IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


තෑග්ගක් දෙන්න ගිහින් යාළුවාත් කූඩුවේ

මොවුන් ගජ මිතුරන්ය. ගමන් බිමන් ගියේ එකටය.

කෑවේ බීවේ ද එකටය. අන්තිමට දෙන්නාම හෙරොයින් ඉරීමට පුරුදු වූයේ ද එකටමය. කාලය ගෙවී යද්දී මොවුන් දෙදෙනා සමඟ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිරිසක් ද එකට එකතු වූයේ කුණු ගොඩට කුණු එකතුවන්නා සේය. මේ කියන මිතුරන් දෙදෙනා පදිංචිව සිටියේ තලාතුඔය පොලිස් බලප්‍රදේශයේය. දවසක් හෙරොයින් මිලිග්‍රෑම් තිහක් ඉනේ ගසාගෙන එමින් සිටියදී එක් මිතුරකු තලාතුඔය පොලිසියට කොටුවූයේ අහම්බෙනි.

මාර්ග සෝදිසියක යෙදී සිටි පොලිසියේ රාලහාමිලාට සැක සිතී කළ පරීක්ෂාවේදී ඉනේ ගසාගෙන සිටි හෙරොයින් බිම වැටෙද්දී ඔහුගේ අතට මාංචු වැටිණි. “මචං අරූ බඩුත් එක්ක මාට්ටු වෙලා.” තවත් අයෙකු මේ ආරංචිය මිතුරාගේ කනේ තිබ්බේ කදිම උපදෙසක් ද දෙමිනි. “උඹ ඌ බලන්න යනවා නම් බඩු ටිකකුත් අරන් පලයන්” ඒ දුන් උපදෙස් පිළිබඳ දෙවරක් කල්පනා නොකළ මිතුරා හෙරොයින් ග්‍රෑම් 30ක් මිලදී ගෙන යට ඇඳුමේ සඟවාගෙන පොලිස් සිර කූඩුවේ සිටින මිතුරා හමුවීමට ගියේ එය තෑගි කිරීමටය.

තෑග්ග මිතුරාට දෙන්නට සූදානම් වූවා පමණි. මාංචුව ඔහුගේ අතට වැටුණි. ඔහුට තරු පෙනෙන්නට ගත්තේ ඊට පසුවය.

(තලාතුඔය ටී.එම්. සරත්)



අදහස් (0)

තෑග්ගක් දෙන්න ගිහින් යාළුවාත් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 176 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site