IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැරියගේ ලංසු තැබිල්ලෙන් අත්තමලා​ කෙහෙවලු පටලවාගෙන

‘ඔය අත්තම්මට වැඩිය මම ආදරේ සුදු අත්තම්මාට’ යැයි කුඩා දැරියක පැවසූ වදනක් නිසා එම දැරියගේ අත්තම්මලා දෙදෙනකු කෙහෙවලු පටලවා ගැනීමේ සිදුවීමක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

ඇය සිව් හැවිරිදි කුඩා දැරියකි. ඇයගේ නිවස පිහිටා තිබෙනුයේ මවගේ අම්මාගේ නිවස ආසන්නයේය. පියාගේ මව්පියන් පදිංචිව සිටිනුයේ දැරිය පදිංචි නිවසේ සිට කිලෝ මීටරයක පමණ දුරකිනි. දැරිය වැඩිපුරම ලෙන්ගතුව ඇත්තේ මවගේ අම්මා සමඟය. ඒ ඇය නිතර දැරියගේ නිවසට යන එන නිසාත් ඇතැම් දිනවල දැරිය රාත්‍රිය පවා ගතකරනුයේ එම අත්තම්මාගේ ගෙදර නිසාත්ය. ඇයට දැරිය අමතනුයේ සුදු අත්තම්මා කියාය.

මෙදින පියාගේ මව දැරියගේ සුවදුක් බැලීමට එම නිවසට පැමිණියේ දැරියට අවශ්‍ය ආහාරපානද රැගෙනය. ඇය පැමිණෙන අවස්ථාවේ දැරියගේ මවගේ අම්මාද (සුදු අත්තම්මා) එහි පැමිණ සිටියාය. එම නිවසේදී ඔවුනොවුන් ආගිය තොරතුරු කතාබහ කරමින් දැරිය සමඟද සෙල්ලම් කරමින් සිටි දැරියගේ පියාගේ මව දැරියගෙන් විමසුවේ ‘ඔයා කොයි අත්තම්මාටද වැඩියෙන් ආදරේ’ යන්නයි.

එහිදී දැරිය පැවසුවේ ‘මම වැඩියෙන්ම ආදරේ මේ සුදු අත්තම්මාට’ යැයි පවසා මවගේ අම්මා පෙන්වා ඇය වෙත දුවගොස් ඇත. එම කතාවෙන් උරණ වූ පියාගේ මව “උඹ මේ දරුවා සම්පූර්ණයෙන්ම වෙනස් කරලා. මේ දරුවා ඉස්සර මටයි වැඩියෙන් ආදරේ කළේ. උඹ මහ නරක ගෑනියක්. මේ කරපු අපරාදෙට උඹට හොඳක්නම් වෙන්න එපා” යැයි කියමින් ඇයට බැන වැදී තිබේ. එම කතා බහ දුරදිග ගොස් දෙදෙනා අතින් පයින් පහර දී ගැනීමට ද සූදානම් වන අවස්ථාවේ මොවුන්ගේ කෑ කෝ ගැසීම ඇසී මුළුතැන්ගෙයි සිට දිව ආ දැරියගේ අම්මා දෙදෙනා දෙපසට කර වෙන්නට ගිය ආරවුල සමථයකට පත් කළත් ඒ මොහොතේම පියාගේ අම්මා එම නිවසින් පිටව ගියේ තවදුරටත් දැරියගේ සුදු අත්තම්මාට බැන වදිමිණි.

හසලක සුනිල් ඒකනායක

 



අදහස් (0)

දැරියගේ ලංසු තැබිල්ලෙන් අත්තමලා​ කෙහෙවලු පටලවාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site