෙන ”මිස් මේක මට අප්ඬේට් කරලා දෙන්න” යැයි පැවසීය. බැංකු පොත ගත් නිලධාරීනිය සුළු වේලාවකින් ”මේ පොත කාගේදැයි” විමසුවාය. මේක මගේ එකවුන්ට් බුක් එක” තරුණයාගේ පිළිතුර විය.
”සර් ඩිපොසිට් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ කැපෙනවා. ඇය කීවාය ”මට තේරුණේ නැහැ” තරුණයා විමසීය. එවිට නිලධාරිනිය ”සර්ගේ පොතේ බැලන්ස් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ අඩුවෙනවා” යැයි පවසා ”මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයිනේ” යැයි කීවාය.
” ඕකේ රුපියල් ලක්‍ෂ එකහමාරට වඩා තියෙන්න ඕනේ. දැනුත් රුපියල් පන්දාහක් දැම්මනේ” තරුණයා විශ්මයෙන් පැවසීය. ”ඒ උනාට මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයි” නිලධාරිනිය නැවත පැවසූවිට, ”එහෙම වෙන්නේ කොහොමද?” තරුණයා පුදුමයෙන් ඇසීය. ”ආ සර්, මෙන්න පොත බලන්න” ඇය බැංකු පොත ඔහුට දිගු කළාය. ”හත් වලාමයි” ඔහුට කියැවිණි. ඔහු ගෙනැවිත් තිබුණේ තම බිරිඳගේ බැංකු පොතය. ”වෙරි සොරි මිස්” යැයි පැවසූ හෙතෙම බැංකුවෙන් පිටතට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සිපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට තව ඉස්සරහට තව මොන මොන දේවල් වෙයිද දන්නෙ නැහැ (නි)
අල්ලස් කොමිසමට සමහරු ගිහින් තියෙන්නෙත් ඔය විදිහටම තමයි. (ර)
මගේ යාලුවෙකුට පුද්ගලික බැංකුවකින් කාඩ් එකෙන් මුදල් ගැනීමේදී රුපියල් 2000 ක් අඩුවෙන් ලැබුණු නිසා බැංකුවට දැන්වුවත් පලක් වුනේ නැහැ. ප්‍රධාන කාර්යාලයට දැන්වූ පසු මුදල් අඩුවූ බවක් නොමැති බවත් ජේස්ට පුරවැසියකු බැවින් මුදල ගිණුමට බැරකළ බව දන්වා ලිපියක් එවා තිබුනා. ඔහු එම මුදල ආපසු යවා තිබුනා. මෙම බැංකුව හොඳම බැංකුව ලෙස ප්‍රසිද්ධලු. (නදී)
බැංකු වලටත් වැඩ තියෙන්න එපැයි(නදී)
හේමන්ත, ශත 10ක් හොයාගන්න එක තමයි අද කාලේ ලොකුම අමාරුම වැඩේ (නි)
මේක දැක්කම මටත් දෙයක් කියන්න මතක් වුනා. දැන් ලංකාවේ නම තියෙන බැංකුවක ශේෂය රු. 1500 වඩා අඩු වුනොත් මාසේට 75 ගානේ කපා ගන්නවා. ඒක පිලිබඳව ගනුදෙනුකාරයන්ව දැනුවත් කරන්නේ නෑ. මමත් 1500 තිබුණ ගිණුමේ සල්ලි නැත්තේ ඇයි කියලා හොයලා බලද්දි තමයි එයාලා කිව්වේ. (නදී)
බැංකු වලින් කරන්නේ ලොකු විජ්ජාවක්. මෙයාගේ සල්ලි අරගෙන අරයට ණයට දෙනවා, එයාගේ සල්ලි අරගෙන මෙයාට ණයට දෙනවා. පොළිය කපාගෙන බැංකුව රජවෙනවා. නමුත් දැන් යුරෝපයේ බැංකු දැන් වහනවා. මැදපෙරදිගින් සල්ලි ලංකාවට එවන මගේ සහෝදර සහෝදරියන් නිසා ලංකාවේ බැංකු තවමත් රජකරනවා. නමුත් රටවැසියන්ට මීට වඩා ලොකු සහනයක් දීමට බැංකු ඉදිරිපත් වියයුතුයි (නි)
