IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලෙඩා මාරු වී ජංජාලයක්


කලවාන-උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 



අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක් ගෙවා නැවත පැමිණ රෝගියා රැගෙන යාමට සිදු වූ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය, අලු‍ත් අවුරුදු උදා වීමට ඇත්තේ තව නොබෝ දිනයකි. අලු‍ත් අවුරුදු සඳහා නිවාස වතුපිටි ශුද්ධ පවිත්‍ර කිරීමට බොහෝ පිරිසක් කටයුතු කරති. මෙ‍ලෙස අවුරුද්දට දින ළංවෙද්දී තම ඉඩම ශුද්ධ කළ පුද්ගලයකුට හදිසියේම සර්පයෙකු දෂ්ට කර ඇත. 
සර්පයා දෂ්ට කළ පුද්ගලයාට මල්ලි කෙනෙකු සිටින අතර ඔහු සිය අයියාට දැඩි ලෙස ආදරය කරන පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනා ඉදිකටුවට නූල මෙන් කොහේ ගියත් මොනවා කළත් එකටය. තරුණ වයසේ වූවද ඔහුගේ මල්ලි කුඩා එකෙකු මෙනි. සුළු දෙයටත් කලබල වෙන ඔහු ඉතා කුඩා සිදුවීමකදී වුවද මහා හඬින් විලාප තබමින් හඬා වැටෙයි. පිරිමියකු ලෙස උපත ලැබුවද ගැහැනියක මෙන් ජීවත් වන ඔහු පිළිබඳව ගමේ නොයෙකුත් කට කතාද පැතිර ගොස් තිබුණි. 


සිය අයියාට සර්පයෙක් දෂ්ට කළ පුවත ඇසීමෙන් දැඩි ලෙස කලබල වූ ඔහු සුපුරුදු ලෙස මහා හඬින් විලාප නගමින් හඬන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් එම ගම්මානයේ සිට රෝහලට විශාල දුරක් ගෙවාගෙන යා යුතු අතර ඔහුගේ විලාපය අසා ගමේ පිරිසක් ඔහුගෙන් කාරණය විමසද්දී “සර්පයෙක් කෑවා”‍ යැයි පවසා නැවත විලාප නගමින් හඬන්නට පටන්ගෙන ඇත. ත්‍රීරෝද රථයක් රැගෙන විත් බලෙන් මෙන් ඔහු එහි නංවාගෙන කිලෝ මීටර් ගණනක් දුර පිහිටි රෝහල වෙත රැගෙන ගොස් තිබේ. රෝහල තුළ නැගෙන විලාපය අසා රැස්වූ පිරිස අසලට ප්‍රතිකාර සඳහා පැමිණි වෛද්‍යවරයා ඔහු ආයාසයෙන් නිහඬ කර මොන සතාද කෑවේ යැයි අසද්දී. “මාව සර්පයෙක් කෑවේ නෑ අයියව කෑවේ”‍ යැයි පවසා නැවත හඬන්නට පටන්ගෙන තිබේ. දෙවියන් සිහිවූ ගමේ පිරිස ඔහුට දොස් පැවරීම පැත්තකින් තබා “ඔහේ පයින් ගෙදර එනවා”‍ යැයි පවසා නැවත ගොස් සිහි මුර්ජව සිටි අයියාව රෝහල වෙත කඩිනමින් රැගෙන විත් තිබේ.



අදහස් (1)

ලෙඩා මාරු වී ජංජාලයක්

ගුණරත්න Wednesday, 09 April 2025 11:22 AM

මට ෂුවර් මුන් මාලිමාවට ඡන්දය දුන්නු උන් කියල

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 387 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 441 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 406 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site