IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා


කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා



දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබාගෙන තිබිණි.
කෙමින් කෙමින් කාලය ගෙවුනි. මෙම සේවිකාව ඉතාමත් අවංකව තම සේවය ලබාදීම හේතුවෙන් තම ස්වාමියාගේ සිත දිනාගැනීමට සමත්වූවාය.
ඉකුත් දිනක අවශ්‍ය කටයුත්තක් සඳහා වෙ‍ළෙඳසල් හිමියාට අගනුවරට යෑමේ අවශ්‍යතාවයක් පැනනැගුණි. එදිනට පෙරදින වෙළෙඳසල් හිමියා තම සේවිකාව අමතා තමා පසුදින අගනුවරට යන බවත් එදින වෙ‍ළෙඳ සල විවෘතකර වෙළෙදාම් කටයුතු සිදුකරන ලෙසත් සේවිකාවට උපදෙස් දී වෙළඳ සලේ යතුරු ඇයට භාරදුන්නේය.
පසුදින මෙම වෙළඳ සහායිකාව වෙනදාටත් වඩා කලින් පැමිණ වෙළඳ සල විවෘත කර වෙ‍ළෙදාම් කටයුතු ආරම්භ කළාය.


මෙම අතරතුරේදි වෙළඳසල් හිමියාගෙන් දුරකතන ඇමතුමක් මෙම වෙළඳ සහායිකාවට ලැබිණි. එයින් කියැවුණේ තමන් ගමට පැමිණීම ප්‍රමාද වන බවත් එදින වෙළදාම් කරන ලද මුදල එකතුකර ඇතුළතින් තබා යතුර යතුරු පැදියේ කුඩයේ තබා ඊට උඩින් කොළයක් දමා වසන ලෙසත්ය. කරුණු හරිහැටි අවබෝධ කර නොගත් මෙම වෙ‍ළෙඳ සේවිකාව එදින වෙ‍ළෙදාම් කටයුත්තෙන් එකතුවූ මුදල වන රුපියල් 55,000/- එකතු කර ඇතුළෙතින් තබනු වෙනුවට එම මුදල් යතුරු පැදියේ කුඩයේ තබා යතුර වෙළඳ සල තුළ තබා පිටතින් අගුළු දැමිය හැකි ඉබ්බා දමා නිවසට ගියාය.
අනතුරුව මෙකී වෙළඳ සල් හිමියා මහා රෑ පැමිණ යතුරු සඟවා තැබීමට සහායිකාව දුන් උපදෙස් අනුව යතුරු පැදියේ කුඩය පිරික්සීය. වෙ‍ළෙඳ සල් හිමියා උඩ ගොස් බිම වැටිනි. ඒ අවස්ථාවේදී වෙළඳ සල් හිමියාට දක්නට හැකිවූයේ යතුර දමා යාමට උපදෙස් දුන් තැන එදින වෙළදාමෙන් ලැබුණු ආදායම වන රුපියල් 55000/- මිටියක් ගසා රබර් පටියකින් ගැටගසා දමා ඇති බවයි.
සොර සතුරකුට මෙම මුදල් නොයා තමාටම එම මුදල ලැබීම ගැන සතුටු වූ මෙම වෙළඳසල් හිමියාට පසුදින වෙ‍ළෙඳ සල විවෘත කර ගැනීමට ඉබ්බා කැපීම සඳහා අසල සිටින අයකුගේ සහායත් ලබාගැනීමට සිදුවිය.
අනේ කාලේ වනේ වාසේ යැයි සිතමින් මෙම වෙ‍ළෙඳ සහායිකාවගේ නුවණ ගැන සිතා බැලූ කඩ හිමියාගේ මතකයට ආවේ නිදාසිටි රජුගේ සිරුරේ වසා සිටි මැස්සා මැරීම සඳහා කඩුවෙන් කෙටීම හේතුවෙන් රජු ජීවිතක්ෂයට පත්වූ මෝඩ සේවකයාගේ ක්‍රියා කලාපය වැනි දෙයකට තමන්ද මුහුණදුන් බවයි.



අදහස් (1)

යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා

ගුණරත්න Tuesday, 11 March 2025 06:00 PM

ඔය පැත්ත කොහෙද? ටිකක් මෝඩ වුනත් අවංක මිනිස්සු ඉන්න පැත්තක්. මට පදිංචි වෙන්න හොඳයි වගේ. ඒ කොහොමත් අර ගෑණු කෙනාත් මුදලාලිත් දෙන්නම මෝඩයි, යතුර හෝ සල්ලි දෙකෙන් එකක් ඔය කියපු ස්ථාන දෙකෙන් කොහේ තිව්වත් එහි ඇති වෙනසක් නැහැ,

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site