ඇයි බිරිඳව විශ්වාස නැද්ද? කීයක් හරි වැඩිපුර දාල තියන්න තිබුන නේද? . . (නදී)
බැංකු කියන්නේ පායනකොට අපිට කුඩේ ඉහලාගෙන ඉන්න, වහිනකොට කුඩේ අකුලගන්න ජාතියක්. ලෝකයේ තියෙන ජරාම ව්‍යාපාරය කරන්නේ බැංකු. අනුන්ගේ සල්ලි අඩු පොලියට අරගෙන වෙන කෙනෙකුට වැඩි පොලියට දීල ජීවත් වෙනවා. (නදී)
දෙවියෝ සාක්කි, මේ විදියට ශේෂය අඩු ඌ විට සල්ලි කපා ගන්න බවක් දැනගන හිටියේ නැහැනේ. හොද වෙලාවට අර මනුස්සයා බිරිදගේ බැංකු පොත අරන් ඇවිත් තිබුනේ. එහෙම උනේ නැත්නම් අපි ඕක දැනගන්නේ කොහොමද? ස්තුතියි දෙවියෝ සාක්කි තීරයට. (නදී)
බැංකුවල සිදු වෙන දේවල් තාම රටේ ජනතාව හරියට දන්නේ නෑ. පවතින බැංකු ක්‍රමයට ජනතාව කිසිසේත්ම හිතකර ක්‍රමයක් නෙවෙයි. ලැබ ලැබීම ඇරෙන්න වෙන කිසිම ජනතාවාදී ප්‍රත්පත්තියක් මේ බැංකුවල නෑ. ජංගම ගිණුම් හිමියෝ විශේෂයෙන් මේ බැංකුවල තරම දන්නවා. (දිල්)
චින්තක රු 1500 ක් වත් නැත්නම් බැංකු ගිණුම් අරින්නේ මොකටද?බොරුවට අනිත් අයට ඩෙබිට් කාඩ් එක පෙන්නන්ඩ(දිල්)
බැංකුවල කටයුතු බොහෝ විට සිදුවෙන්නේ ගිණුම් හිමියාට හිතකර නොවෙන ආකාරයටයි. අපේ තැන්පතු වලින් බැංකුව ලාබ ලැබුවාට ගිණුම් හිමියාට ලැබෙන සේවය බින්දුවයි. පොලිය උනත් ගෙවන්නේ එක එක ආකාරය අනුවයි. උදාහරණයක් විදියට "සරියා" නීතිය අනුව කොහොමද ගෙවන්නේ? මුදල් කටයුතු කෙරෙන්නේ මහා බැංකු නියමයන්ට අනුව උනත් ඒ අයත් වක්‍රව රහස් වලට අනුබල දෙනවා. ඕනෑම ගිවිසුම් පත්‍රයක අවසානෙට තියෙනවා "පෙර දැනුවත් කිරීමෙන් තොරව කොන්දේසි වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතුයි" කියලා. අපි එකඟ වෙනවා. නමුත් මේක කොයි තරම් අසාදාරන ද? ගිණුම් හිමියාගේ බෙල්ල හිර කරලා ගහන ගැටයක් නොවෙයිද?(නදී)
මොකක්ද , නිර්මලා ඔයාගේ බැංකුව? (නදී)
මගේ ගිණුම නම් ඔය විදිහට කපන්නේ නැහැ. පොලිය දෙනවා මිස. (ර)
බැංකුවෙන් නිකුත් කරන ගිණුම් මාසික ප්‍රකාශනය අතට ලැබුන පසුව ඒක සැලකිල්ලෙන් කියවා නොබැලුවොත් අමාරුවේ වැටෙන්න ඉඩ තිබෙනවා . ඉහත අඩු කර ගත් මුදල බිරිඳගේ මාසික ගිණුම් ප්‍රකාශන වාර්තාවේ තියෙන්න ඇති. රුපියල් 10 අඩුව ඕක මොකද්ද කියල හිතන්න ඇති. ඔය ගිණුම් වලින් අඩු කරන ඒවා බැංකු වලින් අඬ බෙර ගහල කපන්නේ නැහැ. ඇඟට පතට නොදැනී තමයි ඕවා කරන්නේ. මොකක් හරි අපිට හිතා ගන්න බැරි හර කිරීමක් ගිණුම් ප්‍රකාශනයේ තිබුනොත් කල් නොයවා බැංකුවෙන් ඒ මොකද්ද කියලා අහන එක තමයි හොඳම දේ. (නදී)
මොකද්ද දන්නේ නෑ නේද මේ බැංකුව (දිල්)
මගේ ණය කාඩ් පත සියළු මුදල් ගෙවා අවලංගු කලා. අවුරුදු තුනක් මාස්පතා බැංකු ප්‍රකාශයක් තවම එනවා ශත 10 ක් ගෙවන්න කියලා. රුපියල් තිස් ගණනක් මුද්දර ගහලා. මේක ලොකුම පුද්ගලික බැංකුවක්. (නදී)