IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දොර රෙද්දෙන් බැලුවාම දුටු දසුනට පුදුම සිතිලා

(උණවටුන - ඩී.ජී. සුගතපාල)
නිවාස ව්‍යාපෘතියක පදිංචිව සිටි රාජ්‍ය ආයතනයක සේවය කරන කාන්තාවකි. මෙම නිවෙසට යතුරු තුනක් තිබෙන අතර ඇය ළඟ තබාගෙන සිටියේ එක් යතුරකි. අනෙක් යතුරු දෙකෙන් එකක් ඥාති සහෝදරයකුට ද එකක් ඥාති සහෝදරියකටද දී තිබින. එසේ දී තිබුණේ දිවා කල නිවෙස බලා ගත්තේද බොහෝවිට නිවෙසට අවශ්‍ය බඩු මුට්ටු ගෙනැවිත් දෙන්නේද ඔවුන් නිසාය.


මේ අතර සිරිත් පරිදි ඇය උදෑසන රාජකාරියට ගිය පසු ඥාති සහෝදරයා දහවල් මාළු ගෙනාවේය. ඔහු ඉදිරිපස දොරහැර මුළුතැන්ගෙට ගොස් මාළු ශීතකරණයේ තැබුවේය. නිවාස ව්‍යාපෘතියේ ආරක්ෂක නිලධාරීන් සිටියද සාමාන්‍යයෙන් දිවා කල වුවද නිවස සෝදිසි කිරීම ඔහුගේ සිරිතය. ඒ තම ඥාති සොහොයුරියට ඇති ළෙන්ගතුකම නිසාය.


ඔහු කාමරයේ දොර රෙද්ද මෑත්කර බැලුවේය. ඔහු දුටුවේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දසුනකි. ඔහු දුටුවේ කාන්තා යට ඇඳුම් කිහිපයක් තුරුලු_ කරගෙන ඇඳමත සිටි නිරුවත් පුද්ගලයෙකි. අමුතු ලෝකයක සිටි නිසා නිවසට කෙනෙක් පැමිණි බවක් නිරුවත් පුද්ගලයාටද දැනුණේ නැත. ඔහුගේ සිතට එක්වරම බයක් දැනුණද පසුව ඔහු කෑගසා අසල්වාසීන්ද ආරක්ෂක නියාමකවරුන්ද කැඳවා ගත්තේය.


පසුව නිවාස ව්‍යාපෘතියේ නිලධාරියකු ද පැමිණ නිරුවත් පුද්ගලයා හඳුනා ගත්තේය. එම පුද්ගලයා නිවාස ව්‍යාපෘතියේම සේවකයෙකු වන අතර නිලධාරියා පැවසුවේ එදින ඔහුට කිසිම වැඩක් පවරා නොමැති බවය. පිරිසගෙන් ලැබුණ සංග්‍රහ මධ්‍යයේ පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගත්තේය.

 



අදහස් (1)

දොර රෙද්දෙන් බැලුවාම දුටු දසුනට පුදුම සිතිලා

thennakoon Thursday, 31 May 2018 03:16 PM

මේක මානසික රෝගයක්. එහෙම අයට ගහන එක පව්. මිනිස්සුන්ගේ තියෙන නොදියුණුකම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 314 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site