කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ටයි කෝට් පැලදියත් මිනිහා බෙබේය. බොන තැන පෙරමුණේය. මංගල සාදයකට යන්නේ ලියුම් කවරයට දාන මුදලට වඩා දෙගුණයක් මෙන් බොන්නය. කොටින්ම කීවොත් බීම කොතනද මිනිහා එතනය. ඔහු ඒ තරමටම බීමට ලැදිය. පෙරේතය.
එදා ගියේ හිතවතකුගේ විවාහ මංගල උත්සවයකටය. එය පැවතියේ හෝටලයකය. වේලාසනින්ම එහි ගිය ඔහු පුල පුලා බලා සිටියේ බීමට ආරාධනා කරන තෙක්ය. වේලාව හරිය. නැකැත් චාරිත්‍රවාරිත්‍රද නිමාවිය. සියල්ලන්ම තමා වාඩිවී සිටි මේසයට තට්ටු කරමින් සිටියේ සිය මේසයට සැර ජාතියේ බීම සහ බයිට් එන තෙක්ය. මේ වන විට ටයිකෝට් පැලද සිටියත් කතානායක හරි හරියට වැඩය. බයිට් ගේන්නේ ඔහුය. සැර බෝතල් ඉල්ලන් එන්නේද ඔහුය.
ඔහුට ලැබුණු බෝතලය කැඩුවේද නැද්ද යන්න කවුරුත් නොදනී. ඒ ගැන සෙවීමටද කිසිවකුටත් උවමනාවක් ද නොවීය. දන්නා දන්නා මේසය වෙත ගොස් ප්‍රෙන්ඩ්ෂිප් එකට යයි කියමින් ඔහු වීදුරුවක් දෙකක් කටට හලා ගත්තේය. නොහැදුනුවත් හඳුනාගෙන ඔහු මේ වැඩේ දිගටම කරගෙන ගියේය. මිනිහට දැන් බඩුය. ඒත් සිතට මදිය.
මංගල උත්සවයේ පශ්චාත් භාගය කරා පැමිණෙමින් තිබිණ. බොහෝ අය එක පොදියේ නටති. සියල්ලන්ගේම අවධානය ඒ වෙතය. තමා වෙත කාගේවත් අවධානයක් නැතැයි අනුමාන කරගත් හෙතෙම හීන් සීරුවේ නැගිට්ටේය. අඩියටම අඩි ගසා සිටි ඔහු අඩියෙන් අඩිය තිබ්බේ බොහෝම පරිස්සමටය. හෝටල් එළිමහනෙන් ඔහුට යාමට අවශ්‍යව තිබුණේ එළියටය. ඒ සිය මෝටර් රථය වෙතය.
හෝටල් භූමියේ පිළිවෙළකට තණ අල්ලා තිබුණේ කොන්ක්‍රීට් කොටු අතරය. බොහෝම පරිස්සමට වැනි වැනී ගිය ඔහුගේ එක් කකුලක සපත්තුව තණ අල්ලා තිබූ කොන්ක්‍රීට් තහඩුවක ගැටුණේය. ඔහු වැටෙනවාත් සමගම ඩෝං ගා ශබ්දයක් ද ඇසිණ. සියල්ලෝම මේ පිපිරීම් ශබ්දය ආ දෙස බැලූහ.
ටයිකෝට් කාරයකු දණගානු දුටු බොහෝ අය සිනාසුනහ. ඔහු ආසන්නයෙන්ම බිදුණු බෝතලයක් දෝරේ ගලා යන්නේය. මෙය දුටු ඔහුගේ වෙරි හිදුනේය. ලැජ්ජාවෙන් මුහුණ රතුවී ගියේය. කෝට් බෑයට අස්සෙන් ඉනේ ගසා ගෙන සිය මෝටර් රථයට දමා ගැනීමට ගෙන ගිය බෝතලය ඔහුත් සමග බිම වැටුණු බව සියල්ලෝටම අවබෝධ වූහ. මිනිහා තවත් කිහිපදෙනෙකුගේම ආධාරයෙන් නැගිට එතනින් මාරුවී ඇත්තේ මුදල් කවරයද නොදීලු.
2025 දෙසැම්බර් මස 18
677
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝතලය පුපුරා ටයිකෝට් ගැලවිලා