නාඋල - ඉන්දික අරුණ කුමාර
මාතලේ දිස්ත්‍රික්කයේ නාඋලට නොදුරු ගම්මානයකි. ඔවුහු වසරක් පාසා අනුරාධපුරයට යන වන්දනා නඩයකි.
“මෙදා පාර අපිත් එක්ක අනුරාධපුරේ යමු... ඔයා කවදාවත් අපිත් එක්ක එන්නේ නෑනේ කොච්චර කිව්වත්....”
කාන්තාවන් කිහිපදෙනකුගේම බලවත් පෙරැත්ත නිසාම වයෝවෘද්ධ කාන්තාවක වන ඇය ද අනුරාධපුරයට යෑමට එක්වූවාය.
වෙනදා මෙන්ම පුරුදු පරිදි වන්දනා නඩයේ බෑග් පරිස්සම් කිරීම ගමේ තරුණ පිරිස බාරගෙන තිබුණේ ඔවුන්ගේම මනාපයෙනි.
“කවුරු කවුරුත් තම තමන්ගේ බෑග් අඳුනාගන්න අංකයක් ලියලා බෑග් බාරදෙන්න. නැත්නම් අන්තිමේදී හොයාගන්න බැරිවෙයි..” එක් තරුණයකු කාටත් ඇසෙන පරිදි කීවේ හැම වසරකම කරන පිළිවෙත යළි මතක් කරමිනි.
පිරිස අනුරාධපුරයට ළඟාවත්ම තම තමන්ගේ බෑග් ලබාගැනීමට එක්වූහ.
“කලබල නැතිව කට්ටිය පෝලිමේ එන්න...”
තරුණ කොටස් කඩි මුඩියේ අයිතිකරුවන්ට බෑග් ලබාදීම සිදුකරති.
සෑම කෙනෙක්ම තමන්ට රිසි පරිදි යෙදූ අංක සිහිපත් කරමින් ඔවුහු සිය බෑග් ලබාගත්හ.
අලුතින් වන්දනා ගමනට එක්වූ වයෝවෘද්ධ කාන්තාව ද සිය බෑගය ලැබෙන තෙක් බලා සිටියාය.
“ආ.. අත්තම්මා බෑග් එක හම්බවුණේ නැද්ද...? මොකක්ද අංකය...?”
තරුණ පිරිසේ අයෙක් විමසීය.
“ආ... පුතේ විසිහත හමාරයි - තිස් දෙක...”
“ඈ.. ඒ මොන අංකයක් ද අත්තම්මා...?”
තරුණ පිරිස බෑග් බෙදීම පැත්තක තබා මේ කියන්නේ මොකක්දැයි බලා සිටියේය.
“ඇයි පුතේ ඔය අංකේ මම හැම එකටම දානවා මතක තියාගන්න ලේසි හින්දා...”
“අත්තම්මේ මොකක්ද අංකේ...?”
“ඔය අපේ ගෙදර අත්තිවාරමේ දිග පළල පුතේ...”
බෑග් බෙදිල්ල පැත්තක තබා මේ කතාවට පැමිණි පිරිසට සිනා පහළවූයේ ආවේ වන්දනා ගමනක් ද යන්න පවා අමතක වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd