(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර ආසන්නයේ වූ මංගල්‍ය උත්සවයකි. එහි ගිය මනාලයාගේ හිතවතකු මනාල යුවළට වටිනා ත්‍යාගයක් පිරිනැමූ අතර මනාලයාට වෙනම පාර්සලයක් පිළිගැන්වීය. එහි වූයේ සරමකි.
මේ මනාලයා සිය ජීවිත කාලය තුළ කවදාවත් සරමක් ඇඳ තිබුණේ නැත. ගමන් බිමන්වලදී දිගු කලිසමත් නිවසේදී කොට කලිසමත් ඇඳි ඔහු රාත‍්‍රියේ පවා කොට කලිසම ඇඳ නිදා ගත්තේය.
මේ බව දත් හිතවතා විවාහයෙන් පසුව ඔහුට සරමක අවශ්‍යතාවක් ඇතැයි සිතා විහිළුවට මෙන් සරමක වාසි ගැන කියැවෙන වගන්ති කීපයක්ද ලියා එය සරමත් සමග ඔහුට තෑගි කළේය.
සිය මනාලිය සමග තෑගි පිරික්සීමේදී මේ සරමත් එහි වාසි දැක්වෙන වගන්ති කීපයක් දුටු ඔහු එය මනාලියගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තද ඇය ක්‍ෂණිකව එය උදුරා ගත්තාය.
සරම් ඇඳීමේ වාසි පිළිබඳව එහි ලියා තිබූ ඇතැම් කරුණු කියවූ ඇය ”ඊයා” කියමින් එය ඔහුගේ මුහුණට දමා ගැසුවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සරම් අදින අය අඩුයි. අලුත් පරම්පරාව සරොම් අදින්නෙම නැහැ. (දිල්)
සරමේ වාසිය දන්නේ සරම අඳින එකා විතරයි. පටකම්බා අඳින වයසක සමන්තිලා ඕවා දන්නේ කොහොමද? (නි)
තැනට වැඩට ඔබින ඇඳුම-පැළඳුම (නි)
නියම තෑග්ග. (ස)
බමුණු නොදන්නා දේවලට කතා කරන්නෙපා. අන්න එතනයි වැරැද්ද. (දිල්)
ඇයි දන්නේ නැහැ මුහුණට දමාගැසුවේ? (නි)
බමුණු නොදන්නා දේවලට කතා කරන්නෙපා. ඉන්දියන් කාරයෝ සරම් අදින්නේ නැහැ. උන් අදින්නේ රෙද්දක්. අපි වගේ සරම මුට්ටු කරලා අදින්නේ නැහැ. අපිත් විදේශයක හිටියට සරම අමතක කරලා නැහැ. (ස)
අනේ දරුවනේ,ඔලුවෙන් වගේම පහළින් අඳින්න පුළුවන් එකම ඇඳුම සරම බව අමතක කරන්න එපා. (නි)
මනමාලයා සරම අඳිනවා නම් මනමාලිටත් ඊට ගැලපෙන ඇඳුමක් දෙන්න ඕන නේද? මොකද්ද සරමට ගැලපෙන කාන්තා ඇඳුම? හැබැයි සරම පුරුදු නැතිව අඳිනකොට පටියක් බැඳගන්නම වෙනවා .(ත)
සරමක් අන්දම තියන පහසුව.... කියලම වැඩක් නැහැ. මනමාල මහත්මියට පස්සේ තේරෙයි.... (ස)
පිටබැද්දර ජයා, සරමට වැඩිය පහසුයි කම්බාය කියල තේරෙන්නේ නැත්නම් ඉන්දියානුවෙකුගෙන් අහලා බලන්න. ඒගොල්ලෝ අදින්නෙත් කම්බාය වගේම සරමක්. මූට්ටු නොකරපු රෙද්දක්ම තමයි. (ස)
බමුණු, ඔය තාමත් බ්‍රාහ්මණ යුගයේ ඉන්නේ.මමත් වසර 11ක් පිටරට ඉන්නේ,අපිනම් හැමදාම සරම අඳිනවා.කිසිම ප්‍රශ්නයක් නේ. රජ, ඔයා සරම ඇන්දට තාම සරම් සමාජය ගැන දන්නේ නේ. (ස)
මොනවද දන්නේ නෑ නේද ලියලා තිබුණේ (දිල්)
තෑගි කරල තිබෙන්නේ හත් අවුරුද්දකට සෝදලා නැති සරමක් වෙන්නැති. (බ)
සරම හරිවිදියට සකසාගන්නේ නැතුව ඉහළ තැන්වල වැඩ කරන්න ගියොත් එහෙම පරෙස්සමෙන්! මිනිස්සු දුවයි (නි)
මම ඉන්නෙත් බටහිර රටක. සරමක වටිනාකම දන්නේ එක අදින අය තමයි. මෙහෙත් හුඟක් සිංහල අය සරොම් අඳිනවා. (නි)
මට වෙච්චි වැඩක් (අ)
පහන් ඕයා නේද මේක කළේ (අ)
මේ සරම තෑගී කළේ අපේ පිවිතුරු යහපාල උන්නැහේ කියල මට නිකමට හිතෙනවා. (බ)
සමදරෝ මොකද උන් අමුඩේට බැහැලද අනේ කෙල්ලේ උබ කොහෙද බන් හිටියේ (බ)
සමන්ති, සරම මොන බෙහෙතටද ගන්නේ? (නි)
අනේ පවු , මෙයාට ලියන්න දේවල් නැත්ද? (අ)
චීය කියන්නේ ඇයි මොකක්ද සරමෙන් කරන්ඩ පුළුවන් චීය වැඩේ, මට නම් කිසිම අයිඩියා එකක් නෑ, හිතන්ඩ එපා මම සරම අදින්නෙ නෑ කියල, මම හොද සරම් කාරයෙක්...(බ)
කොහොමද සරම ඇඳගෙන වවුලගේ ගෙදර යන්නේ. (ස)
බටහිර රටක. සරම ඇන්දාම අපිත් ඉන්දීය කාරයෝ වෙනවා. එතනයි වැරැද්ද. (ස)
සීතලට පොරවගන්න පුළුවන් ,වයිෆ් ට දිය රෙද්දට අදින්න පුළුවන් ,කොට කලිසම යටින් අැඳල උඩින් අදින්න පුළුවන් .රණ්ඩුවකදී සරමේ කොනක් අතට ගත්තහම ඕනේ චන්ඩියෙක් බයයි ,පිට පොට ගසා ගත්තහම ගස් නගින්න පුළුවන් ,ඕනේ නම් බෙල්ලේ වැල දාගන්නත් ගන්න පුලුවන් (සාරිය වගේ පහුගිය කාලේ) චියා කියපු එක පිරිමින්ට විතරක් නෙමේ හැබැයි ,කාන්තාවන්ටත් පුළුවන්. (ස) .
අපේ ගමේ සරමක් අඳින කෙනෙක් දැන් බෙහෙතකටවත් හොයාගන්න නැහැ (නි)