රන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
මෙවර අලුත් අවුරුද්ද කන්න අලුත් විදිහකට ණයක් දුන්නු අලුත් කෙනකු පිළිබඳව අලුත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
පොලී කිරීම රැකියාවම නොවේ. එය පාට්ටයිම් එකකි. ඔහුට යමක් කමක් කළ හැකි ගජ මිතුරෙකි. මේ ගජ මිතුරාට සොහොයුරියකි. මේ තුන්දෙනාම එකම ගමේය. ගජ මිතුරා සමග තරම් නොවුණත් ඔහුගේ නැගණිය සමග ද ඔහු ඇසුරු කළේය. ඇය එදාවේල පිරිමසා ගත්තේ ඉතා අපහසුවෙනි.
ඔහු ගජ මිතුරාගෙන් ඉඳහිට අතමාරු අරගෙන ඒවා පොලියට දුන් අවස්ථා නැත්තේ ද නොවේ. ගජ මිතුරාත් එය දැන සිටියේය. ඔහු ඊට කිසිත් නොකීවේ ඇති මිතුරුකම නිසාමය.
මෙවර අලුත් අවුරුද්දට ගජ මිතුරාගේ නැගණිය සොහොයුරාගේ නිවසට ගියේ සිය අයියණ්ඩියට බුලත් දීමටය. ඇය එසේ ගිය අවස්ථාවේ දී නංගී කොහොමද මේ පාර අවුරුද්ද කර ගත්තේ යැයි ගජ මිතුරු තෙමේ සිය නැගණියගෙන් ඇසුවාය. මට අමතක වුණානේ ඔයාට කීයක් හරි දෙන්න යැයි එහිදී ඔහු කීවේය.
ආ ඕක මොකක්ද? මම අයියගේ මිතුරාගෙන් අසවල් දවසේ මුදලක් පොලියට ගත්තානේ. ඒකෙන් තමයි මේ පාර අවුරුද්ද කරේ. හැබැයි මිනිහ ඔය කියන දවසේ මගෙන් අතමාරුවට කියලා මුදලක් ඉල්ලා ගත්තා. කීයක් ද ඔහුගෙන් ඉල්ලා ගත්තේ යැයි ඔහු නැගණියගෙන් විමසුවේය. ඔහු මිතුරාට දුන් මුදලත් ඇය මිතුරාගෙන් පොලියට ගත් මුදලත් සමපාත විය. එමෙන්ම එම මුදල තමාගෙන් මිතුරා ලබාගත් දිනයත් ඔහු සිය නැගණියට දුන් දිනයත් සමපාත විය.
එකම මුදල එකම දිනයක දී සංසරණය වීමෙන් ඔහු අනුමාන කළේ සිය මිතුරා සිය නැගණියට අවුරුද්ද සමරන්න පොලියට මුදල් දී ඇත්තේ තමාගෙන් අතමාරුවට ඉල්ලා ගත් මුදල බවය. මූ නම් තියන්න වටිනා එකෙක් නෙමෙයි, ගජ මිතුරා සිය නැගණියට කීවේ මරු මිතුරා කියමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd