IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආච්චිගේ අමුතු නොම්බරේට වන්දනා නඩේම හොල්මන්

නාඋල - ඉන්දික අරුණ කුමාර
මාතලේ දිස්ත්‍රික්කයේ නාඋලට නොදුරු ගම්මානයකි. ඔවුහු වසරක් පාසා අනුරාධපුරයට යන වන්දනා නඩයකි.
“මෙදා පාර අපිත් එක්ක අනුරාධපුරේ යමු... ඔයා කවදාවත් අපිත් එක්ක එන්නේ නෑනේ කොච්චර කිව්වත්....”
කාන්තාවන් කිහිපදෙනකුගේම බලවත් පෙරැත්ත නිසාම වයෝවෘද්ධ කාන්තාවක වන ඇය ද අනුරාධපුරයට යෑමට එක්වූවාය.


වෙනදා මෙන්ම පුරුදු පරිදි වන්දනා නඩයේ බෑග් පරිස්සම් කිරීම ගමේ තරුණ පිරිස  බාරගෙන තිබුණේ ඔවුන්ගේම මනාපයෙනි.
“කවුරු කවුරුත් තම තමන්ගේ බෑග් අඳුනාගන්න අංකයක් ලියලා බෑග් බාරදෙන්න.  නැත්නම් අන්තිමේදී හොයාගන්න බැරිවෙයි..” එක් තරුණයකු කාටත් ඇසෙන පරිදි කීවේ හැම වසරකම කරන පිළිවෙත යළි මතක් කරමිනි.
පිරිස අනුරාධපුරයට ළඟාවත්ම තම තමන්ගේ බෑග් ලබාගැනීමට එක්වූහ.
“කලබල නැතිව කට්ටිය පෝලිමේ එන්න...”
තරුණ කොටස් කඩි මුඩියේ අයිතිකරුවන්ට බෑග් ලබාදීම සිදුකරති.
සෑම කෙනෙක්ම තමන්ට රිසි පරිදි යෙදූ අංක සිහිපත් කරමින් ඔවුහු සිය බෑග් ලබාගත්හ.
අලු‍තින් වන්දනා ගමනට එක්වූ වයෝවෘද්ධ කාන්තාව ද සිය බෑගය ලැබෙන තෙක් බලා සිටියාය.
“ආ.. අත්තම්මා බෑග් එක හම්බවුණේ නැද්ද...? මොකක්ද අංකය...?”
තරුණ පිරිසේ අයෙක් විමසීය.
“ආ... පුතේ විසිහත හමාරයි - තිස් දෙක...”
“ඈ.. ඒ මොන අංකයක් ද අත්තම්මා...?”  
තරුණ පිරිස බෑග් බෙදීම පැත්තක තබා මේ කියන්නේ මොකක්දැයි බලා සිටියේය.
“ඇයි පුතේ ඔය අංකේ මම හැම එකටම දානවා මතක තියාගන්න ලේසි හින්දා...”
“අත්තම්මේ මොකක්ද අංකේ...?”
“ඔය අපේ ගෙදර අත්තිවාරමේ දිග පළල පුතේ...”
බෑග් බෙදිල්ල පැත්තක තබා මේ කතාවට පැමිණි පිරිසට සිනා පහළවූයේ ආවේ වන්දනා ගමනක් ද යන්න පවා අමතක වෙමිනි.



අදහස් (0)

ආච්චිගේ අමුතු නොම්බරේට වන්දනා නඩේම හොල්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site