IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා


රක්වාන-ඩබ්ලිව්.ඒ. සිරිසේන 



භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ  තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සිටීමේ සිදුවීමක් රත්නපුර දිස්ත්‍රික්කයේ තරමක දුෂ්කර ගම්මානයකින් පසුගියදා  වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 
පසුගියදා පැවැත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නව යොවුන් වයසේ පසු වූ තරුණියක නිවසේ කාලය ගෙවමින් සිටින අතරතුර ඇයට භූත දෝෂයක් ආරූඪ වූ බව පවසා කලබල කරන්නට පටන් ගෙන ඇත.
 මේ සම්බන්ධයෙන් නිවැසියන් ද කලබලයට පත්ව ඇත. මෙම සිද්ධියට සම්බන්ධ  නිවැසියෝ දැඩි ලෙස යන්ත්‍ර මන්ත්‍ර, බලි තෝවිල් විශ්වාස කරති. පසුගිය කාලයේ ද මෙම නිවසේ යකැදුරන් විසින් මෙවැනි ශාන්තිකර්ම නිතර නිතර පවත්වා ඇත.


සිය දියණියට මළගිය ඥාතියකු ආරූඪ වූ බවට දැඩිව විශ්වාස කළ නිවැසියන් යකැදුරන් ගෙන්වා තරුණියට තොවිලයක් කිරීමට තීරණය කර  තමන්ට හිතවත් යකැදුරන් පිරිස ගෙන්වා තොවිලයක්  පවත්වා ඇති අතර එහිදී යකැදුරා දුම්මල තට්ටුව ගෙන ශාන්තිකර්මය පවත්වන අතරතුර මළ පෙරේතයකු ආරූඪ වූ බව පැවසූ තරුණිය නොතේරෙන භාෂාවකින්  යමක් පවසා යටිගිරියෙන් කෑ ගසන්නට වී ඇත.
 ඒ මොහොතේ තොවිලය නැරඹීමට පැමිණි අය ද කලබලයට හා බියට පත්ව ඇත. 
එහිදී යකැදුරා දැඩි වෙහෙසක් ගෙන තරුණිය පාලනය කර ගැනීමට උත්සාහ කරද්දී නැවත වරක් තරුණිය බිම පෙරළි පෙරළී සිය වැඩිමහල් සහෝදරයා දෙස බලා මහා හයියෙන් හඬ නගා කෑ ගසා යමක් පවසා ඇති අතර  තරුණිය පැවැසූ දේ දැන ගැනීමට යකැදුරා ඇය සමීපයට ගොස් ඇත. එහිදී තරුණිය නැවත වරක් කෑගසා පවසා ඇත්තේ සිය සමාජ ජාලා ගිණුම ඇති ජංගම දුරකතනය සිය සහෝදරයාගෙන් ඉල්ලා දෙන ලෙසයි.



අදහස් (2)

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා

A Spirited Spirit. Sunday, 13 April 2025 04:10 AM

අද කාලේ ආත්මයන්ට පවා ස්මාර්ට් ෆෝන් අවශ්‍යයි.

:       0       0

ගුණරත්න Sunday, 13 April 2025 07:48 AM

පොඩි එකා ජාතික ජන බලවේගයට බන්දන්න, කපටිකම් කිරීමෙන් උපරිම හැකියාවක් පෙන්වල තිබෙනවා, ජාතික ජන බලවේගයට එවැනි කපටින් බොරුකාරයන් අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32984 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15626 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 202 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 507 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site